You are currently viewing Venom: Let There Be Carnage චිත්‍රපටය අඩුම ධාවනකාලයකින් යුත් Comic Book චිත්‍රපටය වේවිද ?

Venom: Let There Be Carnage චිත්‍රපටය අඩුම ධාවනකාලයකින් යුත් Comic Book චිත්‍රපටය වේවිද ?

Venom : Let there be Canrnage චිත්‍රපටයේ ධාවන කාලය Fandango හා AMC theaters, වලට නිකුත් කර තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට මෙම චිත්‍රපටය අඩුම ධාවන කාලයකින් යුක්ත Live action Comic book චිත්‍රපටය වේ යැයි පැවසෙනවා.

Fandango & AMC theaters හා Cinemark’s Page ට අනුව මේ චිත්‍රපටය මිනිත්තු 90-95 ත් අතර ධාවන කාලයක් බවයි පැවසෙන්නෙ.ඒ මීට කලින් අඩුම ධාවනකාලයක් ලබාගත් Fantastic Four : Rise of the Silver Surfer චිත්‍රපටයට පසුවයි.

මේ චිත්‍රපටියෙන් Tom Hardy, Eddie Brok ලෙසත් Woody Harlenson දාම ඝාතකයෙකු හා Carnage ගේ Host වෙන Cletus Kasady ලෙසත් Michelle Williams Eddie ගේ Ex වෙන Anne Weying ලෙසත්, Reid Scott Anne ගේ finace වන Dan ලෙසත් හා Peggy Lu Mrs Chen ලෙසත් නැවත බලාගන්න පුලුවන්.ඒ වගේම Naomi Harris Kasady ගේ Love intrest එක හා supervillain කෙනෙක් වෙන Shriek ලෙසද Stephan Graham San Francisco Police Detective Muligan ලෙසද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

2017 නිකුත් වුන Venom චිත්‍රපටයේ sequel එකක් විදිහට නිර්මාණය වෙන මේ චිත්‍රපටිය Sony’s Spider-Man universe එකට අයත් චිත්‍රපටයක් ලෙසයි නිකුත් වෙන්නෙ.මුල් චිත්‍රපටයේ අවසානයේදි දැක්වුවාක් මෙන් මෙම චිත්‍රපටයේදි Kasady සමඟ සම්මුඛ සාකච්ඡා පවත් වන Eddie අතින් යම් කිසි හේතුවක් නිසා Eddie ව Carnage ගේ host වෙන්න සලස්වනවා.දාම ඝාතකයෙකු වෙන Kasady ඉන්පසු San Francisco තුල Carnage ගේ උදව්වෙන් මීනී මරමින් ගත කරනවා.එමනිසා Eddieට Venom ගේත් උදව්වෙන් Kasady ව හොයාගෙන අල්ලා ගැනීමයි Venom : Let there be Carnage චිත්‍රපටයේ ප්‍රධාන plot එක වෙන්නේ

මුල් චිත්‍රපටය මිනිත්තු 120ක කාලයක ධාවන කාලයක් තිබුණත් මෙම චිත්‍රපටයෙන් එයට වඩා 1/4 ක ධාවන කාලයක් ඉවත් කිරීම ගැන Tom Hardy පවසන්නේ ඔහු සහ චිත්‍රපටයේ Creative Team එක මේ ගැන සාකච්ඡා කර බවත්,මුල් චිත්‍රපටයේ වැරදි වලින් නැවත ඉගෙන ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කල බවයි.එම නිසා මෙම චිත්‍රපටය නරඹන්නාගෙ කාලය නාස්ති නොකරාවි කියායි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන Andy Serkis පවසන්නේනම් කෙටි ධාවන කාලය නිසා චිත්‍රපටයේ තේමාවෙන් පිට නොයා එක දිගට නැරඹීමට හැකි නිසයි.ඒ ඇයි කියලා දැනගන්නනම් Venom : Let There Be Carnage ඔක්තෝබර් 1 වෙනිදා සිනමාශාලා නිකුත් වෙනකම් ඉන්න වෙනවා.

Leave a Reply