You are currently viewing 2021 වසරේ නිකුත් කිරීමට නියමිත අනෙක් සියළු සිනමාපට සිනමාශාලාවලට පමණක් නිකුත් කරන බව Disney පවසයි!

2021 වසරේ නිකුත් කිරීමට නියමිත අනෙක් සියළු සිනමාපට සිනමාශාලාවලට පමණක් නිකුත් කරන බව Disney පවසයි!

Streaming Service කියන්නේ වර්තමාන සිනමාවේ විශාල තැනක් ගන්නා කොටසක්. පසු ගිය දශකය තුළ Netflix ආයතනයෙන් තමන්ගේම නිෂ්පාදන සමඟම අනිත් ආයතනවලත් නිර්මාණ තමන්ගේ ප්ලැට්ෆෝර්ම් එක තුළින් නිකුත් කිරීම නිසාම Netflix වරුන් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර Warner Bros., Disney වැනි දැවැන්ත ආයතනවලත් අවදානය මේ streaming platforms වෙත නිකුත් වුණා.

ඉතිං මෑත කාලයේදී Warner Bros. විසින් HBO Max සේවාවත්, Disney ආයතනයෙන් Disney+ සේවාවත් ප්‍රේක්ෂකයින් අයතරට රැගෙන ආවේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් Covid-19 වසංගතයත් එක්කම ලොව වටා ප්‍රේක්ෂකයින් මිලියණ ගාණක් තමගේ නිවෙස්වලට කොටු වුණා. සිනමාශාලාවලට මේ තත්ත්වය විශාල පාඩුවක් වුණාට streaming service ආරම්ඹ කරපු උඩ සඳහන් කරපු ආයතනවලට නම් මේක ලොකු වාසියක් වුන බව නම් රහසක් නෙවෙයි.

ඉතිං මේ Covid-19 වසංගතය නිසා විශාල ආයතනවලට වගේම ප්‍රේක්ෂකයින්ටත් මග බලමින් හිටිය චිත්‍රපට කල් යන්න පටන් ගත්ත එක ලොකු හිස්තැනක් ඉතුරු කරානේ. හැබැයි සිනාමාශාලා හෙමින් නැවත විවෘත වෙන්න පටන් ගත්තමත් හුඟක් ප්‍රේක්ෂකයින් තියෙන බය නිසාම තියටර්ස්වලට ගියේ නැහැ. නමුත් උඩ සඳහන් කරපු විදිහට මේ තත්ත්වයත් වාසියට ගත්ත Disney+ අලුත්ම විදිහකට ෆිල්ම්ස් නිකුත් කරන්න ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කොහොම හරි තියටර්ස්වලට නිකුත් කරන අතරතුරම තමන්ගේ Disney+ ප්ලැට්ෆෝර්ම් එකටත් නිකුත් කිරීමයි.

ඉතිං කොහොම හරි ඒ විදිහට නිකුත් කරපු පළවෙනි චිත්‍රපටය වන්නේ Mulan. ඊට පස්සේ විශාල මුදලක් වැයකරමින් නිෂ්පාදනය කරපු Cruella සහ MCU Phrase 4 එකෙහි පළවෙනි චිත්‍රපටය වෙන Black Widow ත් මේ විදිහට නිකුත් කළා. HBO Max තුළදි නම් මේ විදිහට නිකුත් කරන ප්‍රධාන චිත්‍රපට නරඹන්න අමතර ගෙවීමක් කරන්න සිද්ද වුනේ නෑ. නමුත් Disney+ තියෙන කෙනෙක්ට අමතර ගෙවීමක් කරන්න සිද්ද වෙනවා. ඉතිං ඒ නිසා මේ වැඩෙන් Disney ලාට පොඩි වාසියකුත් ලැබුණා.

හැබැයි අනෙක් පසින් මේ එක්කම pirate කරලා චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයින්ටත් වාසිදායක තත්ත්වයක් උදා වුනා. මොකද වෙනදට වඩා බොහොම ඉක්මණින් හොඳ Web පිටපතක් අන්තර්ජාලයකට නිකුත් වීම. ඉතිං මේ හැම කාරණයක් එක්කම බලද්දි චිත්‍රපටවල ආදායම නම් බොහොම අඩු තත්ත්වයකට පත් වුනානේ.

මේ ආදායම අඩු වීම නිසා Scarlett Johansson, Emma Stone ඇතුලු රංගන ශිල්පීන් තමන්ට ලැබන ගෙවීමත් අඩු වුනා කියලා Disney ආයතනයට නඩු පවරන්න ගත්ත බව දන්නවා ඇතිනේ. මොකද මේක ඒ දවස්වලට viral ගිය මාතෘකාවක්. කොහොම හරි Disney ලාට මේ වැඩෙන් වාසියටත් වාසියක් වෙද්දී අනිත් පසින් අවාසිදායක තත්ත්වයක් උදාවුනා. හැබැයි පිලිගන්නම ඕනේ මේ වගේ වසංගත තත්ත්වයක් එක්ක චිත්‍රපටයකට වෙන්න තිබුණු අවාසිදායක තත්ත්වය සහ අවදානම Disney+ එකට ස්තූති වෙන්න අඩු වුණා කියලා.

ඉතිං මේ හැම දෙයක්ම සළකලා බලලා Disney ලා අලුත් නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වලා දෙනවා. දැන් 2021 වසරේ Disney ලගේ ප්‍රධාන චිත්‍රපට 06 ක් නිකුත් කරන්න ඉතුරුයි. පහතින් දක්වලා තියෙන්නේ ඒ චිත්‍රපට හයයි.

  • The last Duel
  • Ron’s Gone Wong
  • Eternals
  • Encanto
  • West Side Story
  • The King’s man

ඉතිං මීට දින කිහිපයකට පෙර නිකුත් වුන Shang Chi චිත්‍රපටයත්, Ryan Reynolds ගේ නවතම Free Guy චිත්‍රපටයත් නිකුත් කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල සළකලා බලලා උඩින් සඳහන් කරපු චිත්‍රපට හයත් Disney ලා නිකුත් කරන්නේ සිනමාශාලාවලට මුලින් නිකුත් කරලා, ඊට පස්සේ දවස් 45 කට පසුවයි. නමුත් Encanto චිත්‍රපටය හරියටම දවස් 30 කින් නිකුත් කරනවා. ඒ හැර අනිත් හැම චිත්‍රපටයක්ම ඉදිරියේදී දවස් 45 ක්‍රියාවලිය අනුගමනය කරන බව Disney විසින් confirm කළා.

කොහොම හරි මේ වෙද්දී 20 th Century Fox ආයතනය වැඩිහිටියන් ඉලක්ක කරලා චිත්‍රපට නිර්මාණය කරන අවස්තාවලදී ඒ නිර්මාණ දැනට සඳහන් වෙන විදිහට Hulu එකට නිකුත් කරන බව සඳහන් වෙනවා. මොකද Disney+ එක family frinedly නිසා මේ තුළ කිසිම adult content එකක් ඇතුලත් වෙන්නෙ නැහැ.

කොහොම හරි සිනමාශාලාවලට නොයෙන ප්‍රේක්ෂකයින්ට සහ torrent ඇතුලු අනිත් pirate ක්‍රම භාවිත කරලා චිත්‍රපට නරඹන කට්ටියට නම් මාසෙකට වඩා ඉන්න වෙනවා තමන්ට hype එක තියෙන Disney based ෆිල්ම් එකක් බලන්න. ඉතිං ෆිල්ම් එකක් ස්පොයිල්වීමේ අවදානම ඉතාම වැඩයි. දවස් 45 ක් බලන් ඉද්දි ෆිල්ම් එකේ භාගයකට වඩා spoil වෙලා තියෙයි. කොහොම හරි මේ වැඩෙන් කොහොම හරි යම් තාක් දුරකට නැවත වතාවක් ප්‍රේක්ෂකයාව සිනමාශාලාවලට ඇදගැනීමට සමත් වේවි.

ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක වාසියක්ද? නැත්තන් අවාසියක්ද? පහළින් comment කරගෙන යන්න. මේ වගේ news සහ හැම පැත්තකින්ම geek සම්බන්ඳ දේවල් දැනගන්න දිගටම Hype Zone අපේ අලුත්ම web එකත් එක්ක රැඳිලා ඉන්න.

This Post Has One Comment

  1. Hey! Do you use Twitter? I’d like to follow you if that would be okay.
    I’m absolutely enjoying your blog and look forward to new updates.

Leave a Reply