You are currently viewing James Wan ගේ නවතම Aquaman ඇනිමේශන් සීරීස් එකෙහි trailer එක නිකුත් වේ

James Wan ගේ නවතම Aquaman ඇනිමේශන් සීරීස් එකෙහි trailer එක නිකුත් වේ

Warner Bros. ඇනිමේශන් කියන්නේ මේ වෙද්දි තමන්ගේ live action වලටත් වඩා ඉදිරියෙන් තියෙන ආයතනයක්. ෆිල්ම් වල ඉදන් ඇනිමේටඩ් සීරීස්වලට යනකන්ම ඉතා ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයාට ලබා දෙන්න WB ආයතනය නිතරම කටයුතු කරනවා.

Batman Animated Series, Young Justice වැනි මාස්ටර්පීස් ලෙස සළකන ඇනිමේශන් සීරීස් වල ඉඳන් මේ වෙද්දි කුඩා ළමයින් පවා ඉලක්ක කරන්න WB ලා උත්සහ කරනවා. මේ අතර අලුතින්ම HBO Max වෙත පය තබන්න සූදානම් වෙන නවතම ඇන්මේටඩ් සීරීස් එක තමයි Aquaman: King of Atlantis කියන්නේ.

මේක WB Kids විසින් නිශ්පාදනය කරන අතර HBO Max හි “Max Original” බැනරය සමඟ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එක තුළයි නිකුත් කරන්න සූදානම් වන්නේ. බැලූ බැල්මටම මේක family frinedly සීරීස් එකක්.

කතා මාලාව සඳහා හඩ ලබා දෙන පිරිස මේ විදිහට දක්වන්නම්.

  • Aquaman -Cooper Andrews
  • Vulko-Thoman Lennon
  • Mera-Gillion Jacobs
  • Ocean Master -Dana Snyder

මේ කතා මාලාවට executive producer විදිහට එක් වන්නේ අපි කවුරුත් දන්න James Wan. මෙතෙක් බිහි වූ ආදායම් අතින් සාර්ථකම DC Extended Universe චිත්‍රපටය වෙන Aquaman අධ්‍යක්ෂණය කලෙත් වොන්. ඉතිං වොන් කතාවට එක් වෙන නිසාම බහුතරයක් දෙනා හිතුවේ මේ ඇනිමේශන් එක DCEU Aquaman චිත්‍රපට සිද්ද වුන යුනිවර්ස් එකටම කෙලින්ම සම්බන්ඳ වෙයි කියලා. නමුත් මේ කතා මාලාව වෙනත් විශ්වයක් තුළ සිදුවෙන චිත්‍රපටයට සම්බන්ඳ නොවන බව තහවුරු වුණා.

ට්‍රේලර් එකේ සඳහන් වුන විදිහට මේ ඇනිමේශන් කතා මාලාව “trilogy” එකක්. ඒ නිසා Aquaman: King of Atlantis නිකුත් වෙන්නේ පරිච්ඡේද තුනක් විදිහට. පළවෙනි chapter එක ලබන ඔක්තෝබර් මාසයේ 14 වෙනිදා HBO Max තුළින් නිකුත් කරන බව අන්තර්ජාලය සඳහන් කරනවා.

කොහොම හරි ඔක්තෝබර් 16 පැවැත්වීමට නියමිත DC FanDome ඉවෙන්ට් එකෙත් මේ ඇනිමේටඩ් සීරීස් එකට පැනල් එකක් වෙන් වෙනවා. ඒ තුළින් කතා මාලාව නිශ්පාදනය වීම සහ ඉදිරි අනාගතය ගැන වැඩි දුර තොරතුරු දැකගන්න අවස්තාව අපිට ලැබේවි.

ට්‍රේලර් එක බලනකොට පේන්න ඇති මේ සීරීස් එක අපි කලින් බලලා තියෙන Justice League, Young Justice වගේ නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් කියලා. ආර්ට් ස්ටයිල් එකේ ඉඳන්ම හුඟක් වෙනස්. ඒකට හේතුව වෙන්නේ මේ සීරීස් එක ඒම් කරන්නේ වෙනම audience එකක්. කෙටියෙන් කිවුවොත් මේක ළමයින් ඉලක්ක කරපු ළමා කතාවක්. ඒ වුනත් DC Animation වල age- rating එක මොකක් වුනත් ඕන කෙනෙක්ට රසවිඳින්න පුලුවන් අයුරිනුයි නිශ්පාදනය කරන්නේ. ඒ නිසා මේක වැඩිහිටියෙක්ට වුනත් කිසි ප්‍රශ්නයක් නැතුව රසවිඳීමේ හැකියාවෙන් සමන්විත වේවි.

ට්‍රේලර් එක බලන්න බැරි වුනා නම් පහළින් බලන්න.

එහෙනම් මේ වගේ අලුත්ම geek සම්බන්ඳ news සහ රසවත් ලිපි කියවන්න දිගටම රැඳිලා ඉන්න Hype Zone අපිත් එක්ක.

Leave a Reply