You are currently viewing කවුද මේ Newt?

කවුද මේ Newt?

Harry_potter කතා මාලාවත් සමග තවමත් එකතුවී සිටින අපව, ඒ අපුරු මතකය තුල තවත් කුතුහලය දනවන අතීතයකට රැගෙන යමින් නිර්මාණය වුනු, බෙහවින් රසවත් වෘත්තාන්තයක් තමයි Fantastic_Beasts🔥😍🦔🐉🧙‍♂️

මේ කතාව තුල අපිට දකින්න ලැබෙන ප්‍රධාන චරිතය තමයි Newt. ඉතින් අද අපි බලමු කවුද මේ ඇත්තටම එකපාරට මායා ලෝකයට කඩාගෙන පාත් වුනු හාදයා කියල !

💼Newt කියල කෙටියෙන් කිව්වට අපේ මේ චරිතයේ සම්පුර්ණ නම තමයි Newton Artemis Fido Scamander. මෙයා මායා ලෝකයේ ප්‍රසිද්ධම Magizoologist කෙනෙක්. 👓👌

ඒ කියන්නේ මායා සත්වයින් පිළිබඳ අධ්‍යනය කරන විශේෂඥයෙක්! ඔයාලට මතක ඇති බක් බික්ව. අර හැරී පෝටර් තෙවෙනි චිත්‍රපටයේ ඉන්න බාගයක් අශ්වයෙක් 🐴වගේ අනිත් බාගේ උකුස්සෙකුගේ 🦅වගේ ඉන්න සත්වයාව. බක් බික් කියන්නේ Hippogriff කෙනෙක්. ඉතින් මේ Hippogriff ලව මුලින්ම breed කරන්නේ Newt ගේ අම්මා. ඒ ආභාෂයත් ගොඩක්ම බලපෑවා Newton ට මායා සත්වයින් ගැන උනන්දුවක් ඇති වෙන්න !.

Newt කියන්නේ හොග්වෝට්ස් වල ඉගෙන ගනිපු ලමයෙක්. ඔහුගේ නිවාසය වුනේ Hufflepuff. 💛ඒ ගැන අපිට කිසිම සැකයක් නෑ. මොකද Hufflepuff නිවාසයේ ගතිගුණ සියල්ලම වගේ Newt තුලින් දකින්න පුළුවන්.”Hufflepuffs value hard work, patience, loyalty, and fair play. ” ඉතින්! කැපවෙලා වැඩකිරීම , ඉවසීම , පක්ෂපාතීබාවය සහ සාදාරණත්වය කියන මේ ගති ගුණ සියල්ලම අපිට Fantastic beasts පලවෙනි Movie එකේ දකින්න පුළුවන් වුනා !ඔයාල දන්න තව ප්‍රසිද්ධ Hufflepuff ලා දෙන්නෙක් නම් කරොත්, Nymphadora Tonks සහ Cedric Diggory ව මතක් කරන්න පුළුවන් ! මතකද GoF එකේදී හැරී Maze එක ඇතුලේ සෙඩ්රික්ව බේරගත්තම, ඔහු හැරිට Cup එක ගන්න කියල කියනවා . ඒ Hufflepuff කෙනෙක් විදිහට සාදාරණත්වය කියන ගුණාංගය ඔහු තුල තිබුණු නිසා.

හරි! අපි ආපහු Newt පැත්තට ආවොත් හොග්වොර්ට්ස් වලදී ඔහුට හම්බෙනවා අපි දන්නා පවුලක චරිතයක්. ඒ තමයි Leta Lestrange. ඔව් ! මේ දෙන්නගේ වෙනම History එකක් තියෙනවා! 🙂

මතකද Fantastic Beasts චිත්‍රපටයේ Queenie ට නිව්ට්ගේ සුට්කේස් එක ඇතුලේ තිබිලා හම්බෙනවා Leta Lestrange ගේ පින්තුරයක් ! 😉ඉතුරු ටික ඉතින් හිතන්න දෙයක් නෑ, මේ දෙන්නා අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. මොකද නිව්ට් වගේම Leta ත් එකවගේ Magical creatures ලට කැමැත්තක් දක්වපු අය. හොග්වට්ස් වල ඉදිද්දී Leta අතින් කරපු මායා සත්වයන්ට සම්බන්ද පරීක්ෂණයක් දුරදිග ගිහින් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා!. අන්තිමේදී Leta වෙනුවෙන් ඒ වරදට ඕනෑකමින්ම Newt අහුවෙනවා! ඒ නිසා ඔහුව හොග්වෝට්ස් වල නෙරපා දමනවා. 🛑 ඒ තීරණයට එකල ඔහුගේ ගුරුවරයෙක් වූ ඩම්බල්ඩෝ තදබල ලෙස විරුද්ධ වෙනවා. මොකද ඔහු නිව්ට් තුල අනිත් අය නොදැකපු විශේෂ දක්ෂතා දුටු නිසා ! පසු කාලෙක නිව්ට් මායා අමාත්‍යාංශයේ වැඩ කරලා තියෙනවා,

එකපාරක් Ukrainian Ironbelly 🔥🐲මකරුන් සමග කරපු project එකකදී මකරා නිව්ට් හැර අනිත් හැමෝම කන්න හදපු නිසා අන්තිමට ඒ programme එකත් නවත්තන්න වෙලා තියෙනවා !.පේනවනේ ඒ කාලෙත් කොහේ ගියත් ලෙඩක් දාගන්නෝමයි! 🤦‍♂️

හැබැයි ඔයාලට තේරෙන්න ඇති මකරා නිව්ට් ට මුකුත්ම කරන්න උත්සාහ කරේ නෑ! ඒ වගේම නිව්ට් ඔය වගේම දරුණු මායා සත්තු එක්ක වැඩ කරලා තියෙනවා ! ඉතින් ඔහු මායා ලෝකයේ ප්‍රසිද්ධම Magizoologist වුනු එක පුදුමයක් නෙවේ ! ✊

ඔහුට තිබුණු සත්තුන්ව හොදින් තේරුම්ගෙන ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම හැකියාව ඉතාමත් විශිෂ්ටයි ! මේ නිසාම ඔහුට මායා ලෝකයේ විශිෂ්ට සම්මානයක් වුනු Order of Merlin award එකත් හම්බෙනවා !මේ නිසාම ඔහුට Magical creaturesල ගැන පොතක් ලියන්න කියල ආරාධනාවක් ලැබෙනවා! ඒ අනුව අනුව තමයි ඔහු ඔහුගේ ප්‍රසිද්ධම ග්‍රන්ථය වුනු “Fantastic Beasts and Where to Find Them.” 🙌 පොත ලියන්න පටන් ගන්නේ ! ඒ වෙනුවෙන් ඔහු ලෝකය පුරා මහාද්වීප පහක් පුරාවට රටවල් සිය ගානක මායා සත්වයින් සොයමින් ගවේෂණයේ යෙදෙනවා 🌎 .ඒ විදියට තමයි ඔහු ඇමරිකාවේ නිව්යෝක් නගරයටත් එන්නේ!

ඇත්තම පොඩි කාලයකට ඔහු එන්නේ, නමුත් වැඩේ එක දෙක වුනු විදිහ ගැන ඔයාලට අලුතින් කියන්න දෙයක් නෑනේ !😁

ඔහු ලියපු මේ පොත පසු කලෙක හොග්වොර්ට්ස් වල නිර්දේශිත පෙළ පොතක් බවටත් පත්වෙනවා !Newt ගොඩක් Charms වලට දක්ෂයි ! Jacob ගේ පුපුරලා ගිය උඩුමහල නැවත යතා තත්වයට පත් කරපු හැටි, ඒ වගේම Human Transfiguration එකක් කරන් හිටපු Grindelwald ව Revelio Charm එක කරලා ඇත්ත ස්වරුපය නැවත ලෝකයා ඉදිරියට පෙන්වපු සැටි ගැන අමතක නෑනේ !ඒ වගේම ඔහු හැමවෙලේම අරන් යන සුට්කෙසේ එක ගැන කිව්වොත් ඔහුගේ මායාකර්ම ගැන ආයෙත් කියන්න අවශ්‍ය නෑ! 💼

අපි පොඩ්ඩක් නෙව්ට් කොහොමද Harry potter කතා මාලාවට සම්බන්ද වෙන්නේ කියල කතා කරොත් PoA එකේදී Fred සහ George, හැරීට Marauders Map එක පෙන්නද්දී එකේ අපිට Newton Scamander කියන නමත් දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ කාලෙත් ඔහු ජිවතුන් අතර ඉන්නවා වගේම Hogwarts වලටත් ඇවිත් තියෙනවා! [මෙතනදී පොඩි fan theory එකකුත් තියෙනවා බක් බීක් කියන්නේ ඇත්තටම Transfiguration වෙච්ච Newt කියල. මොකද ඉහත කියපු කාරණය වගේම , මේ වෙදිදී ඔහු වයසයි. ඉතින් මායා සත්වයින්ට තියෙන කැමැත්ත නිසා ඔහු එවැනි සත්වයෙක් විදිහට , විශේෂයෙන්ම තමන්ගේ මව විසින් නිර්මාණය කරපු Hippogriff කෙනෙක් විදිහට තම ජිවිතයේ අන්තිම කාලය ගතකරන්න හිතුවා වෙන්න පුළුවන් !

ඒ වගේම හර්මයිනි සහ හැරීව යොදවලා ඩම්බල්ඩො බක් බික්ව බෙරගත්තෙත් සමහර විට ඩම්බල්ඩො දැනන් හිටිය වෙන්න පුළුවන් මේ ඉන්නේ Newt කියල. ටිකක් හිතල බැලුවම ඒ fan theory එකෙත් හොද Points ටිකක් තියෙනවා 🤔 ] ඒ විතරක් නෙවේ ඔයාලට Luna Lovegood ව මතක ඇති. Luna කියන්නේ නිව්ට්ගේ granddaughter-in-law. ඒ කියන්නේ නිව්ට්ගේ මුණුපුරා වෙච්ච Rolf Scamander කසාද බදින්නේ Luna Lovegood ව. (ඔව්! නෙවිල්ට Boot එකක් වැදුනා 🥊😌)

මේ කොහොමවුනත් මතක තියාගන්න Newton Scamander කියන්නේ මායාලෝකයේ නිහඩ සේවයක් ඉටුකළ ඉතාමත් වැදගත් චරිතයක්. ඒ ගැන ඔයාලට Fantastic Beasts: The Crimes of Grindelwald චිත්‍රපටයෙන් තවත් දැකගන්න පුළුවන් වේවි ! මෙහි ඔබට Leta Lestrange ව ( ගොඩක් වෙලාවට දම්පාට ඇදන් ඉන්නේ මෙයා 🙎🏻‍♀️) ඒ වගේම තරුණ ඩම්බල්ඩෝ වත් දැකගන්න පුළුවන් වේවි. ආසම දේ තමයි ආපහු පරණ හොග්වෝට්ස් දකින්න පුළුවන් වෙන එක. 😍

ආ කියන්න අමතක වුනා Newt ට සහෝදරයෙක් ඉන්නවා. ඔහු තමයි Theseus Scamander. බ්‍රිතාන්‍ය මායා අමාත්‍යංශයේ Auror කෙනෙක් ! 🕵️‍♂️

ඉතින් ආයෙත් potterheads ල ඔක්කොම එකතු වෙලා ඉන්න , 🤛මායාලෝකයේ කතාබහට ලක්වුණු මතකයක් ගැන නිර්මාණය වෙන අලුත් චිත්‍රපටයත් එක්ක ! . මම හිතන්නේ දැන් ඔයාලට Newt කියන චරිතය වගේම ඒ වටා චරිත ගැන යම් අවබෝධයක් ඇති කියල !

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ! 👍👊

“My philosophy is that worrying means you suffer twice.” -Newt Scamander-

This Post Has One Comment

  1. Ruvi

    Very interesting character in wizerding world….he is awsome guy…

Leave a Reply