Wizarding_World එකේ අපිට දැකගත හැකි බලගතු අදුරු මායාකාරයින් දෙදෙනෙක් සිටිනවා මින් එක අයෙකු ඔබ සැවොම පොඩි කාලේ ඉදලම දන්නවා, ඒ තමයි Voldemort.
ඒත් ඔබ අනිවාර්යෙන් දැනගතු යුතු ඉතාමත් දක්ෂ , කපටි සහ දැවැන්ත Dark Wizard කෙනෙක් තමයි Gellert_Grindelwald.
Fantastic Beasts කතා මාලාව පුරාවට අපිට මේ චරිතය දකින්න පුළුවන් ! ඔයාලට මතක ඇති පළමු චිත්‍රපටයේ අන්තිමට අපිට මොහුගේ සැබෑ ස්වරූපය දැකගන්න පුළුවන් වුනා ! එහිදී Grindelwald චරිතයට පන පොවන්නේ ජනප්‍රිය නළු Johnny Depp.
ඉතින් ඇයි මොහු මේ තරම් බලගතු වෙන්නේ කියන කාරණය සහ ඩම්බල්ඩෝ සහ මොහු අතර ඉතිහාසය ගැනත් ඔබට මේ ලිපියෙන් දැනගන්න පුළුවන් !
Grindelwald කියන්නේ Durmstrang මායා පාසලේ ඉගෙනුම ලබපු ශිෂ්‍යයෙක්. ඔයාලට මතක ඇති GoF කතාවේ හිටපු Viktor Krum ව. අර හර්මයිනි එක්ක Yule Ball නැටුමට ගියේ. පොර ඉගෙන ගත්තු පාසලම තමයි මේ. Grindelwald පාසල් කාලයේ වැඩිපුරම කැමැත්තක් දැක්වුයේ Dark Arts වලට
. ඒ කාලේ ඉදලම ගොඩක් දක්ෂ මායකාරයෙක්. හැම දෙකින්ම හොදම සහ ජයාග්‍රාහී පුද්ගලයෙක් වෙන්න තමයි මොහුට උවමනා වුනේ. ඒ ගති ගුණේ නම් ඉතින් හර්මයිනිටත් තදටම තිබ්බනේ නැද්ද ?
ඉතින් Durmstrang කියන්නේම වැඩිපුර අදුරු මායාවන්ට තැනක් දුන්නු පාසලක්. කොටින්ම Muggle-borns ලව මේ පාසලට ඇතුලත් කර ගන්නෙත් නෑ. ඒ වුනත් Grindelwald පාසල් කාලයේදී අනිත් ශිෂ්‍යන්ගේ ජිවිත අනතුරේ හෙලමින් Dark Arts පුරුදු වුනු නිසා අන්තිමට මොහුව පාසලෙන් නෙරපනවා. හිතල බලන්න කොයි තරම් ඇණයක් වෙන්න ඇතිද කියල.
පොඩ්ඩක් ඉන්න !මතක් කරන්න බලන්න මේ වගේම මායා පාසලෙන් අයින් කරපු අපි දන්න පුද්ගලයෙක්ව.
ඔව් ! ඒ තමයි Newt Scamander.මෙන්න මේ නිසාම Grindelwald පසු කාලෙක අවදානයක් යොමු කරා Newt ටත් . ඔයාලට මතක ඇති fantastic beasts and where to find them චිත්‍රපටයේ මොහු උත්සාහයක යෙදෙනවා Newt ගේ අරමුණ මොකද්ද කියල දැනගෙන ඔහුවත් තමන්ගේ පැත්තට එකතු කරගන්න.කොහොමහරි Grindelwald ඉස්කෝලෙන් නෙරපුවයින් පස්සේ මොහු එනවා Godric’s Hollow වලට.
ඔව්! හැරී පොටර් ගේ දෙමව්පියන් ජිවත් වුනු ගමට. හැබැයි ඒ එන්නේ ලොකු අරමුණක් ඇතිව. ඔයාල අනිවාර්යෙන් Deathly Hallows ගැන දන්නවා ඇතිනේ. ඉතින් Gellert Grindelwald කියන්නේ මේ Deathly Hallows ගැන පොඩි කාලේ ඉදලම ලොකු උනන්දුවක් දක්වපු පුද්ගලයෙක්. Deathly Hallows ගැන කියවෙන The Tale of the Three Brothers කාතාවේ හැටියට ඇත්තටම මේ magical objects ලැබෙන්නේ Peverell සහෝදරයන්ට. එතනින් Cloak of Invisibility එක අයිති වෙලා තිබුනේ Ignotus Peverell
කියන තෙවෙනි සහෝදරයට.ඉතින් මොහු ජිවත් වෙලා හිටියේ Godric’s Hollow වල. මෙයාව හොයාගෙන තමයි Grindelwald ආවේ. ඔහු ඇවිත් නැවතිලා හිටියේ තම නැන්දනියක් වූ Bathilda Bagshot ගේ නිවසේ. ඒ කවුද කියලත් අපි දන්නවා. මතකනේ හැරී සහ හර්මයිනි Godric’s Hollow වලට ආවම Nagini
වෙස් වලාගෙන හිටියා Bathilda Bagshot වගේ. (Nagini මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි හරිද
)
ඉතින් කොහොමහරි මේ කාලේදී තමයි Grindelwald ට ඩම්බල්ඩෝව මුණගැසෙන්නේ. ඔවුන් දෙදෙනාම දක්ෂ ඒ වගේම එක සමාන අදහස් තිබුණු පුදගලයින් වීම නිසා ඉක්මනින්ම හොද මිත්‍රයින් බවට පත්වුණා.
එමෙන්ම ඔවුන් අවශ්‍ය වුනේ කොහොමහරි Deathly Hallows තුනම හොයාගෙන මායා ලෝකයේ බලගතු new order එකක් නිර්මාණය කරන්න. එහිදී ඩම්බල්ඩෝට අවශ්‍ය වුනේ හැමෝගෙම යහපත උදෙසා මේ දේ කරන්න. නමුත් Grindelwaldට අවශ්‍ය වුනේ Muggles ලවත් මායා ආදිපත්‍යට යටත් කරගන්න. ඔන්න ඔතනින් තමයි වලිය පටන්ගන්නේ
Gellert Grindelwald චරිතය කැමති වුනේ නෑ Muggles ලට නැතිනම් මායාලෝකයෙන් පිට ඉන්න සාමාන්‍ය මිනිස්සුන් ඉදිරියේ සැගවී සිටීමේ ප්‍රතිපත්තියට. Grindelwaldගේ වචන වලින්ම කිව්වොත්
“A law that has us scuttling like rats in the gutter. A law that demands that we conceal our true nature. A law that directs those under its dominion to cower in fear, lest we risk discovery. I ask you, Madam President, I ask all of you — who does this law protect? Us, or them? I refuse to bow down any longer.”-Gellert Grindelwald-
“අපිට නිකන් මියෝ වගේ බයේ දුවන්න හදපු නීතියක්. අපේ ඇත්ත ස්ව්බාවය වසන් කරන් ඉන්න බලකරන නීතියක්. මේ නීතිය ලියවෙලා තියෙන්නම අපිට බයේ වෙව්ල වෙව්ල හැංගිලා ඉන්න. අපි හැමවෙලේම අවදානමකින් ඉන්නේ ලෝකය අපි ගැන දැනගනීවි කියල. ඉතින් මම ඔබෙන් අහන්නේ, ඔබ සියලන්ගෙන්ම අහන්නේ, කවුද මේ නීතියෙන් රකින්නේ! අපිද නැත්තන් ඔවුන්ද . මම මේ නීතිය ඉදිරියේ දණ නමන්න කිසිසේත්ම සුදානම් නැහැ” -Gellert Grindelwald–
ඉතින් Grindelwald ගේ අරමුණ වුණේ කොහොමහරි Deathly Hallows එකතු කරගෙන Master of Death වෙලා ලෝකයම යටත් කරගන්න. හැබැයි ඩම්බල්ඩෝගේ අරමුණ ගොඩක් වෙනස් වුණා. මායා නීතිය නිසා ඔහුට තම නැගණිය වූ Ariana ට හිරිහැර කල පිරිමි ළමුන් තිදෙනෙක්ට(Muggles) එරෙහි වීමට නොහැකිව අසරණව සිටියා. මොකද Muggles ලා ඉදිරියේ මැජික් ඔක්කොම තහනම්නේ. මේ තත්වය නිසා Ariana ගොඩක් දුකෙන් වගේම මානසිකව ඇදවැටිලා හිටියේ. නමුත් ඔවුන්ගේ පියා වූ Percival Dumbledore අර කොල්ලෝ තුන්දෙනාට පාඩමක් උගන්වන්න ගියපු නිසා අන්තිමට ඔහුව Azkaban හිරගෙදරට යවනවා.ඒ අතරතුරේම Ariana සිටි භයානක unstable
තත්වයත් එක්ක ඇති වුනු අනතුරකින් ඔවුන්ගේ මවත් මියයනවා. (ඒ කොහොමද කියල ඉස්සරහට කියල තියෙනවා
)
ඉතින් ඩම්බල්ඩෝ ට්‍රයි කලේ Resurrection Stone එක හොයාගෙන තම දෙමව්පියන් නැවත ගෙන්වා ගන්න. නමුත් Grindelwaldට Resurrection Stone එක ඕන කලේ නම් මළවුන්ගේ හමුදාවක් හදාගන්න. ඉතින් Grindelwald සහ ඩම්බල්ඩෝ Deathly Hallows හොයන්න යන්න පටන් ගන්න ආරංචිය ඩම්බල්ඩෝගේ සහෝදරයා වෙච්ච Aberforthට දැනගන්න ලැබෙනවා. Aberforth කැමති වෙන්නේ නෑ ඩම්බල්ඩෝගේ මේ පිස්සු වැඩවලට. ඔහු සිටියේ ඩම්බල්ඩෝ ඔයිට වඩා, මේ මොහොතේ Ariana ව රැකබලා ගත යුතුයි කියන මතේ. මේ අලකලංචි නිසා Grindelwald , ඩම්බල්ඩෝ , Aberforth අතරේ වුණු උණුසුම් තත්වය හමුවේ Grindelwald; Aberforthට Cruciatus Curse එකෙන් පහර දෙනවා. එහිදී Aberforth වෙනුවෙන් ඉදිරිපත් වුනු ඩම්බල්ඩෝ Grindelwaldට පෙරලා පහර දීමත් එක්ක හට ගන්න තුන්කොන් සටනට හදිසියේ මැදි වූ Ariana අනතුරුව මියයනවා.
මේ කතාව තමයි අපිට Aberforth, hogsmeade වලදී golden trio එක හම්බුනාම කියන්නේ. මේ සිද්දියෙන් පස්සේ Grindelwald තනියම තම ගමන් පටන් ගන්නවා. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා Elder Wand එක wandmaker කෙනෙක් වුනු Mykew Gregorovitch ගාව තියෙනවයි කියල. ඒ ආරංචිය නිසා ඔහු Gregorovitch ට පහර දීල Elder Wand එක අරන් ජනේලෙන් පැනල යනවා. ඒ සීන් එක ඔයාලට මතක ඇති හැරී පෝටර් චිත්‍රපටයෙත් තියෙනවා.
මෙතැනද වැදගත් කාරණයක් මතු කරන්න අවශ්‍යයි.වොල්ඩමෝට් ට වැරදුනු තැනක් තමයි Elder Wand එකේ සම්පුරණ බලය ගන්නනම් එහි කලින් Masterව මරන්න ඕන කියන එක. Snape ව මරන්නෙත් ඒ නිසානේ. ඒත් ඇත්තටම බලය ගන්නනම් මරනවට වඩා පහරදීල දිනන්නයි අවශ්‍ය.Grindelwald මේ ගැන දැනන් හිටපු නිසා තමයි Mykew Gregorovitch ව මරන්නේ නැතුව පහර දීල විතරක් ඔහුගෙන් Elder Wand එක අරගත්තේ. පසු කලෙක වොල්ඩමෝට් Gregorovitch ගෙන් දැනගන්නවා Grindelwald තමයි Elder Wand එක ගත්තේ කියල. ඒ අනුව Nurmengard වල හිරකරලා ඉදපු Gellert Grindelwald ව හමුවෙන්න වොල්ඩමෝට් යනවා. නමුත් Elder Wand එක තියෙන්නේ කාගාවද කියල ඔහු කියන්න කැමති වෙන්නේ නෑ. ඉන් පසු වොල්ඩමෝට් ඔහුට තර්ජනය කරදදී Grindelwald කියා සිටියේ
” ඕනනම් මාව මරපන්! මම මරණය පරණ මිත්‍රයෙක් විදිහට වැලදගන්න ලෑස්තියි. එත් කවමදාවත් උබට ඔය යෂ්ටිය හොයාගන්න වෙන්නේ නෑ. හොයාගත්තත් ඒක කවදාවත් උබේ වෙනේ නෑ”
ඒ කියන්නේ Elder Wand එකේ powerඑක pass වෙන විදිහ ගැන වොල්ඩර්මොට් හරි අවබෝධයක් නැති බව Grindelwald දැනන් ඉන්න ඇති. මේ කතාවෙන් පස්සේ වොල්ඩමෝට් Killing Curse එකෙන් Gellert Grindelwald ව මරණයට පත් කරනවා!
ඒකෙත් හැටි හිටපු Greatest Dark Wizard මියයන්නේ ඊලග බලගතුම අදුරු මායාකාරයා අතින්. අවි ගත්තෝ අවියෙන්ම නසියි කිව්වලු
හරි ! අපි දැන් Grindelwald ගැන මුලයි අගයි දැනගත්තානේ. දැන් තමයි වෙලාව අපිට මිස්වුණු මැද කතා ටික ගැන පොඩ්ඩක් හාරවුස්සන්න. Fantastic Beasts කතා මාලාවේ තියෙන්නේ ඒ ටික.
Elder Wand එක ගත්තයින් පස්සේ Grindelwald තමන් ව Follow කරන හමුදාවක් හදාගෙන යුරෝපය පුරාවට attacks කිහිපයක් සිදු කරනවා. Fantastic Beasts පළමු චිත්‍රපයට පටන් ගනිද්දී Daily Prophet වගේ පත්තරවල තියෙන්නේ ඔය News ටික. ඒ වගේම Film එකේ පලවෙනි සීන් එකේම තියෙන්නේ Grindelwald , Aurors ල කිහිප දෙනෙක්ට පහර දෙන එකක්.Grindelwaldට පුළුවන් වෙනවා ඇමරිකාවට ඇවිත් Percival Graves වගේ Human Transfiguration එකක් කරගෙන MACUSA නැතිනම් Magical Congress of the United States of America එකට Auror
කෙනෙක් විදිහට ඇතුළු වෙන්න.මේ කාලේදී තමයි මොහුට Obscurial එකක් වෙච්ච Credenceව හමුවෙන්නේ.
ඔයාලට මතක ඇති එක් අවස්තාවකදී Percival Graves මාලයක් දෙනවා Credence ට. ඒ මාලයේ තිබ්බේ වෙන මුකුත් සංකේතයක් නෙවේ Deathly Hallows symbol එක. එතනින් තමයි ගොඩක් potterheadsලට ලොකුම ඉගියක් අවේ මේ Percival Graves විදිහට ඉන්නවා ඇත්තේ ඇත්තටම Gellert Grindelwald කියල. එතනින් පස්සේ Newt ව අත්අඩංගුවට අරගෙන ඔහුගේ සුට් කේස් එකේ තිවිල හමුවුණු දාරකයෙක් නොමැති Obscurus එක ගැන Percival Graves ප්‍රශ්න කරද්දී ඔහුගේ කටින් පිටවෙනවා ” ඒ කියන්නේ මේ Obscurus එකෙන් වැඩක් නෑනේ “ කියල. එතනින් තමයි Newt ට ලොකු සැකයක් ඇති වෙන්නේ Percival Graves ගැන. අනිත් සීන් ටික ඉතින් මම ආයේ මෙතන කියන්න ඕනේ නෑනේ. ඔය තනිකර movie එකක්ම ඇවිත් තියෙනවනේ.
මෙතනදී මේ Obscurial , Obscurus සීන් එක movie එකේ පහදලා තියෙනවානේ. ඉතින් මතකද උඩ කියල තිබුණා Ariana ගොඩක් unstable තත්වයක හිටපු නිසා අනතුරකින් ඩම්බල්ඩෝගේ මව මිය ගියා කියල. මේ විස්තරවලට අනුව හරියටම තහවුරු කරලා නැතත් ගොඩක් අය කියන විදිහට Ariana කියන්නෙත් Obscurial කෙනෙක්. බලමු සමහර විට ඉදිරියේදී ඒ කතාව තහවුරු කරයි!
ඉතින් අන්තිමට මම හිතුව Grindelwald ගේ දක්ෂතා ගැන පොඩි සදහනක් කරන්න. මොකද Most Powerful Dark Wizard of all time කියන්නේ නිකන් නෙවේනේ! Voldemort ට විතරයි මොහුගේ තැන ගන්න පුළුවන් වුනේ.
Dark arts පැත්තෙන් ගත්තොත් Grindelwald කියන්නේ ආයේ ඉතා දක්ෂයෙක්. Cruciatus Curse එක වගේ ටිකක් මාස්ටර් කරන්න ඕන මැජික් වගේම ඔහුට පුළුවන් වුනා අකුණු ගහනවා වගේ මැජික් එකකින් තම සතුරන්ට පහර දීල ඔවුන්ට ලොකු වේදනාවක් දෙන්න. උමං දුම්රිය ස්ථානයේදී රේල්පාරේ වැටිලා හිටපු Newt ටත් ඔහු මෙසේ පහර දෙනවා ඔබට මතක ඇති.
Charms පැත්තෙන් ගත්තත් ඔහුට පුළුවන් වෙනවා අවුරුදු 17ක් වැනි කුඩා කාලයේදීම Disillusionment Charm එක කරන්න. ඒ හරහා කෙනෙක්ට පුළුවන් Invisibility Cloak එකක් නැතුවම පෙන්නේ නැති වෙන්න. එතැනදී ඇත්තම වෙන්නේ එම පුද්ගලයා අවට පරිසරයේ පාටවල් ගැනීම නිසා පෙන්නේ නැති විමක්! ඒ විතරක් නෙවේ Shield Charm එක නැතිනම් පහරදීම් වලින් ආරක්ෂා වෙන්නත් ඔහු ඉතා දක්ෂයෙක්. ඔයාලට මතක ඇති Fantastic Beasts චිත්‍රපටයේදී ඔහු Aurors ල විශාල ප්‍රමානයක් ඉදිරියේ Shield Charm එකෙන් ආරක්ෂා වෙනව.
Transfiguration ගැන කතාකලොත් එතනිනුත් අමාරු වෙන Human Transfiguration කරන්න මොහු ඉතා දක්ෂයෙක්! ඒ වගේම Grindelwald කියන්නේ ගොඩක් intelligent person කෙනක්. එකනේ අල්ලගන්න එච්චරම අමාරු! තව එක වැදගත් දක්ෂතාවයක් තියෙනව ඒක මම වෙන ලිපියකට ඉතුරු කර ගන්නම්!
ඉතින් ඔන්න අන්තිමට Newt Scamander, Grindelwald ව අල්ලගෙන සැබෑ ස්වරුපය Revelio කළා වගේ මාත් ඔහුගේ කතාව ඔබ ඉදිරියේ reveal කලා.
හැබැයි අපි හැමෝම දන්නවා Grindelwald ව MACUSA එකෙන් හිර කරාට ඔහු ඉන් පැනයනවයි කියල. ඉතින් හොදම සීන් ටිකක් අපිට Fantastic Beasts: The Crimes of Grindelwald චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන් වේවි !
අනිත් ලිපි ටිකත් අනිවාර්යෙන් කියවන්න. යාළුවන්ටත් කියවන්න share කරන්න. ඒ වගේම අපේ Hype Zone page එකට like කරලා දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්නත් අමතක් කරන්න එපා !
එහෙනම් අදට wizarding world එකෙන් සමුගන්නවා ආයෙත් ඉක්මනින්ම Apparate වෙලා මේ පැත්තට එන්නනම් !
“Magic blooms only in rare souls. Still, we must skulk in the shadows. But the old ways serve us no longer.”-Gellert Grindelwald-