You are currently viewing සංග්‍රාමයක පෙරනිමිති “Obliviate”

සංග්‍රාමයක පෙරනිමිති “Obliviate”

මේ රූපරාමු පෙල අනිවාර්යෙන් ඔබට මතක ඇති ! කොහොම අමතක වෙන්නද. Trio එක ඕන ගේමකට රෙඩි වෙලා ඉදපු මොහොතක් මේක. මේ වෙලාවේ පසුබිමෙන් ඇසෙන සංගීත ඛණ්ඩයත් ඉතා සියුම් විදිහට නිර්මාණය කරපු දෙයක්. ඒකත් අනිව ඔයාල කැමතිම Music එකක් කියල මම දන්නවා.

නැවත මතක් කර ගන්නත් එක්ක ආපහු අහල බලමු. Soundtrack එකේ නම තමයි “Obliviate” By Alexandre Desplat
🎧https://youtu.be/rtMcO38RjSY

“Your Ministry Remains Strong” 😌
ඕනම සටනකට කලින් අවට පරිසරයේ පවතින්නේ අමුතුම ආකාරයක ගුප්ත නිහඩභාවයක්.ඒ බව පසක් කරමින් මේ සංගීතය පටන් ගන්නෙත් දැඩි නිහැඩියාවකින්.
හර්මයිනි අතට ගන්න daily prophet පුවත්පතේ ප්‍රාදාන වශයෙන් පුවත් දෙකක් highlight වෙලා පේනව.
| Violence Spreads Muggle Family Murdered.|
| Death Eater numbers grow. |

යුද්දයක දරුණු පෙරනිමිති කලින්ම පෙන්නුම් කරල අවසන්. සංගීතයෙන් එම අනාවැකිය කනට ඇසෙන්න සලස්වනු ලබන්නේ අප සැමටම හුරු පුරුදු, ඈත සිට ඇසෙන යුධ බෙර හඩක් වාදනය වීමට සල්වමින්. ⚔️🥁
සුපුරුදු ලෙසම සිනමාන්විතව mood එක හදන්න පොඩි වැස්සකුත් වහිනව, හර්මයිනිගේ කාමරයේ තිබෙන ජනේලයට පිටතින් දකින්න පුලුවන්.

සටනක් අනිවාර්යෙන් ලග ලගම එනව. ඒක Wizardsලට විතරක් නෙවේ . Dursley family එක වගේ මගල්ස්ලටත් තේරිලා තියෙන්නෙ. ඔවුන් no 04 Private Drive වීදීයේ පිහිටි ඔවුන්ගේ නිවසෙන් පිට යනව.🏘
රොන් Burrow එකෙන් එලියට ඇවිල්ල ඈත බලන් ඉන්නව. ඔහු ඉන්නේ දෙගිඩියාවකින්. ඒ වගේම බයෙන්. ඒ ඔහු නිසා නෙවේ Family එක ගැන හිතල. මෙතනදී The Burrow එකෙන් නිරූපනය කරන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින්.

මේ මොහොතේ music වලින් එක් පසකින් වයලීනය,Recorder, Flute, Cello එකතුවෙලා ත්‍රීව්‍රර ලෙස නමුත් සංවේදිව වාදනය වෙනව. 🎻

හැම යුද්දෙකදීම කැපකිරීම් සිදුකරන්න වෙනව. මෙතන්දී හර්මයිනිට අකමැත්තෙන් වුනත් තම දෙමව්පියන්ගේ මතකය නැති කරන්නේ වෙන්නේ ඒ නිසයි.

“Obliviate”😶

එම spell එක සමගින් සංගීතමය සංග්‍රාමයකට මෙන් French Horn එක වගේ Brass Instruments වාදනයෙන් එකතු වෙනව. 🎺මේ සං‍යෝජනය ඉතා සියුම් ලෙස මේ sountrack එක හඩ වැඩි කරමින් ඉදිරියට අරන් යනව.

සංගීතය අවසන් වෙන්නේ හර්මයිනි නිවසින් පිටවී යාමෙන්. ✊
ඉදිරිය ගැන ඔබ හැමෝම දන්නවා!

නැවත හමුවෙමු.

This Post Has 2 Comments

  1. Gimal Weerasinghe

    😍❤❤🔥

  2. sandaru

    ❤👏👏👏👏 super explain

Leave a Reply