You are currently viewing මායාකාරියකගේ යශෝරාවය

මායාකාරියකගේ යශෝරාවය

හැරී පෝටර් Music කිව්වම අපිට කවමදාවත් අමතක වෙන්නේ නෑ! ඒ වගේම කොහේදි හරි ඇහුනොත් පට ගාල අදුනගන්න පුලුවන් අනන්‍යතාවයක් ඒ සංගීත නිර්මාණයන් තුල අඩංගු වෙලා තියෙනවා! 🎻🎼🎹😍🔥

නමුත් අද ඉදල මම කියන්න යන්නේ මේ සංගීත නිර්මාණයන් තුල අඩංගු අපිට නොදැනුනු අපූරු මෙන්ම ගුප්ත තේරුම් සහ අර්ථකථනයන් පිලිබඳව! 🔥🙌

ඉතින් අද මං මුලින්ම ඒකට තෝරගත්තේ Harry Potter චිත්‍රපටයක් තුල අඩංගු Lilly’s Theme කියන තේමා සංගීතය ! 🎻❤🤱

Listen 👂 to Lilly’s Theme here👇https://youtu.be/eukcZ5J-3Hc(පුලුවන්නම් ඕක අහන ගමන් මේ පොස්ට් එක කියවන්න 😍)

Harry Potter චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක විතරයි අපිට මේ Lilly’s Theme එක අහන්න පුලුවන් වෙන්නේ! ඒ අවසන් චිත්‍රපටය වුනු Harry Potter and the Deathly Hallows – part2 Movie එකේ. ඇත්තටම Officially මේ අවසන් චිත්‍රපටයේ Main theme එක වෙන්නේ මෙම පසුබිම් සංගීතය තමයි.ඒ වගේම චිත්‍රපටය පුරාවට මේ පසුබිම් සංගීතය අසන්න ලැබෙන්නේ සතර වතාවකදී පමනයි!

නමුත් අනිවාර්යයෙන්ම කියන්න ඕන කාරනය තමයි , ඒ අවස්ථා සතරේදීම මේ සංගීතය මගින් ඉතා ගැබුරු තේරුමක් චිත්‍රපටයට එකතු කරනු ලබනවා වගේම , මම දකින ආකාරයට මුලු චිත්‍රපට මාලාව තුලදීම අසන්නට ලැබෙන ප්‍රබලම සංගීත නිර්මාණය තමයි Lilly’s Theme එක.🎻😳😯✊

අපි එහෙනම් බලමු ඔය කියන අවස්ථා 4 මොනවාද සහ එතනදී මේ සංගීතය මගින් ලබාදෙන සැගවුනු අර්ථය කුමක්ද කියල!

1) අවසන් චිත්‍රපටය ආරම්භයේදී! Harry Potter අන්තිම Movie එක පටන් ගනිද්දීම අපිට මේ Theme එක මුලින්ම අහන්න පුලුවන්! එතනදී ඇත්තට අපිට දකින්න පුලුවන් Severus Snape ඉහල Castle එකේ ඉදන් පල්ලෙහා ලමයි පේලියට March past කරනවා බලන් ඉන්නවා! මේ මොහොත වෙද්දී ප්‍රේක්ෂකයා කෙරේ Snape පිලිබඳව තියෙන්නේ දැඩි තරහක් වගේම කලකිරුනු ස්ව්භාවයක්! මොකද අපි එතකොට තවම දන්නේ නෑ මෙම චරිතයේ සැබෑ ස්වරූපය ගැන! Dumbledore ව මරපු එක ගැන අපිට තරහක් තමයි තිබුනේ!😔නමුත් මේ Scene එකේදී Lilly’s Theme එක පසුබිමෙන් ඇසෙන අතරේ Snape ගේ මුහුනේ close up එකක් අපිට පෙන්නනවා!එතනදී අපිට හොදට දකින්න පුලුවන් Snape ලොකු වේදනාවක් හිරකරගෙන ඉන්න බව! සැබවින්ම ඔහු සහ හැරීගේ මව වන Lilly Potter අතර ඇති ගැබුරු බැදීම පිලිබඳව ඉතා ප්‍රබල Clue එක ප්‍රේක්ෂකයාට දෙනු ලබන්නේ මෙම අවස්ථාවේදීයි!

2) Snape මියයන මොහොතේ ! “You Have your Mother’s eyes ” මතකද ඒ මොහොත. Snape කියපු අවසන් වාක්‍යය තමයි මේ! එය ඉතා ප්‍රබලව හැරීට මෙන්ම ප්‍රේක්ෂක අපටත් දැනීගිය වදන් කිහිපයක්! එමෙන්ම snape සහ Lilly අතර තිබූ සබඳතාව පිලිබඳව Direct තහවුරු කිරීමක් මෙමගින් දෙනු ලැබුවා! ඒ කොහොමද කියල ඔබට කියන්න අවශ්‍යතාවක් නෑ කියල මම දන්නවා!ඉතින් මේ මොහොතේදීත් පසුබිමෙන් Lilly’s Theme එක ඔබට ඇසෙන්න ඇති! හැරී තමන්ගේ දරුවා නොවුනොත් ඔහු ලිලීගේ පුතා නිසාවෙන් , Snape හැරීටත් නොදැනී ඔහුගේ සෙවනැල්ලක් මෙන් ඔහුව ආරක්ෂා කල සැටි ඔබට මතක් කර දීමට අවශ්‍ය නොවේ!

3) හැරී Resurrection Stone එක Use කරපු අවස්ථාවේ! “Untill The End” හැරී Voldemort අතින් මැරෙන්න(අපි හිතන් හිටපු විදිහට ) යන්න කලින් Resurrection Stone එක පාවිච්චි කරලා මියගිය සමීපතයින් කිහිප දෙනෙක් එක්ක කතාබහ කරන මොහොත ඔයාලට මතක ඇති! මෙය ඇත්තටම ඉතා සුවිශේෂී මොහොතක් ! හැරී වෙනුවෙන් දිවිපිදූ ආරණීය පුද්ගලයන් තමයි මෙහිදී මොහුට දකින්න ලැබෙන්නේ ! විශේෂයෙන්ම එහිදී මව විදිහට ලිලී හැරී වෙනුවෙන් කල කැපකිරීම මායාලෝකය පුදුම කල වගේම Voldemort ට වැරදුනු තැනක් බව ඔබ අනිවාර්යයෙන් දන්න කරුනක්! මායාලෝකයේ ආදරය, කරුණාව , සෙනෙහස පිලිබඳව නැවත මතක් කර දෙන ප්‍රබලම අව්ස්තාවක් තමයි මේ! “ඔයාල මාත් එක්කම ඉන්නවා නේද””අන්තිම මොහොත වෙනකන්!”

4) Voldermort ගේ අවසානයේදී!Neville Longbottom සැබෑ Gryffindor කෙනෙකු ලෙස නිර්භීතව කඩුවෙන් Nagini සර්පයාව විනාශ කරද්දී අවසන් සටනේ ඉදපු Voldemort පරාද වී විනාශ වෙලා යනවා! ඉතින් මේ මොහොතේදී අපට අවසන් වරට Lilly’s Theme එක අසන්න ලැබෙනවා!

නමුත් ඇයි?🤔ඇයි මෙතනදීත් ඒක Play කරේ?මෙහි ඇති තේරුම මොකද්ද ?Voldemort කියන්නේ මායාලෝකයේ සිටින ඉතා ප්‍රබල මායාකාරයෙකු බව අවිවාදයෙන් තොරව කියන්න පුලුවන්! නමුත් කෙතරම් බලවෙතෙකු වුනත් ඔහුට එක තැනකදී වැරදුනා! ☝

ඔහු සිතාගෙන සිටියේ මායා බලය තමයි මේ ලෝකයේ ප්‍රබලම දේ කියල. 🧙‍♂ඒත් මතකද?•Voldemort ට පලවෙනි කතාවේ හැරීට අතක්වත් තියන්න පුලුවන් වුනේ නෑ! 🤚• Order of the Phoenix එකේ අන්තිමට Voldemort ට හැරීව යටත් කරගන්න බැරිවුනේ ඇයි?👊• ඇයි එතකොට මුලදිම Godric’s Hollow වල්දී Harry ව මරන්න බැරි වුනේ!

ඔය හැමදේකටම හේතුව j.K. Rowling ගේ වචන වලින්ම කිව්වොත්!”මේ මුලු කතාව පුරාවට හැරී දෙයක් ඉගෙනගත්තානම් ඒ තමයි” ” Love is Strongest Power there is ” කියන එක ! ❣

තවත් මේ වගේම අපූරු Music එකක තේරුමකින් නැවත හමුවෙමු!

This Post Has One Comment

  1. Ruvi

    First movies three witharak balala nawaththapu aya aniwaryen anthima movie eka wenakan balanna hithai me review artificial eka kiyewwoth nam… wisheshayen professor snape gena dena ganna asa wei…movies serama beluwa kenek thamai danne snape kiyanne mona wage hero kenekda kiyala kathawa purawatama…

Leave a Reply