You are currently viewing A Window To Past ස්වර අතර සැඟවුනු මතකය

A Window To Past ස්වර අතර සැඟවුනු මතකය

Harry Potter ගැන කතාකරද්දී තමන් කැමතිම Music Theme එක ගැන කතානොකර කොහොමද.

හවස් වරුවක උනුසුම් තේ කෝප්පයක් පානය කරන ගමන් අහන්න හොදම සංගීතයක් තමයි මේ. Baroque Music සමයේ බහුලව භාවිතා කරපු “Recorder” සහ “Harpsichord” වගේ musical Instruments මේ තේමා සංගීතයට යොදාගෙන තියෙනව.

විශේශයෙන්ම ඉස්මතු වෙලා ඇහෙන්නෙ Recorder එකේ හඩ. Baroque Music කියන්නෙ මාරම විදිහට අපේ මනස නිරවුල් කරල එක තැනකට ගේන්න ලොකු බලයක් තියෙන මායාවක්. අදටත් ගොඩක් අය ඒ music අහන්නෙ. විශේශයෙන්ම පාඩම් කරද්දී පවා ඇහෙන්න දාල තියෙන්නෙ ඒ බලය නිසා.(FYI : Recorder එක කියන්නෙ මුවින් පිටවන සුලන් භාවිතා කරල play කරන instrument එකක්. ගොඩක් අය මේක Flute එකත් එක්ක පටලගෙන ඉන්නෙ)

හරි Music ඉගෙන ගන්න නෙවේනෙ මේක කියවන්නේ. අපි කෙලින්ම බහිමු සංගීතමය චාරිකාවක් යන්න.අද අපි කතාකරන්නෙ “A Window To Past” ඇත්තටම කිව්වොත් “Past” theme එක ගැන. හැබැයි ඊට කලින් මෙන්න මේ පහල ලින්ක් එකේ තියෙන අද අපි කතාකරන්න යන music එක අහන ගමන්ම මේ ලිපිය කියවන්න පුලුවන්නම් තවත් හොදයි!

👉https://www.youtube.com/watch?v=MrZB9nPMvS4

පලවෙනිපාර අපිට මේ සංගීතය අහන්න ලැබෙන්නේ මහචාර්ය ලූපින් සහ හැරී හොග්වෝට්ස් වල තිබෙන ලී පාලම මත කතාබහක යෙදෙන මොහොතේදී. මෙතනදී මම කලින් කිව්ව වගේම music එක නිසා ප්‍රෙක්ෂකයා තුල එකවර නිසල නිරවුල් මනසක් ඇති කරවනව. මොකද මීලඟ මොහොතේ චරිත දෙක අතර ඇතිවෙන කතාබහ ඉතාම වැදගත් නිසා.ඒ මොකක්ද කියන එක මම හිතන්නේ ඔයාල හැමෝටම මතක ඇති. ” දන්නවද හැරී , ඔයාව දැක්ක මුල්ම වතාවෙම ඔයා කවුද කියල එක මම ඉක්මනින්ම දැනගත්ත. නෑ! ඒ ඔයාගෙ නළලේ තියෙන කැලල නිසා නෙවේ.ඔයාගෙ ඇස්. ඒ ඇවිත් ඔයාගෙ අම්ම,ලිලීගෙ ඇස් දෙක.”

මෙතනදි මම notice කරපු දෙයක් තමයි, ලූපින් මේ කතාව කියද්දි පසුබිමෙන් කිසිම සංගීතයක් වාදනයන නොවුනු එක. ඊට තත්පර කිහිපයකට කලින් music එක fadeout කරල අපිටත් නොදැනීම අවට ස්ව්භාවික පරිසරයේ හඩත් එක්ක මුසු කරනව. මද වැස්සකට පස්සේ ලී පාලමකින් ඇහෙන හඩ වගේම පුංචි දිය බිදිති වගයක් වැටෙන විදිහ අපිටත් නොදැනීම පේන්න සහ ඇහෙන්න සලස්වනව. ඒ තව දුරටත් අපිව සංසුන් කරල මේ දෙබස වෙත අපේ අවධානය වැඩි කරවන්න.”ඔයාට තියෙන්නෙ ඔයාගෙ අම්මගෙ ඇස්” RIP Severus Snape 😌

ඔව්! මම එයාව දැනන් හිටිය. ඔයාගෙ අම්ම මං වෙනුවෙන් හිටිය, වෙන කවුරුත් මාත් එක්ක නොහිටපු කාලෙක. ඇය ඇත්තටම දක්ෂ මායාකාරියක් විතරක්ම නෙවේ, ඊටත් වඩා කලාතුරකින් හමුවුනු කරුණාවන්ත හදවතක් තියෙන ගැහැණියක්. ඇයට පුළුවන් වුනා අනිත් අය තුල තියෙන හොද ගතිගුණ දකින්න, විශේෂයෙන්ම ඒ පුද්ගලයට ඒ දේ පේන්නේ සහ තේරුම්ගන්නේ නැති අවස්ථාවල. අනෙක් පැත්තට ඔයාගෙ තාත්තටනම්, කොහොමද ඒක කියන්නේ. එයා දක්ෂයි ප්‍රශ්නවලට පැටලෙන්න. හැමෝම වගේ කියන්නේ ඒ දේ තාත්ත වගේම ඔයාටත් ලැබිල කියල .ඔයා හිතනවටත් වඩා හැරී ඔයාගෙ දෙමව්පියන් වගේමයි ඔයත්. කාලයත් එක්ක ඔයාටම තේරුම් යාවි , කොච්චර සමානද කියල ඒ බැදීම”

ලූපින් මේ විදියට තම අතීතය ආවර්ජනය කරද්දී නැවතත් අපිට මේ ලිපියෙ කතාබහ කරන තේමා සංගීතය අසන්න ලැබෙනව. Recorder එකේ මිහිරි සංගීතයත් එක්ක පියානෝවේ හඩ මුසු වෙලා මැවෙන්නේ වෙනම සංගීතයමය මතකයක්.හිතල බැලුවද ඇයි මේ කතාව ලූපින් කියද්දි ඔහු හැරීගෙන් ඉවත් වෙලා පාලමේ අනෙක් පසට ගියේ කියල. ඒ වෙන මුකුත් නිසා නෙවේ, ඔහුට හැරීගෙ මූන දිහා බලන් ඒ දේ කියන්න ශක්තියක් නැතිවටත් වඩා ඔහුට ඔහු ගැනම ලැජ්ජාවක් සහ කනස්සල්ලක් තිබීම හේතුවෙන්. මොකද හොදම යාලුවො වෙලත් ඔහුට ජේම්ස් සහ ලිලීව බේරගන්න බැරි වෙනව. ඒ වගේම අවුරුදු 13 ගිහිල්ලත් ඒ දේ කරන්න උදව් කරපු ද්‍රෝහියව, නැත්නම් පීටර් පිටිග්ලුව අල්ලගන්න බැරි වීම නිසා.

හැබැයි අන්තිම වචන ටික කියද්දි ඔහු නැවතත් හැරී ගාවට එනව. හරියට “ඔයාට වගේම මටත් මගේ යාලුවො දෙන්න නැතුව පාලුයි” කියන cinematic language එකෙන් .ඒක නෙවෙයි හොදම වැඩේ.

මේ කතාබහ ගැන මට ගැඹුරින්ම අවබෝධ වුනේ goblet of fire film එකේදී. ඒ කියන්නේ azkaban movie එකට පස්සෙ ආපු සිව්වැන්නෙදි. ඒකෙ අපිට හැරී මකරුත් එක්ක තිබුනු first task එක අවසන් කරල. නටන්න තිබ්බ ඔක්කොම නැටුම් ටිකත් නටල ඉවර වුනාට පස්සෙ, හැරී සහ හර්මයිනි මේ පාලම උඩම සංවාදයක යෙදෙනවා. වැඩේ කියන්නේ මේ scene එක පටන් ගන්නේ, කලින් film එකේ අපි දැන් ටිකකට කලින් කතාකරපු scene එක open වෙන විදියටමයි. එකම camera angle එකෙන් පාලමට දුර ඉදන් zoom වෙලා එන shot එකක් තියෙන්නෙ.අපිට තේරුම් නොගියපු සැගවුනු අර්ථය මේකයි.

එදා ලූපින්ට උදව් කරන්න, ලිලී එයා ගාවින් හොද යෙහෙලියක් වගේ හිටිය වගේම. අද ඕන වෙලාවක හැරී වෙනුවෙන් හර්මයිනිත් ලගින් ඉන්නවා. ඒකෙත් හැටි History is repeating itself 🙌හරි! ආපහු PoA film එකට එමු.

අපිට දෙවෙනි වතාවට මේ music එක අහන්න ලැබෙන්නේ හැරී qudditch මැච් එකේදී dementors ලගෙ attack එකට අහුවෙලා කොස්සෙන් බිමට පතබෑවුනයින් පස්සේ .ඔහු මහාචාර්ය ලූපින්ගෙන් අහනව ” ඇයි භූත ආරක්ෂකයො මගේ පස්සෙන්ම එන්නෙ කියල”එතන්දි ලූපින් ඒකට හෙතුව කියල, පසුව ඔවුන් පන්නල දාන විදිහ ගැන කියල දෙන්න පොරොන්දු වෙනව. “ඔයා දුර්වල නෑ හැරී. ඔයා අනිත් අයට වඩා භයානක අත්දැකීම්වලට මුහුන දීල තියෙනව. ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙවේ”

Well, ලූපින් ඔය නොකිය කිව්වෙ,මමත් ඔය වගේම භයානක අත්දැකීම්වලට මුහුන දීල තියෙනව කියල. මෙතනින් පස්සෙ අපිට තෙවෙනි වතාවට පොඩි මොහොතකට මේ සංගීතය ඇහෙන්න ලැබෙනව. ඒ මොහොත පොඩි වුනාට. ඉතාමත් ප්‍රබල එකක්. හරියටම කිව්වොත් ප්‍රබල මතකයක් භාවිතා වෙච්ච අවස්ථාවක්. එහෙම කිව්ව ගමන් ඒ මොකද කියල ඔයාල දන්නව. හෝව් ! නෑ නෑ. මං මේ කතාකරන්නේ time travel කරල අන්තිමට patronus charm එක භාවිතා කරන එක ගැන නෙවේ. ඊට කලින් හැරී සාර්ථකව මේ charm එක Boggart කෙනෙක්ට( රූපභූතයට) විරුද්ධව භාවිතා කරපු වෙලාවෙ. හරියටම කිව්වොත් testing 2 එකේදී .Testing 1 එකනම් ඉතින් එක්ස්පෙක්ටෝ මට බැරියෝ වැටුනෝ වුනානෙ. 😉කොහොමහරි ඊට පස්සෙ හැරී වාඩිවෙල මහාචාර්ය ලූපින්ට තමන් හිතපු මතකය ගැන කියන කොටත් මේ සංගීත කන්ඩය පසුබිමෙන් වාදනය වෙනව.

Music එකේ නම වගේම මේක තනිකරම අතීතය් නැවත ආවර්ජනය කරන මතක කවුළුවක්.වැලපෙන විලෝ ගහ මතකද? 🌵Plot twist එකෙන් පස්සෙ. නැතිනම් සීරියස් ගැන ඇත්ත දැනගත්තට පස්සෙ හැරී සහ සීරියස් වැලපෙන විලෝගහ ලග ඉදගෙන හොග්වෝට්ස් Castle එක දිහා බලාගෙන කතාකරනව. ජේම්ස් සහ ලිලී, හැරීගෙ දෙමව්පියන්ගෙ හොදම යාලුවෙක් සීරියස් කියන්නේ . ඉතින් මේ මොහොතේදී පසුබිමෙන් වාදනය කරන්න හොදම සංගීතය ” A window to past” ඇරෙන්න වෙන මොකක්ද ?”මම හිතන්නේ නෑ මගේ දෙමව්පියෝ එයාලගෙ හොදම යාලුවෝ මිනීමරුවො වෙනව දකින්න කැමති වෙයි කියල” ” ඔයා දන්නවද හැරී එයාල නැතිවෙන්න කලින් මාව ඔයාගෙ භාරකාර පියා විදිහට නම් කරල තිබ්බේ”Seriously සීරියස් ! හැරීද නැත්නම ඔයාද මේ වෙලාවෙ වැඩිහිටියෙක් විදියට හිතල කටයුතු කරේ. මේ සීන් එක ආපහු බැලුවම ඔයාලටම තේරේවි හැරී නිකන් එයාගෙ තාත්ත ජේම්ස් වගේ මෙතන කතාකරේ කියල. ඇත්තටම කිව්වොත් මෙතන gown up කෙනෙක් විදියට හිටියේ හැරී තමයි.

ඊට පස්සේ අපිට මේ music එක ඇහෙන්න කොහෙදිද. ඒත් ඉතින් වෙනකොහෙවත් නෙවේ. Film එකේ climax එකේදී තමයි.හැරී තමන්වම සහ වැටිල හිටපු සීරියස් ව බේරගන්න සීරියස්ලි හිතල ඉස්සරහට ගිහින් මැජික් යෂ්ටිය අරන් patronus charm එක කරනව.එතන්දිත් අපිට මේ සංගීතය පසුබිමෙන් අහන්න පුළුවන්.හැබැයි මේ මොහොත සහ අපි කලින් කතාකරපු testing 2 patronus charm එකේදී මේ music එක ඇහෙන්නේ patronus charm එකට අනන්‍ය වෙච්ච Harmonic voices එක්ක mix වෙලා. මෙතනදී “Past Theme” එක mix වෙලා නිර්මාණය කරපු music එකේ නම තමයි “Patronus Theme”ඒකත් අහන්නකෝ.

මං හිතන්නෙ මේ වෙද්දී “A window to past” theme එක play වෙලා ඉවර ඇති👉https://youtu.be/OY2aAOrgfWo

හරි අන්තිමටම කලින් තව වැදගත් මොහොතක අපිට “past theme” එක අහන්න පුළුවන් .

ඒ හැරී සහ හර්මයිනි සීරියස්ව හිරකූඩුවෙන් බේරගෙන අවසානයේ සීරියස් හැරීට සමුදෙන වෙලාවෙ. හිතල බලන්න සීරියස් මොකක් කියන කොටද music එක play වෙන්නෙ කියල. සීරියස් : ඔයත් ඔයාගෙ තාත්ත වගේමයි හැරී. හැබැයි ඔයාගෙ ඇස්හැරී: මට තියෙන්න මගේ අම්මගෙ ඇස් දෙක.එතනින් පස්සෙ සීරියස් බක්බීක් උඩ නැගල සමුඅරන් පියාඹල යනකන්ම මේ theme එක play වෙනව. එතනදි past theme එක mix වෙලා අපිට ඇහෙන music එකෙ නම තමයි “Finale”

මේ වෙද්දී පැහැදිලිවම ඔයාලත් තේරුම් අරන් ඇති film එක පුරාවටම මේ theme එක භාවිතා කරල තියෙන්නේ හැරී, ලූපින් , සීරියස් සහ හැරීගේ දෙමව්පියන්ගේ සියුම් මතකයන් සංගීතය යොදාගෙන ඉස්මතු කරන්න කියල. මේ music එක ඇහෙන හැම වෙලාවකම ඒ මතකයන් ගැන කතාවෙනව.

ඇත්තටම කිව්වොත් හැරීට අවසානයේ ඔහු ඇත්තටම කවුද, ඔහුගේ මායබලයේ හරය නිර්මාණය වෙලා තියෙන්නෙ කෙතරම් ශක්තිමත් බැදීම්වලින්ද කියන එක තේරුම් ගන්න පටන් ගන්නෙ මේ තෙවෙනි කතාවෙදී.

ඉවර නෑ! හැබැයි කියන්න දෙයකුත් නෑ. film එක ඉවර වෙලා Marauders Map එක පුරාවර end credits යද්දීත් එක වෙලාවකට මේ theme එක play වෙනව. එතනදි past theme එකත් එකතුකරගෙන play වෙන music එකේ නම සහ මේ පෝස්ට් එකේ අන්තිමට මට කියන්න තියෙන දේත් දෙකම එකයි.

නැවත හමුවෙනකන්

Mischief Managed

This Post Has 3 Comments

  1. Dushan Madushanka

    ❤️❤️❤️

  2. Gimal Weerasinghe

    ❤❤❤🔥🔥😍💖💖

  3. ඒ කියන්නෙ අපි තේරුම් ගත්තෙ නැතුවට හැරී, හර්මයිනි දෙන්නා සෙට්වෙන්නෙ නෑ කියලා ටීසර් එක දීල තියෙන්නෙ PoA එකේදි😅

Leave a Reply