You are currently viewing මායාලෝකයේ ගිණි කිරිල්ලියන් දෙදෙනෙක් 🔥

මායාලෝකයේ ගිණි කිරිල්ලියන් දෙදෙනෙක් 🔥

අපි කතාවට කියනවානේ කාන්තාවන්ට හැට හතර මායම් තියෙනවා කියල. 😇ඒ මායම් කෙසේ වෙනත් අද කතාකරන්නේ නම් Wizarding World එකට Fantastic Beasts කතා මාලාව හරහා හදුන්වා දුන් මායාකාරියන් දෙදෙනෙක් ගැන. ඒ තමයි Goldstein සහෝදරියන්👩🏻👩🙌

අපිට කලින් Harry_potter කතාමාලාවේ වැඩිපුරම දකින්න පුළුවන් වුනේ හර්මයිනි , ජිනී වගේ British Witches ලව. 👱‍♀️ හැබැයි මේ ඉන්නේ ඇමරිකානු මායාකාරියන් දෙදෙනෙක්. මේ දෙදෙනාගෙන වැඩිමල් සහෝදරිය තමයි Tina. කොට කරපු කළු කොණ්ඩයක් තියෙන්නේ මෙයාට. 👩🏻 ටීන කියල කිව්වට සම්පුර්ණ නම තමයි Porpentina Esther Goldstein. අනිත් blonde hair එකක් තියෙන බාල සහෝදරියගේ සම්පුර්ණ නම ඇවිල්ලා Queenie Goldstein. 👩💋

හ්ම්! ලස්සනයි😍 හැබැයි හර්මයිනි තරම් නම් නෑ! 😏😉

මේ දෙදෙනාගේ දෙමව්පියන් ඔවුන් තරුණ අවදියට එන කාලේදීම Dragon Pox වැළදිලා මිය ගිහින් තියෙනවා. Dragon Pox කියන්නේ Muggles ලට එහෙම නැතිනම් ඇමරිකාවේ කියනවා වගේ No-Maj ලට chicken pox රෝගය වගේ මායාකරුවන්ට හැදෙන රෝගයක්. ඉතින් දෙමව්පියන් මියගියන් පස්සේ මොවුන් එකිනෙකාට උදව්කරගනින් තනියම උස්මහත් වෙනවා. ✊

මොවුන් දෙදෙනාම මායා ආධ්‍යාපනය ලැබුවේ ඇමරිකානු මායා පාසලක් වන Ilvermorny School of Witchcraft and Wizardry 🙌වලින්. එතැනදී ටීන තේරුනේ Thunderbird නිවාසයට. Thunderbird කියන්නේ මායා සත්වයෙක්. ඒ නිවාසයේ Logo එකේ ඉන්නෙත් Thunderbird කෙනෙක්.

පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් Newt ඇමරිකාවට එන්න ප්‍රදාන හේතුව වෙන්නෙත් Thunderbird කෙනෙක්ම තමයි. මතකද ඔහුගේ සුට් කෙස් එක ඇතුලේ හිටපු විශාල රත්‍රන් පාට රාජ අලියෙක් වගේ සත්වයා. 🦅 ඒ වගේම අවසානයේ නිව්ට් සුට් කෙස් එකෙන් එලියට අරන් නිදහස් කරන්නේ. ඒ තමයි Thunderbird. 🔥

Queenie තේරුනේ නම් Pukwudgie නිවාසයට.කොහොමහරි! ටීන Ilvermorny පාසලෙන් graduate වුනායින් පසුව Magical Congress of the United States of America🦅 නැතිනම් MACUSA එකේ Auror කෙනෙක් විදිහට රාජකාරි කරන්න පටන් ගන්නවා. ඒ අතරතුරේ තමයි ඇයට New Salem Philanthropic Society එක ගැන දැනගන්න ලැබෙන්නේ. ඒ මොකද්ද කියල කිව්වොත්, අර නිව්ට් බැංකුව ඇතුලට යන්න කලින් එලියේ ගැහැණු කෙනෙක් රැස්වීමක් පවත්වන්නේ. අන්න ඒ සමාජය. අපිට ටීනවත් මුලින්ම දකින්න ලැබෙන්නේ මේ රැස්වීම හොරෙන් අහන ඉදිද්දී තමයි. Mary Lou Barebone තමයි ඒ රැස්වීම කරන්නේ එයා තමයි ඔය Society එකේ ලීඩර්! ඔවුන්ට අවශ්‍ය වුනේ මායකරුවන්ව ලෝකය ඉදිරියට ගෙනල්ල wizardkind එක විනාශ කරන්න. ඔවුන්ගේ logo එකේ තියෙන්නෙත් මායා යෂ්ටියක් දෙකට කඩල ගිනි තියන පින්තුරයක්. 🔥හරියට අර ඉස්සර මායාකාරියෝ කණුවකට ගැටගහල පන පිටින් ගිනි තියනව වගේ තමයි! අපිට කතාවේ හමුවෙන Obscurial ◾️එක වෙන Credence කියන කොලුගැටයත් මැයගේ නිවාසයේ තමයි ජිවත් වුනේ! Mary Barebone නිතරම වගේ Credenceට බෙල්ට් පටියෙන් දඩුවම් කරා. ඉන් එක් අවස්ථාවකදී ටීන ඉදරිපත් වෙලා මැජික් භාවිතා කරලා Credenceව බේරාගෙන තිබෙනවා. මොකද ටීන කියන්නේ හිංසාකාරී දේවල්වලට අකමැති හරි දේ වෙනුවෙන් නැගීසිටින චරිතයක්!. කොහොමත් ඇය හොද හදවත් තියෙන ධෛර්යයවන්ත මායකාරියක් කියල අපිට කතාව පුරාවටම දකින්න පුළුවන්! 💪 නිව්ට් වගේමයි නැද්ද?🤫

ඒ මොනවා වුනත් මෙම සිදුවීම නීති උල්ලගණය කිරීමක් නිසා ටීනට MACUSA එකේ Auror තනතුර නැතිවෙනවා. 😬ඒ වෙනුවට ඇයව ඊට පහලින් තියෙන Federal Wand Permit Officer කෙනෙක් විදිහට පහල තතුරකට දානවා . ඒ වෙද්දී Queenie වැඩ කලෙත් Wand Permit Office එකේම තමයි. කොහොමවුනත් ටීන කැමත්තෙන් නෙවේ Wand Permit Office එකේ වැඩකලේ. ඒ හින්දම තමයි ඇය හොරෙන්ම Auror කෙනෙක් වගේ New Salem Philanthropic Society එක ගැන ඇහැගහගෙන හිටියේ. 👀

ඔන්න ඔය අතරේදී තමයි එයාට අහම්බෙන් වගේ අපේ සුට් කේස් කාරයා වුනු 💼Newt Scamander ව හමුවෙන්නේ! එතනින් එහා වෙන අකරතැබ්බ ටික ඔයාල දන්නවනේ!😁

හරි එහෙනම් ටීන ගැන කතාකලා ඇති . අපි පොඩ්ඩක් ලස්සනට 🔥ගිනි කිරිල්ලී වගේ ඉන්න අනිත් සහෝදරිය, Queenie Goldstein ගැනත් විස්තර ටිකක් බලමු. 💋

ඇත්තටම මැයගේ ලස්සන සහ ආකර්ශනීය බාවය නිසා මායා ලෝකයේ “bombshell” 😘එකක් විදිහට තමයි අනිත් අය හැදින්වුයේ. MACUSA එකෙත් ගොඩක් අයගේ ඇහැ තිබුනේ මෙයාගේ පැත්තට. ඒ ගැන ඉතින් කුමන කතාද !😛Queenie Goldstein ගොඩක් විශේෂ වෙන්නේ ඇයට උපතෙන්ම ලැබුණු විශේෂ හැකියාවක් නිසා. මායාලෝකයේ කියන විදිහට ඇය ඇත්තටම ඉතාමත් දක්ෂ Legilimens කෙනෙක්. ඒ කියන්නේ මැයට Legilimency නැතිනම් අනිත් අයගේ හිත් කියවන්න පුළුවන්. 😎😲

ඇත්තමට Legilimency කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්! හොදින් Legilimency ප්‍රගුණ කල කෙන්ක්ට පුළුවන් අවශ්‍යනම් කෙනෙකුගේ මතකය හාරාවුස්සල තමන්ට අවශ්‍ය විස්තරත් දැනගන්න. 🤭 ඔයාලට මතක ඇති Queenie නිව්ට්ගේ සුට් කෙස් එක ඇතුලේ ඉදිද්දී Leta Lestrange සහ නිව්ට් අතර තිබුණු සම්බන්දය ගැන දැනගන්නවා. ඒ විතරක් නෙවේ Queenieට අනිත් අයගේ සිත් කියවද්දී ඒ පුද්ගලයට දැනෙන හැගීමම දැනෙනවා. 😳කතාවේ ඉන්න No-Maj බේකරි කාරයා නැත්නම් ජෙකොබ්ව මුලින්ම දැක්කම ඔහු මහන්සියෙන් ඉන්නේ කියල Queenieට දැනුනෙත් ඒ නිසා. එතනින් එහාට මැයගේ Legilimency හැකියාව කෙතරම් ප්‍රබලද කිව්වොත් තම ලගම ඥාතිකුට කරදරයක් වෙනවනම් එයත් දුර ඉදලම දැනෙනෙවා. 👌පොඩ්ඩක් මතක් කරලා බලන්න Fantastic Beasts චිත්‍රපටයේ percival graves විදිහට ඉදපු Grindelwald තම සහෝදරිය වුනු ටීනට මරණ දඩුවම ලබා දුන්නම ඒ වෙලේ Queenie අතේ තිබුණු තේ භාජන ටික බිම වැටෙනවා. ඒ ඇයට තම සහෝදරියට ලොකු කරදරයක් වෙන්න යන බව දැනුනු නිසා. 👐Legilimency කියන්නේ ප්‍රගුණ කරන්න අසීරු දෙයක්. නමුත් Queenieට කිසිදු පුහුණුවකින් තොරව කලින් කිව්වා වගේ උපතින්ම ඒ හැකියාව ලැබිලා තියෙනවා.කොහොමද ඒක 😉? අපේ කෙල්ලොන්ට ඔය වැඩේ කරන්න පුලුවන්නම්! නෑ එක්කෝ ඕනේ නෑ. ඒ ගැන කතා නොකර ඉමු!😅

Anyway ටීන ගාව පොත් දෙකක් තියෙනවා මේ Legilimensලත් එක්ක ගණුදෙනු කරන්න ඕන විදිහ ගැන. 📚ඒ පොත් තමයි Living With Legilimens: Choose Your Mind Wisely සහ Protection Charm Your Mind: A Practical Guide to Counter Legilimensy. 📘ඔයාලට Fantastic Beasts movie එකේ Goldstein සහෝදරියන්ගේ apartment එකේ සීන් ටික හොදින් නිරීක්ෂණය කලොත් මේ පොත් දෙකත් තියෙනවා හොයාගන්න පුළුවන් වෙයි! අපි බලමු කාටද මේ පොත් තියෙන තැන හොයාගෙන පල්ලෙහා comment කරන්න පුළුවන් කියල. 🔎📝

ඇත්තටම මේ Legilimency කියන එක අපිට අලුත් දෙයක්නම් නෙවයි හැරී පෝටර් කතාවෙත් අපි හොදින් දන්නා චරිත කිහිපයක් ඉන්නවා මේ දක්ෂතාවය තියෙන. එක්කෙනක් තමයි Professor Severus Snape.😎

ඔයාලට මතක ඇති Snape ඩම්බල්ඩෝගේ කීමට හැරීගේ මනසට ඇතුළු වෙලා ඔහුව පුහුණු කරන්න හදනවා, ඒ වැඩේ නවත්තන්න. 🛑. ඒ වොල්ඩමෝට් හැරීගේ මනසට ඇතුළුවෙන්න දරන උත්සාහයන් වලක්වන්න.

ඔව්! වොල්ඩමෝට් කියන්නෙත් එතකොට Legilimency හොදින් ප්‍රගුණ කල කෙනක්. ඒ විතරක් නෙවේ Professor Dumbledore ටත් ඒ හැකියාව තිබුණා. 🧙‍♂️ හැබැයි මේ කටිටිය Queenie වගේ born Legilimens ලා නෙවේ.

හරි ! මම දැන් මේ කතා එක්ක ලොකු point එකක් මතු කරන්න කැමතියි !🙌💡

ඔයාල දන්නවා Fantastic Beasts And Where To Find Them කතාවේ percival graves විදිහට ඇත්තටම හිටියේ Gellert Grindelwald කියල. එතකොට මුළු කතාව පුරාවටම Queenie ට ඇයි බැරිවුනේ තමන්ට තියෙන හැකියාවත් එක්ක ඒ ගැන කලින් දැනගන්න. 🤔

කලින් මම Grindelwald ගැන ලියපු ලිපියේ ඔහුගේ එක් විශේෂ හැකියාවක් ගැන ඉදිරි ලිපියක කියන්නම් කිව්වනේ. ඔන්න ඒ හැකියාව තමයි මෙතැනදී හේතු වුනේ.😉 මේ හැකියාවට අපි කියන්නේ Occlumency කියල. ඒ තමයි Legilimency එකේ අනික් පැත්ත. Legilimens ලට අහුවෙන්නේ නැති විදිහට ඔවුන්ට විනිවිද යන්න බැරි විදිහට තම මනස සහ සිතුවිලි සකසා ගැනීමේ හැකියාව තමයි මේ. 😳Grindelwald කියන්නේ Occlumency හැකියාව තිබුණු, හිටපු හොදම මායකාරයෙක්. ඒකයි Queenie ට ඔහු ගැන සත්‍ය දැනගන්න බැරි වුනේ!

Harry Potter කතාවෙත් Snape වගේම හර්මයිනිත් ට්‍රයි කලේ හැරීට Occlumency හැකියාව වැඩි දියුණු කරගන්න බල කරන්න. එත් ඒ කාලේ ඉදපු දක්ෂතම Legilimen වොල්ඩමෝට් කිව්වොත් එක්තරා විදිහකට හරි. හැබැයි ඔහුට බැරිවෙනවා ඒ හැකියාව බාවිතා කරල Elder Wand එක තියෙන තැන Grindelwaldගෙන් දැනගන්න. මොකද වොල්ඩමෝට් Legilimency වලට දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි Grindelwald කියන්නේ ඊට නොදවෙනි Occlumency හැකියාව වැඩි දියුණු කරපු පොරක්! 😎 Tina සහ Queenie ගැන ඉස්සරහට වෙන්න තියෙන දේවල් මම මේ ලිපියේ Spoil නොකර ඉන්නම්. ඒ ටික අපිට ඉස්සරහට එන Fantastic Beasts චිත්‍රපටවලින්ම දැනගන්න පුළුවන් කම ලැබේවි!🔜

Goldstein සහෝදරියන් ගැන ලිපිය ඉවර කරන කලින් එක දෙයක් මතක් කරන්නම්! මේ දෙදෙනාගේ චරිත වලින් මම දකින හොදම ගතිගුණය තමයි කෙතරම් කරදර ආවත් මොවුන් එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කලා. ඒ වගේම අවශ්‍ය තැන හරිදේ වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වෙන්නත් ඔවුන් පසුබට වුණේ නෑ. 😍👊 ඔයාලට මතක ඇතිනේ Tina අන්තිමට Grindelwald එක්කත් සටන් කලා, නිව්ට්ට Credence පස්සේ යන්න කියල. ඉතින් අපි අර පිටින් දකින චරිතවල ඇතුලාන්තය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් කියන එකට මේ චරිත දෙක විතරක් නෙවේ මුළු Fantastic Beasts කතාව පුරාවටම ඉන්න චරිත ගැන බැලුවොත් ඔබට හොදින් තේරුම් ගන්න පුළුවන් වේවි ! ☝️🙂

එහෙනම් මේ ලිපියත් එක්ක මම Fantastic Beasts කතාමාලාවේ චරිත ගැන ලිවීමට පොඩි තිතත් තියනවා ! 🖋▪️ඒ මීලග ලිපියෙන් ඔබව වෙනම රසාස්වාදයකට රැගෙන යන පොරොන්දුවෙන් ! 👌

කලින් ලිපි ටිකත් අනිවාර්යෙන් කියන්න. යාළුවන්ටත් කියවන්න share කරන්න. ඒ වගේම අපේ Hype Zone page එකට like කරලා දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්නත් අමතක් කරන්න එපා !

It is our choices…that show what we truly are, far more than our abilities.“-J. K. Rowling-

This Post Has One Comment

  1. Sahan Sulakkhana Subasinghe

    පට්ට ස්තුතියි ලිපියට, ඊලඟ කොටසකුත් ගේන්න මේක ගැන. අලුත් වෙබ් අඩවියට සුබ පැතුම් ඉතින්.

Leave a Reply