You are currently viewing Sons of Anarchy Review

Sons of Anarchy Review

මම අද කතා කරන්න යන්නෙ TV Series එකක් ගැන… නිකම්ම series එකක් නෙමෙයි මම මේ වෙනකම් බලලා තියන හොදම TV Series එක ගැන. ඒ නිසා ඔයත් TV Series පිස්සෙක් නම් මේ Article එක අනිවාර්යයෙන්ම කියවන්න කියලා ඔයාලට මම ඔයාලට ආරාධනා කරනවා. 🙂❤️

ඉතින් මේ Series එකේ නම තමයි Sons of Anarchy. මේක 2008 ඉදන් 2014 වෙනකම් FX network එක ඔස්සෙ Season 07ක් පුරාවට විකාශනය උන කතාවක්. SOA අයිති වෙන්නෙත් The Sopranos, The Wire, Breaking Bad වගේ ලෙජන්ඩරි සීරීස් අයත් වෙන Crime/Drama genre එකට.

මේ වෙනකොට IMDb එකේ 8.6ක ratting එකක් වගේම Rotten 🍅 එකේ 87%ක ratting එකක් SOA series එකට තියනවා. ඒ වගේම මේක violence scene සහ sex scenes නිසාම R rated series එකක්. Episode එකක් දිහා බැලුවොත් පැයකට ආසන්න වෙලාවක විතරක් තියන එපි 92ක් තියනවා.

Sons of Anarchy සීරීස් එක කතාව සහ Script එක දෙකම නිර්මාණය කරන්නෙ Kurt Sutter විසින් ඔයාල article එක දිගටම කියවගෙන යනවනම් මේ නම දැකලා ඉස්සරහටත් හම්බවෙයි. මොකද Kurt Sutter cast එක ඇතුලෙත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි Kurtගෙ ඇත්ත ජීවිතේ wife තමයි Katey Sagal කියන්නෙ එයාම තමයි සීරීස් එකේ lead female role එක කරන්නෙ. Series එකේ විශේෂම episode ටිකක් Kurt විසින්ම direct කරලත් තියනවා. කොටින්ම කියනවා Sons of Anarchy කියන විශිෂ්ට නිර්මාණය Kurt Sutterගෙම දරුවෙක් වගේ. 🖤

Kurt කියන විදිහට මේ Sons of Anarchy කියන Motorcycle Club එකට ප්‍රධානම inspiration එක උනේ Hells Angels කියන ලෝක ප්‍රසිද්ධ club එක. Kurt සීරීස් එක පටන් ගන්න කලින් එයාලව ගොඩක් හොදට අධ්‍යනය කරලා තියනවා. Hells Angelsලත් series එකට ලොකුවටම support කරලා තියනවා.

SOA series එක ගැන කතා කරනකොට මගහැරින්නම බැරි දෙයක් තමයි මේ series එකේ cast එක. Literally perfectම cast එකක් මේ series එකට ඉන්නවා. මේ අය ඒ අතරින් සුවිශේෂයි. ❤️
🔸Charlie Hunnam as Jax Teller
🔸Katey Sagal as Gemma Teller Morrow
🔸Kim Coates as Tig Trager
🔸Theo Rossi as Juice Ortiz
🔸Kurt Sutter as Otto Delaney
🔸Maggie Siff as Tara Knowles
🔸Tommy Flanagan as Chibs Telford
🔸Mark Boone Junior as Bobby Munson
🔸Dayton Callie as Wayne Unser
🔸Ryan Hurst as Opie Winston
🔸Ron Perlman as Clay Morrow
🔸Drea de Matteo as Wendy Case

SOA එකට මේ වෙද්දි Mayans M.C. කියලා Spin-off එකකුත් නිර්මාණය වෙලා තියනවා. ඒකත් ඇත්තටම ගොඩක් හොද series එකක්. Sons of Anarchy වල බලාගන්න පුලුවන් වෙන තවත් motorcycle club එකක් වෙන Mayansලා තමයි මේ series එකේ plot point එක.

දැන් ඉතින් series එක වටපිටාව ගැන විස්තර ටිකක් දැනගත්තනෙ. දැන් අපි කතාව පැත්තට හැරෙමු.

මොකක්ද මේ ‘Sons of Anarchy’ කියලා කියන්නෙ… Sons of Anarchy කියන්නෙ මෝටර්සයිකල් ක්ලබ් එකක්. එතකොට අපේ කතාවෙ Protagonist එහෙමත් නැත්තං කතාවෙ ප්‍රධාන චරිතය තමයි Jackson Teller කෙටියෙන් කියනවා නම් Jax Teller කියන්නෙ. Jax තමයි මේ Club එකෙ Vice President. පලවෙනි episode එකේදි Jaxට එයාගෙ ගෙදර තිබිලා පරණ බඩු පෙට්ටි ටිකක් හම්බෙනවා. එකේ තිබිලා Jaxගෙ මැරුන තාත්තා වෙන Jhon Tellerගෙ journal එකක් හම්බෙනවා. එකේ තියෙන්නෙ Club එක කරන වැඩ වලට Jhonගෙ අකමැත්ත. ඒ කියන්නෙ Gun running ගැන මොකද Sons ලගෙ club එකේ ප්‍රධාන ආදායම් මාර්ගෙ තමයි Gun running. මේ වෙද්දි Club එකේ President උන Clay තමයි මේ business එක පටන් ගන්නෙ. members උනත් මේකට අකමැත්තක් නැහැ මොකද gun business එකෙන් ලැබෙන ආදායම club එකට ගොඩක් හොදයි. ඉතින් තමන්ගෙ club එක යන වැරදි මාර්ගෙන් අයින් කරලා ආපහු හරි පාරට ගන්න ඕනි කියන අදහස Jaxගෙ ඔළුවට එනවා. අහ්හ් මට කලින් කියන්න බැරි උනා මේ වෙලාවෙ club එකේ president Clay කියන්නෙ jaxගෙ සුළු පියා. ඒ නිසා එතන පොඩි ප්‍රශ්නනෙකුත් තියනවා. 🙃 ඉතින් Jax පුලුවන් වෙයිද එයාගෙ club එක ආපහු හරි පාරට ගන්න…? ඒ දැන ගන්න නම් ඔයාට series එක බලන්නම වෙනවා. 🙂

මේක තමයි සරලවම series එකේ plot එක වෙන්නෙ. මීට වඩා ඉස්සරහට විස්තර කරන්න ගියොත් ඔයාලට කතාව spoile වෙන නිසා මම මෙතනින් නතර වෙනවා.

මේක කියෙව්වහම Jax Teller කියන්නෙ කතාවෙ වීරයා කියලා හිතුනද… නෑ නෑ මේ කතාවෙ එහෙම වීරයෙක් නෑ. ඉස්සරහට series එක බලාගෙන ගියොත් ඒක ඔයාට තේරෙයි.

Sons of Anarchy කියන්නෙ කොහොමත් පළවෙනි episode එකෙන්ම පට්ටම ආසාවෙන් බලන්න හිතෙන කතාවක් නෙමෙයි episode දෙක තුනක් බලද්දි තමයි story එක ගානට පදම් වෙලා බලන කෙනාට සෙට් වෙන්නෙ. සෙට් උනාට පස්සෙ ඉතින් ඇබ්බැහි උනා වගේ තමයි you just want more… පලවෙනි සීසන් එකේදි දෙන ending එකත් එක්ක ඔයා මුළු series එකටම පිස්සු වැටෙනවා. ඒක ඉතින් ඉර හද වගේ විශ්වාසයි. 😏

ඇයි මම දැනට බලලා තියන හොදම series එක ‘Sons of Anarchy’ කියලා කියන්නෙ…

🔸කතාවෙ තියන uniqueness එක, වෙන කිසිම series එකක හෝ ෆිල්ම් එකක දැකලා නැති unique storyයක් තමයි SOA වල තියෙන්නෙ. ඒක නිසා ඒ වටා පරිසරය, ඉන්න චරිතය වල ලක්ෂණ අළුතෙන්ම experience කරන්න පුලුවන්.

🔸Kurt Sutterගෙ writing නම් literallyම perfect කියලා කියන්න පුලුවන්. කලින් කිව්ව unique story එකට ගැනපෙන විදිහට character ටිකක් එයාලගෙ ජීවිත වල ගැලපෙනම තැනකට place කරලා කතාව පටන්අරගෙන තියන විදිහ මරු. Main story එකත් එක්ක සම්බන්ධ වෙමින් හැම චරිතෙකටම වගේ එයාගෙ චරිත ලක්ෂණ වලට අදාල වෙන විදිහට complex side story එකක් දීලා තියනවා. ඒ වගේම හැම season final එකකටම ඕනි ඒ අවශ්‍ය weight එක ඒ විදිහට දීලා ඉස්සරහට හොද වෙන දේවල් ගැන හොද cliffhanger එකක් තියලා ඉවරකරලා තියනවා. ඒ නිසා story එකේ continuity එක ලස්සනට ගලාහෙන යනවා. Season final 07ම Top Notched. අහ්හ් මම කලින් කිව්වනෙ Jaxගෙ තාත්තා Jhon Teller series එක පටන්ගන්නකොටම මැරිලා කියලා. Season 07 පුරාවට Jhonගෙ ජීවිතය ගැන හොද idea එකක් series එක බලන අයට ලබාදෙනවා. හැබැයි මේකෙ විශේෂත්වය වෙන්නෙ මේවා කිසිම දෙයක් අපි දැනගන්නෙ series එකේදි visually පෙන්නලා නෙමෙයි. මේ ඔක්කොම දැන ගන්නෙ මම අර කලින් කිව්ව jhonගෙ පරණ journal එකෙන් සහ character අතර සිද්දවෙන දෙබස් වලින්. Jhonගෙ character එකේ තිබ්බ සංකීර්ණ කතාවත් එක්ක මේ විදිහට ඒ පෙන්නපු එක නම් මට මාර විදිහට කලින් කිව්වා වගේ Kurt Sutter කියන්නෙ නම් pure talented storyteller කෙනෙක්.

🔸Perfect Writing එක්කම එන තවත් fact එකක් තමයි Character Buildup එක, Season 01 ඉදන් Season 07 වෙනකම් ආව ගමනෙදි හැම චරිතයකම වගේ මුලින් අපිට හම්බෙනකොට හිටියට වඩා පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන්. ඒ වෙනස එක පැත්තකට විතරක් නෙමෙයි දෙපැත්ත තියනවා. ඒ කියන්නෙ series එක පටන් ගන්නකොට චරිතයක් හිටිය තැනට වඩා හොද තැනකින් ඉවර වෙන්න අවස්තා සහ නරක තැනකින් ඉවර වෙන්න අවස්තා තියනව. ඒක ගොඩක් හොදට series එකෙන් පෙන්නලා තියනවා. විශේෂයෙන් Jackson, Tara, Tig වගේ චරිත build වෙන විදිහ ගොඩක් හොදයි. මම බලලා තියනවා film series වලින් හොදම character buildup එකක් තියෙන්නෙත් Taraගෙ චරිතයට.

🔸Series එකේ ඉන්න චරිත අතර තියන Relationships එහෙමත් ගොඩක් හොදයි. Jaxගෙයි Opeහෙයි Friendship එක Jaxගෙයි Taraගෙයි romance relationship එක. Club members අතර තියන Brotherhood එක එහෙම top notched. Actorsලා අතර එකත් ඒකට chemistry එකත් එකට ගොඩක් බලපෑවා.

🔸සාමාන්‍යයෙන් හොද series එකක තියන BGM, Cinematography, හොද Theme song එකක් වගේ දෙවල් උනත් ගොඩක් හොදයිට තිබ්බා. Acting එහෙමත් top notched.

🔸කතාවෙ Protagonist වෙන Jax Teller විදිහට Charlie Hunnam කරපු jop එක ගැන නම් කියන්න වචන නැහැ. Kurt විසින් jaxගෙ character එක ලියපු විදිහයි Charlie ඒක නිරූපණය කරපු විදිහයි නම් next level. Show එක ඉවර උනාට පස්සෙ Charlie Hunnam සති දෙක තුනක් shooting කරපු set වලට තනියම ගිහිල්ලා තියනවා Jax Teller කියන character එකට හරි විදිහට සමුදෙන්න. කලින් කිව්ව විදිහට Kurtගෙ පෑනයි Charlieගෙයි මුහුණයි එකට එකතු වෙලා හැදුන Jackson Teller කියන්නෙ මම හිතන විදිහට නම් Television ඉතිහාසයේ නිර්මාණය වුන හොදම Protagonist.

🔸Series එක ගොඩක් හොදට පටන් ගන්නවා කියන්නෙ ඒක ගොඩක් හොදට ඉවර කරනවා එක කරන්න බැරි වැඩක් වෙනවා. ඒකට ඉතිහාසයේ නිර්මාණය උන series වල ඇති තරම් සාක්ෂි හොයාගන්න පුලුවන්. විශේෂයෙන් season කිහිපයක් ඉස්සරහට ඇදෙන series. ඒත්… Sons of Anarchy කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මොකක්ද SOA හත් වෙනි සීසන් එකේ 13 වෙනි එපිසෝඩ් එකෙන් කතාව ඉවර කරනකොට ඔයාගෙ ඇස් වල කදුලුයි මුනේ පොඩි සතුටකුයි විතරයි ඉතුරු වෙන්නෙ. Series එක බලපු නැති අය ඒ කියපු එක එච්චරටම තේරෙන එකක් නැහැ ඒ නිසා මම මෙහෙම කියන්නම් කලින් point එකෙදි jax ගැන කිව්වා දේම තමයි SOA ending එක ගැනත් කියන්න තියෙන්නෙ. මම හිතන විදිහට නම් Television ඉතිහාසයේම series එකකට ලැබෙන්න පුලුවන් හොදයි ending එක තමයි Sons of Anarchy එකට හම්බුනේ. Series එකේ ending scene එක නම්… 🥺
Literally it so fucking perfect. ❤️

ඔන්න ඔය හේතු නිසාම තමයි Sons of Anarchy මම මෙච්චර කාලෙකට බලපු හොදම TV Series එක වෙන්නෙ. 🙂❤️

Sons of Anarchy කියන්නෙ හැමෝටම සෙට් වෙන series එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මම හිතන්නෙ නැහැ කිසියම TV Series එකක් හැමෝටම ගැලපෙන විදිහට ඇති කියලා. මොකද එක එක්කෙනාගෙ රසවිඳින්දය වෙනස්නෙ. ඒක Breaking Bad ද Game of Thrones ද එහෙමත් නැත්තං Ms Marvel ද කියලා වැඩක් නැහැ හැම series එකකටම අදාලයි.

පිටේ reaper කෙනෙක්ගෙ design එකක් අත් නැති කළු පාට ජැකට් එකක් ඇදගෙන Harly බයික් එකක නැගලා කටේ සිගරට් එකකුත් ගහගෙන කඩවසම් තරුණ මනුස්සයෙක් එයාගෙ ජීවිතයේ balance එක හොයාගෙන යන ගමනක් ගැන තමයි මේ කතාවෙ එකේ තියෙන්නෙ. කියද්දි නම් එච්චර interesting නෑ වගේ තමයි but trust me it is…. Personally මට SOA කියන්නෙ Masterpiece එකක් ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා Sons of Anarchy බලන්න කියලා…🖤

ඔයාල SOA බලලා තියනවා නම් series එක ගැන ඔයාලගෙ අදහස් මොනාද කියලා comment කරන්නත් අමතක කරන්න එපා. 🙂✌️

Series එකේදී Jax කියන පොඩි quote එකකින් මම මේ ලිපිය ඉවර කරන්නම්.

There’s an old saying, ‘𝑻𝒉𝒂𝒕 𝒘𝒉𝒊𝒄𝒉 𝒅𝒐𝒆𝒔𝒏’𝒕 𝒌𝒊𝒍𝒍 𝒚𝒐𝒖, 𝒎𝒂𝒌𝒆𝒔 𝒚𝒐𝒖 𝒔𝒕𝒓𝒐𝒏𝒈𝒆𝒓’ I don’t believe that.

“I think the things that try to kill you make you angry and sad. Strength comes from the good things — your family, your friends, the satisfaction of hard work. Those are the things that’ll keep you whole. Those are the things to hold on to when you’re broken.”

එහෙනම් ආයෙත් දවසක තවත් article එකකින් හමුවෙමු. 🙂❤️

Stay Safe…Stay Hype…

– 𝙋𝙖𝙨𝙞𝙣𝙙𝙪 𝙍𝙖𝙣𝙨𝙞𝙡𝙪 (𝙅𝙖𝙭 𝙏𝙚𝙡𝙡𝙚𝙧)
btw nickname එකට හේතුවත් මේ series එකම තමයි. 😅

Leave a Reply