Daniel Craig බ්‍රිතාන්‍ය හමුදාවෙ අණ දෙන නිලධාරී තනතුරකින් පිදුම් ලබයි

The name’s Bond,James Bond

ඒක පොඩ්ඩක් update කරමුද🙂🔥
The name’s Craig, Commander Craig

That’s perfect ❤️🔥
Daniel Craig බ්‍රිතාන්‍ය හමුදාවෙ අණ දෙන නිලධාරී තනතුරකින් පිදුම් ලබයි❤️

පසුගිය 23 වෙනි බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් James Bond නළු Daniel Craig ට අගය කිරීමක් වශයෙන් අණ දෙන නිලධාරී තනතුරක්(Commander in the Service) ප්‍රධානය කර තිබෙනවා❤️🔥

James Bond චරිතයෙ පවතින ආකාරයට නාවික කටයුතු සහ රාජ තාන්ත්‍රික කටයුතු ඒ ආකාරයෙන්ම නාවික හමුදා නිලධාරීන් සිදු කරන නිසාත් Daniel Craig ව අගය කිරීමක් වශයෙන් , ඔහු 007 නමින් රංගනයෙන් දායක වන අවසාන චිත්‍රපටය වන “No Time to die” චිත්‍රපටිය තිරගත වීමට පෙර මෙම ගෞරවනීය තනතුර ප්‍රධානය කිරීමට තීරණය කල බවත් තමයි බ්‍රිතාන්‍ය නාවික හමුදාව අදහස් ප්‍රකාශ කරමින් දැනුම් දී තිබෙන්නෙ..

මෙම සිද්ධියෙහි අනිත් විශේෂ කාරණය තමයි James Bond චරිතයට පණ පෙවූ නළුවෙක්ට බ්‍රිතාන්‍ය රාජකීය සේවයේ ගෞරවනීය තනතුරක් ප්‍රධානය කල පලමු අවස්ථාවත් මෙය වීමයි.. James Bond චරිතය නිරූපණය කල අනිත් නළුවන්ට ආචාර්ය පදවියන් ගෞරවයක් වශයෙන් ප්‍රධානය කර තිබුනද මේ ආකාරයට රාජකීය සේවයේ ගෞරවනීය තනතුරක් ප්‍රධානය කල පලවෙනි අවස්ථාවත් මෙයයි❤️❤️

Leave a Reply