හායි හායි යාළුවනේ ඔන්න ටික දවසකට පස්සෙ අළුත් Article එකක් අරගෙන ආවා. හැබැයි අද මම කතාකරන්නෙ Film එකක්වත් Series එකක්වත් ගැන නම් නෙමෙයි. මම කියන්න යන්නෙ පොඩි Event එකක් ගැන පොඩි කිව්වට පොඩි නම් නෑ 😂. Anyway කෙලින්ම අද කතාවට ගියොත් ඔයාල අහලා තියනවාද CinemaCon කියලා උත්සවයක් ගැන ගොඩ දෙනෙක්ගෙ ‘ඔව්’ කියලා උත්තර දෙයි. හැබැයි ඔයාල දන්නවද මොකක්ද මේ CinemaCon කියන්නෙ කියලා ඒකට උත්තරය තමයි මම අද ඔයාලට කියන්න යන්නෙ. 🙂
CinemaCon කියන්නෙ අපි වගේ සාමාන්‍ය ෆෑන්ස්ලාට යන්න පුලුවන් තැනක් නෙමෙයි. මේක තියෙන්නෙ Movie Theaters Ownersලාට ඒ කියන්නෙ ෆිල්ම් හෝල් වල අයිතිකාරයන්ට, “හෑ එහෙනම් මොන රෙද්දකටද යකෝ අපිට මේ ගැන කියන්නෙ 😬😒” හරි හරි ඉතින් අපිට මේක බලන්න යන්න බැරි වුනාට ඉස්සරහට Release වෙන්න තියන Movies වල Review, Announcement, Trailer වගේ ගොඩක් දේවල් මේකෙදි බලාගන්න පුලුවන් වෙනවා. 😎
ඉතින් මේකෙදි වෙන්නෙ theater chain (AMC, B&B theatres) වල owners සහ independent theater ownersලාව එක තැනකට එකතු කරලා එයාලගෙ Theaters වලට ඉස්සරහට එන මාස 12 පුරාවට තමන්ගෙ Studio එකෙන් එයාලට ලැබෙන්න තියන movies ගැන ඒ movies produced කරන Studio වලින් පොඩි හැදින්වීමක් කරන එක. ඒ කියන්නෙ Disney, WB, Sony, Universel,… වගේ Studios එකතු වෙලා එයාලගෙන් ඉදිරි අවුරුද්ද තුල එන්න තියන Movies ගැන Theaters Owners ලව දැනුවත් කරනවා. මේක Presentation එකක් විදිහට තමයි වෙන්නෙ. Studio ටික එයාලට වෙන වෙනම කාලය බෙදාගෙන තමන්ගෙ Studio එකේ ඉදිරි අවුරුද්ද ගැන සාමාන්‍යයෙන් පැය 2ක 3ක වගේ presentation එකක් කරනවා. ඉතින් ඔයාල කල්පනා කරනවා ඇති මේ වැඩේට සතියක්ම යනවද කියලා. CinemaCon එකේදි තියනවා මේ Presentation කරන වැඩේ විතරක් නෙමෙයි. මේකට යන අයට විවිධ Workshops, Parties, Early screen වගේ item කිහිපයක්ම තියනවා.
ඕක තමයි ඉතින් සරලවම CinemaCon Event එකේදි වෙන්නෙ…
අහ් තව දෙයක් CinemaCon එකට කලින් කිව්ව Theaters Ownersලාට අමතරව Film වලට review දෙන Criticsලා, Screen Rant Collider වගේ News site වල අය සහ තවත් Hollywood Movie Industry එක ඇතුලේ ඉන්න විශේෂ පුද්ගලයන්ට සහභාගි වෙන්න පුලුවන්. මෙයාලව තමයි එලියෙ ඉන්න ෆෑන්ස්ලා වෙන අපිට වැදගත් වෙන්නෙ මෙයාලගෙ twitte වලින් blog වගේ දේවල් වලින් තමයි අපිට CinemaCon එක ඇතුලේ විස්තර දැනගන්න පුලුවන්. එහෙමයි කියලා එයාලත් ඇතුලෙදි පෙන්න ෆිල්ම්ස් ගැන එහෙම එලියට ඇවිල්ල ලොකුවට කතා කරන්න බැහැ. සරලවම කියනවා නම් No Spoilers. කවුරු හරි මේ කියන විදිහට වැඩ කලේ නැත්තං ඒක තමයි එයාලගෙ අන්තිම CinemaCon එක. 😏 ඇතුලේ Theaters වල ෆිල්ම් එකක් පෙන්නදි උනත් බලන් ඉන්න අයට සාමාන්‍ය Theatre එකක වගේ cheer කරන්න එහෙම බැහැ. 😅
CinemaCon කියන්නෙ හැම අවුරුද්දකටම සැරයක් පවත්වන Event එක්ක. මේක එක රටක/තැනක විතරක් තියන උත්සවයක් නෙමෙයි ඕනැම රටක එයාලගෙම CinemaCon පවත්වන්න පුලුවන්. ඉතින් CinemaCon අතරින් අපිට Hollywood Movie වලට ප්‍රධානම Event එක බලාගන්න පුලුවන් වෙන්නෙ පැවැත්වෙන්නෙ ඇමරිකවෙ Las Vegas නුවරදි.
ඉතින් මේ අවුරුද්දෙ CinemaCon එක අද(25) CinemaCon 2022 නමින් Vegas නුවර Caesars Palace Hotel එකේදි දවස් 4ක් පුරාවට පැවැත්වෙනවා.
හරි එහෙනම් දැන් තමා ලිපියෙ Interesting හරිය පටන්ගන්නෙ. හැමෝටම ඉතින් CinemaCon කියන්නෙ මොකක්ද කියලා එච්චර වැඩක් නෑනෙ ෆෑන්ස්ලා විදිහට අපිට මොනාද මේ පාර CinemaCon එකේදි බලාගන්න පුලුවන් කියන්න එක තමා අපිට දැනගන්න ඕනි. CinemaCon 2022 Event එකේ shedule එකත් එක්ක එකතු කරලා මම මේ ටික පැහැදිලි කරන්නම්.
(Shedule එකේ Breakfast, Lunch, Dinner, Workshop, Parties වගේ දේවල් ගැන මම මෙතනදි කතා කරන්නෙ නැහැ )
සදුදා (25)
Opening Night එකේ Presentation එක තියෙන්නෙ Sonyලාට Spider man Across the Spider verse ෆිල්ම් එක කල් ගියෙ නැත්තම් CinemaCon එකේදි Trailer එකක් Release කරන්න ලොකු ඉඩක් තිබ්බ ඒත් 2023 වෙනකම් කල් ගිය නිසා Trailer එකක් නම් මේතරම් කලින් Release කරයි කියලා හිතන්න අමාරුයි. ඒත් first look වගේ පොඩි දෙයක් හරි Release කරන්න ලොකු ඉඩක් තියනවා.
ඊට අමතරව Kraven the Hunter, Madame Web වගේ Sony Spider Verse එකෙ අළුත් Movies ගැන News ටිකක බලාගන්න පුලුවන් වෙයි.
Sonyලා Video game base කරගෙන හදන Movies වලටත් ලොකු ඉඩක් දෙයි කියලා මට හිතෙනවා. Uncharted Sequel එකක් කරනවා කියලා කලින්ම කිව්වානෙ. මොනවා හරි අළුත් news එකක් දැනගන්නත් පුලුවන් වෙයි සමහරවිට.
මේවා ඔක්කොම perdition සහ rumors විතරයි තාම මොනවත් conform නැහැ. Event එකෙන් පස්සෙ officil news ටික අපි page එකෙන් දෙන්නම්. (1)
අගහරුවාදා (26)
26 වෙනිදා උදේ NEON Studio එකේ Presentation එක තියනවා. මේකෙදි David Cronenberg මහත්තයා Direct කරන අළුත්ම ෆිල්ම් එක වෙන ‘Crimes of The Future’ හි Trailer එකක් හෝ Early screen එකක් තියෙන්න ලොකු ඉඩක් තියනවා. (අනිවා තියෙයි 😏) ෆිල්ම් එකේ cast එක විදිහට Viggo Mortensen, Kristen Stewart, Léa Seydoux වගේ සුපිරිම සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. David Cronenbergගෙ unique style එකයි මේ cast එකයි එකතු වුනාම සුපිරිම ෆිල්ම් එකක් හැදෙන එක අහන්න දෙයක් නෑනෙ. ❤️
එදාම හවස තමයි WBලා Presentation එක තියෙන්නෙ. අළුත් CEO වෙන David Zaslavගෙ plan එකට අනුව WBලා ඊලග අවුරුද්ද ගැන දල අදහසක් අපිට දැනගන්න පුලුවන් වෙයි. 🔥 ඒවගේම ඉදිරි අවුරුද්ද ඇතුලත එන්න තියන DC ෆිල්ම් (Theatre Only) ගැන ලොකු කතාවක් තියෙයි. මොකද දැන් Release date එහෙම වෙනස් වෙලා පොඩ්ඩක් අච්චාරු වෙලානෙ තියෙන්නෙ. Black Adam, Aquaman and The Lost Kingdom, Blue Beetle, Shazam Fury of the gods ෆිල්ම් වලට අදාල News කිහිපයක් දැනගන්න පුලුවන් වෙයි.
26 වෙනිදාම රෑට Universel ලගෙ අළුත් Film එකක් වෙන “THE BLACK PHONE” එකේ Special screen එකක් තියනවා. (මේක Conform)
මේවා ඔක්කොම perdition සහ rumors විතරයි තාම මොනවත් conform නැහැ. Event එකෙන් පස්සෙ officil news ටික අපි page එකෙන් දෙන්නම්. (2)
බදාදා (27)
27 වෙනිදා උදේ THE WALT DISNEY STUDIO එකේ Presentation එක. අනිවාර්යයෙන්ම අපිට MCU එක පැත්තෙන් News කිහිපයක්ම අහන්න පුලුවන් වෙයි විශේෂයෙන්ම Black Panther Wakanda Forever ගැන එහෙම. ඊට අමතරව Tom Hanks එහෙම රගපාන Pinocchio ෆිල්ම් එකේ trailer එකක් release වෙන්නත් ලොකු ඉඩක් තියනවා මොකක්ද ෆිල්ම් සැප්තැම්බර් මාසෙ තිරගත වෙනවා කියලා තමයි කියලා තියෙන්නෙ. ඒ ඔක්කොටමත් වඩා මේ අවුරුද්දෙ එන්න තියන ලොකුම ෆිල්ම් එක One & Only James Cameron මහත්තයාගෙ Avatar 2 ෆිල්ම් එක ගැන Trailer, Teaser, First Look ඔය මොනවාම හරි Release වෙන්න ඕනි. ඒක නම් වෙන්නම ඕනි දෙයක්. 😎❤️
27 වෙනිදා රෑට තියෙන්නෙ Universelලාගෙ Presentation එක මේකෙදි නම් Jurassic World Dominion ෆිල්ම් එකේ විනාඩි 20ක විතර special screen එකක් තියනවා කියලා rumors නම් තියනවා. ඊට අමතරව Fast 10 ගැන පොඩි කතාවක් තියෙන්නත් පුලුවන්.
මේවා ඔක්කොම perdition සහ rumors විතරයි තාම මොනවත් conform නැහැ. Event එකෙන් පස්සෙ officil news ටික අපි page එකෙන් දෙන්නම්. (3)
බ්‍රහස්පතින්දා (28)
අන්තිම දවසෙ වැඩ පටන්ගන්නෙ Paramountලාගෙ Presentation එකෙන්. මේක පැය 3ක වැඩක්. මොකක්ද මේතනදි Top Gun Maverick ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම පෙන්නන නියමිතයි. 🤩🔥 (මේකත් Conform) ඊට අමතරව Mission Impossible 7 එකේ Trailer එකක් බලාගන්නත් පුලුවන් වෙයි.
මේ අවුරුද්දෙ CinemaCon එකේ අන්තිම Presentation එක කරන්නෙ LIONSGATE studio එකෙන් මේකෙදි John Wick 4 trailer එකක් බලාගන්න පුලුවන් වෙයි.
මේවා ඔක්කොම perdition සහ rumors විතරයි තාම මොනවත් conform නැහැ. Event එකෙන් පස්සෙ officil news ටික අපි page එකෙන් දෙන්නම්. (4)
මෙතන සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකම් තිබුනට time gap එක නිසා අපිට News එහෙම ලැබෙනකොට සදුදා රෑ අගහරුවාදා පාන්දර වගේ ඉදන් සිකුරාදා දවල් වගේ වෙනකම් කාලයක් තමයි තියෙන්නෙ.
මේ දේවල් වලට අමතරව තව News ගොඩක් CinemaCon week එක ඇතුලෙ එන්න පුලුවන්. ඒවා ගැන අපි Page එකෙන් දාන්නම්.
Personally මම මේ පාර CinemaCon එකේ ගොඩක්ම බලන්න ආසාවෙන් ඉන්නෙ WB වෙනුවෙන් David Zaslav Plan එක, Avatar 2 ගැන මොකක්ම හරි දෙයක්, David Cronenberg ගෙ Crimes of The Future ෆිල්ම් එකේ Trailer එක ගැන. 🙂
ඉතින් මේ පාර CinemaCon එකේ ඔයාල වැඩියෙන්ම බලාපොරොත්තු තියාගන්න ඉන්නෙ මොකක් බලන්නද… අපේ perdition වලට අමතරව ඔයාල හිතන තව මොනවා හරි තියනවාද…කියලත් මතක ඇතුව Comment එකක් දාන්න.
මම හිතනවා ඔයාල මේ Article එකෙන් මොනවාහරි දන්නෙ නැති දෙයක් දැනගන්න ඇති කියලා. එහෙනම් අදට මෙච්චරයි ආපහු තවත් මේ වගේම Article එකකින් හම්බෙමු. එහෙනම් මම කැපුනා. 🙂🖤