විලියම් ටෙල් සහ වික්‍රමයන්..🙂❤🙏
හරියටම අවුරුද්ද මතක නැතත් 2006 කියල ඔලුවට දාගන්නකො…
ජාතික රූපවාහිනිය 📺 ළග හවස 5.30 ද කොහෙද ටයිම් එක...
මොකක්ද මතක් වෙන්නෙ...
Robin hood vibe එකක් එක්ක දුන්නක් වගේ (ඒක දුන්නක් තමයි...😏) පට්ටම ගැජට් එකක් අතේ තියාගෙන වැඩ කිඩ දාපු කොල්ලව මතකද...
ඔව්.. මේ කියන්නෙ #William_Tell ගැන තමයි...
ස්විට්සර්ලන්තයේ 🇨🇭නිදහස වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් කළඑළි බසින වීරයෙක් වෙන William Tell කියන ස්කොට්ලන්ත ජනශ්‍රැති වීරයාගෙ චරිතය ආශ්‍රයෙන් තමයි අපි ජාතික රූපවාහිනියෙන් බලපු William tell එළියට එන්නෙ...🏇
නමුත් ජනගත කතාවට වඩා වෙනස්ම සිද්ධීන්, මැජික් සීන්, Fantacy දේවල් ගොඩක් එකතු කරල තමයි TV series එක නිර්මාණය කරල තියෙන්නෙ...
#Xas සහ ඔහුගේ මායාකාර සහයකයා Kreel 😈 විසින් Shaytana'S Eye කියන Dark Crystal එක භාවිතා කරල Fantacy Switzerland තුළ බලය පැහැර ගැනීම සහ මායා කර්මයන්ගෙන්🔮 රාජධානියේ නපුර පැතිරවීමට විරුද්ධව නැගී සිටින්න පිරිස් බලය එකතු කරමින් William tell යන වීර චාරිකාව තමයි කතාව පුරාම දකින්න ලැබෙන්නෙ..
මේකෙදි William ට අපූරු යාළුවො කණ්ඩායමක් මුණ ගැහෙනව...
✴️ #Aruna කියන Arboreans ගෝත්‍රික තරුණිය.. මෙයාල බිළාල පවුලෙන් පැවතෙන වංශයක්... සෙට් එකේ ෆයිට් කරන්න මෙයා තමයි වැඩ්ඩා ඉතින්...😎
✴️ Heracleans හෙරක්ලියන්ස් වංශයේ #Leon... මතක ඇතිනෙ සෙට් එකේ ලොකුම කෙන.. නිල් පාට කොන්ඩෙ රැවුල තිබුනෙ.. මෙයා තමයි ටීම් එකේ බුද්ධිමතා..📚
✴️ එතකොට අමතක කරන්නම බැරි පොඩි එකා #Drogo.. පොඩි එකාට සත්තුන්ගෙ හැගීම් දැනීම් හොදට තේරුම් ගන්න පුළුවන්. වෘක සම්භයවක් තියෙනව කොල්ලට.. හොද ඉවක් වගේම කන් දෙකකුත් තියෙනව...🐺
✴️ එතකොට රාජධානියෙ නියම උරුමක්කාරිය වුන #Princes_Vara.. 👸 එයා එක්කනෙ මුලු චාරිකාවම යන්නෙ...
✴️ අමතක කරන්නම බැරි චරිතයක් වුන #Kalem.. 🧝මෙයා සුදට සුදේ හිටියා මතකයිනෙ.. Willගෙ ටීම් එකේ ප්‍රධාන අනුග්‍රාහකයා තමයි Kalem..
✴️ ටීම් එකෙ තව කෙනෙක් හිටියා.. මතකද #Alvar කියන බල්ලව.. ටීම් එකෙ සුරතලා... වචනයේ අර්ථයෙන්ම සම්පුර්ණ ටීම් එකක්ම හැදිලා Xas ව පරද්දවන්න යන ගමන තමයි කතාව පුරාම දිහ හැරුනෙ...
යන ගමනෙදි විවිධ චරිත හමුවෙනව මෙයාලට. අපිට ඒකෙන් විවිධ මානුශීය ගුණයන් වගේම ජීවිතයට ගන්න ඕන පුංචි පාඩම් කියල දුන් බවත් මතක් කරන්නම වෙනව...
අමතක නොවන මතක රාශියක්ම ගෙනත් දුන් ඒ William Tell කතාංගය විදෙස් භාෂාවකින් උපසිරැසි ඇතුව ලෝකයෙන්ම පළමුවෙනි වතාවට පෙන්නුවේ ලංකාවෙ විතරක් බවත් මතක තියාගන්න...😊
සැබෑ William tell කතාව මීට සමාන නෑ..ඒකෙදි කියවෙන්නෙ Scotland තුළදි අසාධාරණයට එරෙහිව නැගී සිටින William Tell කියන නිර්භීත දුනුවායෙක් ගැන...William Tell පවතින ආණ්ඩුවේ බදු මුදල් ගෙවීම වර්ජනය කරන නිසා රජයෙන් තමන්ට ලැබුන අභියෝගයක් භාර ගන්න තමන්ගෙ පුතාගෙ ඔලුව උඩ ඇපල් ගෙඩියක් තියල විදිනවනෙ...
ඉලක්කය හරියටම ගත්ත නිසා ඇපල් ගෙඩියට තමයි ඊතළය වදින්නෙ..ඒකෙන් මිනිස්සුන්ගෙ ආදරයට william පාත්‍ර වෙනව ලු.. 🎯
මෙන්න මේ සැබෑ කතාව ආශ්‍රයෙන් ඉන්න Wiiliam Tell ව අපිට ඉස්සර ස්වර්ණවාහිනියෙ විකාශනය වුන 'සූත්තර කිටී' කාටුනය එකේ කොටසක බලාගන්න පුළුවන්..😌
William එක්ක ඇපල් ගෙඩිය සම්බන්ධ කරගෙන තියෙන්නෙ ඇපල් කියන්නෙ නිතරම ආදරය,ගෞරවය කියන දේ සංකේතවත් කරන දෙයක් නිසා... ආදරය, ගෞරවය William ලැබුන නිසා තමයි ඔහු ශ්‍රේෂ්ඨ වීරයෙක් බවට පත් වෙන්නෙ...
ලංකාවෙ අපි මුලින්ම බලපු Fantacy Tv series අතරින් ඉහළින්ම තියෙන කතා මාලාවක් විදියට අපිට William tell හදුන්වන්න පුළුවන්..
නවසීලන්ත නිෂ්පාදනයක් විදියට 1998දි කොටස් 16 වශයෙන් Raymond Thompson මහත්මයා විසින් එළිදක්වන William Tell කතා මාලාව ජර්මනිය, එංගලන්තය, නෙදර්ලන්තය වගේ යුරෝපා රටවල් තුළදි සාර්ථකව Telecast වෙනව...
අදටත් #විලියම්_ටෙල් කියන්නෙ අන්තර්ජාතික සාහිත්‍ය මට්ටමෙන් කතා වෙන කෘතියක්...ඒ වගේම විලියම් ටෙල් නම යොදාගෙන තමයි ක්‍රීඩාවන් උදෙසා නිර්මාණය වෙන ලෝකයෙ ප්‍රධානම දුනු හී තියෙන්නෙත්...
ඇත්තෙන්ම #ජාතික_රූපවාහිනිය සහ #අතුළ_රන්සිරිලාල් මහත්මයාට මේකෙදිත් විශේෂ ස්තුතියක් හිමි වෙන්නම ඕන..🙏
William tell කියපු ගමන් ඉතින් මතක් වෙන්නෙ #Kieren_Hutchison අයියව තමයි...ඒ කාලේ ලංකාවෙ අක්කලාගෙ Crush එකනෙ මෙයා... තාම කොල්ලා ගාව අර Crystal Arrow එක මතක සටහනක් විදියට තියෙනව ලු..😍
මෑතකදි #Sunday_observer පුවත්පත හරහා ලංකාවෙ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමන්ගෙ ආදරය බෙදා ගන්නත් Kieren මහත්මයා අමතක කරල තිබුනෙ නෑ..
ඉතින් William Tell ගැන ඔයාලටත් ලස්සන මතකයන් ඇති... බෙදාගන්න අපි නොදන්න තොරතුරුත් ඇති.. අපි ඒ ගැනත් කතා කරමු.. 🙂
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
ජයවේවා...!!
මම #KrishanRodrigo
William tel samaharawita e kaale lankawe girlsla athara famous wenna aththe man nam hithana widihata robinsin andaraye arnset ta crush ekak thibba nisa wenna athi…😉