කොරියානු කතා හැම එකක්ම බොලඳ එකක් නෙමෙයි. ඔව්. ඔයා ඒක හරියට කියෙව්වා.😂😉හොඳ ඒවත් ඕන තරම් තියෙනවා.
අද කතා කරන්න හිතුවේ ළඟකදී වඩාත් ප්‍රසිද්ධ වුණු කොරියානු ටෙලි කතා මාලාවක් ගැන. ❤️
කොරියානු TV series කිවුවම ලංකාවේ ප්‍රේක්ෂකයන් බොහොමයකට නිකන් වහ කදුරු වගේ තමයි🤢. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ඒකට හේතුව වෙන්නෙත් ලංකාවේ මාධ්‍ය ජාල තමයි. ඒත් ඊටත් වඩා මම ලොකුම හේතුවක් විදියට දකින්නේ Kpop🎶. මොකද Kpop සමඟ Kdrama ගොඩක් ලංකාවේ මිනිස්සු පටලවගන්නවා.
ඉතින් ඒ සියල්ල අතරේ 2021 වසරේ විකාශනය වුනු Crime, Thriller ගණයට අයත් වන සුපිරි කොරියානු ටෙලි කතා මාලාවක් ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි, Vincenzo🤠. කොරියානු ටෙලි කතා බොළඳයි කියන සමහර අයගේ මතය වෙනස් කරවන ආකාරයේ කතාවක් තමයි මේ Vincenzo කියන්නේ. Netflix මඟින් විකාශය වුනු මේ කතාවේ අවසාන කථාංගය විකාශනය වුණේ ඉකුත් මැයි 2 වෙනිදා. මමත් කාලෙකින් බලපු කොරියන් කතා මාලාව වුණේ මේක. 2021 පෙබරවාරි 20 වෙනිදා සිට විකාශනය වුනු මේ කතාව Episode 20කින් සමන්විත වෙනවා.
කතාව බලන්න Recommend කරන review එකක් වශයෙන් මේක ගොඩක් දුරට Spoiler free කරන්න බලනවා.🧡
ඉතින් කතාවේ ප්‍රධාන වශයෙන් ගොඩ නැගෙන්නේ මාෆියා උපදේශකයෙකු😎 වටේ.
තම මාෆියා සංවිධානයේ පාවාදීමක් හේතුවෙන් කොරියාවට පැමිණෙන මේ ඉතාලි මාෆියා නීතිඥවරයා තවත් කොරියානු නීතිඥවරියක් සමඟ එක් වී දුෂ්ටයන්ව තම දුෂ්ට ක්‍රමවේද පාවිච්වි කරලා විනාශ කර දමන කතාවක් තමයි මේ TV Series එක පුරාම ගලා යන්නේ.
වයස අවුරුදු 8දී පාක් ජූ හියුන්ග්(Park Joo-Hyeong) ඉතාලි ජාතික යුවලක් විසින් දරුවෙකු ලෙස හදා වඩා ගන්න ලබා ගන්නවා. පසුව ඉතාලියට🇮🇹 යන මොවුන් පාක් ජූ හියුන්ග්ට වින්චෙන්සෝ කසානෝ(Vincenzo Cassano) ලෙස නම් තබනවා. ක්‍රමයෙන් වැඩිවියට පත් වන වින්චෙන්සෝ, කසානෝ මාෆියා පවුලේ නීති උපදේශක බවට පත් වනවා. ඒ කිවුවේ ඉතාලි කසානෝ මාෆියා පවුලේ consigliere විදියට කටයුතු කරනවා. කෙසේ හෝ මේ මාෆියා පවුල් අතර එකිනෙක වූ ගැටුමකින් වින්චෙන්සෝගේ පියා වූ කසානෝ පවුලේ ප්‍රධානියා මිය යනවා⚔️. මේ සමඟ මාෆියාවේ ඇතුළේ සිදුවන ප්‍රශ්න නිසා හා කලකට පෙර කොරියාවේ ගොඩනැඟිල්ලක සඟවා තැබූ ටොන් 1.5ක් බරැති රත්තරං තොගයක් 💰සොයාගෙන දකුණු කොරියාවට🇰🇷 නැවත එනවා. ඉතින් කොරියාවේදී ඔහුට නඩුවක් දිනන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති නීතිඥවරියක් වන හොන්ග් චා යන්ග් (Hong Cha-Young) ව මුණ ගැසෙනවා. මේ මුණ ගැසීම සමඟ වින්චෙන්සෝ විසින් බබෙල්(Babel) නැමැති සමාගමක් සමඟ පැටලෙනවා. මේ සමාගමේ ප්‍රධානී ජැන් හන් සොක්(Jang Han-seok) හා එම සමාගමේ නීති කටයුතු සොයා බලන වුසාන්(Wusang) Law Firm එකේ ප්‍රධානී හන් සන්හියු(Han Seung-hyuk), චෝයි මියුන්ග් හී(Choi Myung-hee) යන අය සමඟ සිදුවන එක්තරා ආකාරයක ගේම් එකක් තමයි මේ කතා මාලව පුරාම දිවෙන්නේ. ඉතාලි මාෆියාව කොරියාවට ගෙන ඒමක් කෙටියෙන්ම කිවුවොත් වෙන්නේ. යම් ආකාරයකින් මේ අසාධාරණ විදියට මුදල් හම්බකරන සමාගමට විරුද්ධව සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොරියාවෙදී වින්චෙන්සෝ පෙනී සිටිනවා. ඇත්තටම මේ කතා මාලාව හැම දෙයක් අතින්ම සමබර කතා මාලාවක්. Action, Thriller, Comedy සහ Love හැම පැත්තක්ම අල්ලපු කතා මාලාවක්. කතාව පුරාවට පොඩි ආදර කතාවක් පවා ලස්සනට නිර්මාණය කරනවා💕. ඒත් මේකේ එන සමහර තැන්වල Comedy නම් පොඩ්ඩක් විතර cringe🥴. ඒ වුණාට සමස්තයක් වශයෙන් ඉතා සුපිරි ගණයේ කොරියානු ටෙලි කතා මාලාවක්. IMDB දර්ශකයේ 8.5 ක් වැනි ඉහළ අගයක් වගේම, MyDramaList දර්ශකයේ 9.0 වැනි ඉහළ අගයන් වාර්ථා කරල තිබෙනවා. මෙහි අවසාන කතාංගය කොරියාවේ සමස්තයක් වශයෙන් 14.636% ක් නරඹලා තිබෙනවා. ලංකාවේ මෙන්ම ලොවපුරා පවා May 2 වෙනිදා වින්චෙන්සෝ අවසාන කතාංගයෙන් පසු Twitter තුල #Vincenzo හා #VincenzoEp20 Trending ව පැවතුණා.📈
Vincenzo කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ Kim Hee-won වන අතර මෙහි රංගනයට ද සුපිරි නළු නිළියන් පිරිසක් දායක වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ගොඩක් අය අසලියා මල බලල ඇතිනේ. එහි ප්‍රධාන චරිතය රඟ දැක්වූ Song Joong-ki විසින් තමයි මෙහි වින්චෙන්සෝ චරිතයට පණ පොවන්නේ♥️. ඒ වගේම හොන්ග් චා යන්ග් ට පණ පොවන්නේ Jeon Yeo-been විසින්😍. ඒ වගේම Ok Taec-yeon, Kim Yeo-jin, Kwak Dong-yeon ආදී තවත් බොහෝ පිරිසක් මේ කතා මාලාවට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
Vincenzo TV series එකේ පලමු Episode එකෙ පලමු විනාඩි දහය තුළින්ම නරඹන්නා කතාව තුළ ඇද බැඳ තබා ගන්න සමත් වෙනවා. කුතුහලය උපරිම වශයෙන් රඳවා ගන්න සමත් වුනු මේ Vincenzo කතා මාලාව 57th Baeksang Arts Awards සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයට හා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයට නිර්දේශ වෙලා තිබෙන්නේ🏆. සෑම කතාංගයක් තුළම කුතුහලය, රසාස්වාදය උපරිමයෙන්ම තබා ගන්න පුළුවන් කතා මාලාවක් තමයි Vincenzo.
ඉතින් කවුරු හරි කියූ පලියට හෝ බොලඳයි කියා හෝ KDrama නොබල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා Vincenzo. දැනට නම් මෙහි දෙවන කතා සමයකට දිගුවක් පිළිබඳව ප්‍රකාශයට පත් කරල නෑ. මොකද 1වන කථා සමය මගින් කථාවට ඉතා හොඳ අවසානයක් දීලා තිබුණා. කෙසේ හෝ සිතමු මෙහි තවත් දිගුවකට හැකියාව ලැබෙයි කියලා. මම 2021 වර්ෂයේ දැනට නරඹපු හොඳම කොරියානු ටෙලි කතා මාලාව Vincenzo කිවුවොත් නිවැරදියි. ඉතින් අපි තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.♥️
එතෙක් Stay Safe. Stay Hype.❤️✨
Vincenzo man balala thiyenawa…kdrama walata akamethi ayata man nitharama kiwwe hollywood ganaye tv series ekak kiyala…attama sathutui oyalath e gena recommend ekak dunnata…wistharaya harima pehedili…thanks again…
Good work…