ළගදි Teen Wolf ගැන post වගයක් උඩ ඇදිලා තිබුනා. මටත් Teen Wolf පිස්සෙක් විදිහට මේ ගැන ලිපියක් නොදා ඉන්න බැරි උනා. කලින් කිව්වා වගේ මමනම් දඩාර TW fan කෙනෙක්. මම මුල්ම බලපු series එකත් Teen Wolf. TV series පිස්සෙක් උනෙත් මේක බලලාම තමා.
2011 ජූනි 5 ඉදලා 2017 සැප්තැම්බර් 24 වෙනකම් Amarican chanal වන MTV එකෙන් තමා මේක විකාශනය උනේ. Season 6ක් Episode 100ක්. TV series එකට මුල් වෙලා තියෙන්නෙ Smallville,Lost series වල screen writer වන Jeph Loebගෙ 1985 ආපු Teen Wolf කියන film එක. ඒ නමම පාවිච්චි කරලා film එකේ එන සමහර චරිතත් (Stiles,…) එක්ක Series එක ලියලා තියෙන්නෙ Jeff Davis විසින්. Supernatural,Teen Drama එකක් වන TW series එකට මේ වෙනකොට IMDb rating 7.6 ක් Rotten එකෙ 81% ක් තියනවා.
පට්ටම සුපිරි Cast එකක් ඉන්නවා. ඒවගේම Teen Wolf එක ජනප්‍රිය වෙනවත් එක්ක ගොඩක් Actorsලට chances ලැබිලා තියෙනවා.
Tyler Posey AKA Scott McCall (Fast & Furious Spy Racers – Tony Toretto)
Dylan O’Brien AKA Stiles Stilinski (The Maze Runner – Thomas)
Holland Roden AKA Lydia Martin
Tyler Hoechlin AKA Derek Hale (CW Superman)
Dylan Sprayberry AKA Liam Dunbar
Shelley Hennig AKA Malia Tate
Crystal Reed AKA Allison Argent (Swamp Thing – Abby Arcane & Gotham – Sofia Falcone Gigante)
Arden Cho AKA Kira Yukimura
Colton Haynes AKA Jackson (Arrow – Roy Harper)
SPOILER ALERT
කතාව පොඩ්ඩක් බැලුවොත්, California ප්‍රාන්තයේ Beacon Hills කියලා පොඩි town එකක ඉන්න ඉස්කෝලේ යන සාමාන්‍ය කොල්ලෙක් දවසක් රෑ උගෙ හොඳම යාළුවත් එක්ක Dead Bodyයක් (ඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක් මැරිච්ච මිනියක් බලන්න යන්නෙ ඇයි කියලා බලද්දි තේරෙනවා.) බලන්න කැලේට යද්දි කැලේ හිටපු මිනිස් වෘකයෙක් කොල්ලව හපනවා ඊට පස්සෙ ඌවත් මිනිස් වෘකයෙක් වෙනවා. එතන ඉදන් උගෙ මුලු ජීවිතේම වෙනස් වෙනවා. ඇත්තටම මෙතන ඉදන් තමා කතාව පටන් ගන්නෙ. Scottටයි එයාගෙ යාලුවා Stilesටයි සුපිරි ආතල් ටිකක් සෙට් වෙන්නෙ… හද පායන දවස් වලට Scottව වෘකයෙක් වෙනවා, Scott මිනිස් වෘකයන්ව මරන්නම ලෑස්ති වෙලා ඉන්න පවුලක කෙල්ලෙක් (දුව) එක්ක love එකක් පටන් ගන්නවා, Scottටයි Stilesටයි Derekව සෙට් වෙනවා, Stiles 3 වසරෙ ඉදන් love කරපු Lydiaව සෙට් කරගන්න හදනවා, Scott Alpha කෙනෙක් වෙනවා, Scott එයාගෙම රැල්ලක/රංචුවක් හදාගන්නවා, Allison මැරෙනවා
, අළුතෙන් අය එකතු වෙනවා.(Malia,Kira) වගේ සිද්දිත් එක්ක Beacon Hills High School එකේ Lacrosse Team (ක්‍රීඩාවක්) එක තමා සුපිරිම
. මේවා මේ පොඩි පොඩි seen ටිකක්. ගොඩක් අය බලල තියන නිසා කට්ටියට මතක් වෙන්නත් එක්ක කිව්වෙ. Werewolf කෙනෙක් විදිහට Scottගෙ character build up එක මටනම් සුපිරිම level එකක තියනවා.
Teen Wolf Supernatural Characters
Werewolf
Kitsune
Banshee
Hellhound
Werejaguar
Wendigo
Oni
Yako
Chimera
Dread Doctors
Skin-walker
මම මේ ලිපියෙම මේ Supernatural Character ගැන විස්තරයක් දාන්න හිටියේ ඒත් ටිකක් විස්තර හොයනකොට මමත් දන්නෙ නැති දේවල් ගොඩක් හොයාගත්තා ඒ ඔක්කොම මේකෙ දාන්න බැරි නිසා මම තීරණය කලා වෙන වෙනම ලිපි සෙට් එකක් ගේන්න…විස්තර හොයන්න කොට මට සුපිරි site එකක් සෙට් උනා https://teen-wolf-pack.fandom.com/…/Category… කාටහරි ඕනි නම් පොඩ්ඩක් බලන්න අනිවා මම මේ Character ටිකේ වැඩි විස්තරයක් ඊලග ලිපි වලින් ගේනවා…
TW fansලා තාමත් තව එක season එකක් හරි ඇවිල්ලා series එක ඉස්සරහට continue වෙනකම් බලන් ඉන්නවා. මොකක්ද series එක end කරපු විදිහට ඒක බැරි දෙයක් නෙමෙයි. මේ ගැන පහුගිය කාලෙ ගොඩක් කතා වුනා MGM එකෙන් Series එක continue කිරීමක් නොකර Teen Wolf Film (අර 1985 Film එකේ Reboot කිරීමක්) එකක් හදන්න යනවා කියලා rumors තිබුන නිසා. ඒකට Instergtam එකේ Hash tag පවා Tending උනා MGM එකයි MTV mention කරලා. තමාත් ඒ ගැන official news මොනවත් නෑ.
මේ ලිපියෙ අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් Teen Wolf කියන්නෙ මටනම් සිරාම series එකක් අනිවා බලලා නැත්තං බලන්න.
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න.
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
Still waiting for another season, prequel or sequel, at least a movie…
Admin – Pasindu Ransilu