You are currently viewing Sex Education Season 3

Sex Education Season 3

Sex Education වලින් පණිවිඩයක්.

මම අද කතාකරන බලාපොරොත්තු  වෙන්නෙ,ලිංගික අධ්‍යාපන ටෙලි කතාවෙ තුන්වන කාර්තුව පිලිබදවයි….😶

වැඩිය දිගට කතාකරන් නෑ හෑලි කියවනව කියල වීඩියෝ කරල දැම්මොත් එහෙම….😂

I Think We’re Alone Now සිංදුවෙන් පටන්ගෙන The Ballad of El Goodo සිංදුවෙන් ඉවරවෙන තුන්වෙනි season එක කලින් season දෙකටත් වඩා සංවේදී  විදිහට ඉදිරිපත්කරා කියන්න පුලුවන්..💓

කොහොම වුනත් මුලදිම කියනවා…තමන්ට කැමති වගේම අකමැති ටීවී සීරිස් තියෙන්න පුලුවන්..ඒක එක එක්කෙනාගෙ රසවින්දනය අනුව වෙනස් වෙනවා..✌

මේ සීරිස් එක ඔයාට සෙට් නැත්තන් අවුලක් නෑ…community , How to sell dru&s online, Euphoria වගේ තව සිරා සීරිස් තියේ ට්‍රයි කරන්න..🙏

S.E කියන්නෙ තියෙන Perfectම සීරිස් එකක් නෙවේ..අඩු පාඩු එමටයි..හැබැයි..ආතල් එකක් ගන්න පුලුවන් ඉතින්..

ඒත් අවාසනාවකට ලංකාව ඇතුලෙනම් SEX කියන වචනය වටේ එකතු වෙච්ච පිරිසක් ද ඉන්නෙ කියලත් හිතෙනව…✌

මොකද පළවෙනි season එක ආපු කාලෙ හිටපු නැති සෑහෙන පිරිසක් මේක වටේ දැන් එකතුවෙලා තියනව සහ බොහෝ පිරිසකගෙ අදහස් කතාවෙන් ගන්න තියන දේ වෙනුවට නිකන්ම 18+ series එකක් ගානට දාල කතාකරන නිසාත්…….🤔
සුපුරුදු පරිදි අනිත් series වලටත් වෙනව වගේ….😣

ඇත්තටම මගේ උත්සහය වෙන්නෙ මේ series ඒකෙන් ජීවිතයට ගන්න දෙයක් තියනව නම් ඒ ගැන කතාකරන එක…❤😊

Hope

අලුත් චරිත ටිකක් කතාවට එකතුවෙලා තියනව එතනින් ප්‍රධානම තැනක්ගන්නව අලුත් Head teacher වන Mrs. Haddon AKA “හෝප්”.👩‍🤞
හෝප්ගෙ අරමුණ වෙන්නෙ Moordale වැටිල තියන තැනින් ගොඩගන්න එක.
ඒත් ඒක කරන්න හදපු වැඩපිළිවෙළ නම් අසාර්ථක වෙනව….
කොහොම උනත් හෝප් හුගක් ප්‍රශ්නවලට මැදිවෙලා ඉන්න කෙනෙක්.
 
හරියට බැලුවනම් හෝප් තමන්ගෙ ප්‍රශ්න අමතක කරල මූණට බොරු හිනාවක් දාගෙන ඉන්නව කියන
ඒක මුල ඉදන්ම පෙනුන දෙයක්.😥

හෝප්, පුද්ගලික ප්‍රශ්නත් එක්ක කාලයක් විදවපු නිසාම දරදඩු චරිතයක් බවට පත්වුනා කියන්න පුලුවන්.😪
මුලින්ම පේන්න බැරි චරිතයක් උනත් අන්තිමට series ඒකබලපු ඕනෑම කෙනෙක්ට  අනුකම්පාවක් ඇයකෙරෙහි ඇතිවෙනව.😢
අවුරුදු තුනක් පුරාවට දරුවෙක් ප්‍රාර්ථනා කරනවා නමුත් තමන්ගෙම ප්‍රශ්නයක් නිසා ඒ අවස්තාව නැතිවෙලා යනව.
😭
හෝප්ගෙ වචන වලින් කියනවනම්,

ඔයාට කිසිම අදහසක් නෑ හැම උදෑසනකම අසමත් වෙයි කියන හැගීමෙන් නැගිටින එක මොනවගේද කියනඑක ගැන”

ඇත්තටම අපි අතරත් ඕනතරම් හෝප් ට සමාන චරිත ඉන්නව….,
සමහර වෙලාවට අපිත් කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒකට උඩින් කෘතීම හිනාවක් දාගෙන ඉන්න අවස්තා ඕන තරම්තියනව.😄
 
Otis කියනව වගේ…
“තමන්ට වෙන්න පුලුවන් දේවල් පිළිගන්න එකෙන් වෙන්නෙ තමන්වම ධෛර්යමත් වෙන එක…”💪
එහෙම ඉස්සරහට යන එකතමා ජීවිතය කියන්නෙත්….👊❤️‍

Ruby Mathews
Adam

මේ season  එක ඇදන් ගියපු ප්‍රධානම චරිත දෙකක් විදිහට Ruby සහ Adam ප්‍රධානයි.
අපි මුලින්ම දකින Ruby ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් තැනකට මේ season එකේ අරන් යනව.
ඒකට පැහැදිලිම හේතුව වෙන්නෙ Otis ට ඇතිවන ආදරය. මුලින් වැඩේ කැශුවල් පටන් ගත්තත් අන්තිමට සීරියස් වෙනව.
වැඩේ නැගලයනව,
ඒත් Otis තාමත් Maeve ගැන හිතන නිසා…
Ruby “I Love You” කියන තැනදි Otis ගෙ පැත්තෙන් ඒකට ලැබියයුතු පිළිතුර ලැබෙන්නෑ…💔
එක පැත්තකින් Otis ගෙ හෘදසාක්ශිය ඒකට ඉඩ දුන්නෑ වෙන්නත් පුලුවන්.
අනිත් පැත්තෙන් මේ සම්බන්ධය Series එකේ ඉස්සරහට අරන්යන එකත් ප්‍රශ්නයක් වෙනව මොකද හැමෝම පලවෙනි season එකේ ඉදන් බලන් ඉන්නෙ Otis සහ Maeve ආපහු සෙට්වෙනකල් නේ.🙌


ඒත් ඒකටත් මොනව වෙයිද කියන එක ගැන කියන්න අමාරුයි දැන් යන රූමස් එක්ක…😒කොහොම උනත් දෙවෙනි season එකේ අන්තිමය අයිසැක් (රෝද පුටුවේ හාදය) කරපු වැඩෙත් එක්ක series එක බලපු නැති අය පවා පොරට බනින්න පටන්ගත්ත.
මේ season එකේ නම් අයිසැක්ව සාධාරණීකරණය කරගෙන කලින් බැනපු ෆෑන්ස්ලව පොඩ්ඩක් අඩුකරගත්ත කියන්න පුලුවන්.


කොහොම උනත් මේපාර පොරට මේවුගෙන් උනදේත් එක්ක ඉස්සරහට මෑන්  කතාවට සම්බන්ද නොවී ඉන්නත් පුලුවන්. Otis සහ Maeve සෙට්වෙන්නැති නිසා වටේඅය පනිශ්මන්ට් කනව වගේ වැඩක් තමා උනේ.😫


මේවුට තිබ්බ ප්‍රශ්නත් එකින් එක විසදුනා.සහ අන්තිමට ඇමෙරිකාවේ යන වැඩෙත් සාර්ථක උනා සමහර විට මේක මේවුගෙ චරිතයේ අවසානය වෙන්නත් පුලුවන් ….😕
මොකද මේවුට රගපාන කෙනා series ඒකෙන් අයින්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියල ආරන්චිවෙන නිසා…😟


අන්තිමට Ruby වැටුන තැනටම Otis වැටුනද කියලත් හිතෙනව…

ආදරය වෙනුවෙන් මිනිස්සු වෙනස්වෙනව,💕
ආදරය මිනිස්සුන්ව වෙනස් කරනව,
අවසානයේ ආදරය නිසා මිනිස්සු විදවනව….💔

මම හිතනව Ruby ට ඊලග season එකේ අනිවාර්යයෙන් සාධාරණයක් කරයි.
මොකද Ruby ගේ චරිතයට මීටවඩා හොද අවසානයක් ලැබිය යුතුයි.

Adam & Eric

Adam සහ Eric අතරත් මීට සමාන කතාවක් යන්නෙ.
Erik ට ඇඩම් ගැලපෙනවද කියන එක වක්‍රව කිහිප තැනකදිම අපේ ඔලුවට එන දෙයක්…
මොකද Eric කියන්නෙ පට්ටම විවෘත චරිතයක් ..එත් Adam ගත්තොත් පොඩි කාලෙ ඉදන්ම තමන්ගෙ හැගීම් සගවගෙන ජීවත් උන කෙනෙක්…🙊
දෙන්න පැහැදිලිම පැති දෙකක ඉන්නෙ.
අවසානයේදී….
හිටපු තැනින් හෙමීට උඩට එන Adam ව
හිටියටත් වඩා තැනකට වැටුන එක උනේ…😮‍💨
මම හිතනවAdamගෙ ෆැමිලි එක ආපහු එකතුවෙයි කියල…😍
ඒ ගැන ධනාත්මකව හිතන්න පුලුවන් සිද්දි කිහිපයක් උනා…
බලමු කොහොම වෙයිද කියල…🤞
මොකද ඇඩම්ගෙ තාත්තා උනත් තමගෙ ප්‍රශ්න විසදගෙන ආපහු පවුලට සම්බන්දවෙන්න බලාගෙන ඉන්නෙ…🤞
එහෙම උනොත් නම් ඒකAdam ට  හොද විදිහට බලපානව අනිවාර්යයෙන්,
මොකද පවුලක එකමුතුව හුගක් ප්‍රශ්න විසදල දෙනනිසා….👩‍👧‍👦

Ola සහ Lily අතර උනත් ප්‍රශ්න ගොඩක් මැදින් ගිහින් අවසානයේ එකිනෙකාව තේරුම් අරන් එක තැනකට එකතුවෙනව….💟👽
මම හිතන්නෙ season එක ඉවරවෙද්දි බේරුන එකම කපල් එක තමා Ola සහ Lily.😂

කතාකරන්න තව ගොඩක් දේවල් තිබ්බත්,
ඒව ඔක්කොම පාස්කරල අන්තිම පොයින්ට් එකට එනව ඒ තමා,
 Otis සහ අම්ම අතර සිදුවෙන සිදුවීම්.

මුලදි Otis සහ අම්ම අතර කිට්ටු සම්බන්ධතාවක් පේන්නෑ මොකද බොහෝදුරට කතාකරන්නවත් වෙලාවක් නැතිවෙනව Otis ගෙදර රැදෙන වෙලාව අඩුවෙනවත් එක්ක.🤐
සහ ජීන්ට කතාකරන්න උවමනාව තිබ්බත් Otis බොහෝදුරට අම්මව මග අරිනනිසා…😔
ප්‍රධානම හේතුව විදිහට පේන්නෙ Otis තමන්ගෙ ප්‍රශ්න තනියම විසදගන්න හදනනිසා, අම්මත් එක්ක කතාකරන එක අඩුකරනව.😟

Otis & Mother

ජීන් හැම වෙලේම තමපුතාගෙ ප්‍රශ්න විසදන්න උදව්වෙන්න හැදුවත් Otisගෙ ප්‍රතික්ෂේප කිරීම එක්ක ඒක කරගන්න බැරිවෙනව…🤐
ඔහොම සිද්දි ගලාගෙන යන අතර ජීන්ගෙ බබා හම්බුනාට පස්සෙ,
ජීන්ව හදිසි surgery එකකට ගන්න වෙනව. මෙතන ඉදන් තමා Otisගෙ සිරාම ෆීලින් බලාගන්න හම්බෙන්නෙ.

Otisට බයක් ඇතිවෙනව මෙතනදි අම්මව නැතිවෙයිද කියල…😓 කලින් සිදුවීම් ගැන පසුතැවීමක් එක්ක දුකක් හෙමීට එලියට එනව.

මෙච්චර කල් කතාව මගඇරපු Otisට උවමනාවෙනව ඔක්කොම අම්ම එක්ක කතාකරන්න….❤️
Otis ඒක හන්ගගෙන ඉන්න ලොකු ට්‍රයි එකක් දෙනව..
ඒත් එක වෙලාවකදි Otisගෙ ඇස් වලට කදුලු එනව…😭
හැම වෙලේම වගේ Eric ඒ වෙලාවෙ Otis වෙනුවෙන් ඉන්නව.
කොහොම උනත් අන්තිමට ජීන් වෙනනිසා ලොකුප්‍රශ්නයක් නැතුව වැඩේ ඉවර වෙනව….

ඒත්….
ජීන් ඒ වෙලාවෙ වාසනාවන්ත නොවුනානම් Otis මොනව කරන්නද..🤕

ජීවිතය කියන්නෙ බොහොම අවිනිශ්චිත දෙයක්…💨අද සතුටින් හිටියට හෙට මොනව වෙයිද කියන්න බෑ…
සමහරවිට අද අපිත් එක්ක හොදට කතාකරපු කෙනා හෙට නැතිවෙන්න පුලුවන්…😟
අපි හැමෝම ප්‍රශ්න එක්ක ජීවත් වෙන අය,මමනම් දකින්නෙ ප්‍රශ්න විසදගන්න තියන හොදම ක්‍රමය කතාකරන එක…

සමහරවිට අපිට ආදරේකරන අය වෙනුවෙන් අපිට වෙලාවක් නැතිවෙන්න පුලුවන් …
ඒත් ඒ අය වෙනුවෙන් පොඩි වෙලාවක් හරි හදාගෙන වචනදෙක තුනක් කතාකරන එක හුගක්වටින දෙයක්…💑

 සමහර විට ඔයා ඒ දේ නොකෙරුවොත් ලොකු පසුතැවීමක් ජීවිත කාලය පුරාම ඉතුරුවෙයි..
මොකද ඒ අය සදහටම යන්න ගියහම තමා අපිට වටිනාකම තේරෙන්නෙ.
ඒත් ඒ වෙද්දි ඔයා පරක්කු වැඩීනම් මොනව කරන්නද….🤕😟😭💔

බලමු ඉස්සරහට කොහොම වෙයිද කියල… තවත් season එකක් බොහෝවිට එයි…
තාම නිල වශයෙන් දැනුම්දීමක් නම් කරල නෑ…
තවගොඩක් දේවල් තියනම මේ series ඒකෙන් අපේ ජීවිත වලට ගන්න..
ඒත් මීට වඩා කතාව දික්කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ ….
ඉතින්…


තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නව
අසාසිටි ඔබ සැමට ස්තූතී.

Admin -Gravi ty

Leave a Reply