You are currently viewing NσʋҽɱႦҽɾ Sƚσɾყ

NσʋҽɱႦҽɾ Sƚσɾყ

1995 නොවැම්බර් 16

2019 නොවැම්බර් 16

මොකක්ද සම්බන්ධය. මොකද මේ දවස් මෙච්චර විශේෂ?🤷🏻‍♂️. Everything is connected🤯. හා. හා. Dark වගේ? නැ නැ Dark ගැන නෙමෙයි කතා කරන්න යන්නේ.😂🙌🏻

දමිල සිනමාව කිවුවාම ගොඩක් ලංකාවේ බොහෝ අයෙක්ට කොරියානු කතා මාලා වගේ තමයි😢. ඒත් සාම්ප්‍රදායික දමිල ඌරුවෙන් වෙනස්ව නිපදවපු දමිල Web Series එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ.🤟🏻

දමිල වෙබ් සිරීස්? හා? 🤷🏻‍♂️ඔව්. අපිට ටීවී/වෙබ් සීරීස් කිවුවම මතක් වෙන්නේ බොහෝ දුරට English ඒවා විතරයිනේ🌝. Indra Subramanium ගේ කුළුදුල් අධ්‍යක්ෂණය තමයි November Story නමින් විකාශනය වෙන්නේ. සාම්ප්‍රදායික දමිල සිනමාවේ අපි නොදකින පරාසයක් මේ හරහා ලබා දෙන්න උත්සාහ කරනවා. 💕

නොවැම්බර් 16, හැකර්වරුන්, මරණ පරීක්ෂණ වෛද්‍යවරයකු, Alzheimer රෝගයෙන් පෙලෙන අපරාධ කතා රචකයෙක්, පරිගණක විශේෂඥයෙක් ආදී කිසිදු ගැලපීමක් නැති දෑ🤷🏻‍♂️ රැසක් වටා ගලායන මේ කතාව එපිසෝඩ්ස් හතකින් යුක්ත මිනි සීරීස් එකක්. Bingewatch worthy ක්‍රයිම් ත්‍රිලර් මිනි සීරීස් එකක්✌🏻. Tamannah කවුද කියලා දමිල පුළුල් තිර රසිකයන්ට ආපහු කියන්න ඕන නෑනේ😏(Baahubali බලලා තියෙනවනේ බොහො දෙනෙක්😜). මේ කතා මාලාවේ ප්‍රධාන චරිත භූමිකාවට පණ පොවන්නේ Tamannah විසින්. Crime Story රචකයෙක්📚 හා ඔහුගේ දුව වන පරිගණක විශේෂඥයෙක්💻 වටා තමයි මේ කතාව ගලා යන්නේ. පළමු එපිසෝඩ් එක තුළින්ම මේ චරිත දෙක හඳුන්වා දෙනවා. ඒ විදියට පටන් ගන්න Series එක දෙවන එපිසෝඩ් එකේ ඉඳන්ම එක දිගට මුළු කතාමාලාවම හුස්මට නරඹන්න අපිව යොමු කරවනවා.

ඇත්තටම Indra Subramanium ගේ කුළුදුල් අධ්‍යක්ෂණය මේ November Story වුණාට අත්දැකීම් බහුල ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙකුගේ ලක්ෂණ මේ නිපැයුම තුළින් පෙන්නුම් කරනවා. Cinematography ඉතා ඉහළ තත්වයක පෙන්නුම් කරනවා. ඔව් ඔව් දමිළ කතා මාලාවක් උනාට අපේ හිතේ තියෙන දමිළ හුරුවේ කතා ශෛලිය😜 වගේ නෙමෙයි මේ කතා මාලාව. මේ වෙබ් සීරීස් එක එපිසෝඩ්ස් හතකින් සමන්විතයි. ඒවායේ නම් හඳුන්වා දී තිබෙන්නේ මේ ආකාරයටයි.

  1. Save him from him
  2. Whitewash
  3. Flashes
  4. Crossroads
  5. Knitting
  6. Close to
  7. Truth

මේක කියවන අය හිතනවා ඇති මොකද මම මේ විශේෂයෙන් මේ එපිසෝඩ්ස් වල ටයිටල් ගැන මම ලියලා තියෙන්නෙ කියලා😁. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මේ ටයිටල්ස් එකක්වත් නිකන්ම දාපු ටයිටල්ස් නෙමෙයි🤯. හැම එපිසෝඩ් එකකම මේ තියෙන කතාව හා ටයිටල් එක කෙසේ හෝ සම්බන්ධ කර තිබෙනවා😶. හැබැයි සමහර විට ඒ ගැන එච්චරම අවධානයක් සීරීස් එක බලාගෙන යද්දී නොදැනෙන්න පුලුවන්. ඔව් ඒක සාමාන්‍යයයි. ඇත්තටම අවසන් එපිසෝඩ් එකේදී මේ ටයිටල් වල ඇත්තම තේරුම හොඳට වැටහේවි. ඒක නිසා කතාව අන්තිම වෙනකන් සිද්ධි පිළිබඳ අවධානය දෙන්න.

නොවැම්බර් කතාවේ ප්ලොට් එක සාරංශගතව කියන්න අමාරු තරම් සාර්ථක ස්ටෝරියක් බිල්ඩ් කරනවා. බලන්න කලින් කියන්න ඕන මේ කතා මාලාවේ අඩුපාඩු නැතුවාම නොවෙයි.🙂

මම පෞද්ගලිකව හිතනවා කතාව බිල්ඩ් අප් කරගෙන ආපු විදියට තවත් මීට වඩා හොඳ අවසානයක් දෙන්න තිබුණා කියලා. මොකද Expectations වලට ගොඩාක් හොඳ සාධාරණයක් එයින් දෙන්න තිබුනා. ඒ වගේම සුපුරුදු දමිල සිනමාවේ Cringe දෙබස් භාවිතයත් සමහර තැන්වල මෙහි දක්නට ලැබුණා🤭. Overall අන් දමිල කතා වලට වඩා හොඳ ආකාරයට දෙබස් භාවිතය තිබුණත් පොලීසිය ආදිය කතාවට සම්බන්ධ වෙන අවස්ථාවල දෙබස් පරිහරණය මීට වඩා හොඳට යොදා ගන්න තිබුනා කියල හිතනවා🙃. නොගැලපෙන සංවාද භාවිතය ඇරුණු විට මම මේ වෙබ් සීරීස් එකේ දුර්වලතා බොහොම අඩුවෙන් තියෙන්නෙ.

ඕනෑම නිර්මාණයක වඩා වැදගත් වෙන්නේ කතාව කොතරම් හොඳට අනර්ඝව නිර්මාණය කරලා තිබෙනවද යන වග හා ඒ මතයි එහි සාර්ථකත්වය රඳාපවතින්නේ. පුළුල් තිර දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයට හා එහි Action වලට පමණක් අවධානය ලබා දීමෙන් මිදී ක්‍රයිම් ත්‍රිලර් ශානරයේ හොඳ වෙබ් සීරීස් එකක් බලන්න කැමති අයට ආරාධනා කරනවා බලලම ඒ ගැන අදහස් දක්වන ලෙස.❤️

කතාව පුරාවටම Background Music හා Cinematography ඉහල මට්ටමක පැවතුණා. හැමෝගෙම Cup of tea එක නොවෙන්න පුලුවන්🙃. ඒත් කාලෙකින් බලන්න පුලුවන් හොඳ English නොවන අන්තර්ජාතික නිර්මාණයක්.✌🏻

අවසානයේ කතාවේ ප්‍රධාන චරිතය විසින් ඔබට Unsent letter එකක් ගැන පවසාවි. දක්නට ලැබේවි. කුතුහලය කතාව පුරාවටම රැකගෙන නරඹන්නා ඒ තුළ රඳවා ගන්න මෙය සමත් වෙනවා. ඉතින් නොවැම්බරයේ කතාව ඔබටත් රසවිඳින්න ආරාධනා කරනවා.

“What’s the purpose of our lives in this world? Even if we search it all our life, we won’t be able to find it because that’s what the journey of our life in this world is all about. This long journey of ours called life, is all about that special moment. At some point of this journey, everyone will have that moment. And when we have that moment, we truly believe that’s the purpose of our life. But sometimes that moment could be a false one. If that happens, do not end your journey…

because we all realise the purpose of our life by looking at the paths we chose.”

මේ ලෝකය තුළ අපේ ජීවිතයේ අරමුණ කුමක්ද? අපි එය අපගේ ජීවිත කාලය පුරාම සෙව්වත්, අපට එය සොයාගත නොහැකි වනු ඇත, මන්ද මේ ලෝකයේ අපගේ ජීවිත ගමන යනු එයයි. මේ දීර්ඝ ගමන තමයි අපි ජීවිතය කියල හඳුන්වන්නේ. යම් විශේෂ මොහොතක් තමයි අපී ජීව්ත ගමන පුරාම සොයන්නේ. මෙම ගමනේ යම් අවස්ථාවක දී සෑම කෙනෙකුටම එම මොහොත ලැබෙනු ඇත. අපට ඒ මොහොත හමුවුණාම අපි හිතනවා එය තමයි අපේ ජීව්තයේ අරමුණ කියලා. එහෙත් විටෙක එය ව්‍යාජ එකක් විය හැකියි. එය සිදුවුවහොත්, ඔබේ ගමන අවසන් කරන්න එපා…
මොකද අපි ජීව්තයේ අරමුණ සොයාගන්නේ අපි තෝරාගත් මාර්ග අනුව නිසා.💖

රසවිඳින්න හැම වර්ගයකම නිර්මාණ එතකොට අපි එක් වර්ගයකට රාමු නොවී සිටීවී. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

එතෙක් Stay Safe, Stay Hype.❤️💫

Leave a Reply