You are currently viewing Netflix Lucifer

Netflix Lucifer

හායි 😁,සීතලයිද..?

කෝපි එකක් එක්ක වාඩි වෙලා ඉද්දි ඔයාලා පව් කියල හිතුනා ඒකයි..😌
මතකනං මීට කලිං ලුසිෆර් ගැන අපි පොඩි ආටිකල් එකක් අරං ආවා..😐
ලුසිෆර් ගෙ origin එක ගැන සහ DC විශ්වය තුලදි ලුසිෆර් ගෙ ආගමනය උන විදිහ අපි ඒකෙං කතා කලා මතක ඇති 👹️
එනිවේ,අද අපි කතා කරන්න යන්නෙ the lightbringer තමන්ගේ debut එක ගත්ත වෙනස්ම තැනක් ගැන..ඇත්තටම මම විශ්වාස කරන විදිහට මේක තමයි ලුසිෆර්ට තමන්ගේ ප්‍රේක්ෂක ප්‍රජාව මුනගස්සපු තැන 😁

අද අපි කතා කරන්න යන්නෙ ලුසිෆර් tv series එක ගැන 👇

හැමෝම දන්න විදිහට ලුසිෆර් සීරිස් එක netflix අයිතිය යටතේ stream වන Season 05ක් ඇවිත් අවසාන කතා සමය එන්න තියන,එදා මෙදා තුර බිහිඋන ඉහලම මට්ටමේ රසාස්වාදනයක් තමන්ගේ ප්‍රේක්ෂක ප්‍රජාවට ලබා දෙන්න සමත් උන විශිෂ්ට මට්ටමේ නිර්මාණයක්..👌
මේ වෙනකොට මේ කතා මාලාවේ අයිතිය Netflix සතු උනාට,ඉස්සෙල්ලාම මේක මුලින්ම නිශ්පාදනය වෙන්නෙ,
Jerry bruckheimer Television,DC entertainment සහ Warner bro.s විසින් ඒ වගේම විකාශනය පලවෙනියටම 2016 වර්ශයේ තමන්ගෙ pilot එපිසෝඩ් එක Fox සහ WB විසින් සිදු කරනව..❤️😍
2016 දි අපි කිව්ව විදිහට Stream වෙන මේ කතා මාලාව DC vertigo comics සහ American Urban legends වලිං inspire වෙනවා..බලපු අයට මතකනං Sinnerman වගේ Key characters වගේම ලුසිෆර් ගැන දරන urban myths වලිං මේක පෝෂණය වෙනවා..🤟 මේ වැඩේ වෙනමම ලෙවල් එකකට ලීඩ් කරන්නෙ සීරීස් එකේ ඒන්ජල් වගේ ඉන්න Tom capinos කියන විශිෂ්ට මට්ටමේ Producer 👌
මේ ටච් එකේ කතාව තියාගෙන යන්න ප්‍රධානම හේතුවක් විදිහට තව පැත්තකිං ලොකු Support එකක් සහ Effort එකක් Cast එක දුන්න කියන එක ඉතිං කියන්න දෙයක් නෑනෙ 😍
විශේෂයෙන්ම,ලුසිෆර් ලෝලීන්ට ඒ නම කිව්ව ගමන්නගම,කොටින්ම යක්ශයා එහෙමත් නැත්තං Devil කිව්වත් මතක් වෙන මූන,කවුද, Tom Ellis මේකට Helluva effect එකක් දෙනව කතාව world wide hit වෙන්න..👏 ඒ accent එක ඒ වගේම personality එක ලෝකය පුරාම ඉන්න ප්‍රේක්ශකයින් විශේෂයෙන්ම ප්‍රේක්ෂිකාවන් ව පිස්සු වැට්ටුවා කියන එක කතා කරන්න දෙයක් නෑනෙ..කොල්ලන්ට නං ඉතිං ආව කාල වල ඉඳම්ම ඉන්න Detective Chloe එහෙම නැත්තං Lauren German ඉන්නවනෙ,නැද්ද 😉 මෙන්න මේ දෙන්නව ඒ කියන්නෙ Lucifer සහ Chloe ලීඩ් කරගෙන Amanadiel,Maze හුරතල් Trixy ආය Detective duche වගේ අනිකුක් Role characters ලව එකතු කරගෙන ගලාගෙන යන කතාව ඇත්තටම Crime,Supernatural කැටගරි වලට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට මාරම ත්‍රිල් එකක් දුන්න 👌 විශේෂයෙන්ම කියන්න ඕන ඔය කිව්ව කැටගරි වලින්ම යන Supernatural වගේ අති සුපිරි නිර්මාණ Stream වෙද්දි තමයි මේක එලියට එන්නෙ 2016දි..ඒ ඇවිත් ඒ එක්ක කරට කර ගිය විදිහට ඇත්තටම Hats off 👌👏
However කේස් එක පටං ගන්නෙ මේකෙ තුන්වෙනි කතාමාලාවෙන් 🙁
මේ වෙනකොට Fox හරහා stream වෙවී තියන කතාමාලාව ඇත්තටම වැඩි වශයෙන් හොඳ උනත් mix reviews තමයි ලබාගන්නෙ,ඇත්තටම ඒ අතරින් වැඩි ප්‍රමානයක් හොඳ අහගන්න හේතු වෙන්නෙ ඇත්තටම Tom Ellis ගෙ අසම සම රංගනය නිසාම තමයි..කොහොම උනත් අනිකුත් කතා මාලාවලට සාපේක්ෂව එන්න එන්නම අඩු ratings නිසා Fox ල තීරණය කරනව තුන්වන සීසන් එකෙං පස්සෙ මේක නවත්තල දාන්න…මැදක් වෙනකල් හොඳටම ඇවිත් අන්තිම හරිය බොක කරල අන්තිමට එදිරිමුණිට වගේ ඉවරකරගන්න බැරිව හත්පොලේ ගාගෙන කොහෙවත් තැනකිං ඉවර කරල දාන්නෙ ඒ නිසා තමයි..😑
මෙහෙමයි මේ ගැන ගොඩාක් අය ගොඩක් කතා කියනව,මම කියන්නෙ ඉවර කරන්න සිද්ද උන දේ සහ ඒ තුන්වන සීසන් එක ඉවර කරපු විදිහ ගැන,කොහොම උනත් බහුතරයක් දෙනා පිලිගන්න හේතුව තමයි Bad producing 🙁 ඇත්තටම ඒක පැහැදිලි වෙනව Season 4 ඉඳං පස්සෙ

තුන්වන සීසන් එකෙං නවත්තල දාන්න හදපු මේ කතාව ලෝකයේ ඉහලම මට්ටමේ streaming Service එකක් වන Netflix විසින් අරගන්න තීරණය කරනවා..දැං,නිකමට හිතන්න Bad fan base හරි lame acting තියන leading characters හරි තියාගෙන කීයටවත් කුට්ටි ගානක් ඩොලර් විසිකරයිද Netflix ල..නෑනෙ 😏
ඒ දෙකේ නෙවෙයි අවුල කියල කනට ගහල පෙන්නන Netflix ල lucifer සීරීස් එක පන ගස්සල ගන්නෙ හිතන්න බැරි වේගෙකිං..❤️
Ratings සහ Critics බලං ඉන්දැද්දි නග්ගල ගන්න එයාලා ඇත්තටම සීරීස් එක පොලිෂ් කරල ලස්සන කරල ගන්නව..
හැම leading character එකකටම දෙන්න පුලුවන් ඉහලම Build up එකක් දෙන්න Netflixල වග බලාගන්නව මතකනෙ Ella ට වගේම Daniel ට පවා වෙනමම එපියක් දීලා මේන් කැරක්ටර් එකක් කරල ගන්න Netflix ල ලෝබ වෙන්නෙ නෑ..හැම Character එකක් වටාම යන Story line එක ලස්සනට Buildup කරන මෙයාලා,ඇත්තටම දැනෙන වෙනසක් කරන්න හැම පැත්තකිම්ම සමත් වෙනවා..👏👌❤️

මේකට ඇත්තටම ප්‍රධාන හේතුව වෙන්නෙ Very good homeworking කියල මම හඳුන්වන්න කැමති Netflix ල සතු ගුණය..බොහොම පුංචි Detail එකක් පවා තමන් Use කරන source එකෙන් ගන්න අමතක කරන්නැති මෙයාලා ඒක ඉතාම නිවැරදි තැනදි කතාව අස්සට ඔබන්න හරි දක්ෂයි..ඔයාලා Netflix ලගෙ නිර්මාණ එක්කම ඉන්නවනං බොහොම හොඳට පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි ඒ..❤️
Color tone එකේ ඉඳං VFX දක්වා අතරතුර තියන හැම දේම ඉතාමත් හොඳට Develop කරන Netflix ඒ අස්සෙං තමන්ට ආවේනික ගුණය ඉතිං එ් අස්සට ඔබන්න අමතක කරන්නෑ හැබැයි..😉 කිව්ව එක දන්නවනෙ 😁 Hint- Eva+Maze
ඔන්න ඔය විදිහට තමයි ඉතාමත් ඉහල නිර්මාණයක් වලපල්ලට යන්න නොදී බේරගෙන Netflix ල විසින් ඇදගෙන යන්නෙ…අනිවාරෙං Season six ගැනත් ගොඩක් ඉහල Hopes තියං ඉන්න guys මොකද ඒක පාඩු වෙන්නෑ..🦾

එහෙනං ඒ ගැන එච්චරයි…
අනිවාරෙම්ම ඔයාලගෙ අදහස් පහලිං දාගෙන යන්න අමතක කරන්න එපා 👇

ඊලඟ ලිපියෙං හම්බෙනකල්..
Ciao 👋
Stay hyped 💪

Admin-Malith M Nilupul




This Post Has One Comment

  1. Nisal thishakya

    LUCIFER supirima story ekak.
    s06 ekekn iwara wena eka thama awula.

Leave a Reply