You are currently viewing Highlander යුක්තියේ අසිපත

Highlander යුක්තියේ අසිපත

කතාව මට අනුව නම් අවුරුදු 20ට කලින් උදෑසන ජාතික රූපවාහිනිය ළගට එක්ක යන්නම්..📺

               Fantasy Universe ලංකාව ඇතුළෙ ගොඩනැගෙන්න ගොඩක් කාලයකට කලින් ලංකාවෙ පොඩි උන්ගෙ ඔළුගෙඩි ඇතුළට රිංගපු සුන්දරම වීරයෙක් හිටියා.. 

#Highlander...🗡️

         මේ කතාව, අපි ආසවෙන් බලපු Highlander Animated series එක ගැන.. ලාවට ඒකෙ සිංහලෙන් ගියපු "යුක්තියෙ අසිපත ලෙලදෙන්නට නම්) සිංදුවත් ඔළුවට දාගන්නකො..😊

          1986 දි Christoper Lambert විසින් රගදක්වපු #Conner_Macleod කියන Highlander චරිතය හිටපු චිත්‍රපටයෙ තියෙන කතාවට ගොඩක් කාලයකට පස්සෙ ගොඩක් අනාගතයෙදි ඒ කියන්නෙ 27 වෙනි සියවසේ ඉන්න Macleod පරපුරේ අන්තිමයා වෙන #Quentin_Macleod ආශ්‍රයෙන් තමයි කතාව ගළාගෙන යන්නෙ...

             උල්කාපාත ඝට්ටනයකින් පෘථිවියේ හැම දෙයක්ම විනාශ වුනාට පස්සෙ අවුරුදු ගණනාවක ගැටුම් එක්ක පෘථිවියේ ඉතුරු වෙලා ඉන්න අමරණීය පුද්ගලයන් කිහිප දෙනා එකතු වෙලා පොරොන්දුවක් ඇති කරගන්නව තමන් විසින් සොයාගත්ත වටිනාම දැනුම මතු පරපුර වෙනුවෙන් ඉතුරු කරගන්නව කියල..⚔️

   මුලින් ආව Highlander Films වලදි නම් අමරණීය හෙවත් Immortal කියන පිරිස පෘථිවියට පැමිණෙන්නෙ Planet zeist ඉදන්.. ඒ ග්‍රහලෝකයෙන් පිටුවහල් කරපු පිරිසක් තමයි මොවුන්.. ඉතින් පෘථිවියේ ස්වභාවයට හැඩ ගැහෙන විට ඔවුන් අමරණීයත්වයට පත් වෙනව.. සටනකින් සිදුවෙන මරණයක් හැරෙන්න ස්වාභාවික මරණයක් නම් ඔවුන්ට ලැබෙන්නෙ නෑ…

            Animated series අනුව නම් පැරණි දැනුම එක්ක 'The Quickening' නම් තත්වයක් ඇතුළෙ උපත ලබපු පිරිසක් තමයි අමරණීයත්වයට පත් වෙන්නෙ..ජීව විද්‍යාත්මකව ඔවුන්ට දරුවන් බිහි කරන්නත් බෑ ලු.. සියළුම අමරණීයයන් එකිනෙකාට සම්බන්ධයි.. ඒ වගේම ඔවුන් දැනුමෙන් සන්නද්ධ පිරිසක්..


    මේ වගේ හේතු නිසා ම Immortalවරු ඇති කරගත් පොරොන්දුවට එකග නොවීම කියන්නෙ මරණයකින් කෙළවර වෙන ගැටුමක්...

  මේ පොරොන්දුව ඇති කරගන්න අවසාන අමරණීය පිරිස තමන්ව ජෙටේටර්වරුන් ලෙස හදුන්වා ගන්නවා... මෙම අමරණීය පුද්ගලයෙක්ට හැකියාවක් තියෙනව කොන්දේසි කිහිපයක් යටතෙ තවත් අමරණීය පුද්ගලයෙක්ව සටනකින් පරාජය කරල ජීවිතක්ෂයට පත් කරන්න...

         තමන්ගෙ දැනුම තමන්ගෙ Soul එකත් එක්ක බද්ධ කරගෙන අසිපතක් ආධාරයෙන් තමන්ගෙ දැනුම වෙන කෙනෙක්ට ලබා දෙන විදියට තමයි දැනුම පරිස්සම් කරගන්නෙ...🗝️

                 මෙන්න මේ සීන් එකෙදී එක අමරණීය පුද්ගලයෙක් මේ පොරොන්දුවට එකග වෙන්නෙ නැතුව විරුද්ධ වෙනව.. මිනිහට ඕන වෙන්නෙ ඒකාධිපති පාලනයක් ඇති කරගනිමින් ලෝකයෙ ඉදිරි පරපුර තමන්ට ඕන විදියට පාලනය කරන්න…

ඒ තමයි අපි හොදට දන්න කියන #Krotan.😠

         Krotan එක්ක අපි කලින් කියපු Conner Macleod කරන සටනින් Conner ව මරණයට පත්වෙනව..  ඉතින් Krotan විසින් MoGonda කියන බළකොටුව පිහිටුවා ගෙන තමන්ගෙ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන කාලෙදි අනාවැකියක් එනව තවත් අවුරුදු 700 ට පමණ පසු වීරයෙක්ගෙ පහළ වීමක් ගැන...

         ඒ තමයි අපි Cartoon එකෙන් යාලුවෙක් කරගත්ත Quentin Macleod...😌

          තමන්ගෙ හොදම යාලුවා වුන කොනර් මැක්ලියොඩ් ගෙ මරණයෙන් පස්සෙ සැගවුනු ජීවිතයක් ගත කරමින්, අනාගතයේ පහළ වෙන්න ඉන්න වීරයාට හැම දෙයක්ම උගන්වන්න බලාගෙන ඉන්න අවුරුදු 3000 වඩා වැඩි කාලයක් ජීවත්වෙන අමරණීය විශේෂ චරිතයක් ඉන්නව...🏇

ඒ තමයි Don_Vincente_Marino_Ramirez.

        Ramirez විසින් Quentin Macleod ව සොයා ගැනීමෙන් පස්සෙ ඔහුට Krotan ව පරාද කර නැවත ලෝකය යහපත් තැනක් කරන්න කරන පුරුදු පුහුණු වීම් සහ ඔවුන් යෙදෙන වීර චාරිකාව ගැන තමයි Highlander කාටුන් කතාංගය පුරාම අපිට බලාගන්න ලැබුනෙ...

          Ramirez, පුංචි නැගණිය Clyde සහ ඔවුන්ගෙ ආදරණීය සුරතලා Gaul ගැනත් මතක් කරන්නම ඕන...  Gaul කියන්නෙ වානරයෙක් සහ සුනඛයෙක් mix වෙලා හැදුන Grans කියන වර්ගයේ බුද්ධිමත් ජීවියෙක්.. 

           විශේෂම දේ තමයි Highlander විසින් තමන්ගෙ Powers එහෙමත් නැත්නම් දැනුම ලබාගන්න ලෝකය පුරා විසිරිලා ඉන්න ජෙටේටර්වරුන් සොයා යනව...

       මෙහිදි අදළ Jetetor සහ Macleod එකවර අසිපත ග්‍රහණය කරගන්නකොට තමයි ජෙටේටර් ගෙ Soul සමග බද්ධ වුන දැනුම Macleod ට ලැබෙන්නෙ... මේක ටිකක් විනාශකාරී දෙයක්වෙන්න පුළුවන්.. ගොඩක් අවස්ථා වලදි අසිපත කැඩෙනව දකින්නත් පුළුවන්...🗡️

                     කොහොම නමුත් දුෂ්ඨයන් සහ වීරයන් යන දෙපිරිසේම කලු සුදු ස්වභාවයන් අපිට බලාගන්න පුළුවන් මේ කතාවෙදි..⚖️ අවසානයේදි Krotan ව Highlander Quentin macleod විසින් පරාද කරල ඔහුගෙ ඒකාධිපතිත්වය ලෝකයෙන් තුරන් කරල දානව...

      මතකද Highlander සහ Remirez අශ්වයො වගේ (අශ්වයොන්ගෙ ළගින්වත් තියන්න බෑ හැඩේට නම් ) සත්තුන්ගෙ පිටේ නැගල යනව.. අන්න ඒ සත්තුන්ට කියන්නෙ Gavors කියල.. පැස්බරා සහ උරගයන්ගෙ පෙනුම Mix වෙන සතෙක් ඒ.. අශ්වයෙක්ට වගේ දැනුමකුත් තියෙනව ලු...

       තව අර සුදු පාට ලොකු සත්තු වර්ගයක් ඉන්නෙ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න.. ඒ සත්තුන්ට කියන්නෙ Gorans කියල...

       Quentin Macleod හට දැනුම ලබා දෙන්න කලින් ඕනෑම ජෙටේටර්වරයෙක් තමන්ගෙ පොරොන්දුව කඩ කරනව නම් Remirez වෙනම ගිවිසුම් ගත වෙලා ඉන්නව ඔවුන්ව මරා දමන්න..

                අපිට අමතක කරන්නම බැරි තව චරිත ඉන්නව ඉතින්.. ඒ අතර General Arak, ක්‍රෝටෑන් ගෙ විහිළුකාර සේවකයා Malone එහෙම ප්‍රධාන තැනක් ගන්නව..

                                 Highlander කාටුන් කතා මාලාවෙදි තේමා ගීතය තමයි මාරම Nostalgic feeling එකක් ආවෙම.. 

Animated series අපි වෙතට සිංහලෙන් හඩකවලා, ඒකට ගැළපෙන ගීතයක් නිර්මාණය කරල අපි අතරට ගෙන ආව #අතුළ_රන්සිරිලාල් මහත්මයාවත් ❤️ගෞරවයෙන් සිහිපත් කරන්නම ඕන..

          ඒ නම එක්කම මතක් වෙන #ටයිටස්_තොටවත්ත ❤️නාමයත් Hype Zone අපි ආදරයෙන් මතක්කරනව..


      ලිපිය ලියන්න ආසාවක් ආවෙ නම් ධනුෂ්ක දිල්ෂාන් සහෝදරයා ළගදි Hype Commiunity ට එකතු කරල තිබුන Highlander තේමා ගීතය නිසා..🎶

ඉදිරියේදි, අපි කවුරුත් Superman ලෙස හදුනාගත්ත Henry Cavill විසින් Highlander චරිතය චිත්‍රපටයක රගදැක්වීමට යන බවට නිළ නොවන පුවතක් තියෙනව.. ඒක සාර්ථක වෙන්න කියල අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු…

 "අහස පොළව හිරු සදුට ගරු කළෝ..
       ලොවට ආදරේ මිනිසුන් වූවෝ...

උත්සාහයෙ හුස්මින් පණ ලැබුවෝ..
සදාකාළිකව විරුවන් වූවෝ…”

         ජයවේවා..!!

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

admin-#KrishanRodrigo

Leave a Reply