මීදුම අතරින් ගෝන අං තට්ටුවක් 🦌එක්ක මිනිස් ජායාවක් පෙනුනොත් ඔයාට එක පාරට කවුද මතක් වෙන්නෙ..❓
#Robin_Hood වෙන්න එකාට එකා ගහ මරාගන්න පොඩිකාලෙ යාලුවො අතරෙ, ගිනි ගොඩකින් එන දුම අස්සෙන් එහෙට මෙහට ඇවිද ඇවිද '#Herne' වෙන්න ආසාවක් තිබුන ළමා කාලයක් පෞද්ගලිකව මට නම් තිබුනා….
ඇත්තටම Robin of Sherwood කතා මාලාවෙදි අපිට හමුවුන සුවිශේෂී චරිතය වුන Herne එහෙමත් නැතිනම් Herne the Hunter කියන්නෙ කවුද..❓
මේ Herne the Hunter ගැන පොඩි සටහනක්…
🛡️ Robin hood තුළ චරිතයක් වෙන්න කලින් Herne the Hunter කියන්නෙ පැරණි බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක්.. ඇත්තටම කිව්වොත් Berkshire වනාන්තරය තුළ සිටි අදුරු ආත්මයක්…📜
🛡️ මුලින්ම Herne ගැන සදහන් වෙන්නෙ 1597 දි විලියම් ශේක්ෂ්පියර් විසින් රචිත The merry wives of windsor කියන නාට්‍යයෙන්…📑
🛡️ රජුගෙ අභිමතය අනුව Windsor වනාන්තරයේ වන ආරක්ෂකයෙක් වුන Herne තමන්ගෙ කාර්‍යය මනාව ඉටු කරන නිර්භීත දුනුවායෙක් විදියට සැළකුවා…🏹
🛡️ Herne ලොක්කගෙ Costume එක ඒ කාලෙ ඉදන්ම අපි Robin hood තුළින් දැකපු විදියම තමයි.. ගෝන හමක් අං තට්ටුව සමග පොරවගෙන ඉන්නෙ…
වන ආරක්ෂකයෙක්නෙ ඉතින්..
🛡️ සතුරු කුමන්ත්‍රණයක් හේතුවෙන් රජතුමා Herne එක්ක ඇතිකරගන්න ගැටළුවක් නිසාම Herne විසින් ඕක් ගසක අත්තක ගෙල වැළදා ගෙන අභිරහස් ලෙස සියදිවි නසා ගත්තලු..🧐
🛡️ නමුත් අවංක නිර්භීත පුද්ගලයෙක් නිසා ම Herne ගෙ ආත්මය, මරණයෙන් පස්සෙ ජර්මානු ගෝත්‍රිකයන්ගෙ විශ්වාසය අනුව Votan හෙවත් Odin ගෙ යටතෙ වනාන්තරයෙ දඩයම් වලට අධිපති අදුරු ආත්මයක් ලෙස Windsor වනාන්තරය වගේම එංගලන්ත සීමාවෙ තියෙන සෑම වනාන්තරයකම ජීවමාන වෙන්න පටන්ගත්තා…⛰️
🛡️ මරණයෙන් පස්සෙ වනාන්තරයේ ආත්මයක් බවට පත්වෙනකොට Herne ව දකින්න ලැබෙන්නෙත් අපි කවුරුත් දැකල පුරුදු විදියටම තමයි…
🛡️ Robin hood ගෙ පිබිදීම එක්ක හර්න් ස' 😌 Robinට උපකාර පිණිස පැමිණීම සහ Robin Hood තමන්ව Son of Herne the Hunter විදියට තමන්ව හදුන්වාගන්නව..
🛡️ Robin Hood ව ‘ The hooded man’ කියල අන්වර්ථ නාමයකින් බෞතීස්ම කරල Robin ට මග පෙන්වන්නෙ Herne ස’ තමයි ඉතින්…
🛡️ Marvel Comics අනුව ඉතින් Herne කියන්නෙත් Asgard ආරෝපණයක් තියෙන Viking සම්භවයක් ඇති දෙවි කෙනෙක්..
Superhuman speed, stamina level, magic power වගේ ගොඩක් දේවල් Marvel Comics තුළ දි Herne ගෙන් දකින්න පුළුවන් ...
🛡️ Dc comics අනුව Green arrow අතීතයට ගියපු වෙලාවක ඔහුට සහ Robin hood ට Herne උදව් කරල තියෙනව කියලත් දැනගන්න ලැබුනා..
🛡️ මීට අමතරව Hellboy කොමික් තුළත් Herne the Hunter සහ ඔහුගෙන් පසු පැවතෙන පරපුර ගැන කියවගන්න පුළුවන්…
🛡️ Herne රාත්‍රී කාලයේදි🌙 වනගත ආත්මයන්ගෙන් සැදුම්ලත් විශාල දඩයම් කණ්ඩායමක් එක්ක මුව දඩයමේ යෙදෙන බවත් ජනප්‍රවාදයේ කියවෙනව…
🛡️ Robin Hood ගැන එංගලන්තවාසීන්ගෙ ජනප්‍රවාද සමගම Herne ගැනත් ප්‍රධාන වශයෙන් කියවෙනව.. Berkshire, Windsor සහ Sherwood ඇතුළු වනාන්තර ප්‍රදේශ වල අදටත් Herne සැරිසරනව ඇති සමහරවිට..
⭕ මිථ්‍යා මත අනුව නම් වික්ටෝරියානු යුගයේදී දඩයම් වල නිරත වුනු එංගලන්තවාසී බහුතරයකට Herne ව දර්ශනය වෙලා තිබුනා.. Herne ව දර්ශනය වෙන්නෙ ස්වාභාවික විපතක් හෝ රාජ්‍යයට යම් හානිකර තත්වයක් උදාවෙන්න කලින් ලු… 😯
1980 Robin Hood කතා මාලාව සමග Herne ගෙ පුරාවෘතයන් ගැන අළුතෙන් කතා කරන්න පටන් ගත්තා.. Herne වනාන්තරයේ ආරක්ෂක දිව්‍ය ආත්මයක් විදියට සළකන්න පටන් ගත්තා කියන්නත් ඕන..🙂
Herne the Hunter චරිතය අද වෙනකොට විවිධාකාර සාහිත්‍ය කෘති ජනප්‍රවාද හා බැදුනු ගීත එක්ක ගොඩක්ම කියවෙන නමක්..
Robin of Sherwood තුළින් Herne චරිතය අපේ හිත් තුළ පැළපදියම් වෙන්න සුපිරි රංගනයක් ලබා දුන් John Abineri මහත්මයා ගැනත් ආදරයෙන් මතක් කරන්නම ඕන..
Silver arrow එකත් ඒ කාලෙ Robin hood රසවිදපු ප්‍රේක්ෂකයෙක්ට අමතක වෙන්නම බෑ ඉතින්...🖤
Herne එක්ක ඉතිහාසයේ බැදිලා තියෙන්නෙ ජනප්‍රවාද විතරක් ම නෙවෙයි ඉතින්.. අපේ සුන්දර ළමා කාලයෙත් Herne අපි එක්කම හිටියා…
ඉදිරියෙදිත් ඉන්නව කියල බලාපොරොත්තු වෙන ගමන්
ආයෙත් Post එකකින් සෙට් වෙනකම් ජයවේවා …!!! කියල කියනව සියළුම Nottingham ජනපද Hype Zoneවාසීන් ට…
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
#May_Herne_Protect_You…!!!
Admin – #KrishanRodrigo