💠 අද මම කතා කරන්නෙ 2017 release උන Netflixලාගෙ mini series එකක් ගැන. මේක Western genre එකට අයත් series එකක් Average run time එක පැය 1යි විනාඩි 10ක් විතර වෙන episode 7ක් තියෙනවා. IMDb 8.3 එක්ක Rotten 🍅 එකේ 83%ක ratings තියනවා. Band Of Brothers, Queens Gambit වගේ masterpiece mini series අතරේ Godless series එකටත් සුපිරි තැනක් ලැබෙනවා. ඒවගේම මේ series එක ලියන්නෙත් Direct කරන්නෙත් Queens Gambit එකේ main writers උන Scott Frankම තමා. පොරගෙ වැඩ ගැන ආපහු අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. Western genre එකේ තියන The Magnificent Seven, The Good the Bad and the Ugly වගේ iconic western movies බලලා ඇතිනේ ඒ රහට කැමති අය අනිවා බලන්න ඕනි series එකක් තමා Godless කියන්නෙ. 🤤❤️
💠 සාමාන්‍ය Western කතා වල තියන ගතිය මේකෙත් තියනවා. හැමවෙලේම තුවක්කුවක් රිවෝල්වරයක් 🔫 අතේ තියාගෙන කොලිවෙලේ එකෙක් මරයිද කියල හිතාගන්න බැරි කුකුල් කේන්ති කාරයෝ මේකෙත් ඉන්නවා. ඒවගේම කියන්න ඕනි Actorලාගෙ acting සුපිරිම ලෙවල් එකක තියනවා 🔥. Series එකේ cast එක දිහා බැලුවොත්,
🔅Jack O’Connell AKA Roy Goode
🔅Michelle Dockery AKA Alice Fletcher
🔅Jeff Daniels AKA Frank Griffin
🔅Merritt Wever AKA Mary Agnes
🔅Thomas Brodie-Sangster AKA Whitey Winn
🔅Scoot McNairy AKA Bill McNue
🔅Kim Coates AKA Ed Logan
🔅Tantoo Cardinal AKA Iyovi
🔅Sam Waterston AKA Marshal John Cook
💠 කතාව පොඩ්ඩක් බැලුවොත්
⭕️ Spoilers free ⭕️
කතාවට මූලිවම Based වෙන්නෙ La Belle කියලා පුංචි town එකක්. මේ town එකේ හැමෝගෙම වගේ ආදායම් මාර්ගෙ වෙන්නෙ town එකේ තියන රිදී පතල. එක දවසක් town එකේ පිරිමි අය පතලට බැහැලා ඉන්න වෙලාවක් පතල කඩන් වැටිලා ඔක්කොම පිරිමි ටික යට වෙනවා එක මිනිහෙක් විතරයි බේරෙන්නෙ එයටත් පිස්සු හැදෙනවා. මුළු town එකටම ඉන්නෙ ඉන්නෙ ඇස් පෙනීම අඩු Sherif කෙනෙකුයි එයාගෙ දෙවනියයි තව වයසක පිරිමි දෙතුන් දෙනෙකුයි වැන්දඹු කාන්තාවෝ තිහ හතලිහකුයි විතරයි. හැම වැඩක් කරන්නෙ ගැහැනු අය.
කතාවෙ තව පැත්තකි ඉන්නවා ෆැරෑක් ග්‍රිෆින් (Frank Griffin) කියලා අපරාද කාරයෙක්. පට්ටම Badass පොරක්. එයාගෙ කණ්ඩායමේ ඉන්නවා රෝයි ගුඩ් (Roy Goode) කියලා ඩයල් එකක් පොරත් සුපිරිම වැඩ්ඩෙක් තමා මිනිහට ෆෑරෑන්ක් පුතෙක්ට වගෙ මුලදි සලකන්නෙ. එයාට ටිකෙන් ටික ෆෑරෑන්ක්ගෙ වැඩ අල්ලන්නෙ නැතුව යනවා. ඒ නිසා මෙයා කණ්ඩායමටයි ෆෑරෑන්ක්ටයි ද්‍රෝහි වෙනවා. එක මංකොල්ලයක් වෙලාවක් මෙයා මංකොල්ල කාපු සල්ලි ඔක්කොම හොරකම් කරගෙන පැනලා යනවා. (හොරුන්ගෙනුත් හොරකම් කරනවා 😅) මේ සිදුවීම වෙලාවෙ තවත් පොඩි seen එකක් වෙනවා මම ඔක්කොම කියන්න යන්නෙ නෑ මුල් එපියෙම තමා ඔය seen එක වෙන්නෙ. රෝයි පැනලා යනකොට gang එකත් එක්ක වෙඩි හුවමාරුවක් කරන්නවා ෆෑරෑන්ක්ගෙ එක අතක් ඔතනිදි නැතිවෙනවා රෝයිටත් වෙඩි වඩිනවා. වෙඩි කාපු රෝයි අන්තිමට ගිහිල්ලා නතර වෙන්නෙ La Belle වල. ෆෑරෑන්ක් රෝයිව හොයාගනීද… La Belle town එකේ අය මෙයාලගෙ සටනට කොහොම මැදිහත් වෙයිද…
හරි එහෙනම් මම තවත් කතාව කියන්නෙ යන්නෙ නෑ ඉතුරු ටික ඔයාලටම දැනගන්න පුලුවන්.
කතාවෙ සමහර ප්‍රධාන චරිත එක පාර වෙඩිකාල මැරිලා යනවා හරියට polt twist වගේ 🤕. කතාවෙ අන්තිමට පට්ට් heartbreaking seen එකකුත් තියනවා 💔😥. spoil කරන්නගන්න නම් එපා. 🖐
💠 Cinematography & Color grading
Cinematography ගැන කතාකරනවානම් මුලින්ම කියන්න ඕනි මේකෙ තියන wide shots ගැන ඇත්තටම සිරාම wide shots වගයක් තියනවා. Series එක බලපු කෙනෙක් නම් එහෙම දන්නවා last එපියෙ ending seen එක එහෙම පට්ටම shots ටිකකින් තමා ඉවර වෙන්නෙ. Personally මගෙ favoriteම සීන් එකක් තමා 6 වෙනි එපියෙ ending seen එක අර මුලු town එකම උදේ නැගිටලා පවුලේ අයත් එක්ක පතල ගාවට ඇවිත් පිරිමි අය ලිෆ්ට් එකෙන් පහලට යන කොට ගැහැනු අයයි ළමයිනුයි උඩ ඉදන් බල්ලන් ඉන්න shot එක ලිෆ්ට් එක ඇතුලේ ඉදන් shoot කරලා තියෙන්නෙ ඒකෙන් series බලන අයට සිරාවටම feel වෙනවා පවුලේ අයගෙන් වෙන් වෙලා යන ඒ සීන් එක. 😟♥️
Colour grading ගැන කියනවා නම් ගොඩක් western කතා වල වගේ කහ,දුඹුරු,මඩ පාට වගේ colours use කරලා ඒ culture එක ඒ දේශගුණය feel වෙන විදිහට හදලා තියනවා. තව series එකෙ අතීත සිදුවීම එහෙම පෙන්නන වෙලාවට අමුතුම විදිහේ අළු පාටක් එක්ක අළු පාට මැද්දෙන් අර කලින් කිව්ව දුඹුරු පාට හුරු පාටවල් කැපිලා පේන්න edit කරලා තියනවා ඒකත් සිරාම වැඩක්. 🔥
ඒ වගේම කියන්න ඕනි මේක Netflixලාගෙ high budget mini series එකක් ඒක නිසා ඒක නිසා qualityය ගැන වද වෙන්න එපා. CGI & VFX ලොකුවට use කරන්නෙ නැතුව New Mexico හි real location වල තමා series එක shoot කරලා තියෙන්නෙ. ගොඩක් action sequence & අශ්වයන් පිටේ යන seen වලටයි ඇත්තම actors ලව train කරවලා තමයි අරගෙන තියෙන්නෙ.
Thomas Brodie-Sangster (The Maze Runner film series එකේ නිවුට්) interview එකකදි කියනවා web series එකක් උනාට production set එක film එකක් shoot කරන set එකක් වගේම සුපිරියට තියනවා කියලා.
💠 Awards Winners & Nominations
🔺Winners
🔻Primetime Emmy Award for Outstanding Supporting Actor in a Limited or Anthology Series or Movie 2018 – Jeff Daniels
🔻Primetime Emmy Award for Outstanding Supporting Actress in a Limited or Anthology Series or Movie 2018 – Merritt Wever
🔺Nominations
🔻Primetime Emmy Award for Outstanding Limited Series 2018
🔻Primetime Emmy Award for Outstanding Lead Actress in a Limited or Anthology Series or Movie 2018 – Michelle Dockery
🔻Primetime Emmy Award for Outstanding Directing for a Limited or Anthology Series or Movie 2018 – Scott Frank
🔻Primetime Emmy Award for Outstanding Writing for a Limited or Anthology Series or Movie 2018 – Scott Frank
🔻Directors Guild of America Award for Outstanding Directing – Miniseries or TV Film 2018 – Scott Frank
🔻Writers Guild of America Award for Best Original Long Form 2018 – Scott Frank
🔻Primetime Creative Arts Emmy Award for Outstanding Casting for a Limited or Anthology Series or Movie 2018
🔻Critics’ Choice Television Award for Best Limited Series 2018
🔻Critics’ Choice Television Award for Best Actor in a Limited Series or Movie Made for Television 2018 – Jeff Daniels & Jack O’Connell
🔻GLAAD Media Award for Outstanding TV Movie or Limited Series 2018
💠 අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ මේක සුපිරිම series කියලා තමා. Western genre එකට ආස අය අනිවා බලන්න ඕනි series එකක්. Western එච්චරටම සෙට් නැති අයටත් මම මේක recommend කරනවා මොකද මේක storyය පට්ට. එපි 2ක් විතර බලනකොට අනිවා ඔයාලට කතාව සෙට් වෙයි. ❤️🔥
මම මේකට දෙනවා 10න් 9ක්. 💯💓
AIN’T NOTHING SCARIER THAN A MAN WITH A GUN AIN’T NOTHING MORE HELPLESS THAN A MAN WITHOUT ONE
Admin – Pasindu Ransilu