You are currently viewing Cobra Kai ගැන දැනගමු

Cobra Kai ගැන දැනගමු

මම අද කතා කරන්න යන්නෙ Cobra Kai Series එක ගැන. මේක අයිති වෙන්නෙ Comedy /Action fiction category එකට. ගොඩක් අය අහලත් ඇති බලලත් ඇති මොකද මේක තමා අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් (The Karate Kid මුල් චිත්‍රපට 3) පාදක කරගෙන අනාගතෙ සිදුවීම මාලවක් ගැන නිර්මාණය වුන හොඳම කතාමලාව. (විත්අවුට් එනි ඩවුට්)

⛔️ No spoilers ⛔️

📌️ මේකෙ මුල් සීසන් 2ක් විකාශනය උනේ Youtube Premiere හරහා හැබැයි 3 වෙනි season එකෙන් එහාට වැඩේ කරගන්න යන්න Youtube ආයතනය කැමති වෙන්නෙ නෑ ඒ නිසාම Sony Pictures Television ආයතනය netflix වලට project එක බාරදෙනවා. ඒවගේම 3 season එක release වෙන්නත් කලින්ම netflix එක 4 වෙනි season එක දක්වාම කතාව දීර්ඝ කරනවා. Storyයේ කොලිටි ඒකෙන්ම තේරනවනෙ✨️🔥….. කොහොමහරි netflixලා නිල අයිතිය ලාබාගත්තත් හරි series එක netflix එකේ නැරඹුම් වාර මිලියන 50 ඉක්මවා ගිය,netflix තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත් series 10 අතරටද එකතු වෙනවා….❤️👀

📌️ ඒත් එක්කම කියන්න ඕනි මේකෙ cast එක ගැන,

♦️Xolo Maridueña As මිගෙල් ඩියැස්

♦️William Zabka As ජොනී ලොරන්ස්

♦️Ralph Macchio As ඩැනියල් ලරූසෝ

♦️Mary Mouser As සැමැන්තා ලරූසෝ

♦️Jacob Bertrand As ඊලායි මොස්කොවිට්ස් (හෝක් 😅)

♦️Tanner Buchanan As රොබී කීන්

♦️Courtney Henggeler As ඇමැන්ඩා ලරූසෝ

♦️Gianni DeCenzo As දිමිත්‍රි

♦️Martin Kove As ජෝන් ක්‍රීස්

♦️Peyton List As ට්‍රෝයි නිකොල්ස් ඇතුළු තවත් තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…cast එක නම් සුපිරියක්.

📌️ දැනට season 3 ක් release වෙලා තියෙනවා 4 වෙනි season එක මේ අවුරුද්දෙ අගභාගයේ එනවා කියලායි තියෙන්නෙ නළු නිළියන්ගෙ instergtam post වල තියන විදිහට 4 වෙනි season එකේ shooting මේ දවස් වල කෙරීගෙන යනවා. එක season එකක episode 10 ගානෙ ඔක්කොම epi 30 ඇවිල්ලා තියෙනවා එක එපියක් run time එක මිනිත්තු 30 ක් වගේ තියනවා. (ඒ කියන්නෙ මේක ඉක්මනින් බලලා ඉවර කරන්න පුලුවන් series එකක් ❤️)

📌️ Cobra Kai Series එකේ මුල් Karate Kid ෆිල්ම් 3 ත් එක්ක Easter Eggs බර තොගයක් තියෙනවා ඒවා ඔක්කොම type කලොත් ලිපිය දාන්න වෙන්නෙ නෑ 😅 ඒක නිසා මේ වීඩියෝ එක බලන්න 👉👉 Every Hidden Easter Egg in Cobra Kai | Netflix කොච්චර කොලිටියට connected ද කියනවා නම් background music,same costumes,මිගෙල්ගෙයි සෑම්ගෙයි Date එක1984 ආපු Karate Kid ෆිල්ම් එකේ ඩැනියෙල්ගෙයි ඇලීගෙයි Date එක වගෙමයි. වගෙ දේවල් පවා පට්ටෙට බලලා තියෙනවා… මෙතන විශේෂත්වය තමා Karate Kid release වෙලා දැන් අවුරුදු 30 කටත් වැඩියි. කොහොමද ගේමක් දෙන්න ඇද්ද වැඩේ ගොඩ දාගන්න. Its a excellent work ✨️

📌️ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා cobra kai බලන්න Karate Kid සෙට් එක බලන්න ඕනිද කියලා. එහෙම එකක් නෑ ඒ උනාට බලලා තියනවා series එකේ charactors ගැන හොද අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදිහට මුල ඉදන්ම කතාවෙන 3 වෙනි season එකේ අන්තිම epi දෙකේ ඉන්න ඇලී ගැන,අර ජපන් කෙල්ල ගැන (කුමිකෝ). මමත් මුලින් බලලා තිබුනෙ 1984 ආපු එක විතරයි. මම කියන්නෙ අඩුම ඒක විතරක් බැලුවාත් series එක හොදට enjoy කරන්න පුලුවන්. දෙවනියට ආපු ෆිල්ම් දෙකම failures ඊට පස්සෙ 1994 කෙල්ලෙක් ඉන්න Karate Kid ෆිල්ම් එකක් එනවා ඒකෙන ෆරැන්චයිස් එකට කෙලම වෙනවා.2010 ආපු Jaden Smith(Will Smith ගෙ පුතා) එකක් Jackie Chan ඉන්න ෆිල්ම් එක ටිකක් හොඳට තිබුනා ඒත් ratings වැඩිය නෑ. ඒත් ඉතින් Cobra Kai series එක ඔක්කොම වෙනස් කලා….. වර්තමාන පරපුරට අතහැරුනු 80s වල ෆිල්ම් series එකක් ආපහු මතක් කරලා දුන්නා. 👀

📌️ ඒත් එක්කම කියන්න ඕනි Karate Kid එකේ කතාව යන්නෙ ඩැනියෙල්ගෙ පැත්තෙන් වගේ මේකෙ කතාව ගොඩක් දුරට කතාව යන්නෙ ජෝනිගෙ පැත්තෙන්. ඇත්තම සමහර වෙලාවට Who is the good guy ? සීන් එකක් තියෙන්නෙ. මට නම් මේකෙ සුපිරිම Character එක මිගෙල් ගොඩක් අයට එහෙමයි. ඇත්තටම Miguel Is The Choosen One මොකද මිගෙල්ගෙ character එක Half ඩැනියෙල් (young) & Half ජොනී (old). මොකද මිගෙලුත් Karate Kid එකේ ඩැනියෙල් වගේ අලුතෙන් ටවුමට ඇවිල්ලා ඉස්කෝලේ ඉන්න සමහර පෝසත් කොල්ලන්ගෙ (like old johnny 😅) කරදර වලට අහුවෙලා කරාටේ ඉගෙනගෙන උන්‍ට ගහලා All Valley Karate Championship එකත් දිනනවා. ඒවගේම දෙන්නගෙම අම්මා විතරයි ඉන්නෙ. Johnny ගෙ පැත්තෙන් බැලුවොත් මිගෙලුත් කරාටේ ඉගෙන ගන්නෙ Cobra Kai Dojo එකෙන් ජොනීත් එහෙමයි. ඒවගේම Xolo Maridueña (මිගෙල්) interview වලදිත් කියලා තියනවා series එකේ bestම chemistry එක තියෙන්නෙ මිගෙල්ගෙයි ජොනීගෙයි අතර කියලා. ඒක හරියටම හරි කියලා බලපු අය දන්නවා. 💯

📌️ මමත් Karate Kid වල fan කෙනෙක් නෙමෙ ඒත් මම cobra kai බැලුවෙ පිස්සුවෙන් වගේ. ගොඩදෙනෙකුත් එහෙමයි. ඒකට එක හේතුවක් තමා මේකට අරන් තියන high school ආ(ර්)ක් එක. කොහොමත් ඒ වගෙ series වලට ගොඩක් අය කැමතිනෙ. ලගදී ආපු Sex Education,Never Have I Ever,13 Reasons Why වගේ සීරියස් ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උනානෙ. ඒ වගේම මේකේ හොද comedy ආ(ර්)ක් එකතුත් තියනවා. Action, Comedy, Teen Romance, පොඩි පොඩි Emotional Part එක්ක මටනම් සරලවම Cobra Kai කියන්නෙ Masterpiece එකක්. 🔥❤️

📌️ මම කලින් කිව්වනෙ මේක තමා අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගතෙ සිදුවීම මාලවක් ගැන නිර්මාණය වුන හොඳම කතාමලාව. ඒකට හොඳම උදාහරණය තමයි මේ…(IMDb)

♦️The Karate Kid 1984 (1) – 7.3

♦️The Karate Kid 1986 (2) – 6.1

♦️The Karate Kid 1989 (3) – 5.3

♦️Cobra Kai 2018 – 8.6

ආයි කියන්න දෙයක් නෑ නේ ඉතින් අනිවා බලන්න වටින series එකක්. ❤️🔥

නිකමට ඊලග සීසන් එකේ වෙන්න තියන දේවල් ගැන බලනවානම්,

♦️51th All Valley Karate Championship එක තියෙනවා

♦️Dojo එකතු වෙලා ජෝන් ක්‍රීස් එක්ක සටනට ලෑස්ති වෙනවා.

♦️මිගෙල් ජොනී ගැනයි කාර්මේන් ගැනයි දැන ගන්න තියනවා. (It will de interesting)

♦️……..

4 වෙනි season එකත් මේ වෙනකොට shoot කරලා ඉවරයි. (2021 මැයි 19) 🤩❤️

As a facts – right now Johnny is the most fu*ked up father in the world 😅💔

දැනට ඇවිල්ල තියන සීසන් වලට මම 9.5/10 දෙනවා. ඉතුරු ටිකත් කොලිටියට එයි කියලා තමා මම නම් හිතන්නෙ. 🔥

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්නඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්නකියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න

https://youtube.com/c/HypeZoneඅහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

COBRA KAI NEVER DIES

Admin-Pasindu Ransilu

Leave a Reply