You are currently viewing Anime බලන්න පටන් ගනිමුද ?

Anime බලන්න පටන් ගනිමුද ?

බලන්න හොඳ පික්ස් ටිකක් ගැනයි මේ එහෙනම්..⚡😍

කාලෙන් කාලෙට එක එක Variations තියෙන එක එක Genres වල Entertaining Topics Trending වෙනවා. 💯

ඉතින් Quarantine Break එකත් එක්ක ලංකාවෙ Geeks ල අතර ආපහු උඩට ආපු Topic එකක් තමයි Anime කියන්නෙ. Anime වල Episodes ගාණවැඩියි, Anime Childish වැඩියි, Anime Fantasy විතරයි අරව මේවා Blah…Blah… Blah… හේතු නිසා Anime Culture එකට බහින්න අදිමදි කරපු ගොඩක් අය Anime Franchise එකට බැහැල Otaku ල වෙනහැටි මේ ටිකේම අපි දැක්ක. 🙏

ඉතින් Anime ගැන තියෙන දුර්මත පැත්තක දාල Anime Fandom එකට එකතුවෙල ඉන්න අපේ අලුත්ම Weebs ල Otaku ල සෙට් එකට තමයි මේ ලිපියෙන් පොඩි Push එකක් දෙන්නෙ. ඔයත් Anime බලන්න කැමති ඒත් ඒක පටන් ගන්න Idea එකක් නැතුව ඉන්න කෙනෙක්නම් මෙන්න මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි. ඒ වගේම ඔයා Anime බලන එක්කෙනෙක්නම් සමහරවිට මේකෙ සමහර Shows ඔයා නොබල තියෙන්න පුළුවන්. ඉතින් එයාලටත් මේක වැදගත් වෙයි.🙏❤

මේ ලිපියෙන් Beginner Level එකේ එක්කෙනෙක්ට මම Recommend කරන Shows 5ක් ගැන තමයි අවධානය යොමුකරේ. ඉතින් මේ Shows 5ට වඩා මෙතනට එන්න ඕනි කියල හිතෙන Shows අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මගේ Taste එක නෙවෙයි හැමෝටම තියෙන්නෙ. ඒත් Anime වල Episodes ගාණෙ Limit බව. ඒකට හම්බවෙච්ච Global Attention එක. Genres කිහිපයක Spread වෙලා තියෙන එක. ඔය එකී මෙකී නොකී හේතු ටිකක් සලකල තමයි මේ List එක හැදුවෙ. ඔයාගෙ Favourite Show එක පහතට දාල එහෙම නෙවෙයි හොඳේ. ඔයාගෙ Favourite Show එක ගැනත් පහළින් Comment කරන් යමු. හරි අපි යමු List එකට…🌍

Death Note

Source: PYRAMID INTERNATIONAL

ආයෙ අහන්න දෙයක් නෑ. මේක නැති Anime Recommendations කුමටද? මේක GOAT. Undoubtedly GOAT show එකක්. Episode 38යි. එක හුස්මට Binge කරන්න පුළුවන් පට්ටම Anime එකක්. කතාව ගත්තම Shinigami කෙනෙක් තමන්ගෙ Notebook එකක් අතාරිනවා මනුස්ස ලෝකෙට. ඒක ඇහිදගන්න Light Yagami කියන කොල්ලෙක් ඒකෙ තියෙන User Guide වගේ තියෙන Instructions බලල අපරාධකාරයෙක්ගෙ නමක් පොතේ ලියනවා ආතල් එකට වගේ. මෙන්න බොලේ පොර මැරිල. ඔව් ඔය වගේ ඒ කියන්නෙ නමක් ලිව්වම ඒ නම අයිති කෙනා මැරෙන තරමෙ Powerful Weapon එකක් තමයි මේ කොලුවට හම්බවෙන්නෙ. මෙයා මේකෙන් Criminals ලව මරන්න පටන් ගන්නවා Serial Killer කෙනෙක් වගේ. එයාව නවත්තන්න ලෝකෙ හොඳම රහස් පරීක්ෂකය ගේමට බහිනවා. Rest is History. තනිකර Thrill Ride එකක්. Seat එකේ Edge එකේ එකදිගට බලන් යන්න වෙන Anime එකක්. Characters, Music එහෙමත් Next Level. Story එක Next Level. අනිවාර්යයෙන්ම බලන්න ඕනි එකක්. කොටින්ම Anime ගැන කිසිම Idea එකක් නැති අයත් බලල ඇති මේක. මොකද ඒ තරම් මිනිස්සු අතරට ගිය Show එකක්.

“There Is No Heaven Or Hell. No Matter What You Do While You’re Alive, Everybody Goes To The Same Place Once You Die. Death Is Equal.”- L

Fullmetal Alchemist: Brotherhood

Image Source:
Fullmetal Alchemist: Brotherhood by Naventho on DeviantArt

Fullmetal Achemist කියල තව Anime එකක් තියෙනවා. ඒකෙ Alternate Version එකක් විදියට ආපු එකක් තමයි මේක. දැනට ලෝකෙ Highest Rated Anime එක. MAL එකෙත් Number 1. මේකට හේතුව විදියට මම දකින්නෙ මේක හැම දේකම Combination එකක්. කිසිම දේක අඩුවක් නෑ. සමහර Anime විතරක් නෙවෙයි Movies TV Shows පවා තියෙන්නෙ එක්කො Story එක පට්ට Score එක එච්චර නෑ. එක්කො Cinematography අවුල්. Action Type නම් Fights අවුල්. ඔය වගේ කිසිම පැත්තකින් අඩුපාඩුවක් නැති Show එකක් තමයි මේක. Score එක OST, ඒ වගේම Ending & Opening Themes Next Level. Again කියන Opening එක එහෙම 👌👌👌. ඒ වගේම Story එක Limited Episodes ගාණක් ඒ කියන්නෙ Episodes 64කින් වගේ Wholesome Story එකක් එක්ක Buildup කරල තියෙනවා සුපිරියටම. කතාවට ගියොත් තමන්ගෙ මියගිය අම්මව ආපහු ගේන්න හදල ලොකු වැරැද්දක් කරගත්ත අයියා මලෝ දෙන්නෙක් ගැන තමයි තියෙන්නෙ. Elric Brothers. මෙයාල Alchemy කියන Art එක ප්‍රගුණ කරපු අය. මාර Interesting Characters තියෙන Show එකක්. Epic Battles තියෙනවා මදි නොකියන්න. පට්ටම Satisfied Ending එකකුත් තියෙන Show එකක්. අනිවාර්යයෙන්ම බලන්න.

Nothing’s Perfect, The World’s Not Perfect, But It’s There For Us, Trying The Best It Can. That’s What Makes It So Damn Beautiful.” – Roy Mustang

Attack on Titan

Novocom.top
Attack On Titan Eren Death Fanart

මේකත් Death Note එකෙන් පස්සෙ Globally ලොකුවටම Viral වෙච්ච Shows වලින් එකක්. මේක මේ දවස්වල Trending Topics Episode එකකින් Episode එකකට මවන ශෝ එකක්. Anime වල ගොඩක් දේවල් උඩුයටිකුරු කරපු සම්ප්‍රදායන් අතික්‍රමණය කරපු ශෝ එකක් තමයි මේකත්. Death Note වගේම මේකත් මාර Dark Story එකක් තියෙන්නෙ. ඔයා Anime Childish කියල අදිමදි කරන කෙනෙක්නම් අනිවා මේකයි Death Note එකයි මම ඊළඟට කියන Show එකයි බලන්න. සෑහෙන්න ඔයාගෙ මතය වෙනස් වෙයි.මේකෙ කතාව නමේම තියෙනවා. මේකගැන Review එකක් කලින් ලිපියක තියෙන නිසා මම කියන්නයන්නෙ නෑ. පුංචි දෙයක් කියන්නම්. මේකෙ Writer Iseyama ට එක පාරක් හොඳ ඇඟ පත තියෙන ඩයල් එකක් සද්දයක් දාල Shirt එකෙන් අල්ලල හොලවල ගිහිල්ල. ඕකෙන් තමන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් ලොකු අය ඉස්සරහ ඇතිවෙන බය ගැන හිතල තමයි එයා මේ Manga එක ලියන්නෙ. ඒ Bully කරපු එක්කෙනාට මගේ හදපිරි ස්තූතිය ❤❤❤😂😂😂

Shinzo wo Sasageyo!

Monster

Image Credit: Correlola

මෙන්න මගේ Favourite Anime එකක්. මාරම Psychological Thriller එකක්. ඔයා Fincher, Nolan, Lynch ගෙ Movies වගේ Mindblowing Type වල ඒවටද කැමති. මේක ඔයා වෙනුවෙන්. මතකද මෑතකදී ආපු Streaming Records පවා තියපු Netflix ලගෙ Mindhunter. අන්න ඒකටත් Inspire වුණා කියල අහල තියෙනවා මම මේකත්. Confirmed නෑ. හැබැයි ගොඩක් Hollywood Masterpieces වලට Anime Inspire කරන්තියෙනවා. Zack Snyder වගේ කිහිප දෙනෙක් විතරයි ඒක Openly Admit කරන්නෙ. මේකනම් හැබැයි මාරම Suspense Story එකක්. Germany Based කරන් තියෙන Story එකක්. තමන් බේරගත්ත Patient කෙනෙක් පස්සෙ Serial Killer කෙනෙක් වෙලා කියල ආරංචි වෙන වෛද්‍යවරයෙක් එයාව මරන්න යන Journey එක තමා මේකෙ Story එක. මාරම Epic Storyline එකක්. Ending එකේ අන්තිම Shot එකෙනුත් අපිව කරකවල අතාරින Show එකක්. මේක නාසිවාදය, ජර්මනියේ බර්ලින් තාප්පෙන් එයාලට කරපු බලපෑම වගේ ගොඩක් ජනප්‍රිය දේශපාලන මාතෘකා Psychological පැත්තෙන් පෙන්නන Story එකක්. මාරම ලස්සන වගේම මාරම Thrilling Moments තියෙන කතාවක්.🌍

Hatred Is Created When People Gather. I Just Poured A Little Oil On It. – Johan

Steins Gate

Sci-Fi Type ඒවනම් ඔයා හොයන්නෙ මේක ඔයාට ගැලපෙනම Show එකක්. Time Traveling සීන් එකේ ඉන්න අයනම් මේක ඔයාලටත් කියාපු ශෝ එක. මේක ගැන කියනවානම් මේක මෑතකාලයේ ආපු ලොකු කතාබහට ලක්වුණු Dark එකට පස්සෙ ගොඩක්ම Complete, Plotholes අඩුවෙන්ම ( නැතිම නෙවෙයි අඩුම) තිබුණ TimeTravel Concepts ආශ්‍රිත Show එකක්. ඇත්තම කියනවා නම් මම බලපු Shows වලින් Slow ම Start එකක් තියෙන Show එකක් තමයි මේක. ඇත්තටම මේකෙ Slow Start එක නිසා බලන එක නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දි කරකවල අතෑරියා වගේ Twist එකකින් Story එක Kickstart එකක් ගත්ත. මේක මුල් Episode 5 පට්ටම Detailsවලට මුල්තැන දෙන හින්දමද කොහෙද ටිකක් Boring සමහර අයට. ඒත් එතනින් පස්සෙ 👌👌👌. මේකෙ Time Travel Concept එක මතුපිටින් බැලුවම මාර Simple. ඒත් පොඩ්ඩක් හොයල බලන්නකෝ Micro Black Holes Theory එක හොඳ Interesting Theory එකක්. සාමන්‍යයෙන් Anime එකක ඉන්න Handsome Protogonist, Epic Duels, Over Powered Main Character වගේ දේවල් ඔක්කොම නොසලකා හැරපු කතාවක් තමයි මේක. මේකෙ කතාව ගත්තොත් Okabe කියන තරුණ Scientist අතීතයට Email යවන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා. ඒක එහෙමම කිව්වට එහෙමමත් නෙවෙයි. ටිකක් ඊට වඩා Complicated. ඒක නිසා වෙන අකරතැබ්බයක් ගැන තමා තනිකර Storyline එක යන්නෙ. Show එක ගත්තම තනිකරම Butterfly Effect එහෙමත් නැත්නම ඉතාම පුංචි දේකින් පවා ලොකුම ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියන දේ පෙන්නන එක තමයි තියෙන්නෙ. කෙල්ලෙක් කොල්ලෙක්ට දෙන කම්මුල් පාරක් නිසා තුන්වෙනි ලෝක යුද්ධය වුණා කිව්වොත්. අහ් මොකක්ද කිව්වෙ ??? කලබල වෙන්න එපා. SteinsGate බලල ඉන්න…❤

El Psy Congaroo Signing Off Tuturuuu

ඉතින් Beginner Level එකට හොඳ Shows ටිකක් තමයි මම Recommend කරේ. මේකෙදි Sci Fi ඒවට කැමති අය, Detective Type ඒවට කැමති අයට, Action Type ඒවට කැමති අයට වගේම Dark Story Line තියෙන ඒවට කැමති අය වගේ ගොඩක් Tastes තියෙන අයට එකක් හරි ගැලපෙන විදියට තමයි මේ List එක හැදුවෙ. මීට අමතරව Inspirational Spirts Anime එකක් වෙන Hajime no Ippo, Classic Cowboy Bebob වගේ Limited Episodes ගාණක් තියෙන Shows එහෙමත් Recommend කරන්න කැමති. ඒව ගැන වෙනම ලිපියකින් අරන් එන්නම්…💯එහෙනම් ඔයත් මේ ලිපිය කියවලා Death Note එකේ නම ලියවෙන්න කලින් Okabe එක්ක Time Travel කරල Wall Maria එකට Commander Erwine එක්ක Ride කරල Dr. Tenma එක්ක ජර්මනිය පුරාම කරක් ගහල අන්තිමට Roy Mustang ගෙ Team එකටත් බැඳෙන්න. ඉතින් ඇනිමේ වලට ස්ටාට් එකක් දෙන්න ආස ඔයා..මේ ටිකෙන් එකක් හරි ට්‍රයි කරලා බලලා ඉන්නකෝ..💯 වෙනස්ම රහක් දැනේවි ඔයාට..ඒක නිසැකයි..🙏ඒ වගේම ලිපිය ගැන ඔයාගෙ අදහස මොකක්ද කියලා කියන්නත් අමතක කරන්න එපා..❤ මේ වගේ තව ලිපි ඔයාලාට ඕනෙ නම්..කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙහෙම එපා හරිද..🔥ආයෙ ලිපියකින් හම්බෙනකන්..

🌍එහෙනම් ඔබට ජය.

Admin – Thilosha Nipunajith

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply