You are currently viewing Rings of Power Series මොනවද බලාගන්න පුලුවන්…?

Rings of Power Series මොනවද බලාගන්න පුලුවන්…?

Lord of The Rings කියන්නෙ Fantasy සිනමාව වෙනස් කරපු GOAT නිර්මාණයක්. ❤ ඒ නිසාම තමයි අපි පොඩි කාලෙ බලපු මේ විශිෂ්ට ෆැන්ටසියට මම තවමත් ඒ විදිහට ආදරය කරන්නෙ. විසි වෙනි පාරට බැලුවත් නවදෙනා රිවන්ඩේල් වලදි එකතු වෙනකොට… හෙල්ම්ස්ඩීප් Battle එකට ගැන්ඩල්ෆ් එනකොට… ඇරගෝන් 𝑭𝒐𝒓 𝑭𝒓𝒐𝒅𝒐 කියලා කෑගහගෙන දුවද්දී… සෑම් ෆ්‍රෝඩෝව උස්සගෙන ගිනි කන්ද නගිකොට… තාමත් ඇගේ මයිල් කෙලින් වෙනවා. ඉතින් Die hard LOTR ෆෑන් කෙනෙක් විදිහට ගිය අවුරුද්ද මුලදි Middle Earth Universe එකෙන් අළුතෙන් TV Series එනවා කියලා දැනගත්ත දවසෙ ඉදන්ම පට්ටම Hype එකකින් හිටියෙ. ලගදි Release කරපු Character posters සහ Teaser එක නිසා දැන් නම් ඒ Hype එක තවත් වැඩි වෙලා තියෙන්නෙ…🤩

සමහරුට ප්‍රශ්නයක් ඇති මොනවද අපිට The Rings of Power Series එකේදි බලාගන්න ලැබෙන්නෙ කියලා… ඒකට උත්තරේ තමයි අද මම අරගෙන ආවෙ. 🙂

මේ වෙනකොට The One Ring වෙබ් අඩවිය Conform කරලා තියනවා Rings of Power series එකෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ 2ed Age එකේ සිද්දවෙන Major Event ගැන කියලා. ඉතින් මොනවද මේ 2ed Age එකේ සිදුවෙන Major Events කියලා බලලා ඉමු.

🔸බල මුදු නිර්මාණය කිරීම (𝑭𝒐𝒓𝒈𝒊𝒏𝒈 𝒐𝒇 𝑻𝒉𝒆 𝑹𝒊𝒏𝒈𝒔)

මතකනෙ LOTR Trilogy එකේදි කියපු බලමුදු ගැන, එල්ෆ්ලට මුදු 3ක් කුරුමිට්ටන්ට මුදු 7ක් මිනිස්සුන්ට මුදු 9ක් සහ මේ මුදු සිල්ලම පාලනය කරන්න සව්රෝන් නිර්මාණය කරන තනි මුද්ද. මේ මුදු නිර්මාණය කරන්නෙ 2වන යුගයෙ මුල් භාගයෙදි. මේ කතාව අපිට Series එකේදි බලාගන්න පුලුවන් වෙනවා.

🔸සව්රෝන් ගේ නැගීසිටීම (𝑻𝒉𝒆 𝑹𝒊𝒔𝒆 𝒐𝒇 𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑳𝒐𝒓𝒅 𝑺𝒂𝒖𝒓𝒐𝒏)

මුලදි Mairon කියන නමින් හදුන්වපු එල්ෆ් කෙනෙක් වෙන සව්රෝන් බල මුද්ද නිර්මාණය කරලා මධ්‍යම පෘථිවියේ හිටපු දෙවන අදුරු අධිපතියා බවට පත් වෙන කතාවත් අපිට ROP series එකෙන් බලාගන්න පුලුවන්.

🔸NU´MENOR නගරයේ කතාව (𝑻𝒉𝒆 𝑬𝒑𝒊𝒄 𝒕𝒂𝒊𝒍 𝒐𝒇 𝑵Ú𝑴𝑬𝑵𝑶𝑹)

ඔයාලට මතකනම් Teaser එකේ පෙන්නනෙ මුහුද ලග තියන නගරයක් අර ලොකු ප්‍රතිමාවක් එහෙම තියෙන්නෙ. ඒ තමයි NÚMENOR. මේක මධ්‍යම පෘථිවියේ තිබුන විශිෂ්ටතම නගර වලින් එකක්. NÚMENOR ගොඩනැගීම සහ විනාශය යන දෙකම වෙන්නෙ 2ed Age එකේදි ඒ නිසා NÚMENOR ගැන සම්පුර්ණ කතාව අපිට Series එකේදි බලාගන්න පුලුවන් වෙනවා. අපි හොදටම දන්න ඇරගෝන්ගෙ පරම්පරාව ආරම්භ වෙන්නෙත් NÚMENOR වලින්ම තමයි.

🔸අවසන් සන්ධානයේ ගැටුම (𝑳𝒂𝒔𝒕 𝑨𝒍𝒍𝒊𝒂𝒏𝒄𝒆 𝒐𝒇 𝑬𝒍𝒗𝒆𝒔 𝒂𝒏𝒅 𝑴𝒆𝒏)

මතකද Lord of The Rings පළවෙනි චිත්‍රපටය ආරම්භ වෙනකොට පොඩි පූර්විකාවක් (Prolog එකක්) පෙන්නවා විශාල යුද්ධයක් ගැන එල්ෆ්ලා සහ මිනිස්සු එකතු වෙලා සව්රෝන්ව පරද්දන සටන. මේකට තමයි “අවසන් සන්ධානයේ ගැටුම” කියලා කියන්නෙ. ෆිල්ම් එක මුලදි පෙන්නනෙ මේ යුද්ධෙ අන්තිම හරිය විතරයි. අපිට Series එකේදි සම්පුර්ණ Battle එකම බලාගන්න පුලුවන් වෙයි. මේ සටනේ අවසානයත් එක්ක තමයි මධ්‍යම පෘථිවියේ දෙවන යුගය නිමාවෙන්නෙ.

සාමාන්‍යයෙන් කිසියම Movie එකක් හෝ Series එකක් එන්න කලින් ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න නරකයි. 🙂 ඒත් Amazonලා මේ වැඩේ හරියට කලොත් මේක එදා මෙදා තුර ඉතිහාසයේ පුංචි තිරෙයෙන් දකින Epicම Battle එකක් වේවි. 😍

ඉතින් දැන් මේ සිදුවීම ටික ගානට පෙලගැස්සුවහම LOTR Trilogy එක පටන් ගන්න තැනින් Series එක ඉවර වෙනවා කියලා ඔයාලට තේරෙනවනෙ. 🙂❤

තවත් පොඩි Fact එකක් තමයි, මතකද ටික දවසකට කලින් News එකක් ආවා LOTR Trilogy එකේ සහ Hobbit Trilogy එකේ අයිතිය ඇමරිකන් ඩොලර් බිලියන 02කට විකුණනවා කියලා. මේක ගන්න ඉන්න අය අතර Amazonලා තමයි ඉස්සරහයින්ම ඉන්නෙ.

ඉතින් Amazonලා ROP series එකට ඇමරිකන් ඩොලර් මිලියන 450කත් වඩා වියදම් කරලා තියෙන්නෙ. මේක තනිකරම සුපිරි ෆිල්ම් එකකට වියදම් කරනවටත් වඩා වැඩි Budget එකක්. ඒ නිසාම එයාල මේ Project එක කරලා තියන විදිහ බලන්න මටනම් සැප්තැම්බර් 02දා වෙනකම් ඉවසිල්ලක් නෑ ඔයාලටත් ඒ වගේම ඇති….✨️

මට ඕනි වුනේ Silmarillion කියවලා නැති කෙනෙක්ට උනත් Rings of Power Series එක ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා පොඩි අවබෝධයක් දෙන්න හිතනවා මගෙ අරමුණ ඉෂ්ට උනා කියලා මේ ගැන මෙහෙම නෙමෙයි Series එක එන්න ලංවෙලා ඉලුවතාර්ගෙ ඉදන් ෆ්‍රෝඩෝ බැගින්ස් වෙනකම්ම ලොකු Deep discussion එකක් කරමු. එහෙනම් අදට ඔය කියෙව්වා ඇති පස්සෙ දවසක තවත් මේ වගේ Article එකකින් හම්බෙමු. 🙂❤

Admin – Pasindu Ransilu (Jughead Jones)

Leave a Reply