You are currently viewing මේක වෙනම විදියක සොම්බි ඇටෑක් එකක්! 😵🧟‍♂️🧟‍♀️

මේක වෙනම විදියක සොම්බි ඇටෑක් එකක්! 😵🧟‍♂️🧟‍♀️

වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන එකේ දැන් අඩුවට තියෙන්නෙ සොම්බි ඇටෑක් එකක් විතරයි කියලනේ ගොඩක් අය කියන්නේ.. ඒ හින්දා සොම්බි සීන් ගැන කතා කරන්න හිතුනා. මම මේකෙදි  කතා කරන්න යන්නේ කොරියන් සොම්බිලා ගැන. ඒකත් මේ කාලෙ නෙමෙයි රජ කාලේ සොම්බිලා ගැන. හරියටම කියනවනම් නෙට්ෆ්ලික්ස් එකේ කින්ඩම් සීරීස් එක ගැන.

කින්ඩම් කියන්නෙ නෙට්ෆ්ලික්ස් එකෙන් 2019 රිලීස් කරපු ඇක්ශන්, ත්‍රිලර්, හොරර්, හිස්ටරිකල් සහ පොලිටිකල් කියන කැටගරි වලට අයිති වෙච්ච සවුත් කොරියන් ඩ්‍රාමා සීරීස් එකක්. දැනට සීසන් 2ක් රිලීස් වෙච්ච මේ සීරීස් එකට IMDB 8.4, Rotten tomatoes 96% අගයන් හම්බවෙලා තියෙනවා. වර්තමාන කාලයෙදි ඇතිවෙන සොම්බි ඇටෑක් ගැන ලෝකෙ පුරා කොයි තරම් ෆිල්ම්, ටීවී සීරීස් හැදුනත්, රජ කාලෙක ඇතිවෙන්න පුළුවන් සොම්බ් ඇටෑක් ගැන ෆිල්ම්, ටීවී සීරීස් හරි අඩුයිනේ.

කතාව පැත්තට හැරුනොත්; දරුණු ලෙස අසනීප වෙලා මැරුනාද නැද්ද කියලා ආරංචියක් නැති රජෙක්, ඔටුන්නට උරුමක්කාරයෙක් බලාපොරොත්තුවෙන තරුණ ගැබ්බර අග බිසවක්, බලයට කෑදරකමේ ඔටුන්න හිමි කුමාරයා පන්නා දාන්න හදන අග බිසවගේ පියා වෙච්ච රාජ්‍ය ඇමති ඇතුළු පිරිස, තමන්ට දකින්නවත් නොදී  ඈත් කරන තම පිය රජුගේ සත්‍ය හෙලි කරගන්න උවමනාවෙන් පිය රජුට වෙදකම් කල වෙදැදුරු හමුවෙන්න ඔටුන්න හිමි කුමරු හා සේවකයා යන ගමනක්.

ඒත් අගනුවරින් ගොඩක් දුර ඉන්න මේ වෙදැදුරු මුණගැහෙන්න යන ගමනෙන් කුමාරයාට හම්බවෙන්නෙ ඝාතකාගාරයක් වගේ පෙනුන වෙදැදුරුගෙ ආරෝග්‍ය ශාලාවත්, හංගපු මලමිනී ගොඩකුත්. මරණීය තුවාලත් දවස් ගානක් පරණ මේ මලමිනී ගැන ගමේ නඩුකාර කාර්‍යාලය පරීක්ෂන කරද්දි කුමාරයා අතුරුදහන් වෙලා ඉන්න වෙදදුරුව හොයනවා. මේ අතරේ  රාජද්‍රෝහී ක්‍රියාවකට වරදකරු විදියට නම් කරන කුමාරයාව අල්ලගන්න රජතුමාගෙ අණ යටතේ අගනුවරින් සෙබළු කුමාරයාව හොයාගෙන ගම්මානයට එනවා. ගමේ මිනිස්සු කුතුහලය නිසා නඩු කාර්‍යාලය වට කරගනිද්දි මේක සාමාන්‍ය නඩු කටයුත්තක් නෙමෙයි කියලා තේරුම් යන්නේ ඉර බැස්සම පණ ආපු මළමිනී මිනිස්සුන්ව හපා කන්න පටන් ගත්තට පස්සේ.

ඉතින් මරණයෙන් නැගිටින අත්භූත වසංගතයට උත්තර හොයන ගමන් බල තණ්හාවෙන් පිස්සු වැටුන රාජ්‍ය ඇමති ඇතුළු පිරිසගෙන් රට වැසියන් බේරගන්න පිය උරුමය ආරක්ෂා කරගන්න වෙහෙසවෙන ඔටුන්න හිමි කුමාරයා වටේට තමා කතාව ගොඩනැගෙන්නෙ.

බලපු අය නම් දන්නවා ඇති සීරීස් එ ගැන. පළවෙනි සීසන් එකක් ඉවර වෙලා දෙවෙනි සීසන් එක එනකම් පිස්සුවෙන් හිටිය හැටි. ඒත් දෙවෙනි සීසන් එක ඉවර උනෙත් තව ප්‍රශ්නයක් ඉතිරි කරලා. අන්න ඒ ප්‍රශ්නෙට මුලපිරීමක්, එහෙම නැත්තම් කින්ඩම් spin-off special එපිසෝඩ් එක Kingdom: Ashin of North ලබන මාසෙ 23 රිලීස් වෙන්න හදන්නේ. ඒ නිසා නොබලපු කෙනෙක් ඉන්නවනම් ඉක්මනට බලන්න. හැම කොරියන් සීරීස් එකක්ම මල් කතා නෙමෙයිනේ.ත්‍රාසය, කුතුහලය උපරිමේටම තියෙන සුපිරි සීරීස් එකක්.

අශින් ඔෆ් නෝත් වෙනුවෙන් රිලීස් කරපු පෝස්ටර්ස්

තව මේ වගේ ස්පෙශල් සීරීස් ගැන දැනගන්න #Hypezone එක පැත්තට එන්න.

Leave a Reply