You are currently viewing ඉපැරණි වැලේරියාවේ මකර පුරාණය: Dragons from Game Of Thrones

ඉපැරණි වැලේරියාවේ මකර පුරාණය: Dragons from Game Of Thrones

Game of Thrones කියන්න හුඟක් මිත්‍යාවල ඉන්න වගේම මැජිකල් දේවල් පවා අරගෙන ගොඩනැගුනු විශ්වයක්.❤ ඒ අතරින් හුඟක් ප්‍රේක්ෂකයින් ආදරය කරන වගේම හුඟක් අය කතාවට ඇදගත්ත දෙයක් තමා Dragons ලා.🐲 මුලු GoT සීරීස් එකේම මකරු තුන්දෙනෙක් එක්ක පට්ට ලස්සන character development එකක් ප්‍රධාන චරිතයක් වෙන ඩැනේරිස් ටාගේරියන්ට දෙන්නෙ මේකෙ නිර්මාණකරුවෝ සමත් වෙනවා.

Drogon

ඉතිහාසය දිහා බලද්දි මකරු කියන්නෙ GoT යුනිවර්ස් එකට අත්‍යාවශ්‍යය වුනු පිරිසක්. අවුරුදු 200 ක් වයස බැලේරියන් කියන්නෙ GoT විශ්වයේ හිටපු විශාලම මකරා. 🙏🙏🙏💯ඒකට හේතුව හුඟක් මකරුන්ට නොලැබෙන විදිහට අවුරුදු 200 ක ආයුශ ලබන්න බැලේරියන්ට අවස්තාව ලැබුණු නිසා. ඊට අමතරව වේගාර්, මිරැක්සස්, සන්ෆයර්, කැරැක්සස්, වර්මැක්ස්, ඇරැක්ස්, ශීප්ස්ටීලර්, ස්ටෝර්ම්ක්ලවුඩ්, සීස්මෝක් වගේ විශාල මකරු ප්‍රමාණයක් GoT විශ්වය තුළ ජීවත් වෙලා තියෙනවා. GoT සීරීස් එක සහ A Song Of Ice And Fire පොත් මාලාව සිද්ද වෙන කාලවකවානුවට අවුරුදු 300 කට වඩා කාලෙකට කලින් මකරු සම්පූර්ණයෙන්ම වඳ වෙලා යනවා. මේකට ටාගේරියන් සිවිල් යුද්ධයත් ලොකු හේතුවක්. ..🙏❤

GoT සීරීස් එකේ ප්ලොට් එක සිදු වෙන කාලවකවානුව තුළ මකරු වඳවෙලා ගිහින් තියෙනවා. ඉතිං මේ කාලෙ වෙනකොට බහුතරක් දෙනා මකරු කියල සත්තු කොට්ටාෂයක් ජීවත් වෙනව කියල විශ්වාස කලේ නෑ. එහෙම සත්තු හිටිය කියල සාක්ශි තිබුනෙත් කින්ස් ලෑන්ඩින්වල විතරයි. ඒ නිසා මකරු කියන්නෙ මිත්‍යාවක් කියලයි හුඟක් දෙනා හිතාගෙන හිටියෙ.👈

මේ වගේ කාලෙක තමා තමන්ගෙ විවාහ දිනය දවසේ ඩැනේරිස් ටාගේරියන්ට Illyrio Mopatis කියන ධන කුවේරයාගෙන් කලු, කොළ සහ රත්තරං පාට මකර බිත්තර තුනක් තෑගි ලැබෙන්නෙ.❤ ඉතිං කාලයක් යනකන් ඩැනී පවා විශ්වාස කළේ නෑ මේ මකර බිත්තරවලින් පැටවු හදන්න පුලුවන් වෙයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම බොරුවක් කරලා කලීසිට මකරු තුන් දෙනෙක් ලැබෙනවා. ඇය ඔවුන්ව නම් කරන්නෙ තමන් ආදරය කරපු පුද්ගලයින්ව මතක් වෙන්නයි. ඒ මකරු තුන් දෙනා තමා,

🐲 ඩ්‍රොගොන් (කලීසිව නිතරම අරන් යන කළු පාට සමක් ඇති විශාලත්වය වැඩිම මකරා. ඩ්‍රොගොන් කියන්නෙ අනිත් දෙන්න එක්ක බලපුවම හුඟක් අත්දැකීම වගේම ශක්තියෙනුත් වැඩිම එකා)

🐲 රේගාර් (ජොන්ට පදින්න ලැබෙන්නෙ මෙන්න මෙයාව)

🐲 විසේරියන් (කොළ පාටට සමක් ඇති මකරා. මේ තමා තුන් දෙනා අතරින් විශාලත්වයෙන් පොඩිම කෙනා. පස්සෙ නයිට් කින්ට අයිති වෙන්නෙ මෙන්න මෙයාව)

එක් මකරෙක්ව තමන්ගෙ මියගිය ආදර වන්තයාගේ නමිනුත්, අනිත් දෙන්නව තමන්ගෙ සහෝදරයින්ගෙ නම් යොදාගෙන නම් කරන්න කලීසි තීරණය කරනවා.😍❤

ඇත්තටම කිවුවොත් ටාගේරියන් කෙනෙක්ට මකරෙක් කියන්නෙ යුද්ධ ජයගන්න යොදාගන්න ආයුධයකට වඩා දෙයක්.✌ ටාගේරියන් කෙනෙක් සහ ඔහුගෙ/ ඇයගේ මකරා අතර හරිම බලවත් ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා. ඒ නිසා තමා ටාගේරියන් කෙනෙක්ට මකරෙක් පාලනය කරන්න ඉඩ ලැබෙන්නේ. අනික ඇත්තම ටාගේරියන් කෙනෙක්ට ගින්දරෙන් හානි නොවීමෙනුත් මේක ඔප්පු වෙනවා. 🔥 ටාගේරියන්වරුන් ඉපදෙන්නෙම මකරු එක්ක වැඩ කරන්න කිව්වට වරදක් නැහැ.

ඩැනී කියන්නෙ ළමයි උපද්දවන්න තියෙන හැකියාව අහිමි කෙනෙක්.😐 ඉතිං ඩැනීට එයාගෙ මකරු තුන්දෙනා තමයි බොහෝ දුරට දරුවො වෙන්නෙ. ඒකයි හැමතිස්සෙම ඩැනී “my children” කියල ඔවුන්ට කතා කරන්නෙ. ඇත්තටම ඩ්‍රොගොන්, රේගාර්, විසේරියන් සහ ඩැනී අතර තියෙන්නෙ අම්මෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීමට හුඟක් සමාන බැඳීමක්. මේ බැඳීම කොච්චර වැඩියිද කිවුවොත් ඩැනීට කරදරයක් කියල දැනුන අවස්තාවකදි ඩ්‍රොගොන්ට ඒක දැනෙනවා. සීසන් 5 දි සන්ස් ඔෆ් හාර්පිලා ඩැනීට පහර දෙද්දි ඩ්‍රොගොන් ඇවිත් ඩැනීව බේරගන්න එක එක් උදාහරණයක්. ඒ වගේම ඩැනී මිය ගිය වෙලාවෙ අයන් ත්‍රෝන් එක ගිනි තියන තරම් කේන්තියක් එන්නෙත් මේ බැඳීම සෑහෙන ශක්තිමත් නිසා. ඔව්, ඒ කියන්නෙ මකරු කියන්නෙ සෑහෙන හැඟීම් දැනීම් වැඩි සත්ව කොට්ටාශයක්. 🔥

මකරෙක්ට pure ටාගේරියන් කෙනෙක්ට කිසිම ආකාරයකින් හානියක් කරන බැහැ. කලීසි මැරුනු වෙලාවෙ තරහට ජොන්ව එක ගින්දර පාරකින් ඉවරයක් කරන්න ඩ්‍රොගොන්ට බැරි වුනෙත් මේ නිසාමයි.👈

GoT විශ්වයේ හුඟක් දෙනා විශ්වාස කරන විදිහට මකරෙක් කියන්නෙ මනුස්සයෙක්ටත් වඩා බුද්ධිමත් සතෙක්. විශේෂයෙන්ම මකරෙක්ට හැකියාව තියෙනවලු සතුරෙක් සහ මිතුරෙක් වෙන් කරල හඳුනාගන්න. ඔන්න ඔය වගේ දේවල් නිසා ඩ්‍රැගන් කෙනෙක් කියන්නෙ සාමාන්‍යය සතෙක්ට වඩා එහා ගිය ජීවින් කොට්ටාශයක් කියලා පැහැදිලිව ඔප්පු වෙනවා.😍❤

මිනිස් චරිත වගේම තමා, සීරීස් එකේ මකරුන්ටත් වෙනම ෆෑන්බේස් එකක් ඉන්නවා. ඇත්තටම කිවුවොත් සමහර වෙලාවට මිනිහෙක් මැරෙනවට වඩා මකරෙක්ට මොනව හරි වුනාම පට්ටටම දුක හිතෙනවා. අනික HBO එක ලෝබ නැතුව වියදම් කරන නිසා මේකෙ ඉන්න ඩ්‍රැගන්ස්ලා පට්ටම realistic. ඕන කෙනෙක්ට මකරු තුන්දෙනා ඉන්න සීන් එකක් දැක්කම වාව් කියන මට්ටමට පට්ටම feel. ඉතිං සීරීස් එකේ ඔයාගෙ ආසම ඩ්‍රැගන් කවුද කියලා පහළින් comment කරන් යන්න. තවත් මේ වගේ ලස්සන #GameOfThrones ලිපියකින් හමුවෙමු.🐲 දිගටම Hype Zone වෙබ් එක එක්ක රැඳිලා ඉන්න.

Valar Moghulis!

Admin: සචින්ත බෙනට්

Leave a Reply