You are currently viewing හොඳටම කරන ෆුට්බෝල් සර්

හොඳටම කරන ෆුට්බෝල් සර්

Lionel Messi, බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමත් එක්ක සෝශල් මීඩියාවල කතාබහ ආපහු ෆුට්බෝල් ගැන.⚽ ඉතින් ඒක හොඳම අවස්ථාවක් මේ සීරිස් එක ගැන කියන්න. නම තමයි Ted Lasso
මේ දවස්වල ඇපල් ටීවී එකේ තියෙන හිට්ම සීරීස් එක කිව්වත් වරදක් නෑ.🙌

ටෙඩ් ලාසෝ මෙච්චර පර්ෆෙක්ට් වෙන්නෙ ඇයි කියන එක ගැන මගේ අයිඩියා එක කියන්නම්,
හැබැයි ඊට කලින් මොකක්ද මේ ස්ටෝරිය, කවුද ටෙඩ් ලාසෝ කියන්නෙ කියලා මුලින්ම බලමු..💚

තියඩෝර් (ටෙඩ්) ලාසෝ කියන්නෙ ඇමරිකන් ෆුට්බෝල් කෝච් කෙනෙක්.
මේ පොරට තියෙන්නෙ ටිකක් අමුතු පර්සනල්ටියක්, ඒක ඔයා කතාව බලනවනම් අනිවාරෙන් දන්නවා.
ටෙඩ් කියන්නෙ එක අතකින් මිස්ටර් මියාගි🔥 වගේ කියලත් බලපු නැති කෙනෙක් වෙනුවෙන් මට කියතෑකි, මියාගි වගේ ටෙඩ්ටත් තියෙන්නෙ එයාට ආවේණික කෝචින් ටෙක්නික්ස්..

මේ කතාවෙ ප්ලොට් එක වෙන්නෙ ඇමරිකන් ෆුට්බෝල් කෝච් කෙනෙක් වන ලාසෝට සිද්ධ වෙනවා ඒ වැඩේ අතහැරලා ප්‍රිමියර් ලීග් ටීම් එකක් කෝච් කරන්න යන්න. ඒ ප්‍රිමියර්ලීග් තියා ෆුට්බෝල් ගැනවත් මෙලෝ අවබෝධයක් නැතුව. අඩුගානේ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්ගෙ නමවත් ටෙඩ් අහලා නෑ.. ඉතින් ටෙඩ් කොහොමද මේ එයා දන්නෙවත් නැති ක්‍රීඩාවක ඉන්න හොඳම ප්ලේයර්ස්ලා ට්‍රේන් කරන්නෙ? ඒක තමයි මේන්ලිම මේකෙ ප්ලොට් එක.’🧠

මේ ටික කියෙව්වම ඔයාගෙ ඔලුවට එනවා නේ මෙහෙම අයිඩියා එකක්?
එහෙනම් ටෙඩ් ලාසෝ කියන්නෙ එයාගෙ ස්පෙශල් ටෙක්නික් දාලා අර ටීම් එක Zero to hero ගෙනියන කතාවක් වගේ එකක්?
ඔය අයිඩියා එකම තමා මටත් මේක බලද්දි මුලින්ම තිබ්බෙ.. මොකද ගොඩක් ස්පෝර්ට් කතාවල හරය ඕකයි බැලුවම..🤔

ඉස්සර සිරසෙ ගියා Just for Kicks කියලා Kid Movie එකක්. ඒකත් මතක් කරන්න ඕනෙ මේ ගමන්ම, ඒකෙ නම් තියෙන්නෙ අන්තිමට ෆුට්බෝල් මැච් එකක් දිනන ස්ටෝරියක්. ආපහු ඒකත් බලන්න අමතක නම්.

හැබැයි ටෙඩ් ලාසෝ මම රෙකමන්ඩ් කරන්නෙම ඒක ඔය අයිඩියා එකට වඩා තරමක් වෙනස් නිසා..
මේකෙන් දෙන්නෙ උත්සහවන්තයා ජයගනී කියන ආදර්ශයටත් වඩා, තමන්ගෙ උපරිමය කරලත් ඔයා පරදින්න පුලුවන්, එතකොට මොකද කරන්නෙ වගේ දෙයක්, ආපහු හිත හදාගෙන තමන්ගෙ උපරිමය දෙන්නෙ කොහොමද?🙌

Ever Tried? Ever failed?
doesn’t matter, try again.. fail better..

ඔය Quote එක අහලා තියෙනවා නේද, ටෙඩ් ලාසෝත් ඔය වගේ..ඒවගේම ටෙඩ් නිතරම හයිලයිට් කරනවා එක වචනයක්. එයාගෙ ඔෆිස් එකේ දොරේ ඉදන් ටෙඩ්ගෙ ගෙදරත් හැම තැනම ඒ වචනෙ පේන්න තියෙනවා.
මොකක්ද ඒ වචනෙ?
BELIEVE

ටෙඩ් ලාසෝ කියන්නෙ ඇත්තටම Comedy එකක්. කොටින්ම 2020 ආපු හොඳම කොමඩි එක මේක වෙන්න පුලුවන් කියලා ගොඩක් ක්‍රිටික්ස්ලා කියනවා.අවාසනාවට හරි වාසනාවට හරි ලංකාවෙ මේකට එච්චර ලොකු ෆෑන් බේස් එකක් නෑ. සමහර විට ඒ බලන අය වැඩිය මේ ගැන කතාකරන්න කැමති නැද්ද දන්නෙත් නෑ.. ඒ අයට තමයි මේක ලියන්න හිතුනෙ, මේ සීරිස් එක ගැන හොඳ කන්වර්සේශන් එකක් හදමු.

ටෙඩ් ලාසෝ දෙන Comedy, genuinly funny.. මට නම් කිසිම Forced බවක් කතාවෙ කොතැනකවත් දැනුනෙ නෑ. මේකෙ Ted Lasso ගේ චරිතය කරන්නෙ හොලිවුඩ් වල ඉන්න සුපිරිම ඇක්ටර් කෙනෙක් වෙන Jason Sudeikis

We are the millers, Horrible Bosses, Colossal වගේ මූවීස් බලපු අයට මෙයා ගැන ආපහු ලොකුවට කියන්න දෙයක් නෑනෙ, ජේසන්ගෙ ටෙඩ් ලාසෝ චරිතය මට එයාගෙ අනිත් චරිතවලට වඩා සෑහෙන පවර්ෆුල් විදියට දැනුනා කියන එකත් කියන්න ඕනෙ. He really did gave his best🔥

මේ කතාවෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි හැම චරිතයක්ම වගේ මාරම ලස්සනට ගොඩනංවලා තියෙන එක, ඒ කැරැක්ටර්ස්වල බැක්ස්ටෝරි එහෙමත් ගොඩක් ඉන්ටරෙස්ටින්, හැමෝම ඉන්නෙ එයාලගෙ ප්‍රශ්න එක්ක, ටෙඩ්ටත් ඒක පොදුයි, කොටින්ම ටෙඩ් ලාසෝ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියාගෙනත් හිනාවෙලා ඉන්න පොරක්, ඒවගේම අනිත් අයව එයාලගෙ බෙස්ට්ම වර්ශන් එකට ගෙනියන්න කැපවෙලා ඉන්න මනුස්සයෙක්. දන්නවනෙ ඉතින් එහෙම කෙනෙක්ට සාමාන්‍යයෙන් සමාජයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ කියලා, ටෙඩ්ටත් ඕකමයි වෙන්නෙ.. නමුත් එයා ඒවට ප්‍රතිචාර දක්වන විදිය සරලවම ජීනියස්. 🧠

ෆුට්බෝල් ෆෑන් කෙනෙක්ට වඩා Life Struggles තියෙන කෙනෙක්ට රිලැක්ස් වෙන්න වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න ටෙඩ් ලාසෝ උදව් වෙයි කියලා මන් හිතනවා, ඒවගේම ඔයාගේ ජීවිතේ අනිවාරෙන් අංශක දෙකතුනක් හරි මේක නිසා වෙනස් වෙයි. ATLA බලපු අයට අංකල් Iroh ඉන්ස්පිරේශන් එකක් වෙනවා වගේ Ted Lasso ගෙ Ted Talks වලටත් ඒවගේම ඉම්පැක්ට් එකක් කරන්න පුලුවන්💚

ඉතින් ඔයා කතාවක් බලන්න හොයනවනම් අනිත් රෙකමන්ඩේශන් ඔක්කොම පැත්තකට දාලා මේක බලන්න ගන්න, එක්කො ඔයා කැමති වෙයි, නැත්තන් එපා වෙයි, මොනා වුනත් ට්‍රයි කරලා බලන්න, අපරාදෙ බැලුවෙ කියලනම් හිතෙන එකක් නෑ කියලා ශුවර්..

මේ මන් කතාවෙ දැකපු සුපිරිම Quote එකක්, ටෙඩ් ලාසෝ බලලා අපිටත් ඔයාගෙ අදහස් කියන්න.. ඉස්සරහට ටිකක් ගැඹුරෙන් කතාව දිහා බලමු.

“If God wanted games to end in a tie, she wouldn’t have invented numbers”

-Ted Lasso

බලපු අය මොනවද හිතන්නෙ මේක ගැන, ඒවත් කමෙන්ට් සෙක්ශන් එකේ කියන්න.
Hype Community එකට ජොයින් වෙන්නත් අමතක කරන්න එපා.. 💚🔥

by the way,
Do you believe in ghosts?

Leave a Reply