You are currently viewing සංත්‍රාසය රැගත් කොරියානු සම්ප්‍රදාය

සංත්‍රාසය රැගත් කොරියානු සම්ප්‍රදාය

ලංකාවේ රූපවාහිනී නාලිකා ආරම්භ වුණ කාලයක පටන් කාලෙන් කාලයට විවිධ ප්‍රවණතා විවිධ ආරයේ රැලි ඇතිවෙන විදියේ නිර්මාණ බිහිවුණා. ඒවගේ ගුණාත්මකභාවය ගැන යම් යම් ප්‍රශ්නාර්ථ මතුවුණත් බහුතරයක් නිර්මාණ සමාජයේ කතාබහට ලක්වෙන නිර්මාණ වුණා. කොටින්ම අද රූපවාහිනියට මෙච්චර විකල්පරැසක් ඇවිල්ල තිබියදීත් තවමත් රූපවාහිනිය කියන දේ ලංකාවෙ සංස්කෘතිය එක්ක බද්ධ වෙලා තියෙන දෙයක් කියන එක හොඳින්ම පේන දෙයක්. ඉතින් මේ වගේ එක්තරා කාලෙක ජාතික රූපවාහිනියෙ ගිය ඔශීන් කියන වැඩසටහන ලංකාවෙ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්නවා. විදේශීය කතාමාලාවක් හඬකවලා උසස් මට්ටමට ලංකාව ඇතුළෙ ජනගත කරන පළවෙනි සහ සාර්ථකම වෑයමක් ලෙස ඔශීන් හඳුන්වන්න පුළුවන්. එතනින් පස්සෙ ඉන්දියානු එගා නාට්‍ය පවා මෙහෙම හඬකැවීම් අධ්‍යක්ෂකවරු අතින් ලංකාවෙ විකාශය වෙනවා. පසුකාලීනව තොටවත්තයන් ඔශීන්ගෙන් කළ හා සමාන කතාබහක් යළි ඇතිකරන්න අතුල රන්සිල්ලාල් මහතාගේ මෙහෙයවීමෙන් කරපු සුසුරන් කතාමාලාවට පුළුවන් වෙනවා. සාධනීය මට්ටමේ නිර්මාණයක් සාධනීය මට්ටමෙන් හඬකැවීම් කරල Positive Impact එකක් සමාජය තුළ ඇති කරපු අවස්ථාවක් යළිත් එසේ සටහන් වෙනවා.

පස්සෙ ජපානයෙන් මදකට ඈත්වෙලා 2012-13 කාලයේ විකාශය වෙන සුජාත දියණී කොරියානු කතාමාලාව ඒ කාලෙයේ උන්මාදයක් වුණා. චංගුමී කියන නම ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර කියවෙන නමක් බවට පත්වුණා. එතනින් පටන් ගත්ත කොරියානු කතා කිහිපයක් ජාතික රූපවාහිනී හඬකැවීම් ඒකකය ඉතා ඉහළින් ඔසවා තැබුවා. අභීත දියණි ඊළඟට ඉසිවර වෙදැදුරු ජනහිතකාමී රැජිණිය වගේ නිර්මාණ වලින් කොරියානු ඉතිහාසය වගේම එතනින් එහාට ගිහින් නරඹන්නාට Life Lesson එකකුත්න්කියල දෙන නිර්මාණ විදියට සමාජගත වුණා.

ඒ ජාතික රූපවාහිනිය ගෙනාපු කොරියානු රැල්ල. ඒ අතර ස්වාධීන රූපවාහිනී සේවය ගෙනාව Full House කියන කතාමාලාව. 2002 වගේ කාලෙක් ලෝකයේ උන්මාදයක් බවට පත්වුණ Rom Com Series එකක්. එතනින් එහාට ගිහින් ITN එකෙනුත් කොරියානු කතාමාලා විකාශය කරන්න පටන් ගන්නවා. Autumn In My Heart, අසලියා මල වගේ කතාමාලා. මේ නිර්මාණත් එක්ක KDrama කියන දේ ලංකාවෙ තවත් රසිකයෝ බිහිවුණ මාතෘකාවක් වුණා.

ඊළඟට දෙරණින් අතාරිනවා Boys Over Flowers  පස්සෙ සිරස නාලිකාවත් අනන්තයෙන් ආ තරුකුමරා එහෙම විකාශය කරනවා. එතනින් එහාට ගොඩක් කොරියානු Romance Series විශාල ප්‍රමාණයක් ලංකාවෙ සිංහල හඬකැවීම් කරලා විකාශය වෙනවා සග වෙලා තියෙනවා.

මම කියන්නේ නෑ මේ KDrama Fans ල ඇතිවුණේ මේ Sinhala Dub ඒවා එක්ක කියලා. අනිවාර්යයෙන්ම නැහැ. මොකද මේවා විකාශය වෙන්න කලිනුත් ලංකාවෙ Die Hard KDrama Fans ල හිටියා. කොහොම හරි පසුකාලීනව Release වුණ මේ Dubbed Series ඔක්කොම වගේ කිසිම ප්‍රමිතියකින් තොරව හඬකවල තිබුණ නිර්මාණ. මුල්කාලයේ ජාතික රූපවාහිනී එකේ විකාශය වුණ Dubbed Versions වල ප්‍රවීණ වෘත්තිමය හඬ නළුවෝ රැසක් දායක වුණා. ඒවා මෙහෙයවන ලද්දේ අතුල රණසිලාල් වගේ ප්‍රවීණයන්. ඒත් පසුකාලීනව ආපු නිර්මාණ ජනප්‍රිය නළුවන් විසින් Dub කරපු එච්චර ගුණාත්මකභාවයෙන් යුතු ඒවා වුණේ නෑ. කොහොම වුණත් මේ Dubbed Version නිසා KDrama වලට අලුත් නමකුත් වැටුණා. ඒ තමා මල් කතා.

මේ Romance Series නිසා සමස්ත කොරියානු නිර්මාණ ඔක්කොම කුණුකූඩෙට දාපු කෙනෙක්නම් ඔබත් මේ ලිපිය ඔයා වෙනුවෙනුයි.මොකද මේ Rom Com කියන්නෙ කොරියානු නිර්මාණ වල තවත් එක Genre එකක් පමණයි. නියම කොරියානු නිර්මාණ වල බරපතලකම දැනගන්නනම් බලන්නම ඕනි මේ Genre එක වත් ඒවගෙ මේ බාල ගණයේ සිංහල හඬකවපු Version වත් නෙවෙයි. Korean Thriller Series.

ඉතින් අද මාතෘකාව මේක. Thriller කියන genre එක ලෝක සිනමාවට ආවෙ කොහොමද ඒවා Bergman Hitchkock වගේ Directors ලගෙන් පටන් අරන් Fincher, Lynch වගේ අය දක්වා ආපු හැටි අපි කලින් ලිපිවල කතාකරා. ඒ වගේම තමයි ආසියානු කලාපයෙත් මේ Genre එකට වෙනම Standard එකක් තියෙනවා. විශේෂයෙන්ම ලාංකිකයන් විදියට අපිට Asian Culture එකකොහොමත් බැඳීමක් තියෙන දෙයක්. ඒ නිසා මේ චීන/ජපන්/තායි/කොරියානු නිර්මාණ වල තියෙන හැඟීම් ප්‍රකාශනයන් සමාජ ඝට්ටනයන් සියල්ල අපිට හොඳින්ම වටහා ගන්න පුළුවන්. Thriller නිර්මාණ ගත්තම කොරියානු නිර්මාණ තියෙන්නෙ ලෝකෙ ඉහළම ස්ථානයක. කොරියානු නිර්මාණ Oscar Doorstep එකට තට්ටු කරේ මෑතකාලයේ Parasyte එක්ක වුණාට ඊට දශක ගණනාවකටන්කලින් ඉඳන් ලෝක සිනමාව සහ හොලිවුඩ් පුරවරයේ කොරියානු Signature එක තියන්න ඒ නිර්මාණකරුවන්ට පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Parasyte අධ්‍යක්ෂක  Bong Joon Ho ගෙ Memories of Murder සැලකෙන්නෙ Mystery Crime Type චිත්‍රපට වල Masterpiece එකක් විදියටයි. Parasite වලට ලැබුණ ප්‍රචාරය සහ අනුග්‍රහය ලැබුණානම් මේ චිත්‍රපටය නවතින් තැන තමන්ටන්හිතාගන්නවත් බැරි බව වරක් Quentin Tarantino කියන අධ්‍යක්ෂකවරයා කියලා තිබුණා.

ඒ වගේම Vengeance Trilogy එකේ Old Boy කියන්නෙ Spike Lee වගේ අධ්‍යක්ෂකවරු විසින් Hollywood Remake කරපු නිර්මාණයක්. Tarantino වගේ Violent Movies වලට නම් දරාපු Directors ලට උන් හිටි තැන් අමතක කරපු නිර්මාණයක්. එතනින් එහාටගිහින් I Saw The Devil වගේ නිර්මාණ පට්ටම Groundbreaking Crime Stories. මේ වගේ සිනමාව විතරක් ඇල්ලුවත් කොරියානු නාමය ඉහලින් රඳවපු නිර්මාණ මෙපමණයි කියන්න බැහැ. ඒ තරම් අද මේ ක්ශානරයේ නිර්මාණ අතර කොරියානු  නිර්මාණ අතික්‍රමණය කරලා ඉවරයි. පසුකාලීනව Netflix වගේ Streaming Services පවා Forgotten වගේ නිර්මාණ වලට බහින්නෙ අන්න ඒ නිසා.

එතනින් එහාට ගිහින් මේ අධිකාරිය රූපවාහිනී කතාමාලා අතරත් තියාගන්න Korean Thriller Series වලට පුළුවන් වෙලා තියෙනවා. OCN වගේ Brands දැන් මේ Genre එකේ Trademark එකක් වෙලා. විශේෂයෙන්ම හුදෙක් හොරාපොලිස් සෙල්ලම් වලින් එහාට ගිහින් Parallel Worlds, Time Travel, Multiple Personality Disorder, Serial Killers වගේ එක එක අන්තවල වල තියෙන Trending Topics ගොඩක් එක නිර්මාණයකට ගෙනල්ල ඒක අච්චාරුවක් නොකර ඉතාම ඉහල final output එකක් දෙන series KDrama අතර ඕනි තරම් තියෙනවා. මුල් කාලයේ Korean Thrillers Crime/Mystery Genre එක්ක Romance විතරක් Touch කරගෙන ගියත් අද වෙනකොට Anthology  Series, Sci Fi Series දක්වා තමන්ගේ මේ ත්‍රාසය භීතිය කුතුහලය පතුරවන වපසරිය වැඩිකරගෙන තියෙනවා. Netflix පවා ගෙනාපු Train To Busan, Kingdom වගේ Zombie Apocalypse Stories තවදුරටත් කොරියානු නිර්මාණ වල Extent එක Romance Mixed වුණ Hero vs Villain Type ඒවාම නොවන බව යලි යලිත් ඔප්පු කරා. ඇත්තටම කොරියානු නිර්මාණ කිව්වම අර අපි මුලින් රූපවාහිනියෙ බලපු නිර්මාණ අමතක කරන්න තරම් මේ Thriller Genre එකේ Korean Masterminds ල දාල තියෙන වැඩකිඩ ටික ප්‍රමාණවත්.

ඉතින් අද ලිපියෙන Hype Zone අපි බහින්න යන්නෙ මේ Korean Thriller කියන Topic එකට. මම කිව්ව වගේ Korean Thriller ගත්තම් ඒ සංස්කෘතිය ඒ ජීවන් රටාව එක්ක එයාලගෙ භාෂා හැසිරවීම හැඟීම් ප්‍රකාශනය වගේ දේවල් ගොඩක් තීව්‍ර විදියට උළුප්පා දක්වන්න පුළුවන්. ඒ හැකියාව ඔවුන්ට Naturally Gifted. මේ නිසා අර Thriller නිර්මාණයක් බැලුවම අපිට දැනෙන Thrill එක දෙගුණ තෙගුණ වෙලා අපිට දනවන්න මෙයාලට හැකිවෙලා තියෙනවා. ඒ වගේම Storylines සහ නළුනිළියන්ගෙ Potential එක එහෙමත් ඉස්තරම් මට්ටමක තියෙන නිර්මාණ ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. ඉතින් අපි හිතුවා Rom Com බලල ඒව හින්ද කොරියන් මල් කතා කියල මේව ඔයා මගහැරගන්නවනම් ඒක එහෙම නෙවෙයි කියල පෙන්නල දෙන එක අපේ යුතුකමක් කියලා.

ලිපිය අදට එච්චරයි. ඉවර කරන්න කලින් හොඳ Thriller Series ටිකක් කියන් යන්නම් බලාගෙන යන්න. මේවටත් වෙනම ලිපි ගේන්නම් ඉස්සරහට. බයවෙන්න එපා.

Train

සමාන්තර ලෝක අතර මාරුවෙන Serial Killer කෙනෙක් ඉන්නවා. මෙයාව අල්ලන්න Detective කෙනෙක් දෙන Effort ගැන තියෙන්නෙ.

Flower of Evil

තමන්ගෙ Identity එක වෙනස් කරගෙන Detective කෙනෙක් Marry කරගෙන ඉන්න තමන්ගෙ Dark Past එකෙන් පැනලයන්න හදන මිනිහෙක් ඉන්නවා. ඒ අතරේ එයාගෙ Past එක එයාව Haunt කරන් එනවා. Thriller + Romance ගාණට Moxed වුණ ලස්සන කතාවක්. මාර Twists ගොඩක් තියෙනවා. අනිවා බලන්න

Kingdom

Netflix  අතෑරපු බෝම්බයක්. අතීතයේ රජකාලෙ කොහොමද Zombie Threat එකක් වුණොත්. කඩු දුනු උස්සන් කොහොමද Survive වෙන්නෙ. ඒ වගේම ඊට යටින් තියෙන බල අරගලය. මේකත් ඉස්තරම් ගණයේ වැඩක්.

Tunnel

Dark එකට කලින් Release වුණ ඒ Type කතාවක්. අනිවා බලන්න. Time Travel සීන් එකක් එක්ක යන Mystery එකක්ගැන Story එකක්.

Vagabond

පට්ට Action තියෙන ස්ටෝරි එකක්. Nationwide  Corruption Scandal එකක්  Expose කරගන්න Stuntman කෙනෙක්ගෙ කතාව යන්නෙ.

තව තියෙනවා Rugal, Mouse, Signal වගේ සෑගෙන්න ගොඩක් මේ වගේ ඒවා. මේ වගේ වචනෙන් දෙකෙන් ඒව ගැන කියන එක අවුල්නේ. ඒ නිසා තව ලිපි ගේන්නම් මේවා ගැන. බලපු අයත් ඔයාලගෙ Experience කියාගෙන යන්න. අනිත් පැත්තට අපි ලිපි ගේන්න ඕනි තව මොනවා ගැනද කියල එහෙමත් කියාගෙන යමු.

Kdrama විතරක් නෙවෙයි ලෝක සිනමාවේ Stepping Stones ගැන Marvel DC Middle Earth Fandom ගැන Anime ගැන තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone  page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම Geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

එහෙනම් කොල්ලො අපි ගියා. 😂

ඔබට ජය 😁❤

Admin : Thilosha Nipunajith

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

This Post Has One Comment

  1. Ruvi

    Vagabond is super drama… i recommend one tv series in kdrama…”Mouse” its very weird and curious drama…

Leave a Reply