You are currently viewing ශෙල්ඩන්ගෙ පොඩි කාලෙ..😂  (Young Sheldon)

ශෙල්ඩන්ගෙ පොඩි කාලෙ..😂 (Young Sheldon)

ලෝන් මස්ක් රොකට් යවයි ශෙලී නැත්තන්..😂 මිත්තනියගෙ වස්ත්‍රය තමයි..😂

බිග් බෑන්ග් තියරි බලපු ඕන කෙනෙක්ට ඩොක්ටර් ශෙල්ඩන් කූපර් කියන්නෙ තමන්ගෙ ජීවිතේ හම්බුන ෆික්ශනල් කැරැක්ටර්ස් අතරින් ආසම කෙනෙක් කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒවගේම මේ අසාමාන්‍ය මොළකාරයාගෙ මාරම Unique චරිතයට සමාන වෙන කෙනෙක් වෙන කෙනෙක් වෙන කිසිම කතාවක ඇති කියලා මම හිතන්නෙ නෑ…🙏

ඉතින් මේ ශෙල්ඩන් සහ ගෑන්ග් එක බිග් බෑන්ග් තියරි එකෙන් සීසන් 12 ක් තිස්සෙ ගොඩනඟාගෙන ආපු කතාව ටිකෙන් ටික ඉවර වීගෙන එද්දි , කවුරුත් හිතපු නැති විදියට CBS එකෙන් දැනුම්දෙනවා බිග් බෑන්ග් තියරි Spinoff එකක් ගැන..😍

ඒ තමයි Young Sheldon. 😍🔥

Ready to get your Sheld-On 😂

මේක ඇවිල්ලා ක්‍රියේටර්ස්ලවත් ප්ලෑන් කරගෙන හිටපු දෙයක් නෙමේ. මේ අයට කලින් ඉදන්ම Spinoff එකක් නිර්මාණය කරන්න අදහසක් තිබ්බත්, මුලින්ම අයිඩියා එක වෙලා තියෙන්නෙ ශෙල්ඩන්ගේ නෑදෑයෙක් ගැන, ඒ කිව්වෙ ශෙල්ඩන් වගේ ස්මාර්ට්( but not sheldon smart.but a genius) කෙනෙක් ගෙ පොඩි කාලෙ ගැන කතාවක් හදන්න..ඉතින් ඔන්න ඕක ප්ලෑන් කර කර ඉදිද්දි තමයි Big Bang Theory සිට්කොම් එකේ ශෙල්ඩන්ගෙ චරිතයට පණපොවපු Jim Parsons ට සහ ක්‍රියේටර් Chuck Lorre ට තේරුම් යන්න පටන් අරන් තියෙන්නෙ මේ නොදැනුවත්වම ඒ අය හදන්නෙ ශෙල්ඩන්ගෙ පොඩි කාලෙට සමාන චරිතයක් නේද කියලා. ඒ වගේම දන්නවනෙ බිග් බෑන්ග් තියරි එකෙන් කොච්චර ශෙල්ඩන්ගේ පොඩි කාලෙ ගැන ඉඟි දුන්නද කියලා, Billy Sparks සහ ඔහුගෙ කුකුල් කොටුව, ශෙල්ඩන්ගෙ Meemaw,නිවුන් සහෝදරිය Missy මේ ඔක්කොම බිග් බෑන්ග් තියරි එකෙන් කලින් කතාකරපු ඒවා..🔥

ඉතින් ඒ ලින්ක්ස් ඔක්කොම කනෙක්ට් කරන්න Young Sheldon සීරිස් එක නිර්මාණය වෙන්න පටන් ගන්නෙ ඒකෙන්.එතනින් පටන් අරන් වැඩකටයුතු අවසන් වීමත් එක්ක Big Bang Theory එකොලොස් වෙන සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එකෙන් පස්සෙ CBS නාලිකාව Young Sheldon Pilot එපිසෝඩ් එක නිදහස් කරනවා.😍

Young Sheldon කතාවෙන් අපිට මුලින්ම දකින්න ලැබෙන්නෙ අපිට හුරුපුරුදු ශෙල්ඩන්ට වඩා ටිකක් වෙනස් කෙනෙක්.අපි හොඳටම දන්න Jim Parsons ගේ ශෙල්ඩන් කියලා කියන්නෙ සාමාන්‍යෙයෙන් කියනවනම් පොඩ්ඩක් විතර සර්වයිව් වෙලා ඉන්න දන්න කෙනෙක්නෙ, ඒවගේම සුපිරිම නර්ඩ් කෙනෙක්…😍😎

හැබැයි Young Sheldon කියන්නෙ කොහෙත්ම එහෙම කෙනෙක් නෙමේ..පොඩි ගීක් ගතියක් තිබුනත් ප්‍රොෆෙසර් ප්‍රෝටෝන්ගේ බෝ ටයි එකත් දාගෙන ඉන්න මේ කොල්ලට ඉගෙනගැනීම හැර වෙන ලෝකයක් නෑ.(ස්ටාර් ට්‍රෙක් හැර.ශෙල්ඩන් ඒකාලෙ ඉදන්ම ස්ටාර් ට්‍රෙක් පිස්සෙක්).හැබැයි කතාව ගලාගෙන යද්දි අපිට පේනවා පොඩි ශෙල්ඩන් කොහොමද Adult ශෙල්ඩන් බවට වෙනස් වෙන්නෙ කියලා, කොහොමද එයා කොමික් කියවන්න පටන් ගන්නෙ, නර්ඩ් කෙනෙක් වෙන්නෙ කොහොමද වගේ දේවල්. ඒ අතින් මේක Sheldon ගෙ ඔරිජින් ස්ටෝරි එක කියලා කියන්නත් බැරි නෑ.🌎

ඒවගේම Young Sheldon, බිග් බෑන්ග් තියරි එකෙන් ගොඩක් කරුණු අරගෙන තියෙනවා වගේම සමහර කරුණු අයින් කරලත් තියෙනවා. උදාහරණයක් විදියට බිග් බෑන්ග් තියරි එකේ ඉන්න ශෙල්ඩන්ගෙ අර අහිංසක Meemaw, Young Sheldon එකේ ඉන්න Meemaw එක්ක අහසට පොළොව වගේ.. සහ ශෙල්ඩන්ගෙ ගෙදර එහෙමත් ටිකක් වෙනස්.🔥

Young Sheldon කතාවට දැනට ලෝකෙ ඉන්න දක්ෂම ළමා රංගන ශිලිපීන් තුන් දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ Young Sheldon ට පණපොවන්නෙ Big Little Lies කතාවේ Ziggy විදියට අපි මුලින්ම දැකපු Iain Armitage, බිග් ලිට්ල් ලයිස් රූගත කිරීම් වලදි Iain ට මෙරිල් ස්ට්‍රීප් වගේ අතිදක්ශ රංගන ශිල්පීන් එක්ක කටයුතු කරන්න ලැබුන නිසා ඒ අත්දැකීම් ඉයන්ට තියෙන නිසා වගේම ඇඩල්ට් ශෙල්ඩන් වෙන Jim Parsons , Iain ගෙ Mentor විදියට කටයුතු කරන නිසා ගොඩක් ප්‍රබල රංගනයක් Young Sheldon ගෙන් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ශෙල්ඩන්ගේ නිවුන් සහෝදරිය වෙන Missy ගෙ චරිතයට ඇක්ට් කරන Reagan Revord සහ Paige ගෙ චරිතයට පණපොවන McKenna Grace ,ඒ අයගෙ ජොබ් එක හොඳටම කරනවා.🌝 🤔

සහ ශෙල්ඩන්ගෙ අයියා Georgie, එයාගෙ කැරැක්ටර් එක නම් බිග් බෑන්ග් තියරි එකෙන් කිසිම වෙනසක් නැති තරම්. Montana Jordan ඒක ලස්සනට කරනවා.
තවත් විශේෂ දෙයක් තමයි ශෙල්ඩන්ගෙ අම්මා Mary Cooper ට ඇක්ට් කරන්නෙ බිග් බෑන්ග් තියරි එකේ ශෙල්ඩන්ගෙ අම්මට පණපොවපු Laurie Metcalf ගෙ දුව වෙන Zoe Perry.ඒ වගේම ශෙල්ඩන්ගෙ තාත්තගෙ චරිතයට Lance barber, Meemaw ගෙ චරිතයට Annie Potts රංගනයෙන් දායක වෙනවා…මෙයා නම් මාරම ආතල්..😂

ශෙල්ඩන්ගෙ පොඩි කාලෙ කියලා කියන්නෙ ශෙල්ඩන් ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දුන්න කාලයක්.මොකද එයාට උදව් කරන්න ලෙනාඩ් සහ අනිත් සෙට් එක ඒ කාලෙ එයාට හිටියෙ නෑ. ඉතින් ඒ නිසා මාරම කට්ටක් කනවා ශෙල්ඩන් ලෝකයට හුරු වෙන්න. ඒ අතරෙ ශෙල්ඩන් සහ මිසීගෙ සහෝදර බැඳීමත් හොඳටම මේ කතාවෙන් එලියට එනවා.. හොඳම උදාහරණෙ තමයි ශෙල්ඩන් ගෙදර ෆ්‍රිජ් එක ගලවලා දාපු වෙලාවෙ, තාත්තා ඇවිත් ශෙල්ඩන්ට කියන්නෙ I am dissapointed in you කියලා.. ඒක අහලා මිසීට හිනා. මොකද ශෙල්ඩන්නෙ ගෙදර වැඩ්ඩා වගේ ඉන්නෙ.😂

හැබැයි ශෙල්ඩන්ට මෙතනදි මාරම අප්සෙට් ගිහින් අඬන්න ගන්නවා..අන්න ඒවෙලාවෙදි මිසී තවදුරටත් හිනා වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා මුකුත්ම කියන්නෙ නැතුව ගිහින් එයාගෙ සහෝදරයව බදාගන්නවා. ඒ විදියටයි මිසී, ශෙල්ඩන් වෙනුවෙන් තමන්ගේ ආදරය පෙන්නන්නෙ. ඒවගේම ශෙල්ඩන් තමන්ගෙ valedictorian Speech එකේදි ස්තූති කරන්නෙ මිසීට.😍

ඒ වගේ ඉමෝශනල් තැනුත් ගොඩක් තියෙන මාරම ලස්සන කතාවක් තමයි Young Sheldon කියන්නෙ.. තව දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ඉලෝන් මස්ක් පවා මේ කතාවට කැමියෝ එකක් විදියට එනවා. ඒ මොකටද කියලා නම් කියන්නෙ නෑ..හැබයි..මේ මීම් එකෙන් පොඩි ඉඟියක් ලැබෙයි බලපු අයට..😂

ඒවගේම ශෙල්ඩන් කූපර් ඒ කාලෙදිත් කොච්චර බුද්ධිමත්ද කියනවනම් මේ අවුරුදු දහයෙ කොල්ලා නිසා තමයි ඉලෝන් දැන් රොකට් යවන්නෙත්..😂

මේක කියෙව්වෙ ඒක දැනගන්න නේද?
Well… BAZINGA bro.. Not going to tell..🙏🖤

Young Sheldon කතාව බලපු අය දන්නවා සීන් එක. ඒ අය අනිත් අයට සීන් එක කියන්න යන්න එපා..ඔයාලා කතාව බලලම ඒ ආතල් එක ගන්න.

Leave a Reply