You are currently viewing මැන්ඩලෝරියන් උරුමය : The Story About Dark Saber

මැන්ඩලෝරියන් උරුමය : The Story About Dark Saber


ගායිස් අදත් මම අරන් එනව Starwars  Universe  එකේ තියෙන Iconic  දෙයක් ගැන කතා කරන්න , මේ ලිපියෙදි  අපි කතා කරමු Dark Saber එකේ Orgin එක පිළිබඳව .❤️😍


මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ Dark Saber  එකේ තියෙන සුවිශේෂීත්වය ගැන 😉. 
Dark saber  එක කියන්නෙ Ancient ans Unique  Origin  එකක් තියෙන සුවිශේෂී සේබර් එකක් 😍
මේක සුවිශේෂී වෙන්න හේතු කිහිපයක්ම තියෙනව , පලවෙනි හේතුව ගැන සැලකුවොත්  අපි Starwars Movies  සෙට් එකෙ  සහ Series  වල බහුලවම දකින්න ලැබෙන්නෙ කොලපාට ,නිල්පාට එහෙමත් නැත්තම් රතු පාට බ්ලේඩ් එකක් තියෙන ලයිට් සේබර්ස්  ,නමුත් මේ Dark Saber  එකේ නම වගේම බ්ලෙඩ් Color  එකත් අදුරුයි , එහෙමත් නැතිනම්  කලු පාටයි , ඇත්තටම මේක තමා කලු බ්ලෙඩ් එකක් තියෙන එකම ලයිට්සේබර් එක 😍 මේ හේතුවම ඇති මේක හෙනම Unique  වෙන්න ඒ වගේම මේක අපි සාමාන්‍යයෙන් දකින සේබර් එකකට වඩා දිගෙන් අඩු වෙනව ,මේ නිසා මේක සාමාන්‍යයෙන් අපි Got ,Vikings  වල දි දකින සාමාන්‍ය කඩුවක් වගේ ස්වභාවයක් තමා ගායිස් තියෙන්නෙ  😍 , ⁣මේක සුවිශේෂී වෙන්න හේතු වෙන දෙවැනි කාරණය ගැන කිව්වොත් මේක නිර්මාණය කරන්නේ Jedi Order  එකට එන පලවෙනි  Mandalorian  විසින් නිසා 😍


"I didn't know Mandalorians developed a type of lightsaber."
"We didn't, this was one of a kind. Legend tells that it was created over a thousand years ago by Tarre Vizsla, the first Mandalorian ever inducted into the Jedi Order. After his passing, the Jedi kept the saber in their temple. That was until members of the House Vizsla snuck in and liberated it. They used the saber to unify the people and strike down those who would oppose them. At one time, they ruled all of Mandalore wielding this blade. This saber is an important symbol to that house and respected by the other clans."
―Kanan Jarrus and Fenn Rau


දැන් අපි මේකෙ History  එක ගැන කතා කරොත් මේක නිර්මාණය වෙන්නෙ 1032 BBY (BBY කියන්නෙ Before the Battle Of Yavin කියන එකට    මේකෙදි තමා First Death Star එක විනාශ කරන්නෙ Luke skywalker  ඇතුලු Rebel Alliance  එක )වගේ කාලයකදී  , මේකේ නිර්මාණකරුවා සහ අයිතිකරු වෙන්නෙ Terre Vizla  (මේයා තමා Jedi Order  එකට බැඳෙන පලමු මැන්ඩලෝරියන් සාමාජිකයා ) Terre Vizla  ගෙ මරණයත් සමග මේ සේබර් එක ජෙඩායි ටෙම්පල්  එකේ තියන් ඉන්නව , නමුත් House Vizla වල සමාජිකයන්   (මැන්ඩලෝරියන්  Culture  එකේදි Families හැඳින්වුනේ Clan එකක් විදියට , Clan එකක් හො කිහිපයක් එකට එකතු වෙලා Political Faction එකක් හැදෙනව , ඒ Political Faction  එකට කිව්වෙ House  එකක් කියල  ) විසින් මේ Dark Saber  එක උස්සනව Jedi Temple  එකෙන් , මේක සිදුවෙන්නෙ Old republic  එකේ Fall එක සිදුවන කාලේදි . ඉන් පසුව මේ සුවිශේෂී ලයිට් සේබර් එක house Vizla  ලගේ පරම්පරාවෙන් පරම්පරාවට Pass වෙවී යනව ( ⁣ඩාක් සේබර් එක house vizla වල සංකේතය විදියටත් සැලකුව )ඒ වගේම Mandalorian  ල හිතනව මේ ඩාක් සේබර්  එකේ අයිතිකාරයට Mandalor වල පාලනය සදහා අවස්තාව ලැබෙනව කියල .


"This lightsaber was stolen from your Jedi Temple by my ancestors during the fall of the Old Republic. Since then many Jedi have died upon its blade. Prepare yourself to join them!"
―Pre Vizsla to Obi-Wan Kenobi —


Clone wars  සිදුවන කාලයෙදී ( 21 BBY  වලදි වගේ ) මේ ඩාක් සේබර් එකේ හිමිකරු වෙන්නෙ Pre Vizla . Pre Vizla  කියන්නෙ Death watch  හි නායකයා ගායිස් . මෙයා මේක යූස් කරනව New Mandalorian  සමග තිබුනු Conflicts වලදී ,(new mandalorians කියන්නෙ ටිකක් සාමකාමී පිලිවෙතකට කැමති උනු මැන්ඩලෝරියන්ල සේට් එකකට )  death watch  විසින් new mandalorians ලගෙන්  මැන්ඩලෝර් යටත් කර ගැනීමත් ඇතුලුව ,නමුත් මේ මැන්ඩලෝර් යටත් කරගත්තට පසුව Death Watch  නායකය වුනු Pre Vizla  මිය යනව Darth Maul  සමග තිබුනු Duel එකකින්  , අපි දන්නවනේ Duel එකක ජයග්‍රාහකයා පරාජිතයගේ යම් වටිනා දෙයක් ලබා ගන්නව කියල සමහර වෙලාවට මේක ගෞරවය හෝ දේපොල වගේ දෙයක් වෙන්න පුලුවන්  , මේ හේතුව නිසා මේ ඩාක් සේබර් එක අයිති වෙනව Darth  Maul  ට , මේත් එක්කම මන් කලින් කිව්ව වගේ ඩාක් සේබර් එකේ අයිතිකරු ⁣death watch එකේ  වගේම මැන්ඩලෝර් වලත් නායකත්වය හිමි වෙනව කියල , දැන් darth Maul   මැන්ඩලෝර් වල නව පාලකය විදියට පත් වෙනව , Darth Maul විවිධ අවස්තාවන් වල  ඩාක් සේබර් එක යූස් කරනව 😉 


Empirial Era (2 BBy වගේ කාලයේදී ) එකේදි මැන්ඩලෝරියන්  Weapon  Expert  කෙනෙක් සහ රෙබෙල් කෙනෙක් වෙන Saber Wren  ඩාක් සේබර් එක Dothomir  වල Nightsistes Lair වලදී  ලබා ගන්නව ( මේ අවස්තාව අපි හඳුන්වන්නෙ  Skirmish On Dothomir කියන නමින් මේවෙලාවේදී තමා ඩාක් සේබර් එක Claim කරගන්නෙ ) Sabine  එකඟ වෙනව Jedi Knight  Kanan Jarrus යටතේ dark saber  එක යූස් කරන්න පුරුදු වෙන්න ( ඒ වගේම ඩාක් සේබර් එක ටික කාලයක් මේ kanan Jarrus ලග තියා ගන්නව මොකද කාලයක් Sabine  අකමැති වෙනව ඩාක් සේබර් එක තියා ගන්න )  , මීට ටික කාලයකට පසුව Sabine  විසින් Duel එකකින් Imperial  Viceroy Gar Saxon  ව duel එකකින් පරාජය කරාට පසුව dark saber එකේ Rightful Wielder  බවට පත් වෙනව ( Gar saxon කියන්නෙ මේ කාලයේදී Mandalor වල Governor  විදියට එම්පයර් විසින් පත් කරල තිබුනු Mandalorian  කෙනා) 


Gar Saxon  පරාජය කරායින් පසුව Sabine  විසින් ඩාක් සේබර් එක Lady Bo-katan Kryze  ට බාර දෙනව , මේ Bo-katan  ගැන ගායිස් ඔයාල දන්නව ඇතිනේ මෙයා තමා Satine Kryze ගෙ සහෝදරී  ⁣, මේ කාලයෙදී Bo-katan  තමා හොඳම පුද්ගලය උනේ Empire  එකට එරෙහිව මැන්ඩලෝරියන්ල  Lead කරවන්න , මොකද මෙයා කලින් කිව්ව ⁣වගේ මැන්ඩලෝරියන්  Rule කරපු Satine Kryze  ගෙ ස⁣හෝදරී වීම නිසා . 


නමුත් මැන්ඩලෝරියන්ල සහ  Empire  අතර උනු වලිය ( Great Purge කියල The mandalorian  සීරිස් එකේදි හෙම කියන්නෙ මේ great Purge නිසා Mandalorians ල සීසීකඩ විසිරිල බොහො පිරිසක් මිය ගිය බව ) නිසා dark saber  එක Bo-Katan  ට අහිමි වෙනව ජීවිතය ⁣බේරා ගත්තත් . දැන් මේ ඩාක් සේබර්  එක අයිති කරගන්නව Moff Gideon  විසින් , Moff Gideon  ට ඩාක් සේබර් එක අයිති වෙන්නෙ 9 ABY වලදි ( ABY කියන්නෙ After the Battle of Yavin )


අපේ The Mandalorian   එහෙමත නැත්තම්  Din Djarin Force Sensitive foundling   ⁣කොලපාට පොඩි එකා 😉 ( Grogu ) Moff Gideon  ගෙන් Rescue  කරන්න ගිය Mission  එකේදී Din Djarin  moff gideon  Combat එකකින් පරාජය කරායින් පසු Dark saber  එකේ මීලඟ නියම අයිතිකාරය වෙන්නෙ Din Djarin  ⁣, මේකෙන් පසුව Din Djarin  ඩාක් සේබර් එක Offer කරනව නැවතත් Bo-Katan  ට බට් ඇය මේක Accept  කරන්නේ නෑ මොකද ඇය විස්වාස කරනව ඩාක් සේබර්  එක Combat එකකින් වින් නොකර එය ලබා ගෙන මැන්ඩලෝර් වල පාලනය කිරීම legitimate නොවන බව .


⁣මෙතනිත් ඉදිරියට Dark Saber එක ගැන විස්තරයක් නෑ මොකද Cannon  වලදි මෙතනින් එහාට දැනට කතා කිරිමක් වෙන්නෙ නැති නිසා( Starwars legends  වල තියෙන්නෙත් දැනට ඩාක් සේබර් එකේ  අවසන් අයිතිකාරය වුනේ  Darth Maul බව ) , මොකද The mandalorian  season  3  ආවොත් ඒක ලොකුවටම spoil වෙනව මේ ගැන විස්තරයක්  Disney  ල එලියට දැම්මොත් 😉 So starwars Fandom  වලත් ඩාක් සේබර් එක ගැන විස්තරයක් නෑ 😉 The Mandalorian Season 3  වලින් ඩාක් සේබර් එකේ Future එක  පිළිබඳව  විස්තර ලබා දේවි අපිට  ( දැන් බලන් ඉන්ඩ එපැයි මැන්ඩෝ Season 3  එනකන්  🙂) 😉


එහෙනම් මම මෙතනින් ඩාක් සේබර් එක ගැන ලිපිය අවසන් කරනව 😉❤️ ඩාක් සේබර් එක ගැන මට Miss උනු දේවල් තියේ නම් ඒව  ගැන අපි Comment Section  එකේදී කතා කරමු ❤️


කට්ටිය මේක කියවලා රසවින්දනම් අනිත් කට්ටියත් දැන ගන්න share පාරක් දාන්න ❤️


තව මේ වගේ ලස්සන ලිපි කියවන්න hypezone page එකත් එක්ක සෙට් වෙන්න එ වගේම කට්ටිය එක්ක ඔයාලගේ අදහස් බෙදා ගන්න hypezone community එකටත් සෙට් වෙන්න❤️


May The Force Be with You ❤️

Leave a Reply