හායි කස්ටියටම , මම අද ගෙනාව තවත් ආතල්ම ආතල් සිට්කොම් සීරිස් එකක Intro එකක් 🤣 අපේ ගීක්ල සෙට් එකම මේ දවස්වල ගෙදරට වෙලාම ඉන්න එකේ චිල් එකේ බලන්න පුලුවන් සිට්කොම් ගැන එකක් තමා ගායිස් අද මේ ලිපිය 😎
එහෙනම් ලෙට්ස් ගෝ !! ❤
Malcom In The Middle , ම්ම්… දැන් හිතනව ඇති සෙට් එකම කවුද මේ මැල්කම් කියල . මැල්කම් කියන්නෙ මේ සිට්කොම් එකේ මේන් කැරැක්ටර් එක විදියට ඉන්න පොර , පොරගෙ Childhood එකේ ඉදන් පොර highschool එකෙන් Graduate වෙනකම් වෙන ස්ටෝරි එක තමා මේ ආතල් සිට්කොම් එකෙදි අපිට බලා ගන්න පුලුවන් වෙන්නෙ ❤ මැල්කම් ගැන කිව්වොත් California වල Star City වල ඉන්න ටිකක් අමාරුවෙන් ජීවත් වෙන ටිකක් අමුතු family එකක තුන්වෙනි ලමය . තුන්වැන්නා උනාට පොර තමා පවුලෙ ඉන්න දඩම මොලයක් තියෙන iq එක 165 ක් වෙන Genius කෙනෙක් . පොරගෙ ෆැමිලියෙ ඉන්න කස්ටිය ගැන බැලුවොත් Hal Wilkerson සහ පොරගෙ වයිපරේ වෙන Lois Wilkerson සහ මැල්කම් ගෙ සහොදරයෝ සෙට් එක Francis , Reese , Dewey , සහ Jaime ( Jaime අපිට සීරිස් එකෙදි හම්බෙන්නෙ Season 3 වලදි ) කියන පිස්සු ආතල් දෙන සහෝදරයෝ සෙට් එක අපිට මූලිකව බලා ගන්න පුලුවන් … මැල්කම් දඩ මොලකාරය උනත් පොරගෙ අම්ම වෙන Lois ගෙ දැඩි Control කරන පිලිවෙත නිසා සැහෙන්න නාහෙට නාහන පොරක් වෙනව . අනිත් ලමයි ටිකත් එහෙම්ම තමා තනිකරම Thug ලයිෆ් ටයිප් එකේ ඉන්න සෙට් එකක් . අම්මට එරෙහිව සෑහෙන්න කැරලි ගහන ඒවගෙන්ම හොද කට්ටක් රිටන් විදියට කාලත් ආයෙම මොකක් හරි නසරානි වැඩකට අත ගහන්න බලන්ම ඉන්න සහෝදරයෝ සෙට් එකක් තමා මේ පවුලෙ ඉන්නෙ 🤣 මේ නසරානි වැඩ සෙට් එක තමා දඩම ආතල් 🤣 ඒ වගේම මේ ලමයි සෙට් එකගෙ තාත්ත වෙන හැල් ලොක්කත් හෙන අමුතු ටයිප් චරිතයක් පොරට වෙලාවකට පිස්සු කියල අපිට හිතෙන වෙලාවල් සැහෙන්නම තියෙ 🤣 පොර ලොයිස් තරම් ලමයින්ට සද්දෙ බද්දෙ දාන්නෙ නැති සමහර නසරානි වැඩටත් අත හිත දෙන ටිකක් පාඩුවෙ ඉන්න බලන මනුස්සයෙක් තමා හැල් . සමහර වෙලාවල් වලට පොරටත් සිද්ද වෙනව ලොයිස් ලයිට් කැරැක්ටර් එකක් වෙන්න … ඒ අවස්තාවලට හේතුව වෙන්නෙම එක කොල්ලෙක්ගෙ හරි මොකක් හරි නසරානි මස්තබාල්දු වැඩක්ම තමා 🤣 හැල් ලොක්කත් වෙලාවකට දෙන ආතල් පට්ට 😂 ආතල් එකේ බලන්න පට්ටම සීරිස් එකක් තමා ගායි 😂❤
ඒවගේම දැන් අඩුම දෙතුන් දෙනෙක් වත් ගූගල් කරා ඇති නේ Malcom In the Middle කියල 😂 .. ? ඕව් නේද 😂❤ එතකොට දැක්ක ඇති ටිකක් පරන සීරිස් එකක් ඒ නිසා සෙට් මට සෙට් වෙයිද .. දැන් වගෙ Technology දියුනුත් නැති එකේ නිකං සිංහල කොමඩි ෆිල්ම් එකක් වගේ ලයින් එකක් ඇතිද .. වගෙ ප්‍රශ්න ගැන … ඇත්තටම ඉදලහිටල තියෙ සමහර සීන් අපට ටිකක් අන්ෆැමීලියර් බට් ඒක ඒ තරම් ලොකු අවුලක් නෑ (2021 වෙලාත් මෙහෙ ගහන ගොඩක් කොමඩි ෆිල්ම්ස් එක්ක බලද්දි බර ගනන් වල ආව මේ සිරිස් එක දාහෙන් සම්පතක් 😂🙂) . ඒකත් ආතල් එකක් කරගෙන බලන්න පුලුවන් වෙයි අනිව ඔයාලට ❤🙏
එහෙනම් මම මේ සීරිස් එක ට්‍රයි කරල බලන්ඩ කියල ආරාධනා කරනව ඔක්කොටම ❤ බලල හිනාවෙලා ෆන් එකක් ගන්න පුලුවන් වෙයි 😂🙏
තව එක එක Franchises ,Universes ගැන ලස්සන ලිපි කියවන්න සෙට් වෙන්න අපේ Hype Zone page එකට
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්න සෙට් වෙන්න අපේ hypezone youtube chanel එකට https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක , ඒකට සෙට් වෙන්න buy me a coffee e member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න ❤😉 https://www.buymeacoffee.com/hypelk
ආහ් අමතක උනා Clubhouse වල ඉන්න සෙට් එකත් අපිත් එක්ක සෙට් වෙන්න , කතා කරන්න ..
එහෙනම් ,
Stay Safe, Stay Hype ❤️