You are currently viewing මායා බන්ධනයෙන් හැඩවූ ළමාකාලය…

මායා බන්ධනයෙන් හැඩවූ ළමාකාලය…

මායා බන්ධන සමඟ රසවත් මතකයන්..🙏

සමාන්තර ලෝක 🧩 ගැන ඔයාලා මුලින්ම දැනගත්තෙ කොහොමද…??🤔

සිංහල උපසිරැසියෙන් වචනෙ මුලින්ම දැකගන්න ලැබුනෙ ඒ දවස් වල ජාතික රූපවාහිනියෙන් 📺 පිස්සුවක් වුන #Spellbinders කියන Australian කතා මාලාව.. ඒ කාලෙ නම දන්නෙත් නෑ.. #මායා_බන්ධන තමයි කට පුරා කියවුන නම….⚡⚡

බහුතරයක් දන්නව ඇති කතාව… Paul Reynold කියන තරුණයා සමාන්තර ලෝකෙකට යනව තමන්ගෙ පාසලේ මිතුරන් එක්ක කරපු පඬි වැඩක් වැරදිලා..🧲

ඒ සමාන්තර ලෝකෙ ඉන්නෙ තාක්‍ෂණිකව බොහෝ වෙනස් සමාජයක්…සමාජයේ පාලනය කරන්නෙ Spellbinders නම් පිරිසක්…🙃

මතකයිනෙ මායා බන්ධක ආශ්කා එහෙම… මූලික දුස්ට ගැහැනිය…😏

එතනින් එහාට කතාව ගොඩක් අයට මතක ඇති… මතක තියෙන ලොකුම සීන් එක අර අමුතු ගැජට්⚙️ ගොඩක් තියෙන බළ ඇඳුම කියල අපි හදුන්වන ඇඳුමෙ අත් දෙකේ මැණික් කටු ළගින් එකට අතුල්ලමින් නිපදවන power bolt එක..💥

⭕ඇත්තටම අමුතු ගැජට් ඇඳුමට බලය සැපයෙන්නෙ power stones වලින්.. හරි සරළ ක්‍රමවේදයකට ඇදුම නිර්මාණය කරල තිබුනත් හරියට තොරතුරක් නෑ…

⭕වතුර පොඩ්ඩක් ඇදුමෙ ගෑවුනා නම් ගැජට් ඔක්කොම විනාසයි ඉතින්…😁

හැබැයි අපි හොදටම දන්න ආශ්කා විසින් අලුත් Suit එකක් හදාගන්නව අපේ ලෝකෙට ඇවිත්…

අර උඩින් කියපු Power Stone නැත්නම් බලශක්ති පාෂාණ තියෙන්නෙ මේ ලෝකයෙ තියෙන පාෂාණමය භූමි වල.. මේවා කැණීම් කරලා ලබාගන්නෙ…🧲

⭕මේ බලශක්ති පාෂාණ කුඩා කැබලි තමයි අර අමුතු ඇඳුම් වලට භාවිතා කරන්නෙ… ඒවගෙ ලොකු සයිස් ඒවා තමයි අර උඩින් යන අමුතු යානා වලට ගන්නෙ… බලපු අයට මතක ඇති මේ සීන් එක…

⭕විද්‍යුත් චුම්භක ශක්තියකින් අර යානා උඩ යන්නෙ…හැබැයි පට්ටම හෙමිහිට තමයි යන්න වෙන්නෙ.. 🐌

⭕බශක්ති පාෂාණ නැවත චාර්ජ් දාගන්න වෙන්නෙ විදුලියෙන්ම තමයි.. 🔋ඒවා වෙන්නෙ Spellbinder ප්‍රධාන මාළිගාවෙ Basement එකේ ලු..

⭕තව Summoning Towers 📡 තියෙනව…මේවගෙන් තමයි අර යානා වලට පියාසර හැකියාව ලැබිලා තියෙන්නෙ…හරියටම කියන්න දන්නෙ නෑ කොහොමද කියල..ඒත් එහෙමයි ඉතින්..

⭕වෝකි ටෝකි විදියට භාවිතා කරන්න පුළුවන් Eyestones එහෙමත් මතකයිනේ..

⭕තව පොඩි Compass එකක් 🧭 එහෙමත් තියෙනව ගැජට් සෙට් එකේ…

ආහ්.. අමතක වුනා… Riana, Alex එහෙම… ළගදිම ආයෙ ජාතික රූපවාහිනියෙන් නැවත විකාශයක් යනව කියල කොහේදි හරි දැක්කා වගේ මතකයි…

මේකෙ Second Series එකක් ආවා Land of the Dragon Lord කියල…ඒ ගැනත් නැවත ලිපියක් අරන් එන්නම්…

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න.

තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

ආහ්…ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk

අදට ඇති එහෙනම්…

ජයවේවා…❤️💫

StayHype #StaySafe #SpellBinders #HypeZone

✍️ #KrishanRodrigo

This Post Has One Comment

  1. Ruvi

    Thanks for the artical…its remind us how we spent our childhood with wonderful excitement tvshows..

Leave a Reply