You are currently viewing බෙන්ගේ බල ඔරලෝසුවේ මිලියන ගාණක් DNA කොහෙද තියෙන්නේ?

බෙන්ගේ බල ඔරලෝසුවේ මිලියන ගාණක් DNA කොහෙද තියෙන්නේ?

කොහොමද යාලුවනේ? පොරොන්දු වුණු විදිහට මෙන්න ආයෙත් අලුත් ලිපියක් අරන් ආවා. මේ පාර අරන් එන්නේ අපි පොඩි කාලෙ ඉඳන් ආසම කාර්ටූන් එක ගැන. ඒ වෙන මොකුත් නෙවේ, අපේ Ben 10 කාර්ටූන් එක ගැන. එහෙනම් අපි කෙලින්ම ලිපියට යමු.❤

Ben 10 කතාව තුළ තිබෙන ප්‍රධානම දේ තමා අපේ බෙන්ගේ watch එක. නැත්තම් බල ඔරලෝසුව.❤ ඒ වොච් එක හඳුන්වන හරිම නම තමා Omnitrix. Ben 10 Classic series එකේ (අපි කියන විදිහට බෙන්ගේ පොඩි කාලෙ කතාව) සහ Alien Force එකේදි අපිට දැකගන්න ලැබෙන්නේ Omnitrix එකයි.👈 හැබැයි ඔයාලට මතක ඇති Alien Force අන්තිම සීසන් එකේ අන්තිම කොටසෙදි වික්ජැක්ස්ව පරද්දන්න යද්දී Omnitrix එක විනාශ වෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න ලැබෙන්නේ Ultimatrix එක. මේක ඇස්මිත් නැත්තම් Omnitrix එකේ නිර්මාතෲවරයා නිර්මාණය කරපු ඩිවයිස් එක අපේ බෙන්ගේ විලන් කෙනෙක් වෙන ඇල්බීඩෝ තව ටිකක් දියුණු කරලා Wrist watch එකක් විදිහට පත් කරනවා.😇

ඉතිං Omnitrix එකේ වගේම Ultimatrix එකෙත් ප්‍රධානම funtion එක (කාර්යය) තමා ඒක පලඳින කෙනාව විශ්වයේ සිටින වෙන ජීවියෙක් බවට ට්‍රාන්ස්ෆෝර්ම් කරන (හරවන) එක. ඉතිං බෙන් 10 සීරීස් එකේ කිහිප තැනකම සඳහන් වෙන විදිහට බෙන්ට එලීයන්ලා 1,000,909 කට හැරෙන්න පුලුවන්. ඒ වගේම ඔම්නිට්‍රික්ස් එක ඇතුලෙදී මේ ඒලියන්ලව දහය ගාණේ බෙදපු කොටස් විදිහට තමා ලැබෙන්නේ. ඒ වගේම මේ ඒලියන්ලව ගබඩා කරලා තියෙන්නෙ DNA sample විදිහටයි.😎

ඉතිං බෙන් 10 බලද්දී ඔයාලය හිතිලා නැද්ද කොහොමද මේ තරම් ලොකු ඒලියන් DNA ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන්නෙ කියලා. ඉතිං අද අපි කතා කරන්න යන්නේ ඇස්මිත් විසින් ඒ වගේ ලොකු හපන්කමක් කළේ කොහොමද කියලා.✌

Ben 10 Alien Force බලපු අයට මතක ඇති Primus කියන එපිසෝඩ් එක. මේක තුන්වෙනි සීසන් එකේ 14 වෙනි කොටස. ඉතිං ඔයාලට මතක ඇති ඒ කොටසෙදී බෙන්, ග්වේන් සහ කෙවින් ප්‍රයිමස් කියලා ග්‍රහලෝකයකට යනවා. අන්න ඒ ග්‍රහලෝකයේ තමා ඇස්මිත් මේ දැවැන්ත වැඩේ කළේ.😇

ඔම්නිට්‍රික්ස් එක නිර්මාණය කරද්දී ඇස්මිට්ට ආපු ලොකු ප්‍රශ්නයක් තමා කොහොමද විශ්වයන් ගණනාවක ඉන්න ජීවීන්ගේ DNA සාම්පල මේ වගේ පොඩි දෙයක් ඇතුලේ ගබඩා කරන්නෙ කියලා. එතනදි තමා ඇස්මිත්ට අදහසක් එන්නේ මේ ඩිවයිස් එක ඇතුලේ ගබඩා කරනවා වෙනුවට වෙන ග්‍රහලෝකයක් ඇතුලේ මේ DNA ගබඩා කළා නම් කොහොමද කියලා. අන්න ඒ විදිහට තමා Primus කියන මේ විශිෂ්ට නිර්මාණය බිහිවෙන්නේ.

ඇත්තටම කිවුවොත් ප්‍රයිමස් කියන්නේ මේ DNA ගබඩා කිරීමට සකසපු භූමිය/ ආධාරකය විතරයි. නැත්තම් මං මෙහෙම කියන්නම්කෝ. Primus කියන්නේ රාක්කයක්. DNA සාම්පල තියෙන්නේ වෙනම බෝතල් ටිකක් දාලා. ඉතිං මේ බෝතල් ගබඩා කරලා තියෙන රාක්කය තමා Primus කියන්නේ. හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති එතකොට මොකද්ද මේ බෝතල්වලට කියන්නේ කියලා. ඉතිං ඒ DNA සාම්පල බහාලපු බෝතලයට තමයි Codon Stream කියන්නේ.👈

Codon Stream කියන්නේ මිලියන ගාණක් වූ DNA සාම්පල ගබඩා කරපු database එක. මේකත් හදන්නේ අපේ ඇස්මිත්ම තමා. ඉතිං දැන් ඔයාලට තේරෙන විදිහට මේ කොඩන් ස්ට්‍රීම් එක තියෙනේ ප්‍රයිමස් කියන ග්‍රහලෝකයේ. නම කියවපුවම ඔයාලට දැනගන්න පුලුවන්නේ මේක ඇලකට සමාන දෙයක් කියලා.✌

ඉතිං Omnitrix එකට වගේම Ultimnatrix එකටත් අවශ්‍යය වන මිලියන ගාණක් වූ DNA සාම්පල ගබඩා කරන්න යොදා ගත්තේ මේ කොඩන් ස්ට්‍රීම් එකමයි. කොඩන් ස්ට්‍රීම් එකේ පෙනුම ගත්තොත් ඒක green lava කියන ද්‍රවමය ද්‍රව්‍යයකින් යුක්ත ප්‍රයිමස් ග්‍රහලෝකය පුරා ගලාගෙන යන ජල පහරක්. මේ කොඩන් ස්ට්‍රීම් එක පටන් ගන්නේ ප්‍රයිමස්වල තිබෙන ගිනී කන්දකින්. ඇස්මිට්ට අනුව ප්‍රයිමස්වල ප්‍රධාන කටයුතු ඔක්කොම ඉද්ද වෙන්නේ මේ ගිනි කන්ද ඇතුලෙ. මේ කොඩන් ස්ට්‍රීම් එක නිර්මාණය කිරීමේදී ඉස්සෙලම අඩංගු කරලා තියෙන්නේ DNA සාම්පල 10,000 ක් විතරයි. ඉතිං මිලියනයකට ආසන්න DNA එකතු කරලා තියෙන්නෙ පසු කාලීනවයි.😍

ඉතිං ඔච්චර DNA ප්‍රමාණයක් තියෙද්දී ඒ තුළ නැති DNA තියෙන්නත් පුලුවන්ද? ඔව්, පුලුවන්. මතකද Ultimate Alien පළවෙනි සීසන් එකේදී ඇග්‍රගෝර් පිටසක්වළ ජීවියෝ පස් දෙනෙක් පස්සෙ පැන්නුවා. අන්න ඒ ජීවීන්ගෙන් කිසිම කෙනෙක්ගේ DNA කොඩන් ස්ට්‍රීම් එකේ තිබුණේ නෑ. ඒ නිසා තමා බෙන් ඒ ජීවීන් පස් දෙනාව වෙනමම ස්කෑන් කරලා ඒ ජීවීන්ව කොඩන් ස්ට්‍රීම් එකේ ගබඩා කළේ.කොහොම හරි කොඩන් ස්ට්‍රීම් එක අතර සහ ඔම්නිට්‍රික්ස් සහ අල්ටිමේට්‍රික්ස් අතර තියෙන සම්බන්ඳතාවය හරිම සංකීර්ණ දෙයක්. කොඩන් ස්ට්‍රීම් එක කියන්නේ බල ඔරලෝසුවේ ප්‍රධාන ක්‍රියාවලියේ යතුර කිවුවට වැරදි නෑ.✌

ඉතිං වෙනම ග්‍රහ ලෝකයක තියෙන DNA කොහොමද බල ඔරලෝසුවට ලැබෙන්නේ? ඉතිං ඔම්නිට්‍රික්ස් සහ අල්ටිමේට්‍රික්ස් ඩිවයිස් දෙක ඇත්තටම කිවුවොත් කොඩන් ස්ට්‍රීම් එකේ wireless receiver දෙකක් වගේ. ඉතිං මේ කොඩන් ස්ට්‍රීම් එක සහ බල ඔරලෝසුවන් අතර තියෙන්නේ රැහැන් රහිත සම්බන්ඳතාවයක්. බෙන් බල ඔරලෝසුවේ ඩයල් එක යොදාගෙන තමන් කැමති ජීවියාව තෝරගද්දී බල ඔරලෝසුව විසින් ප්‍රයිමස් එකට සංඥාවක් යවනවා. මේ යවන සංඥාව අල්ල ගන්නේ ප්‍රයිමස්වල තිබෙන ගිනි කන්දෙනුයි.✅ ඊට පස්සේ කොඩන් ස්ට්‍රීම් එකෙන් ඒ ජීවියාට ගැලපෙන DNA සාම්පල හොයාගෙන ඒ DNA එක සංඥාව එක්ක අමුනලා ඔම්නිට්‍රික්ස් එකට/ අල්ටිමේට්‍රික්ස් එකට යවලා ඒ DNA සාම්පලයම බෙන්ගේ DNA එක්ක එකතු කරන එක තමා බල ඔරලෝසුවෙන් සිද්ද වෙන්නේ. ඉතිං මෙච්චර ලොකු ක්‍රියාවලියක් සිද්ද වෙන්නෙ ගත වෙන්නේ තප්පර ගාණක් විතරයි. සිරීස් එකේදි බෙන්ගේ transformation part එකත් පෙන්වන්නේ slow motion කරලා. ඉතිං හදිස්සියේවත් කොඩන් ස්ට්‍රීම් එකේ අවුලක් තිබ්බොත්, නැත්තම් ප්‍රයිමස් එක විනාශ වුනොත් බෙන්ට ජීවියෙක් බවට හැරෙන්න බැරුව යනවා.😊

කොහොම හරි කොඩන් ස්ට්‍රීම් එකයි බල ඔරලෝසුවන් අතරයි ඇති මේ සබඳතාවය හුඟාක් ශක්තිමත්. මොකද Null Void මානය තුළ, විශ්වයෙන් පිට Forge of Creation තුළ වගේම වීඩියෝ ගේම් එකක් ඇතුලෙත් බෙන් පිටසක්වළ ජීවීන් බවට හැරෙනවා අපි දැකලා තියෙනවනේ. කොඩන් ස්ට්‍රීම් එක ගැන වෙනත් කරුණු කිහිපයක්:

• Celestialsapiens නැත්තන් Alien X (බල තරුවා) ඉපදෙන්නේ Forge Of Creation එකෙයි. නමුත් ඒ ජීවින් සමහරක් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමනය වෙලා තියෙනවා. ඒ නිසා තමා Alien X DNA කොඩන් ස්ට්‍රීම් එකට ඇතුලත් කරන්න සමත් වෙලා තියෙන්නේ.

• Ultimate ජීවීන් කියන්නේ ජාන දියුණු කරපු ජිවීන්. ඒ නිසා ඒ ජීවින්ගේ DNA කොඩන් ස්ට්‍රීම් එකේ නැහැ.

• Omniverse කතා මාලාවේ තිබෙන ඔරිජිනල් ඔම්නිට්‍රික්ස් එකට කොඩන් ස්ට්‍රීම් එකත් එක්ක සම්බන්දයක් නැහැ. මොකද ඒ බල ඔරලෝසුවේදී DNA බල ඔරලෝසුව ඇතුලෙම පරිගණක ගත කරලා තියෙන්නේ.

ඔන්න ඕක තමා එහෙනම් කොඩන් ස්ට්‍රීම් එකේ කතාව. ❤ බෙන් 10 බලන්න ආස හැමෝම දැනගෙනම ඉන්න ඕන දෙයක් ගැන තමා අද මං ලිවුවේ.

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone facebook page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න.

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන්, ඒකට අපේ Hype Zone youtube channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk

ඉතිං මේ වගේ තවත් බෙන් 10 ගැන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තුවෙනවා. එහෙනම් ආයෙත් අපි තවත් ලිපියකින් නැවත හමුවෙමු.❤

Admin: සචින්ත බෙනට්

This Post Has One Comment

  1. Nisal thishakya

    ben 10 new season ekak enne nadda
    2016 gahapu ekata passe

Leave a Reply