You are currently viewing ටොමී ශෙල්බිගේ දර්ශනය

ටොමී ශෙල්බිගේ දර්ශනය

දිස් ආර්ටිකල් ඉස් අන්ඩර් නිව් මැනේජ්මන්ට්..💯✌😁

බයි ඕඩර් ඔෆ් ද පීකී ෆොකින් බ්ලයින්ඩර්ස්..❤☝🗡

ලංකාවෙ ඉන්න ගීක්ස්ලා හැමෝම වගේ මේ වෙද්දි දන්නවනේ Peaky Blinders කියන්නෙ මොකක්ද කියලා. විවාදයක් නැතුවම දැනට තියෙන හොඳම කතා අතලොස්සක් අතරින් එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. මේ කතාවට ගොඩක් අය කැමති වෙන්න.නැත්තන් ඇඩික්ට් වෙන්න හේතුවුන කාරණා අතරින් අනිවාරෙන්ම ප්‍රධානම හේතුව වෙන්නෙ මේකෙ ප්‍රධාන චරිතය, ඒකිව්වෙ Peaky Blinders කණ්ඩායමේ නායකයා Thomas Shelby …🌎🙏

ටොමී ශෙල්බි කියන්නෙම මාර වෙනස් පෞර්ෂයක් තියෙන, වෙනස් මතවාදත් එක්ක එයාගේ රූල්ස් සහ එතික්ස් එක්ක ජීවත් වෙන කෙනෙක්, මෙයාගෙ තියෙන ඒ වෙනස්කම් නිසාමයි එයාගෙ වැඩිමහල් සහෝදරයා වෙන ආතර් ඉන්න අතරෙම මේ ගෑන්ග් එකේ නායකත්වය දෙවෙනි සහෝදරයා වෙන ටොම්ට යන්නෙ.. ඉතින් අද ලිපියෙන් මම උත්සහ ගන්නෙ ටොමී ශෙල්බිගෙ දර්ශනය සහ එයා කොහොමද ලෝකය දකින්නෙ කියන එක ඔයාලත් එක්ක තේරුම් ගන්න.🔥

මොකද එයාට Gypsy කෙනෙක්ගෙ මට්ටමේ ඉදන් සුපිරි ධනවතෙක් දක්වා එන්න පාර කැපුනේ ටොමීගේ මේ Philosophy එක නිසා තමයි. ඒක අපි එයාගෙම Quotes එක්ක බලමු…🙂

“When you plan something well there’s no need to rush.”

ටොමී කීයන්නෙ මාස්ටර් ප්ලෑනර් කෙනෙක්. හැම දෙයක්ම නූලට හිතලා වැඩ කරන කෙනෙක්. ඒවගේම ඉමෝශන් වලට ගොඩක් අඩු ඉඩක් දෙන කෙනෙක්. ටොමීට සිද්ධ වුන දේවල් වලින් භාගයක් මට වුනානම් අනිවාරෙන් මම මේ වෙද්දි ඩිප්‍රෙශන්වලට බෙහෙත් ගන්න ගමන් ඉන්න වෙන්නෙ. නමුත් ටොම් කියන්නේ ඒ අභියෝග ඔක්කොම එකපාර ඔලුවට දාගෙන විස්කි ශොට් එකක් දාලා අලුත් හුස්මක් එක්ක ඒ දේවල් එකින් එක හෙමීට විසඳන්න උත්සහ කරන කෙනෙක්.. Peaky Blinders සීසන් 3 බලපු අය දන්නවා එක අවස්ථාවකදි ටොමී හැමෝටම කරන්න ඕනෙ දේවල් ටික ලිස්ට් එකක් හදලා දෙනවා. මේ මොන වගේ අවස්ථාවක්ද කියලා කියන්න ඕනෙ නෑනෙ. තමන්ගෙ ජීවිතේ අනතුරකට ලක්වෙලා ඒවගේම තවත් ශෝකාන්තයකටත් මුහුණ දුන්නට පස්සෙ වුනත් කිසිම කලබලයක් නැතුව කාමරයකට වෙලා හොඳට වෙලාව අරන් ප්ලෑන් කරලා අනිත් අයට කරන්න ඕන දේවල් ටිකත් ඔක්කොම පිලිවෙලකට හදලා දෙන කෙනෙක් තමා තෝමස් ශෙල්බි කියන්නෙ.

“You have to get what you want your own way.”

ඔව්.ටොමී ශෙල්බි කියලා කියන්නෙ එක්තරා ආකාරයකට ආත්මාර්ථකාමී මනුස්සයෙක්. මේක අපි සීරිස් එක පුරාම දකින දෙයක්. ටොමී එයාගෙ ෆැමිලි එකට ලෝයල් නමුත් ඒ වුනත් කොහොමහරි තමන්ට ඕන දේ හොදින් හෝ නරකින් කරගන්න කෙනෙක්.. මෙන්න මේ ආකල්පය නිසා ටොමී සමහර වාසි ලබාගත්තා වගේම පීකි බ්ලයින්ඩර්ස් ලා අතරෙ විවිධ අවස්ථාවල ටොමී ගැන කලකිරීමක් ඇතිවෙන්නත් ඒක හේතුවුනා. හැබැයි ටොමී කියන්නෙ ඒවා වුනත් වැඩි ගානකට ගන්න කෙනෙක් නෙමේ. තමන්ගේ සාර්ථකත්වය මුල් තැනට ගත්ත චරිතයක්. ඒ නිසාමයි බර්මින්ග්හම්වල මිනිස්සු පහත් කරලා සලකන ජිප්සි වගේ ජන කොට්ඨාසයක ඉදන් There is god and there are Peaky Blinders කියලා කියන්න පුලුවන් තැනකට එන්න එයාට හැකියාව ලැබුනේ.

“You can change what you do, but you can’t change what you want.”

මම කැමතිම Quote අතරින් එකක්. හේතුව මමත් ඇත්තටම කාලයක් ඇත්තටම මට මොකක්ද කරන්නෙ ඕනෙ? මගේ අරමුණ මොකක්ද වගේ දේවල් හිත හිත හිටපු කෙනෙක්. ඉතින් ටොමී කියලා කියන්නේ මේක හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. එයා මේක කියන්නෙ ඒඩා ට. ආපහු ශෙල්බි ෆැමිලි එකට ඒඩා ව එකතු කරගන්න අවස්ථාව මේක. දැන් මේ මෝමන්ට් එක සරලවම Once a Blinder, Always a Blinder වගේ අදහසක්.
හැබැයි ගැඹුරු අර්ථය ගත්තොත් තමන්ට කැමති නැති දෙයක් වෙනුවෙන් පොඩි කාලයක්වත් වැය කරන්න අකැමති කෙනෙක් විදියට ටොමීගෙ චරිතය ගැන අපිට පොඩි ඉඟියක් මෙතනින් ලැබෙනවා. එතනින් දෙයක් දවසට එකතු කරගන්න කැමතිනම් ජීවිතයේ කවදා හරි අලුතෙන් වැඩක් පටන් ගනිද්දි ටොමී කියපු ඔය Quote එකෙන් ඒ අදහස ෆිල්ටර් කරලා බලන්න.

“I’m not a traitor to my class. I am just an extreme example of what a working man can achieve.”

ටොමී සීසන් 4 එකේදි කියන කතාවක්. මේක ඇත්තටම නිකන් පීකි බ්ලයින්ඩර්ස් මුලු සීරිස් එකම එක වාක්‍යයකින් සාරාංශ ගත කලා වගේ දෙයක් මම දකින විදියට. මොකද සීසන් 1 ඒකේ ඉදන් දිගටම ටොමීට එන අභියෝග වැඩි වුනා මිසක්, ලේසි වුනේ නෑ. ඉතින් ඒ ඔක්කොම අතරින් ටොමී කොහොමද තමන්ගෙ ජාමෙත් බේරගෙන Shelby Company Ltd. එක උඩට ගෙනාවෙ කියන එක අපි කතාව පුරාම දැක්කා. ඒවගේම ටොම් තැනක කියනවා එයාට විනෝදාංශයක් වෙනුවෙන්වත් වෙලාව නෑ කියන එක. මේ සාර්ථකත්වය වෙනුවෙන් තියෙනෙ ඇබ්බැහිය ටොමීට ගොඩක් සතුරන් ගොඩනැගෙන්න හේතු වෙනවා වගේම ඒවට අර කලින් කිව්වා වගේ හොඳ ප්ලෑන් එකකින් මුහුණ දෙන කෙනෙක් විදියට ටොමී ශෙල්බිගෙ චරිතය ගොඩනැඟිලා තියෙනවා කියලා හිතන්න පුලුවන්.

Everyone’s a whore, Grace. We just sell different parts of ourselves.”

සීරිස් එකෙන් ආසම Quote එක. ජීවිතය දිහා ටොමී ශෙල්බි බලන විදියට හොඳටම විස්තර කෙරෙන තැන කියලා මම හිතන්නෙ මේ අවස්ථාව. මොකද මේක වෙනස්,ඒවගේම ඇත්ත, පර්ස්පෙක්ටිව් එකක්.
මෙතන සිද්ධිය පොඩ්ඩක් මතක් කලොත් ටොම් , ග්‍රේස් ව රේස් එකකට අරගෙන යන්නෙ Billy ව පොඩ්ඩක් distract කරන අදහසින්. ඒක දැනගත්තට පස්සෙ ග්‍රේස් අහන ප්‍රශ්නවලට ටොම් දෙන උත්තරේ තමයි ඔය.
මේ ගැන මම දකින විදියත් ටිකක් වෙනස්, ලෝකෙ ඉන්නවා ගොඩක් දක්ශතා තියෙන අය, ඒවගේම තමන්ගෙ ජීවිතයේ අසාථකවීම් එක්ක ආත්ම විශ්වාසය අඩු කරගෙන ඉන්න අය. මෙන්න මේ දෙවෙනි කොටසට ටොමීගේ මේ quote එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද ඒ අසාර්ථකවීම් නිසා බිඳවැටුනු මානසිකත්වය පොඩ්ඩක් පැත්තකට දාලා තමන්ගෙ බෙස්ට්ම වර්ශන් එක ලෝකයට ඉදිරිපත් කරන්න ට්‍රයි කරන්න වගේ ගැඹුරු තේරුමක් මේකෙ තියෙනවා කියලා මම දකිනවා.🗡

ටොමීගේ දර්ශනය ගැන අවබෝධයක් ගන්න පොඩ්ඩක් හරි මේ ලිපිය උදව් වෙන්නැති කියලා හිතනවා. මේකෙන් මම කතා කලේ මට හිතට වැදුන මෝමන්ට්ස් පහක් ගැන විතරයි. මීට වඩා සෑහෙන්න ගොඩක් දේවල් කතාකරන්න තියෙනවා වගේම කතාවෙ ඊලග සීසන් එක එන්න කලින් මේ ගැන කන්වර්සේශන් එකක් හදන්නත් අපිට ඉතුරු වෙලා තියෙනවා. මේ ලිපිය ස්පොයිල් ෆ්‍රී තියාගන්න ඕනෙ නිසයි මම සමහර කරුණු ගැන විස්තරාත්මකව කතා කලේනැත්තෙ….🌎

හැබැයි ඒ හැම දෙයක් ගැනම අපි හෙමීට කතාකරමු. එතකන් මේ පීකි බ්ලයින්ඩර්ස්ලගෙ නායකයා ගැන ඔයාට හිතෙන දේවලුත් කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න….🙏

btw. how you guys doing eh?

Leave a Reply