You are currently viewing අවසන් කාල ස්වාමියාගේ විශ්වීය චාරිකාව හෙවත් Doctor Who 😎

අවසන් කාල ස්වාමියාගේ විශ්වීය චාරිකාව හෙවත් Doctor Who 😎

ඩොක්ටර් කියද්දි ඕන කෙනෙක්ට මතක් වෙන්නේ ඉස්පිරිතාලෙක බෙහෙත් දෙන දොස්තරලානේ.. ඒත් මේ දොස්තර එහෙම ඉස්පිරිතාල වල බෙහෙත් දෙන දොස්තර කෙනෙක් නෙමෙයි. පොලිස් බොක්ස් එකක් ඇතුලේ විශ්වය වටේට කරක් ගහන එක එක ජාතියේ පිටසක්වල ජීවියොන්ගෙ ප්‍රශ්න විසඳන, කියන දේ අහන්නෙ නැති පිටසක්වලයොන්ට එයාගෙම ජාතියෙන් බෙහෙත් දෙන අමුතු දොස්තර කෙනෙක්. ඒත් කවුද මේ දොස්තර? 🤔

“Who are you?”

“I’m the Doctor.”

“Doctor Who?”

12th Doctor

ඔය ප්‍රශ්නෙන් එහාට කාටවත් උත්තර නෑ.. ඒ නිසා මෙතන ඉඳන් මම එයාට දොස්තර නොකිය Doctor කියන නම පාවිච්චි කරනවා.

Doctor Who කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ BBC නාලිකාව විසින් 1963 ඉඳන් තවමත් විකාශනය වෙන Science fiction, Adventure British drama series එකක්. කතාව පුරාම තියෙන්නේ Time lord නමින් හඳුන්වන පිටසක්වල ජීවී කොට්ඨාශයේ අවසන් ජීවියාගේ විශ්ව ගවේශන චාරිකාව 👽. එම ජීවියා තමන්ව හඳුන්වන්නේ “The Doctor” කියලා. අමරණීය, සාමාන්‍ය මනුස්සයෙක් වගේ පිටසක්වල  ජීවියෙක්. වෙනසකට තියෙන්නෙ හදවත් 2ක් තියෙන එකයි.

ඔහු මේ චාරිකාව යන්නේ එකදාස් නමසිය හැට ගනන් වල බ්‍රිතාන්‍ය මහා පාරවල් අයිනේ ඉතාම සුලබව දකින්න ලැබුන නිල් පාට පොලිස් බොක්ස් එකක. පොලිස් බොක්ස් එකක් කිව්වට ඒක හඳුන්වන්නේ TARDIS (Time And Relative Dimension In Space) කියලා. මේ හෙන විශාල TARDIS කියන spaceship එක හංගලා තියෙන්නේ එක මනුස්සයෙක්ට විතරක් ඉන්න පුළුවන් පොලිස් බොක්ස් එක ඇතුලේ.  මුළු spaceship එකම..! 🤯🤯 ඒක තමා මේ කතාවට දෙන්න පුළුවන් සරලම හැඳින්වීම. 😊

TARDIS ගැන සරලවම 😂

1963 ඉඳන් 1989 වෙනකම් සීසන් 24ක් යනකම් එපිසෝඩ් විශාල ගාණක් විකාශය උනාට ඒ ගොඩක් එපිසෝඩ්ස් එහෙම හොයාගන්න එක ලේසි නැහැල්ලු. අනික 1963 ඉඳන් එක දිගටම විකාශය වෙලා 1989 දි කතාව නවතිනවා. ආයෙ කතාව පටන් ගන්නේ 2005 ඉඳන්. නමුත් පරණ සීරීස් ටික නොබැලුවා කියලා පාඩුවක් නොවෙන විදියට කතාව ඉදිරියට යන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.. 😁

කාලෙන් කාලෙට අපේ අමරණීය ඩොක්ටර් වෙනස් වෙන නිසා (Regenerate)  2005 ඉඳන් කතාව පටන් ගන්නේ නමවෙනි ඩොක්ටර්ගෙන්. 👨‍🦱👨👱‍♂️👨‍🦳👩

From 9th to 13th Doctors
  • The ninth doctor (Christopher Eccleston) S1 (Thor: The Dark world එකේ Malekith)
  • The tenth doctor (Devid Tennant) S2 – S4 (Jessica Jones එකේ Killgrave 😎 & Good Omens එකේ Crowley 😈)
  • The eleventh doctor (Matt Smith) S5 – S7 (2022දි එන Morbius & House of the Dragon එකෙන් බලාගන්න පුළුවන් වෙයි 🐉🧛‍♂️)
  • The twelfth doctor (Peter Capaldi) S8 – S10 (The Suicide Squad 2 එකේ Thinker)
  • The thirtieth doctor (Jodie Whittaker) S11 – present

මීට අමතරව කතාවෙ හිටිය සමහර special characters based කරගෙන spin-off series, movies ගොඩකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානම ටික තමා පහළ තියෙන්නෙ.

  • The Sara Jane’s Adventure
  • Torchwood
  • Class
  • Doctor Who Extra
  • K9

තව ඉතින් සීසන් එකක් ඉවර වෙච්ච ගමන් තියෙන ස්පෙශල් එපිසෝඩ්ස් ටිකත් අමතක කරන්න බෑ.

පුංචි මුතු ඇටය ඇතුලේ Doctor Who සීරීස් එකට මහා ප්‍රසිදිධියක් නැති උනාට ලෝකය පුරාම Doctor Who ෆෑන්ස්ලා ඕන තරම් ඉන්නවා. නැත්තම් ඉතින් IMDB 8.6 ගන්න හේතුවක් නෑනේ.. ඔන්න මොකක් හරි වගකිව යුතු රූපවාහිනී නාලිකාවකින් ගියානම් ලංකාව ඇතුලෙත් ඕක පිස්සුවක් වෙනවා. 😍

ඒත් ඇයි මේකට මෙච්චර කැමැත්තක්? මොකක්ද එච්චරටම තියෙන විශේශත්වය?  🤔

ඒකට එක එක විවිධාකාර හේතු තියෙනවා. මම උඩින් කිව්වා වගේ මේක Science fiction, adventure කැටගරි එකේ සීරීස් එකක්. ඒත් කතාව ඒ කැටගරි දෙකේ හිර කරන්න අමාරුයි. Doctor TARDIS එකෙන් එළියට අඩිය තියනකොට එක්කෝ එයා ඉන්නේ සමාන්තර ග්‍රහලෝකයක, 17 හරි 18 වන සියවස් වල, ආලෝක වර්ශ මිලියන ගානක් එහා තියෙන spaceship එකක, පරණ හොල්මන් මන්දිරයක, නැත්තම් ක්ශීරපථය මැද වෙන්න පුළුවන්. එක එක කාලයට එක එක ජාතියේ පිටසක්වලයෝ, රාක්ෂයෝ, අළුත් චරිත, අළුත් ලෝක, අළුත් කතා එකතු වෙනවා. ඒ නිසා ඉමක් කොනක් නැති විශ්වය ඇතුලේ අමරණීය Doctorගේ චාරිකාවට උනත් ලිමිට් එකක් නෑ.. 😍🤩

ඒ වගේම තමා කතාව යද්දි බලන කෙනාට දැනෙන ෆීලින් එකටත් ලිමිට් එකක් නෑ. එක වෙලාවකට භයෙන් වෙවුලද්දි 😨 ඊළඟ මොහොතේ බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් 😂😅 සමහර එපි වල මට ලොජිකලි පොඩි පොඩි ගැප් එහෙම තියෙනවා. ඒත් ලංකාවේ යන සමහර මල් කතා වලට වඩා Doctor ගේ අද්විතීය චාරිකාවට, ඒ ෆැන්ටසියට ඇඩික්ට් උනාට පාඩු වෙන්නේ නෑ.. 😋😋

Leave a Reply