හායි හායිස් අද මේ තකහනියක්ම ආවෙ මේ අවුරුද්දෙ මැයි 4 රිලීස් වෙන්ඩ තියෙන අලුත්ම Starwars Sequal Series එක වෙන The Bad Batch සහ තවත් ඒකටම සම්බන්ධ වෙන තවත් ටොපික් එකක් ගැන කතා කරන්ඩ.
මීට දවස් කිහිපයකට කලින් මේ The Bad Batch සීරිස් එකේ Official Trailer එක රිලීස් කරල තිබ්බ දැක්ක ඇතිනේ 😍 මම නම් දඩ හයිප් එකක ඉන්නෙ Bad batch බලන්න 😍 මොකද මේ සීරිස් එක clone wars සීරිස් එකේ තවත් එක් දිගුවක් නිසා 😍
අපි මුලින්ම කතා කරමු මම කිව්ව අනිත් ටොපික් එක ගැන ඒ තමා ගොඩක් Starwars Fans ල පටලවාගෙන ඉන්න දෙයක් ගැන . අපි starwars movies වල සහ series වල දකින troopers ල ඔක්කොම එකමද කියන එක මුන් සෙට් එක එක ටයිප් එකේ වගේ ප්ලාස්ටික් ටයිප් ආමර් එකක් දාන් Blasters උස්සන් රෙබෙල්ස් ල හෝ රෙසිස්ටන්ට් එක පස්සෙ පන්නනවනේ 😉 . ඇත්තටම අපි වරදවා වටහන් ඉන්නව මේ සෙට් එක එක්කෝ stormtroopers ල කියල හරි clone troopers ල කියල . ඇත්තටම මේ සෙට් එක එකම පිරිසක් ද නැත්තම් සෙට් දෙකක්ද ?
ගායිස් මේ සෙට් 2 ක් , දැන් ඔයාල හිතනව ඇති ඔක්කොම එක වගේනේ කියල , ඇත්තටම මේ දෙපිරිස අතරේ පට්ටම වෙනස් කම් තියෙ , වෙනස්ම බැක්ග්‍රවුන්ඩ් එකක් සහ වෙනස්ම ස්ටොරිලයින් එකක් තමා දෙපැත්තටම තියෙන්නෙ
ඕනිම කෙනෙක්ට Stormtrooper කෙනෙක් වෙන්න පුලුවන් උනත් ,Clone Troopers ල වෙන්නෙ එක පුද්ගලයෙක්ගෙ DNA වලින් හැදුන Clone එකක් පමණයි , අපි දන්නව මේ ක්ලොන් ටික කාගෙ DNA වලින්ද හැදෙන්නෙ කියල . Jango Fett ගෙ DNA වලින් තමා ගායිස් ක්ලෝන් ටෘපර් කෙනෙක් හැදෙන්නෙ , මෙයා Combats වලටම Altered කෙනෙක් කියල දන්නවනේ 😉 ඒ වගේම මේ සියලුම Clone Troopers ල සෙට් එක Kamino කියන Planet එකේදි නිර්මාණය වෙන්නෙම යුද්දයට .ඔයාල පොඩ්ඩක් හිතල බලන්ඩ නිවුන්නුන්ගෙන් හැදිච්ච වලියටම ඉපදුනු එකම වගේ හැකියාවෙන් යුත් ආර්මි එකක් ගැන 😂 ආන්න ඒ වගේ සෙට් එකක් තමා Clone Troopers ල කියන්නෙ 😉 මේ සෙට් එකට Jango Fett ගෙ හැකියාවන් අඩු වැඩියෙන් පිහිටල තියෙනව 😉එහෙමත් කෙනෙක්ට තමා combats වලට යන්න හැකියාව නැති වෙන්නෙ .
එතකොට Stormtroopers ල?
Stormtroopers ල කියන්නෙ තමන්ගෙම කැමැත්තෙන් එම්පයර් එකට සේවය කරන්න බැදුණු පිරිසක් , මෙයාලගෙ යුනිෆෝම් එක ඉවත් කරාම අපිට බලාගන්න පුලුවන් එකිනෙකාට වෙනස් මුනවල් ටිකක් 😉 ඇත්තටම මේ සෙට් එක Clone Troopers තරම් Combat හැකියාවන් නෑ 😉 මම පොඩි ටීස් fact එකක් දෙන්නම් ඒ තමා : empire විසින් Clone Troopers ලව අතහරින්නෙ නැතුව තිබ්බ නම් ස්කයිවෝකර් සාගා එකේ මුලු ස්ටෝරියම හාත්පසින් වෙනස් වෙන්න තිබ්බ 😉
හොව් …හෝව් . දැන් එතකොට ඇයි Clone Troopers ලව Replace කරේ ? කොයි කාලෙද මේ replacement එක සිදු උනේ ? අපි දන්නව Prequel trilogy එක අවසානයේදී එම්පයර් එකට හෙන සයිස් Clone Army එකක් අයිති වෙනව , ඒත් අපිට Orginal Trilogy කාලය වෙද්දි එම්පීරියල් Army එකේ ඉන්නෙම Stormtroopers ල සෙට් එකක්. මේ කාලයේදි Clones හිටියත් non-combat Roles වල තමා වැඩ කරන්නෙ ගායිස් ,
මේ Replacement එකට ප්‍රධානම හේතුව තමා Clone Trooper කෙනෙක් නිර්මාණය කරන එක පට්ටම වියදම් සහගත process එකක් , Clone කරන එක Growing සහ Training වලට යන වියදම එම්පයර් එකටත් දැනුන ඇති 😂😉
මේ නිසා සාමාන්‍ය මිනිස්සු බඳව ගත්ත Stormtroopers ල විදියට . තව possible reason එකක් විදියට විවිධ planet සහ Systems වලින් Stormtroopers ල බඳව ගැනීම නිසා Empire එකට rebellion එකක් ඇතිවෙන්න තියෙන චාන්ස් එක අඩු වෙන එකත් සලකන්න පුලුවන්
දැන් අපි කතා කරානේ Clone Troopers සහ Stormtroopers ල අතර වෙනස 😉 දැන් අපි කතා කරමු මොකක්ද මේ The Bad Batch කියල , මම කලින් කිව්වනේ මේ සිරිස් එක Clone wars සීරිස් එකේ තවත් එක් දිගුවක් කියල 😉
The Bad Batch බේස් වෙන්නෙ Clone Force 99 එහෙමත් නැත්තම් “The bad Batch ” කියල හදුන්වන Clone Commando Special Forces Squad එක පිලිබඳව , මේ Squad එක මුලදි සාමාජිකයන් 4 දෙනෙක්ගෙන් සමන්විත වෙනව පසුව Echo කියන ARC trooper( Advanced Recon Commando ) එකතු වීමත් එක්ක සමාජිකයන් 5 දෙනෙක් වෙනව 😉 . දැන් මේ සිව්දෙනාගේ Squad එක සාමාන්‍ය Clone Troopers ල ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියල කතා කරොත් මේ සෙට් එක Genatic Mutations සමඟ design වෙලා තියෙන නිසා සාමාන්‍ය ක්ලොන් කෙනෙක්ට වඩා Special Abilities වලින් සමන්විත වෙනව .
“Experimental unit Clone Force 99, they’re defective clones with, uh… desirable mutations.”
අපි Squad එකේ සාමාජිකයන් ගැන කතා කරොත් Commanding Officer වෙන්නෙ Clome Sargent Hunter මෙයා Enhanced Sensory Abilities තියෙන කෙනෙක් 😉 පොරට Electromagnetic Signals උනත් ෆීල් වෙනව ගායිස්. මේ නිසා enemy-controlled Region වල මැප් වැරදි උනත් පොරට වැරදෙන එක ලේසියෙන් වෙන්නෙ නැ 😉ඒ නිසා ඕනි ගේමකට බය නැතුව බහින්න පුලුවන් උනා පොර ටීම් එකක් ඉන්නව නම් 😉😍
“What are your orders? We pick them off from the treeline one by one?”
“Actually, I was thinking we’d take a page from your book. Rush them head-on.”
“I like your style.”
―Hunter and Rex during the Battle of Anaxes
ඊළගට ARC Corporal CT1409 ” Echo” මෙයා මියුටේටඩ් කෙනෙක් නොවුනට පට්ට බ්‍රෙව් සහ ස්කිල්ඩ් ක්ලොන් එකක්. මෙයාගෙ.දක්ශතාව මතම මෙයා Clone Force 99 AKA The Bad Batch ටීම් එකට එකතු කරගන්නව .
“Your path is different. Like ours. If you ever feel like you don’t fit in with them, well–find us.”
―Hunter to Echo, before the latter joins The Bad Batch
මීලග සාමාජිකය තමා CrossHair මේ ඩයල් එකට පට්ට Eyesight එකක් සහ Marksmanship ( Marksmanship කියන්නේ සාමාන්‍ය Range එකකට වඩා වැඩි Range එකක තියෙන ඉලක්කයකට පට්ටම හොද accuracy එකකින් Shoot කරන්න පුලුවන් හැකියාවට මේක ඇත්තටම Sniping Skill කියල හිතුවොත් හරි 😉)තියෙන කෙනෙක් .මේ නිසාම Squad එකේ Sniper වෙන්ඩ පුලුවන් උනා 😉
“You miss me? How touching.”
―Crosshair, before sniping two lines of battle droid
මීලග සාමාජිකය වෙන්නෙ Wrecker , නමේ හැටියටම පොර බුල්ඩෝසර් ටයිප් ඩෑල් රකක් 😂😉 reckless පොරක් උනු මෙයාට Enhanced Muscular Form එකක් තිබ්බ . පොරත් හරියට ජිම් පප්පා වගේ පොරක් 😉 කඩාගෙන බිඳගෙන වලියටම බැස්ස පොරක් කිව්වොත් හරි 😉😂 පොරට Droid Squad එකක් සෙට් උනොත් ජිම්පප්පට රෝමන් කාරයෝ සෙට් උනා වගේ තමා 😂 කඩන බිදින එක තරම් ආතල් වැඩක් නෑ පොරට 😂
“I’ve got a present for you, Wrecker.”
“Oh, seriously? I get to blow it up? The whole stinkin’ thing?! This is the happiest day of my life.”
―Anakin Skywalker allows Wrecker to blow up the Separatist dreadnought
අන්තිමට ඉන්නව “Tech” පොර Enhanced mental Capacity and Intelligence වලින් යුතුවුන ක්ලොන් කෙනෙක් පොර තමා ටීම් එකේ Brain එක සහ ටෙක් ගායි 😉 තනිකරම ඇවිදින Computer එකක් 😉😍 Idea දෙන එක තමා පොරගෙ ආතල් එක 😉
“Anybody got a brilliant idea?”
“I do have a brilliant idea!”
―Anakin Skywalker and Tech
දැන් ගායිස් ඔයාලට හිතාගන්න පුලුවන් නේ මේ වගේ අමුතු ඩෑල් සෙට් එකකින් සමන්විත Squad එකකට කරන්න පුලුවන් දේවල් ගැන 😉 ආහ් තව මේ සෙට් එක අපේ ඇනකින් ස්කයිවෝකර් එක්ක මිශන් කිහිපයකට සහභාගී වෙනව 😉 දැන් හිතල බලන්ඩ මේ වගේ අමුතු ක්ලෝන්ස් ල සෙට් එකකුයි ඇනියයි එකම වලියකට බැස්සොත් වෙන දේ 😉 බායි බායි Battle Droids තමා 😂 පප්පල සෙට් එකට Deadpool එකතු උනා වගේ තමා 😂😍
ආහ් දැන් මම The Bad Batch Series එකේ Plot එක ගැන පොඩියට කිව්වොත් සීරිස් එකේ ටයිම්ලයින් එක වෙන්නෙ Republic එක බිඳවැටීමෙන් පසු කාලය 😉 මීට වඩා මම කියන්න ගියොත් එන්න තියෙන සීරිස් එක අනිව ස්පොයිල් වෙනව ,So මම ඒ ගැන කතා නොකර ඔයාලට Invite කරනව මැයි 4 ඉදන් The Bad Batch බලන්ඩ සෙට් වෙන්න කියල 😉😍
එහෙනම් මම මෙතනින් නවතිනවා 👋 ලිපිය එන්ජෝයි කරා නම් ලයික් එකක් දාලා මේක ගැන ඔයාල දන්න දේවල් කතා කරන්න එන්න කමෙන්ට් සෙක්ශන් එකට 😉 ඒවගේම Starwars Universe එක ගැන යාලුවොන්ටත් දැන ගන්න ශෙයා පාරකුත් දාල තව තව ලිපි කියවන්න අපේ Hypezone Pageඑකටත් සෙට් වෙලා Hype Community එකටත් සෙට් වෙන්න මේ වගෙ ගීකී දේවල් ගැන Actively කතා කරන්න 👏❤️
May The Force Be with You ❤️