අපි හිතන කතාවක නොහිතන ආරම්භය මොන වගේ වෙන්න ඇති ද.. ??
අන්තිම වෙනකම් කියවලා ම බලාගන්නකො එහෙනම්..
Prime earth, Earth-1218 එහෙමත් නැතිනම් Muggles ල වෙන අපි ජීවත් වෙන ලෝකෙට හරියටම වසර 100ට පෙර මුලින්ම පහළ වුන වීරයෙක් ගැන අහල තියෙනවද..??
එහෙමත් නැතිනම් Dc, Marvel, Middle Earth, Monsterverse, wizard world එකී නොකී සියළුම Geeks රසාස්වාදයන්ට කලින් ලංකාවෙ අපේ පොඩි කොල්ලො කුරුට්ටොන්ගෙ ඔළු වලට 'Z' මාර්ක් එක ගහපු , Cowboy සීන් එකේ ඉන්න අසිපත අත ගත් අසරුවෙක් ගැන අහල තියෙනවද..?
ඔව්.. ඔබ හරි, පිළිතුර #Zorro,
වර්ෂ 1919 දි තමයි මෙන්න මේ Zorro අපි අතරට එන්නෙ හරියටම වසර 100ට පෙර.. විශිෂ්ථ ලේඛක Jhonston McCully විසින් තමයි Zorro ට උත්පත්තිය දෙන්නෙ..
'The curse of capistrano ' යන නවකතාවෙන් තමයි Zorro මුලින්ම ලෝකය ඉදිරියට එන්නෙ.. 'The curse of capistrano' කියන්නෙ නව කතාවක නමක් විතරක් ම නෙවෙයි.. මේක 1850 ට පෙර කාලයක සැබෑවටම හිටපු Cow boy ජනතාව අතර තිබුන කතාවක්..
නමේ තේරුම අනුව නම් 'Capistrano හි ශාපය' කියලනෙ කියන්නෙ.. capistrano කියන්නෙ ස්වදේශික වැසියන් වර්තමාන කැලිෆෝනියාව හදුන්වපු ග්‍රාමීය වහරෙන් ආපු නමට..
මේ කියන විදියට ඇත්‍තම කතාවෙදි කැලිෆෝනියාවෙ තිබුනා ශාපයක්.. ඒ කැලිෆෝනියා වල Gold rushහි හරක් සොරකම් කිරීම, පැහැරගැනීම්, මංකොල්ලකෑම් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්හි කප්පම් ගැනීම වගේ Cowboy කාලෙ ජන ජීවිතයට නිතරම තර්ජනයක් වුන දේවල්…
මේ දේවල් සිදුකළේ Joaquin murrieta කියන පුද්ගලයා විසින්.. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපරාධකාරයෙක් වුනා. ඔහුව තමයි කැලිෆෝනියාවෙ ශාපය එහෙමත් නැතිනම් 'Curse of capistrano' විදියට හැදින්වුයේ..
මේ කාලයෙදි ඇමෙරිකානුවන් කැලිෆෝනියාවට මුලින්ම බැල්මට් එක දානකොට මෙක්සිකානුවො ඒකට විරෝධතාවය පාන්න පටන් ගත්තා.. ඉතින් ඒ අතරෙ Joaquin murrieta ත් හිටියා..
අපරාධකරුවෙක් වුනත් ඒ වෙලාවෙ හැටියට මෑන් වටේට තරුණ,මහලු වයස් භේදයකින් තොරව සෙට් එකක් එකතු වුන නිසා ඇමරිකාවෙන් California Rangers කියන විශේෂ අශ්වාරෝහක බළකායක් ඇතිකරල ඔවුන් විසින් Joaquin ව අල්ලාගෙන හිස කදින් වෙන් කර ඝාතනය කොට බ්‍රැන්ඩි යොදා ඔලුව පිකල් එකක් එහෙමත් නැත්නම් කල්තබා ගන්න අච්චාරුවක් වගේ කරල කැලිෆෝනියාවෙ වටේට ම ප්‍රදර්ශනය කරා ලු.. ඒ ඇමරිකාවට විරුද්ධව මෙක්සිකානු නැගිටීම වැළකීමේ ක්‍රමවේදයක් විදියට…
මෙන්න මේ සීන් එක තමයි McCully මහත්මයා Zorro කියන චරිතය නිර්මාණය කරන්න යොදාගත්තෙ..
Zorro කියන්නෙ අනන්‍යතාවය සගවගත්ත වීරයෙක් ට.. Don diego de la vega කියන කැලිෆෝනියානු ධනවත් තරුණයා ස්පාඤ්ඤය බලා පිරත් වෙනව ඉගෙනගන්න.. එහෙදි කොල්ලා කඩු සටන් කලාව මනාව හදාරනව විශ්වවිද්‍යාලයීය මට්ටමෙන්..
පස්සෙ තමන්ගෙ පියා වුන ධනවත් වංශාධිපති Don Alejandro de la vega ඉල්ලීම අනුව නැවත තමන්ගෙ රටට ආවත් ඔහු දකින්නෙ ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු වුන කැප්ටන් Enrique Monastario විසින් ගෙන යනු ලබන ඒකාධිපති පාලන රටාව..
මේ සිදුවීමට තමන්ගෙ ධනපති සමාජ රටාවෙන් නිසි විරෝධතාවයක් එල්ල වෙන්නෙ නැති නිසා රහස් අනන්‍යතාවයක් හදාගෙන Don diego රාත්‍රි කාලයේදි කලඑළි බසිමින් 'Zorro' නමින් වීරයෙක් විදියට කැප්ටන් Enrique ගෙ පාලනයට විරුද්ධව සටන් කරන්න යොමු වෙනව..
කාලයත් සමග ඔහුගේ අසාධාරණයට විරුද්ධ තනි සටන ජනතා ආකර්ෂණයට යොමු වෙන අතර කැලිෆෝනියානු ජනතාව Zorro වටා එක් වීමත්, Zorro ගෙ වීර ක්‍රියා රැසක් අවසානය් කැප්ටන් Enriqueගෙ ඒකාධිපති පාලනය මුළුමනින්ම බිද වැටීම ත් Zorro කතාංගයේ මූලික සිද්ධාන්තය විදියට හදුන්වන්න පුළුවන්..
Don diego විසින් සමාජය හමුවේ දුර්වල පෞරුෂයක් හිමි පුද්ගලයෙකු විදියට හැසිරීමෙන් තමන් වෙත සැකයක් එල්ල වීම මගහරවා ගන්න සමත් වෙනව..
මීට අමතරව Zorro ගැන කියනව නම්,
🔻 Don diego සහ Zorro යන අනන්‍යතාවයන් දෙකෙහිදිම ‘Bernardo’ කියන ඇතැම් මූලාශ්‍ර වල ගොළු,බිහිරි ලෙසින් දක්වලා තියෙන පුද්ගලයා තමයි Sidekick එක වෙන්නෙ…
උදාහරණයක් විදියට අපි දන්න කියන Batman ගෙ ඇල්ෆ්‍රඩ් සහ රොබින් කියන job දෙකම Zorro ළගදි කරන්නෙ Bernardo විසින්..
🔻 zorro සහ Don diego කියන ද්විත්ව අනන්‍යතාවයන් දෙකෙහිදිම මෑන්ගෙ ලව් එක වෙන්නෙ Lolita pulido කියන වංශවත් රූමතිය..
🔻 zorro කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් 'නරියා' ට.. කතාවෙ හැටියට නරියෙක් වගේ කපටි විදියට zorro ගහන ගේම දන්නව ඇතිනෙ..
🔻 Zorro ඇදුම හදාගන්නෙ ස්පාඤ්ඤයේ දි දකින නාට්‍යය කණ්ඩායමක විදියට.. Mask එක වුනත් එහෙමයි.. නමුත් කාලයෙන් කාලයට කතාව වෙනස් වුන නිසා විවිධ අර්ථකථන mask එක ගැන තියෙනව..
🔻 සත්ව චරිත නිරූපණය ඇතුළත් ඔපෙරා වගේ නාට්‍යයක නරියා ට අදාල නාට්‍යයමය වෙස් මුහුණ තමයි Zorro තමන්ගෙ වෙස් මුහුණ ලෙස හදාගන්නෙ..
🔻නමුත් මූලික අදහස වෙන්නෙ Joaquin murrieta ව අපරාධකරුවෙක් ලෙස එකළ නිරූපණය කරේ කලු රෙදි කඩකින් මුහුණ බැදගත් අයෙක් විදියට..
( අදටත් හොරෙක් කිව්වම ගොඩක් කාටූන් වල තියෙන්නෙ එහෙමනෙ…😁)
🔻 Captain Ramon සහ Sargent Gonzales සමග Zorro නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගන්න බවත් බලාගන්න පුළුවන්..
🔻'The Fox den' කියන රහස් කුටීරයේ තමයි Bernardo සහ Zorroගෙ ඇදුම් ඇතුළු සියළුම උපකරණ තියෙන්නෙ..
🔻The fox Den තුළට ඇතුළු වීමට Diego මන්දිරයේ ඇති Grandfather වර්ගයේ ඔරලෝසුවක් දොරටුවක් විදියට භාවිතා කරනව කියල සදහන් වෙනව..
🔻 ‘ Tornado’ කියන කලු අශ්වයා තමයි Zorroගෙ යාලුවා වගේම වාහනය වෙන්නෙත්… අශ්වයාගෙ වේගය නිසාම Zorro ගෙ ජීවිතය බේරුන අවස්ථා නම් ගොඩක් තියෙනව…
🔻Phantom යනුවෙන් තවත් අශ්වයෙකු Zorro හට ඇති අතර යම් හෙයකින් Tornado හට තුවාල සිදුවුවහොත් පමණක් Phantom ගෙ අවශ්‍යතාව ඇති වේ..
දැන් බලමු Zorroට තියෙන හැකියාවන් මොනවද කියල..
🔺Zorro ගොඩක් වේගවත්, කඩු සටන් වගේම නිරායුධ සටන් වලදිත් ගොඩක් දක්ෂයෙක්.. Hand to Hand combat fight වලදිත් දක්ෂයි.
🔺මනා තාක්‍ෂණයෙන් යුතුව අසිපත හැසිරවීමේ දක්ෂයෙක්… උපාධි මට්ටමෙන් කඩු සටන් හදාරපු ඩයල් එකක්නෙ ඉතින්..😁
🔺Zorro ගෙ තොප්පිය වුනත් විසි කරල පහර දෙන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නෙ..
🔺 වේගවත් අසරුවෙක්..
🔺 හදිසි අවස්ථාවන්හි භාවිතයට කසය, පිස්තෝල වගේ ආයුධත් තමන් ළග තබාගෙන ඉන්න චරිතයක් .
ඕනෑම ගේමක් ඉවර වුනාම Z සළකුණ කැපුම් තුනකින් නිර්මාණය කිරීම තමයි Zorroගෙ අපි ආසම කරන type එක..
Zorro ගෙ ඇදුම ගැන මූලිකම අදහස ඇවිත් තියෙන්නෙ ඒ කාලෙ සීත දේශගුණය එක්ක වටකුරු තොප්පියක් සහ කබායකින් සැරසි අසුන් පිට එහෙ මෙහෙ ගියපු ක්‍රිස්තියානි පූජකතුමෙක්ගෙ හැඩරුව නිසා කියල Jhonston McCully මහත්මයා වරක් ප්‍රකාශ කරල තියෙනව..
Zorro ගෙ Cape එක නම් මධ්‍යතන යුගයෙදි රජ මාළිගා තුළ සිටි නයිට්වරුන් සහ වංශාධිපතියන්ගෙ ඇදුම් වලින් තමයි සකස් කරගෙන තියෙන්නෙ zorro ගෙ සැබෑ අනන්‍යතාවය වන Don diego ගෙ වංශාධිපතිත්වය ගැන අදහසක් එන විදියට…
මුලින් ම කිව්වා වගේ අපි දන්න චරිත වල නොහිතන දේවල් ගැනත් මෙන්න මෙතනදි හිතන්න.. Superman , Batman ඇතුළු Superhero Costume වලදි Cape භාවිතා කරන සුපිරි වීරයො බහුතරයකට තමන්ගෙ ඇදුමට Cape එකතු කරල තියෙන්නෙ නිකම් නෙවෙයි...😜
Joaquin murrieta අමතරව Robin Hood, Reynard de fox , වීර අයිරිෂ් සෙබළෙකු වුන William lamport ව Inspire වුනා ලු Zorro ව චරිතගත කරන්න…
( Robin Hood ගැනත් ඉදිරියට කතා කරමු..)
Zorro කියන්නෙ හුදෙක් වීරත්වය පදනම් කරගත්ත චරිතයක් පමණක්ම නෙවෙයි.. ඒ චරිතයෙන් බටහිර දේශපාලනය විවේචනය කිරීමක් සහ රාජ්‍යයන් උදෙසා භූමි ව්‍යාප්තිය ( වර්ෂ 1805 - 1846 ) කර ගත්ත ආකාරය ගැනත් හරි ලස්සනට පෙන්වලා දීලා තියෙනව..
Lone ranger, Doc savage, Batman, Daredevil වගේ සුපිරි වීර චරිත රැසක් නිර්මාණය වෙන්නෙ Zorro ව පාදක කරගෙන… හිතට එන වර්තමාන චරිත වල ලක්ෂන නිකමට ගළප ලා බලපන්කො Zorro එක්ක…
මීට අමතරව #Django සමග Zorro ගෙ කණ්ඩායම්ගත වීම කොමික් ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් විදියට හදුන්වන්නත් පුළුවන්..
ඇත්තටම Zorro කියන චරිතය තව දුරටත් සිනමාවෙන් ජීවමාන වෙනවට ආසාවක් දැඩිලෙසම තියෙනව.. ලතින් සංස්කෘතියට ප්‍රේක්ෂකයන් බැද තබා ගත් විශිෂ්ථ නිර්මාණයක් විදියට Mccully මහත්මයගෙ Zorro ව හදුන්වන්න හැකියාවක් තියෙනව..
අදට එහෙනම් Zorro ගැන ඇති නේහ්…. 😌
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
Black stallion ගෙ පිටේ ඉදගෙන ZOrro කඩුව ඔසවගෙන ආචාර කරන විදියටම ආචාර කරල අපිත් දැනට සමුගන්නව එහෙනම් …
Adios amigo
Z
Admin – #KrishanRodrigo