කවුද මේ සටීන් කියන කෑල්ල , මොන මගුලකද මේකි Appear කරේ , කියල දැන් කස්ටිය හිතනව ඇති 😂🙏 ඒ නිසා අපි දැන් මුලින්ම සටීන් කියන්නෙ කාගෙ කවුද , කාගෙ කවුද , මොනාද ස්ටාර්වෝස් යුනිවර්ස් එකේ කරේ කියල කතා කරමු 😉
මෙයාගෙ Biographical Info ගැන සැලකුවොත් මෙයා උපදින්නෙ Kelavala (කෙලවල්ලා නෙවෙ ගායිස්😉😂, Kelavala කියන්නෙ Galaxy එකේ Outerrim එකේ තිබ්බ Planet එකක් ඒ වගේම සටීන්ගෙ උපත ගැන විස්තරයක් සෙට් උනේ නෑ 😪) වලදි. House Kryze යටතේ තිබුනු Clan Kryze එකේ තමා මෙයා ඉපදුනේ (මැන්ඩලෝරියන් Culture එකේදි Families හැඳින්වුනේ Clan එකක් විදියට , Clan එකක් හො කිහිපයක් එකට එකතු වෙලා Political Faction එකක් හැදෙනව , ඒ Political Faction එකට කිව්වෙ House එකක් කියල , මේ Houses වලින් Most Important Houses ටික Manda’lor එහෙමත් නැත්.තම් මැන්ඩලෝරියන් අයගෙ Sole Leader ට යටත්ව ලඟින්ම ඉදන් වැඩ කරා ) මෙයා Bo-Katan Kryze ( the mandalorian වල සහ Rebels වල හෙම ඉන්න Lady Bo-katan😉 )
Satine Kryze කියන්නෙ Galactic Republic එකේ අන්තිම කාලේදි(Clone wars සිදුවන කාලේදි සහ ඊට අවුරුදු කිහිපයකට කලින් ) වගේ Badass Mandalorian ලගේ Homeworld එක වෙන Mandalor වල පාලනය කරන් හිටිය ලස්සන නායිකාව 😉😍 Duches Satine කියල තමා එතකොට හැඳින්වුනේ (Duches කියන්නේ ගෞරව නාමයක් වගේ එකක් 😉 Duke කියන එකේ Female Version එක 😉)මෙයා කලින් හිටිය Mandalorian Rulers ලට වඩා සෑහෙන වෙනස් විදියට තමා මැන්ඩලෝර් පාලනය කරේ. ඒ කොහොමද කිව්වොත් මැන්ඩලෝරියන් ඩෑල්ස්ලගේ කපන කොටන මරන සීන් වලින් ඈත් වෙලා සැහෙන අවිහිංසාවාදී විදියට තමා පාලනය අරන් ගියේ මැන්ඩලෝර් වල (peace out homies 😂)මේ විදියට පාලනය වෙද්දි ඒකට කැමති උනු මැන්ඩලෝරියන් සෙට් එකට New mandalorians කියල නමක් වැටුන 😉 ( මේ සෙට් එකට Satine තරුණ කාලෙදි වගේ තමා සෙට් වෙන්නෙ , මේ ගෘප් එකේ වැඩ වලටම බැහැලම වැඩ කර නාසා තමා New mandalorians සෙට් එකේ නායකත්වයට පත් වෙන්නෙ ) මොකද සාමාන්‍යයෙන් මැන්ඩලෝරියන්ල කියන්නෙ වලිබර සීන් එකේ හිටපු උන් සහ , මුන් සෙට් එක Peace Out Homies සීන් එකෙ වෙන දෙයක් බලාගෙන ආතල් එකේ හිටිය නිසා තම මේ සෙට් එකට New mandalorian කියල නම වැටුනේ මෙයාලට ඕනි උනා කලින් මැන්ඩලෝරියන්ල හිටිය කලහකාරී බවින් තොර nonviolent and peaceful culture එකක් Rebuilt කරන්න 😉
Satine ගේ Personality, Skills and abilities ගැන කිව්වොත් මෙයා Strong-willed කෙනෙක් , ඒ වගේම දෙයක් කිව්වොත් ඒකම කරන්ඩ බලන Determined කෙනෙක් 😉 ඒ වගේම දඩ Pressure එකක උනත් තම මතය වෙනස් නොකරන කෙනෙක් , Violence ගැන දැඩිව විරුද්ධ උනු සහ තමන්ගෙ පාලනය යටතේ හිටිය මිනිස්සු ගැන සෑහෙන්න වද වුනු කෙනෙක් තමා සටීන් කියන්නෙ 😉 තව ආත්මාරක්ෂාව ගැන ස්කිල්ස් තිබ්බ මෙයාට , Death watch එකේ warrior ටයිප් සෙට් එකත් එක්ක උනත් සටන් කරන්ඩ පුලුවන් තරමෙ . Speeder Bikes හසුරවන්න සහ aircraft එකක් උනත් පාලනය කරන්න පුලුවන් හැකියාව මෙයාට තිබ්බ ගායිස් . තව මෙයා හැම වෙලාවෙම Deactivator Pistol එකක් තියන් හිටයෙ (deactivator pistol එකක් කියන්නෙ Energy Blast එකක් fire කරල Droids deactivate කරන්න පුලුවන් weapon එකක් ) Obi-wan අහනව මෙයාගෙන් ඇයි එහෙම වෙපන් එකක් අරන් යන්නෙ කියල , එතකොට මෙයා දෙන පිලිතුර තමා ,
“Do you always carry a deactivator?”
“Just because I’m a pacifist doesn’t mean I won’t defend myself!”
දැන් කතා කරමු Satine Kryze ගෙ Political Aspect එක ගැන ,
මන් කලින් කිව්වනේ මෙයා මැන්ඩලෝර් පාලනය කරා කියල 😉 ඒ වගේම New Mandalorian පිලිවෙත ගැනත් මන් කතා කරා 😉 දැන් කතා කරමු මේක සිදුවුන විදිය . Satine තරුන කාලෙදි මැන්ඩලෝර් වල සිවිල් යුද්දයක් වෙනව , මේක සිදුවෙන්නෙ New mandalorian සෙට් එක අතර හා old tradition එකේ මැන්ඩලෝරියන් ල අතර (Old tradition උන් මරාගෙන මැරෙන සීන් එකේ වලි බර සෙට් එක නේ 😉) මේ යුද්දයෙන් සෑහෙන පිරිසක් මිය යනව සහ New mandalorians ල දිනනව , දිනුමෙන් පසුව අපේ සටීන් මැන්ඩලෝර් Reconstruct කරල planet එක rebuild කරනව peaceful society එකක් නිර්මාණය කරමින්, මේ ක්‍රියාපිළිවෙත නිසා අර Old tradition එක විවිද බලපෑම් සිදුකරනව පොඩි පොඩි terrorist ගෘප් වලින් , මේ ගෘප් වලින් Most Active terrorist ගෘප් එක වුනේ Death watch එක ,මේ Death watch එකේ Satine ගෙ සහෝදරී වුනු Bo-katan ත් හිටිය 🙂 දැන් මෙයා මැන්ඩලෝර් දැහැමෙන් සෙමෙන් පාලනය කරන් ඉදිද්දි Republic එක කේස් එකක් දාන් යුද්දයක් පටන් ගන්නව Confederacy Of Independent Systems එක්ක අපි මේ සෙට් එක දන්නෙ Separatist Alliance එක කියන නමින් 😉 මේ යුද්දය සිදුවෙද්දි Satine මේ Conflict එකේ Side එකක් තොරාගන්නෙ නැතිව Neutral ලෙසින් ඉන්න වගබලාගන්නව , මේ නිසා Council of Neutral Systems එකේ leader විදියට පත් වෙනව (Council of Neutral Systems කියන්නෙ Galactic Republic එක සහ Separatist Alliance අතර යුද්දය සිදුවන විට , මේ යුද්ධයේ සයිඩ් එකක් තොරාගත්තෙ නැති 1500 ක් වගේ වෙන star systems වලින් සැදුනු political Organization එකක් )
“War is intolerable. We have been deceived into thinking that we must be a part of it. I say the moment we committed to fighting, we already lost.” ―Duchess Satine Kryze —
මේ clone war (republic සහ separatist අතර යුද්ධය)එක නිසා මැන්ඩලෝර් වලට republic එකෙන් තිබ්බ සහය අඩු වෙලා Supplies shortage වලට ලක් වෙනව 🙂 දැන් death watch එකෙන් වන terrorist activities ටික ටික වැඩිවෙනව මිනිස්සුන්ට supplies වල Shortage නිසා 🙂
මේ Terrorist activities වල Increase වීම නිසා Republic එක අත ගහනව මැන්ඩලෝර් වලට මේ නිසා Satine තේරුම් ගන්නව රිපබ්ලික් එක අත ගැහුවොත් ප්‍රශ්ණය තව වැඩි වෙනව කියල ( නිකං US army එක එක රටවල civil wars වලට මැදින් පැනල Situation එක තවත් අවුල් කරනව වගේ 😉😅) සටීන් මේ රිපබ්ලික් එකේ උත්සාහය වලක්වන්න ට්‍රයි කරනව Assassination attempts , political setbacks සිදුවෙද්දි උනත් ❤️ මේ උත්සාහය සිදුවන විටදි Background එකෙන් Death Watch එකේ Treats , political leaders ල අතර Corruption , black market presence එක එන්න එන්නම වැඩි වෙනව ,දැන් රිපබ්ලික් එකේ Direct සහයත් නැ (Clone war වල Neutral විදියට හිටිය නිසා 😅)So මෙයාට පුලුවන් වෙනව Allies ල සුලුපිරිසකගෙ සහය ලබා ගන්න , මේකට අයිති වෙනව අපේ ජෙඩායි මාස්ටර් Obi-wan හෙමත් (මෙයාල දෙන්නගේ හෙන Complicated History එකක් තියන්නේ 😅🙈
ඔව් ඔව් ප්‍රේමනීය හුටපටයක් තමා 😅 මේ දෙන්න මුලින්ම මුන ගැහෙන්නෙ මැන්ඩලෝරියන් සිවිල් වෝ එක කාලෙදී මේ දෙන්න අවුරුද්දක් වගේ කාලයක් එකට වැඩ කරනව master Qui-Gon යටතේ මේ සිවිල් වෝර් එක නිසා , මේ ගත කරපු කාලය අතරේම Young Jedi විසින් Duches Satine එක්ක ආදරයක් ඇති කරගන්නව😉 (හැබැයි දෙන්න අතර තියෙන්නෙ පරස්පර බවක් කියල තමා මුලින් කියන්නෙ නමුත් සටීන් තමන්ගේ ෆීලිනිග්ස් හන්ගන් ඉන්නව කියල තමා පසු කාලීනව අපිට කියන්නෙ clone wars series එකේදි ) civil war එක අවසන් උනායින් පසුව මැන්ඩලෝර් අපෙ සටීන්ට සේෆ් වෙන නිසා මේ දෙන්න තීරනය කරනව leader කෙනෙක් සහ Jedi padawan කෙනෙක් විදියට තමන්ගෙ වැඩ සිදුකරන් යන්න ,
අර මන් කලින් කිව්ව වගේ සටීන් තමන්ගෙ ෆීලිනිග්ස් කියන්නෙ නැතුව ඉන්නෙ, කෙනොබි විසින් සටීන්ට තමන්ගෙ ෆීලිනිග්ස් ගැන කිව්වට පස්සෙ . ඒත් clone wars series එකේදී එක තැනක සටීන් කියනව කෙනොබිට ආදරය කල බව හැබැයි ඉතින් එතකොට කෙනොබි තරුණ කොල්ලෙක් නෙවේ ජෙඩායි මාස්ටර් කෙනෙක් 😉🙂 හැබැයි කලින් කිව්ව නම් එනව කියල කෙනොබි කියනව 🙂😅
“I’ve loved you from the moment you came to my aid all those years ago.” […]
“Had you said the word, I would have left the Jedi Order.” 🙂🥺
මේ Death Watch ප්‍රශ්ණය නිසා අවුල් වියවුල් Mandalor වල සිදුවෙද්දි අර කැත සිත් ලෝර්ඩ් Darth Maul death watch එක සමඟ එකතු වෙනව darth maul විසින් Death watch එක සහ පැරණි මැන්ඩලෝරියන් ට්‍රැඩිශන් අගය කරපු Families වලට උදව් කරන්න පොරොන්දු වෙනව Satine Kryze පරාද කරල Old Tradition නැවතත් කරලියට ගෙන්න . මේ සිද්දි නිසා Death watch එක සහ Darth Maul සමත් වෙනව Mandalor යටත් කරගන්න , (ඇත්තටම මෙතන Darth Maul Try කරන්නෙ තමන්ටම මැන්ඩලෝර් අල්ල ගන්න , death watch එකත් ඒකම තමා කරන්න ඉන්නෙ 😅 මේ නිසා darth Maul විසින් Death watch එකේ නායකය වුනු Pre Vizsla මරල දාලා මැන්ඩලෝර් වල පාලකය වෙනව 🙂😐 තව Maul ට ඕනි නේ Obi-wan ගෙන් පලි ගන්න තමන්ට සිදුකළ දේට (starwars : Phantom Manace වලදී කෙනොබි Maul ව දෙකට කපනවනේ 😅 හැබැයි එතනදි maul මැරෙන්නෙ නෑ , ඒ හේතුවෙන් maul හෙන කට්ටක් කනව අවුරුදු ගානක් , මේ වේදනාවට තමා පලිගන්න ඕනි Maul ට ) Maul තීරණය කරනව කෙනොබිව මරන්නෙ නැතුව උපරිම වේදනාවක් දෙන්න , මේ නිසා Darth Maul විසින් කෙනොබි ඉදිරිපිටදී dark saber එක යූස් කරල Satine ට පහර දෙනව 😥මේ පහර නිසා මියයමින් ඉන්න Satine ව අපෙ කෙනොබි විසින් held කරන් ඉන්නව, මේ අතරදෙි සටීන් කියන දේ ස්ටාර්වෝස් ෆෑන් කෙනෙක්ට මාර විදියට දැනෙනව ගායිස් 😥🥺 ඒ වගේම සටීන් මිය යන්නේ 19BBY වලදි 🙂
“Remember my dear Obi-Wan, I loved you always… I always will.” 🥺
එහෙනම් ගායිස් Satine Kryze ගැන ලිපියත් හරි 😉😎තව ලිපියකින් ළඟදීම සෙට් වෙමු ❤️
May the Force Be with you !
කට්ටිය මේක කියවලා රසවින්දනම් අනිත් කට්ටියත් දැන ගන්න share පාරක් දාන්න ❤️
තව මේ වගේ ලස්සන ලිපි කියවන්න hypezone page එකත් එක්ක සෙට් වෙන්න එ වගේම කට්ටිය එක්ක අදහස් ඔයාලගේ අදහස් බෙදා ගන්න hypezone community එකටත් සෙට් වෙන්න❤️