You are currently viewing Charlie Cox සහ Vincent D’Onofrio නැවතත් ඩෙයාඩෙවිල් සහ කින්ග්පින් ලෙස රංගනයෙන් එක් වෙයිද?!

Charlie Cox සහ Vincent D’Onofrio නැවතත් ඩෙයාඩෙවිල් සහ කින්ග්පින් ලෙස රංගනයෙන් එක් වෙයිද?!

Netflix ආයතනය විසින් ABC Studio වත් සමග එක් වෙමින් Marvel කතා මාලා කිහිපයක්ම ප්‍රේක්ෂකයින් වෙත අරන් එන්න පසුගිය වසර කිහිපයේ කටයුතු කළා. ඔවුන් උත්සහ කළෙත් Marvel Cinematic Universe ලෙසම Television Universe එකකුත් සෑදීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් මාර්වල් විශ්වයේ සිටින ප්‍රසිද්ද සහ Underrated කියන්න පුලුවන් Street level heroes ලා කිහිපයක් යොදාගත්තා. ඒ අතර සුප්‍රසිද්ද Daredevil චරිතයත් ඇතුලත්. Netflix ලා සහ ABC Studio ව උත්සහ කළේ මේ කතා මාලා එකිනෙකට සම්බන්ඳ ආකාරයෙන් ගොඩ නගා පසුව crossover event පවා ඉදු කිරීමයි. ඒ විදිහට මේ සීරීස් එකට Stand alone සීරිස් 05 ක් සහ එක් crossover series එකක් ඇතුලත් වෙනවා.

කොහොම හරි මේ හැම කතාමාලාවකට පදනම විදිහට මුල් වරට අපි අතරට එන්නේ Marvel’s Daredevil වෙබ් සීරීස් එකයි.

නමුත් අවාසනාවන්ත විදිහට මේ සීරීස් ඔක්කොම කැන්සල් වෙලා යනවා. මේ කැන්සල් වීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තිබුණා. එකක් Disney- Netflix අතර මේ සීරීස් නිශ්පාදනය කිරීමේදි තිබුණු මූල්‍යයමය ගැටලුව. Netflix ලට මේ එක සීරීස් එකක් වෙනුවෙන් විශාල මුදලක් Disney එකට ගෙවන්න සිද්ද වුනු බවයි සඳහන් වෙන්නේ. අනිත් හේතුව තමා Marvel Television ඩිවිශන් එක MCU එක යටතට අරගැනීම. මේ සිදුවීමෙන් පස්සේ Disney+ ස්ට්‍රීමින් සර්විස් එක වෙනුවෙන් කතා මාලා නිශ්පාදනය කරන්න තීරණය කරනවා. ඒ නිසා ප්‍රධාන රූපවාහිනී කතා මාලා TV-PG හෝ TV-14 වර්ගීකරණය යටතෙයි නිකුත් වෙන්නේ. කිසිම TV-MA (R rated) කතා මාලාවක් නිශ්පාදනය වෙන්නෙ නැහැ, Netflix මාර්වල් සීරීස් එකක්වත් Disney+ වල දක්නට නොලැබීමට හේතුව මේකයි.

ඉතිං මේ ප්‍රශ්න ඔක්කොම එක්ක මේ සීරීස් කැන්සල් කරල දාන්න Netflix ලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයින් ඉමහත් අසතුටට පත් කරමින්. විශේෂයෙන්ම Daredevil සහ Punisher කතා මාලා දෙක වෙනත් නාලිකාවකින් හෝ renew කරන්න ඉල්ලලා campaign පවා ෆෑන්ස්ලා කරනවා. නමුත් තාමත් මේ සීරීස් ඉදිරියට ඒවිද නැද්ද කියලා කිසිම තොරතුරක් තාම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරලා නෑ. නමුත් හුඟක් ප්‍රේක්ෂකයින් හිතන්නේ Matt Murdock හෙවත් Daredevil ලබන දෙසැම්බර් මාසයේ නිකුත් වීමට නියමිත Spider-Man: No Way Home තුළින් දැකගන්න පුලුවන් වේවි කියලයි.

කෙසේ හෝ මේ ගැන Daredevil ලෙස පන පොවන Charlie Cox ගෙන් ඇසූ විට ඔහු දෙන්නෙ මෙවැනි පිළිතුරක්.

“My answer is no comment; I don’t know what’s going to happen. I genuinely don’t know. If there was a chance of that happening in the future, I don’t want to say something that could potentially jeopardize those chances. The people high up at Marvel, maybe they see this stuff or they hear what I say or blah, blah, blah… maybe that influences it. I don’t know, I have no idea. I love how passionate the fans are and I feel very, very touched that so many of them have gone online and made their voices heard about their desire for me to come back and maybe in the future that might happen, and that would be great. Who knows? We’ll see.”

Charlie Cox

චාර්ලි පවසන පරිදි ඔහුට මේ චරිතයේ අනාගතය ගැන කිසිම අදහසක් නැතිලු. ඉතිං මේ චරිතයේ අනාගතය ගැන යහපත් දෙයක් වෙනවා නම්, තමන්ට ඩෙයාඩෙවිල් චරිතය වෙනුවෙන් ඒ අවස්තාව අනතුරේ දැමීමට අවශ්‍ය නොවන බවයි පවසන්නේ. ඔහු ප්‍රේක්ෂකයින් ඩෙයාඩෙවිල් නැවත රැගෙන ඒමට දරන උත්සහය අගය කරන අතර ඩෙයාඩෙවිල්ට හොඳ අනාගතයක් ලැබේවි කියා තමන් සිතන බව තව දුරටත් පවසනවා.

චාර්ලි කියන්නේ මේ ඩෙයාඩෙවිල් චරිතයට උපරිම සාධාරාණයක් කරපු කෙනෙක්. චාර්ලි මැට් මෝර්ඩොක් විදිහට කොමික් පිටු ජීවමාන කළේ තමන් මේ චරිතයට ගැලපෙනම රංගන ශිල්පියෙක් බව ඔප්පු කරමින්. Daredevil කතා මාලාව මෙතරම් සාර්ථක වෙන්න ලොකුම හේතුවලින් එකක් Charlie Cox.

ඉතිං මේ වගේ තත්ත්වයක් අතර තුර Daredevil කතා මාලාව තුළ දැවැන්ත චරිතයකට පන පොවපු Vincent D’Onofrio ප්‍රකාශයක් කරනවා. Vincent D’Onofrio ඩෙයාඩෙවිල්ගේ පරම හතුරෙක් විදිහට නම් කරන්න පුලුවන් Kingpin ලෙස රංඟනයෙන් දායක වෙනවා. Vincent D’Onofrio මෙතෙක් කරපු හොඳම රංගනයනය කියලා මේක නම් කිරීම වරදක් නෙවෙයි.

කෙසේ හෝ, මේ ප්‍රකාශය Vincent සිදු කරන්නේ පසුගිය දිනක Screen Rant මාධ්‍ය ජාලය සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදී. එහිදී Vincent මෙලෙස පවසනවා.

“I do take it as a compliment. I so badly want to play that character again. I love that character. I just have to wait for Marvel to ask me. I think it’s very clear that I would, and the fans know that I would jump at the chance to play again. I just need to be asked.”

Vincent D’Onofrio

ඔහු පවසන විදිහට මේ Kingpin චරිතය ඔහු ලොකු ගෞරවයක් විදිහට සලකන එකක්. Vincent ට නැවත වතාවක් මේ චරිතය කිරීමට ලොකු ආසාවක් තියෙන බවයි කියන්නේ. ඉතිං ඔහු නැවත වතාවක් මේ චරිතය කිරීමට Marvel වලින් ආරාධනයක් කරනකන් බලන් ඉන්න බව Screen Rant හමුවේ පවසල තියෙනවා.

ඇත්තටම කිවුවොත් Vincent විසින් Kingpin චරිතය ජීවමාන කරලා අවසන්. ඔහුගේ මෙම චරිතය වෙන අයෙකු විසින් ප්‍රතිස්ථාපනය කිරීමට බැරි තරම් ඉතාමත් දක්ෂ රංගනයක් Daredevil තුළින් ලබා දුන්නේ ඉමහත් ප්‍රේක්ෂක සහ විචාරක පැසසුම් ලබා ගනිමින්. ඇත්තටම Kingpin චරිතය ඉදිරියේදී MCU තුළට රැගෙන ඒමට අත්‍යාවශ්‍යයම චරිතයක්. ඒ විදිහට අරන් එන්න ඔවුන්ට සැලසුමක් තියෙනවා නම් Vincent ව නැවත කාස්ට් කිරීම ඉතාමත් හොඳ අදහසක් කියන්න පුලුවන්.

Daredevil (Charlie Cox) සහ Kingpin (Vincent D’Onofrio)

Spider-Man ට වගේම Daredevil ටත් ලොකු සම්බන්ඳයක් තියෙන චරිතයක් විදිහට Kingpin ප්‍රසිද්ධයි. මේ චරිත දෙකෙන් හොඳ team- up එකක් කිරීමෙදි Kingpin ව යොදාගැනීම ලොකු සාර්ථකත්වයක් බව කොමික්වලට පවා ඔප්පු කරල තියෙනවා. ඉතිං MCU සාර්ථකත්වය නිසා නුදුරු අනාගතයේදී අනිවාර්යෙන්ම මේ චරිත අපිට MCU තුළිනුත් දකින්න ලැබේවි. ඒ චරිත ජීවමාන කරන්න අපි ආදරේ කරන රංගන ශිල්පීන්ම එක් වේවි කියලා බලාපොරොත්තුවක් තියා ගමු.

තවත් මේ වගේ අලුත් News දැනගන්න දිගටම Hype Zone අපිත් එක්ක රැඳිලා ඉන්න.

Admin: Sachintha Benat

Leave a Reply