You are currently viewing Transformers හත්වැන්නේ වාහනවල First Look රිලීස් වේ…!

Transformers හත්වැන්නේ වාහනවල First Look රිලීස් වේ…!

2007 වසරේදී ඉස්සෙල්ලම නිකුත් වුනු Transformers චිත්‍රපටය ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත්තේ ඉතාමත් සුලු කාලෙකින්. Hasbro ආයතනයේ Action-figures පාදක කොටගෙන නිර්මාණය වුනු මේ චිත්‍රපට මාලාව සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වුනේ ප්‍රසිද්ද Michael Bay විසින්.

කෙසෙ හෝ මේ චිත්‍රපට යම් තාක් දුරකට විචාරක අප්‍රසාදයක් දිනාගත් නමුත් Box Office වාර්තා බිඳ දමමින් බිලියන ගාණක මුදලක් ඉපයුවා. ඒ වගේම ප්‍රේක්ෂකයින් පවා විචාරක මතවලට ඇහුම් කන් නොදී මේ චිත්‍රපට සහ චරිත එක්ක ආදරයෙන් බැඳුනා කියන්නත් පුලුවන්.

කොහොම හරි 2018 වසරේ නිකුත් වූ Bumblebee චිත්‍රපටයෙන් පසු අපිට හුඟ කාලෙකින් Transformers චිත්‍රපටයක් දැකගන්න ලැබුණෙ නෑ. ඒ නමුත් මයිකල් බේගේ අවසන් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපටය වුනු The Last Knight නම් අවසන් වුනේ තවත් එක් දිගහැරුමකට පදනම තබමින්.

ඒ නමුත් නැවත වතාවක් ළඟදීම Transformers චිත්‍රපටයක් රසවිඳින්න අවස්තාවක් අපිට උදාවෙන්න නියමිතයි. Transformers ෆ්‍රැන්චයිස් එකෙහි හත්වෙනි චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වෙනකොට සාර්ථක විදිහට සිදුවෙමින් පවතිනවා. මේ හත්වැන්න නම් වෙන්නේ Rise Of The Beasts ලෙසින්.

Screen Rant වෙබ් අඩවියේ සඳහන් වෙන විදිහට මේ හත්වැනි චිත්‍රපටයට පාදක වෙන්නේ 90 ගණන්වල විකාශය වුනු Transformers: Beast Wars ඇනිමේශන් කතා මාලාවයි. මේ ෆිල්ම් එකෙත් ඔප්ටිමස් ප්‍රයිම්, බම්බල්බී වගේ ප්‍රධානම ඔටෝබොට්ස්ලා වගේම සතුරු චරිත වෙන ඩිසෙප්ටිකෝන්ස්ලවත් දැක බලාගන්න පුලුවන් වේවි.

කලින් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට පහ මයිකල් බේ අතින් අධ්‍යක්ෂණය වුනත් Bumblebee ෆිල්ම් එකෙන් ඒක වෙනස් වුණා. මේ වතාවේ ට්‍රාන්ස්ෆෝර්මර්ස් අධ්‍යක්ෂණය වෙන්නේ Steven Caple Jr. විසිනුයි.

කොහොම හරි මීට පැය කිහිපයකට කලින් ස්ටීවන් විසින් තමන්ගේ Instagram ගිනුමේ first generation ට්‍රාන්ස්ෆෝර්ම්ස්‍ලගේ වාහනවල first look ඡායාරූපයක් නිකුත් කරලා තිබුණා. පහළ තියෙන්නේ ඒ පෝස්ට් එක.

පළවෙනි ඡායාරූපයේදී අපිට ඔප්ටිමස් ඇතුලු Autobots ලව දැකගන්න පුලුවන්. දෙවෙනි ඡායාරූපයෙන් Decepticon ල බලන්න පුලුවන්. කලින් ෆිල්ම්වල වගේ නෙවේ, මෙදා පාර vehicle ටික සෑහෙන දුරට වෙනස්.

කෙසේ හෝ හත්වැනි චිත්‍රපටයේ සිදුවීම් සිද්ද වෙන්නේ Bumblebee වලින් වසර හතකට පසුවයි. චිත්‍රපටය බෲක්ලින්වල සහ පේරු රාජ්‍යයේ සිදුවන බව දැනට සඳහන් වෙනවා.

කොවිඩ් 19 බලපෑම නැතිවුනොත් මේ චිත්‍රපට 2022 වසරේ ජූනි 24 වෙනිදා සිනමාශාලාවල තිරගත වෙනවා.

කොහොම හරි ට්‍රාන්ස්ෆෝර්මර්ස් ප්‍රේක්ෂකයින් විදිහට මේ චිත්‍රපටයත් ආදායම් අතින් විතරක් නෙවෙයි, විචාරක පැසසුම් අතිනුත් සාර්ථක වේවි කියලා හිතමු. ඉතිං ඔයාලා First look ගැන මොකද හිතන්නේ? පහළින් comment කරන් යන්න.

තවත් මේ වගේ අලුත්ම news article එකකින් ඉක්මණින්ම හමුවෙමු.

Stay Hype. Stay Safe.

Admin: Sachintha Benat

Leave a Reply