You are currently viewing Tom Hardy විසින් ප්‍රේක්ෂකයින්ගෙන් Venom 2 ස්පොයිල් නොකරන ලෙස ඉල්ලයි…!

Tom Hardy විසින් ප්‍රේක්ෂකයින්ගෙන් Venom 2 ස්පොයිල් නොකරන ලෙස ඉල්ලයි…!

Sony විසින් මේ වෙද්දී Spider-Man පාශක කරගෙන වෙනම විශ්වයක් ගොඩනගාගෙන යන බවයි පේන්න තියෙන්නේ. මේ වෙද්දී අපේ ස්පයිඩිට MCU තුළින් හොඳ තැනක් ලැබිලා තියෙනවා. Stand alone චිත්‍රපට දෙකක් සහ එතෙක් මෙතෙක් සිදුවූ දැවැන්තම crossover චිත්‍රපට දෙකෙත් තැනක් ස්පයිඩර්-මෑන්ට ලැබුණේ ඔහුගේ වටිනාකම තවත් වැඩි කරමින්.

Spider-man: Far From Home බිලියනයේ ආධායම පසු කරපු පළමු ස්පයිඩර්-මෑන් චිත්‍රපටය වෙද්දි ඉදිරියේදි ඒමට තිබෙන No Way Home චිත්‍රපටයත් විශාල සාර්ථකත්වයක් ලැබීමේ ඉඟි ලබාදෙනවා. මේ විදිහට MCU එකෙන් ස්පයිඩිට හොඳට සලකනකොට Sony ලත් ස්පිඩිගේ විලන්ලා සෙට් එකට වෙනමම ෆිල්ම් කිහිපයක් ලබාදෙමින් ඉන්නවා. Venom කියන්නේ 2018 මේ විදිහට රිලීස් වෙලා ලොකු අවදානයක් දිනාගත්ත ෆිල්ම් එකක්. පළමු චිත්‍රපටය හිතුවට වඩා හොඳ සාර්ථකත්වයක් ලබාගත්තනේ. ඒ නිසාම sequel එකකුත් මේ විදිහට ෆිල්ම් එකට ලැබෙනවා. එය Venom: Let There Be Carnage ලෙස නම් වෙනවා.

ටොම් ඉන්ස්ටග්‍රෑම්හි පල කර තිබූ පෝස්ට් එක

ෆිල්ම් එකේ අපේ ප්‍රධාන චරිතය වෙන Eddie Brock නැත්තන් Venom ට පන පොවන්නේ අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වෙන Tom Hardy විසිනුයි. ටොම්ගෙන් ඉතා හොඳ රංගනයක් පළමු චිත්‍රපටයෙදි ලැබුණා. කොමික්වලදී ස්පයිඩිගේ මුහුණ දෙන ප්‍රධානම සහ භයානකම චරිතයක් වෙන වෙනම්ට ලොකු සාධාරනයක් ඔහු පළමු චිත්‍රපටයෙදි කළා. Sam Raimi ගේ Spider-Man trilogy එකේදිත් අපිට වෙනම් දැකගන්න ලැබුණා. සෑම් නම් වෙනම්ව අපිට දුන්නේ හුඟක් ඩාර්ක්, විලන් ගතිය වැඩියෙන් තියෙන චරිතයක් විදිහට.

එඩීට පීටර් එක්ක තිබුණු තරහට ස්පයිඩර්-මෑන්ගේ බලයන්ගේ රහ වැටුණු වෙනම් එක් වුනාම අතිශය භයානක වෙනම් කෙනෙක් අපිට සෑම් ලබා දුන්නා. නමුත් ටොම්ගේ Venom නම් ඒ තරමටම නරක චරිතයක් නෙවේ. ටොම්ගේ වෙනම්ව බොහෝ දුරට Villain කෙනෙක් විදිහට හඳුන්වනවට වඩා Antihero කෙනෙක් කියල හඳුන්වන එක වඩා නිවැරදියි. කොහොම හරි ටොම්ගේ අලුත්ම Venom sequel එක අපිට ඔක්තෝබර් පළවෙනිදා නරඹන්න අවස්තාව ලැබෙනවා.

ෆිල්ම් එක කෙලින්ම සිනමාශාලාවලය නිකුත් වෙන අතර ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම්වලට නිකුත් වෙන්නේ ටික කාලයක් ගියාට පසුවයි. ඉතිං ලෝකයේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කලින් චිත්‍රපට ගොඩක් ස්ටුඩියෝවලින් නිකුත් කළේ සිනමාශාලාවලට හා තමන්ගේ ස්ට්‍රීමින් සර්විස්වලින් එකම දවසෙයි. ඒ නිසා චිත්‍රපට මුදල් නොගෙවා pirate කරලා බලන ප්‍රේක්ෂකයින් පිරිසට වෙනදට වඩා කලින් හොඳ පිට පතක් නිකුත් වුණු නිසා ඉක්මණින්ම චිත්‍රපට බලන්න හම්බුණා. ඒ වගේම ස්ට්‍රීමින් සර්විස් භාවිතා කරන පිරිසටත් ගෙදර ඉඳන් සුව පහසුවේ ඉක්මණින්ම චිත්‍රපට බලන්න හැකිවුණා. කොහොම හරි මේ විදිහට චිත්‍රපට නිකුත් කිරීම නිසා ස්ටුඩියෝස්වලට ගොඩක් ප්‍රශ්න ඇති වුණා.

මේක හුඟක්ම බලපෑවේ Warner Bros. ලට සහ Disney ලට. මතක ඇතිනෙ Sacar Jo එහෙමත් Disney එක මේ නිසාම නඩු පවරලා ලොකු ප්‍රශ්න වුණා. ඉතිං මේ නිසා බහුතරයක් ප්‍රධාන ස්ටුඩියෝස්වලින් මුලින්ම සිනමාශාලාවලට නිකුත් කරලා පස්සේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම්වලට නිකුත් කිරීමේ ක්‍රියාවලිය නැවත වතාවක් ආරම්බ කළා. ඉතිං මේ නිසා Venom 2 නිකුත් වෙන්නෙත් මුලින්ම සිනමාශාලාවට. ඔන්න මේ නිසාම කොවිඩ් වසංගත තත්ත්වය නැති ප්‍රේක්ෂකයින්ට ආපහු වතාවක් මුලින්ම ගිහින් සිනමාශාලාවදිම චිත්‍රපට බලන්න පුලුවන්. ඒ වුණාට මේ තත්ත්වය දරුණු ප්‍රදේශවල ප්‍රේක්ෂකයින්ට ඉක්මණින්ම තමන් කැමති ෆිල්ම් රසවිඳින්න තිබුණේ මුලින්ම ස්ට්‍රීමින් සර්විස්වලින්. නමුත් දැන් ඒ විදිහට බලන්න වෙන අයට මාස කිහිපයක් බලාගෙන ඉන්න වෙනවා.

ඉතිං මේ නිසා කලින්ම බලපු අයගෙන් ෆිල්ම් එක ස්පොයිල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී. ඉතිං ඔය නිසාම වෙන්න ඇති ඔන්න ටොම් හාර්ඩි විසින් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලනවා Venom: Let There Be Carnage ස්පොයිල් කරන්න එපා කියලා. ඔහු මේ ඉල්ලීම කරන්නේ තමන්ගෙ Instagram ගිණුමෙන්.

ඉතිං Tom කලින්ම මේ ඉල්ලීම කරපු නිසාම ෆෑන්ස්ලා විදිහට අපිත් ඒ ඉල්ලීමට ගරු කරන්න ඕනේ. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියාම මේ ඉල්ලීම කරනවා නම් ෆිල්ම් එකේ මොකක් හෝ විශේෂ දෙයක් තියෙන්න පුලුවන්. අපි වගේම තමා, අනිත් අයටත් ෆිල්ම් එකක හරි රහ විඳින්න නම් වෙන දේ කලින් නොදැන ඉන්න ඕනේ.

අපි ඒ දේවල් ස්පොයිල් කරන එකෙන් වෙන්නේ අපි වගේම අසාවෙන් මේක බලන්න ඉන්න තවත් කෙනෙක්ගේ රසයට බාදා වෙන එක. ඒ නිසා මුලින්ම බැලුවට කමක් නැහැ, ඒත් social media තුළ අපි ෆිල්ම් එක ස්පොයිල් නොකර ඉන්න උපරිම උත්සහ කරමු.

Admin: Sachintha Benat

Leave a Reply