You are currently viewing The Lightning Thief Musical: පර්සි ජැක්සන් ලොවේ සංගීතමය ආගමනය…

The Lightning Thief Musical: පර්සි ජැක්සන් ලොවේ සංගීතමය ආගමනය…

ලෝකය පුරා මිලියන ගණනක රසික සමාජයක් බිහි කරපු පර්සි ජැක්සන් කතා මාලාවේ සංගීතමය නාට්‍ය අනුවාදය – The Lightning Thief Musical පොතක් වශයෙන් ප්‍රකාශයට පත් වෙලා තියනවා.

රික් රයෝඩන්ගේ ‘අකුණු හොරා’ගෙන් ඇරඹුණු ප්‍රබන්ධාත්මක කතා මාලාව: ‘Percy Jackson and the Olympians’ මිත්‍යා කතා වගේම ෆැන්ටසි ගණයේ කතා මාලාවලට ඇළුම් කරන ගොඩක් තරුණයන්ගේ මතකයෙන් නොමැකෙන වික්‍රමයක් විදියට සලකන්න පුලුවන්. ආරම්භයේ ඉඳන්ම ග්‍රීක ප්‍රවාද සහ එදිනෙදා ලෝකයේ සීමා මායිම් එකතු කරලා රසිකයා වෙනම ලෝකයකට ගෙනියන්න සමත් වුණු මේ කතා මාලාව වගේම රික් රයෝඩන්ගේ වචන ජීවයට අරගෙන එන්න ‘The Lightning Thief Musical’ කියන on-stage සංගීතමය නාට්‍යය නිර්මාණය වෙනවා. සංගීතය, රංගනය සහ ගායනය කියන අංගත් එකතු කරගත්ත The Lightning Thief, ප්‍රේක්ෂකයන්ව ආයෙමත් ප්‍රවාදාත්මක වික්‍රමයකට අරගෙන යනවා.

තමන් ප්‍රවාදාත්මක උපදෙවියෙක් කියලා දැනගන්න තරුණයෙක් – පර්සි ජැක්සන්, දෙවිවරුන් අතර සිවිල් යුද්ධයක් ඇතිවීම වළක්වන්න ග්‍රීක දේව සභාවේ ප්‍රධානියා සියුස්ගේ සොරාගත් අකුණු සැරයක් හොයාගෙන යන ගමන තමයි ‘The Lightning Thief Musical’ සංගීතමය නාට්‍යයෙන් රඟ දැක්වෙන්නේ. Percy Jackson and the Lightning Thief (පර්සි ජැක්සන් සහ අකුණු හොරා) කතාව ආශ්‍රයෙන් මේ musical adaptation එක නිෂ්පාදනය වෙනවා.

Poster එක

මීට කලින් නිකුත් වුණු පර්සි ජැක්සන් movie franchise එකට ලැබුණු අසාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයනුත් එක්ක පර්සි ජැක්සන් fandom එකට ආසාවෙන් රස විඳින්න පුලුවන් non-book අනුවාදයක් විදියට The Lightning Thief Musical ආගමනය හඳුන්වන්න පුලුවන්. Novels, Graphic Novels වගේම Audio booksවලින් රසිකයන්ට ළං වුණු රික් රයෝඩන්ගේ විශ්වයේ චරිත වඩාත් enjoyable විදියට ඉදිරිපත් කරන්න ‘The Lightning Thief’ musical adaptation එක සමත් වුණා කියන එක අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් කාරණයක්. Musical එක ‘thoroughly endearing family-friendly musical’ එකක් කියලා Broadway News වෙබ් අඩවිය සඳහන් කරනවා.

The Lightning Thief’ නිෂ්පාදනය

Rick Riordanගේ The Lightning Thief පොත ආශ්‍රයෙන් නිර්මාණය වෙන musical එක රචනා කරන්නේ Joe Tracz විසින්. ඒ වගේම මේ musical එකේ සංගීතය සහ ගී පද රචනය සිද්ධ වෙන්නේ Rob Rokicki අතින්. වර්තමානයේ musical අයිතිය ලබාගෙන ඉන්නේ Concord Theatricals සමාගම විසිනුයි.

The Lightning Thief Musical වත්මන් කණ්ඩායමේ පර්සි ජැක්සන් චරිතයට Chris McCarrell සහ ඇනබෙත් චේස් චරිතයට Kristin Strokes පණ පොවනවා.

Musical on Air

The Lightning Thief Musical මුලින්ම ඉදිරිපත් වෙන්නේ 2014 වර්ෂයේ දීයි. TheatreWorksUSA සමාගම විසින් ඔවුන්ගේ free theatre series එකේ ආරම්භක දර්ශනය ලෙස Lucille Lortel Theatre එකේදී රඟදක්වන මේ musical එක Off-Broadway, එහෙමත් නැත්නම් ආසන 100ත් 500ත් අතර නෘත්‍යයක් වශයෙනුයි මුලින්ම introduce වෙන්නේ. පැයක සංස්කරණයක් වුණු The Lightning Thief ඇමරිකානු ජාතික සංචාරය අවසන් වෙන්නේ 2015 වර්ෂයේ.

The Lightning Thief Musical එකේ විහිදුණු, වැඩි දියුණු කරපු, ඒ වගේම අලුත් score එකකුත් ඇතුළත් කරපු පැය දෙකක සංගීතමය නාට්‍යයක් 2017 වර්ෂයේදී Off-Broadway Revival එකක් විදියට නැවතත් Lucille Lortel Theatre එකේ දර්ශනය කරනවා. Chris McCarrell රඟ දක්වන පර්සි ජැක්සන් චරිතය අපිට බලාගන්න හම්බවෙන්නේ ඒ සංස්කරණයත් එක්කයි. ඒ වගේම 2019දි මේ musical එක Broadway (ආසන 500ට වැඩි) නෘත්‍යයක් විදියට නැවතත් ජාතික සංචාරයක යෙදෙනවා. 2020 අග භාගයේ තවත් ජාතික සංචාරයක් සැලසුම් කරලා තිබුණත් වසංගත තත්වයත් එක්ක එය කල් දැමෙනවා.

2017දී The Lightning Thief (Original Cast Recording) අන්තර්ජාලයට මුදා හැරෙනවා. ඒ නිල වෙබ් අඩවිය සහ iTunes වෙතින් මිල දී ගැනීම සඳහා යි. 2019දී musical soundtrack එකේ වර්තමාන සංස්කරණය Deluxe Edition එක, අන්තර්ජාලයට මුදා හැරෙනවා. YouTube, Spotify, SoundCloud වගේම iTunesවලිනුත් මේ soundtrackවලට සවන් දෙන්න පුලුවන්.

Reception and Script release

පර්සි ජැක්සන් සහ අකුණු හොරා musical adaptation එක රයෝඩන් රසිකයෝ වැලඳගත්තා කියලා කියන්න පුලුවන්. The Lightning Thief Musicalවල සාර්ථකත්වය නිසාම 2015 සහ 2017 වර්ෂවල දී Drama Desk Award, Lucille Lortel Award, Off Broadway Alliance කියන සම්මානවලටත් නිර්දේශ වෙනවා. Original plot එකෙන් පිට නොයා ඉදිරිපත් කරන මේ නිර්මාණය රයෝඩන් පාඨකයන් වගේම සංගීතමය නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ unique fanbase එකක් හදාගන්න පවා සමත් වෙනවා.

The Lightning Thief Musical එකේ සාර්ථකත්වයත් එක්ක ලොව පුරා පර්සි ජැක්සන් රසිකයන්ගේ ඉල්ලීමක් වුණේ සංගීතමය නාට්‍යයේ තිර පිටපතක් ප්‍රකාශයට පත් කිරීමයි. Twitter වගේ සමාජ ජාලාවල කරපු ඉල්ලිම් සලකා බලලා 2021 සැප්තැම්බර් පළමුවෙනිදා The Lightning Thief: The Percy Jackson Musical නමින් musical script එක මුදාහැරෙනවා. Concord Theactricals සමාගමෙන් ප්‍රකාශයට පත් කෙරෙන මේ පොත නළුවන් වෙනුවෙන් Acting Edition එකක්, වේදිකා භාවිතය සඳහා Large Print එකක්, සංවිධායකවරුන් වෙනුවෙන් Stage Manager Edition එකක් වගේම Digital Perusal Score Edition එකක් සහ EPlay එකක් විදියට එළි දැක්විලා තියෙනවා. Concord Theatricals සමාගමේ නිල වෙබ් අඩවියේ තමයි මේ පිටපත් ඔක්කොම මිල දී ගන්න පුලුවන්.

අවසාන වශයෙන්, සංගීතමය නාට්‍යක උණුසුම් හැඟීම, රයෝඩන් විශ්වයේ trademark funniness එකේ ඉඳන්, ප්‍රේක්ෂකයාව serious, emotional හැඟීම් පවා දනවන මේ show එක – රසිකයෙක් වුණත් නොවුණත් – මග හැරගන්න ඕනෑ නැති ඇත්දැකීමක්.

ලිපිය: Terran Lansakara

Leave a Reply