You are currently viewing Teen Wolf ඇසුරෙන් චිත්‍රපටයක්…!

Teen Wolf ඇසුරෙන් චිත්‍රපටයක්…!

අපි හැමෝම වගේ ආදරය කරන series එකක්නෙ Teen Wolf කියන්නෙ. ❤️🐺 2017 අද වගේ දවසක තමා Teen Wolf 100 වෙනි episode එක release වෙලා series එක අවසන් වෙන්නෙ.

Wearwolfලා Kitsuneලා Bansheeලා Hellhoundලා වගේ එකී මෙකී නොකී Supernatural creaturesලා (අස්වාභාවික ජීවීන) ගණනාවක් එක්ක ඒ ගියපු journey එක වෙනම රහක්. 🥺❤️

Teen Wolf fansලා 2017 ඉදන් අද වෙනකම් බලාගෙන හිටියෙ තව එක season එකක් හෝ sequel film එකක් එනකම්. ඉතින් ඒ හීනෙ දැන් හැබෑවෙලා තියනවා.

2022 දි Teen Wolf film එකක් release කරනවා කියලා announced කලා. ❤️😍 Paramount+ streaming service එක සහ Teen Wolf series එකේ writer වෙන Jeff Davis එක්ක series එකේ අයිතිය තියන MTV Entertainment Studios එක සමග ඩීල් එකක් ගහලා තමා මේ film එකේ වැඩ පටන් අරන් තියෙන්නෙ.

Jeff Davis

මේක Reboot එකක් නෙමෙයි series එක ඉවර වුන තැන ඉදලා continue වෙන්නෙ ඒ නිසා පරණ cast එකෙන් කිහිප දෙනෙක්ම film එක සමග එකතුවෙනවා. 🤩 මේකට ඇත්තටම twitter එකේ campaign එකකුත් තිබුනා #teenwolfseason7please #Bringbackteenwolf වගේ hash tage නිතරම trending list එකට ආවා. Actorලායි Jeff Davisවයි MTV එකයි tag කරලා twitter කරලා කරලා ඉල්ල ගත්ත film එකක් තමයි මේක. 😎❤️

Announcement video එකේත් එක ගැන මෙහෙම දාලා තිබුනා. WE’VE HEARD YOUR HOWLS AND WE’RE HOWLING BACK Film එක announce කරන වෙලාවෙම Jeff Davisගෙ අළුත්ම series එකකුත් announce කලා මේකට පාදක වෙන්නෙ Edo van belkom කියන කතුවරයාගෙ Wolf Pack කියන series එක. ඒකත් Teen Wolf වගේම hit එකක් වෙයි.🔥

2022 එනකම් බලාගෙන ඉන්න Marvel, DC LOTR, Star wars… වගේ film, series ගොන්නට තවත් එකක් එකතු උනා. 😍

#Thepackisback ❤️🐺

ලිපිය: පසිඳු රන්සිලු

Leave a Reply