You are currently viewing Scarlet සහ Disney සමාදාන වේ..

Scarlet සහ Disney සමාදාන වේ..

Disney සහ Scarlet Johnson ගැටුම සමතයකට පත් වෙයි🔥🔥 මීට මාස දෙකකට පෙර Scarlet Johnson විසින් Disney+ සමාගමට නඩු පවරමින් චෝදනා කර සිටියේ Disney+ සමාගම Black Widow චිත්‍රපටය සම්බන්ධව තමන් හා එළඹි සිටි ගිවිසුම් වලට පටහැනිව ක්‍රියා කරමින් එම චිත්‍රපටය සිනමාහල් වලට මෙන්ම අන්තර්ජාලයට එකවර මුදාහැරිය බවයි…කොහොම උනත් අවසානයේදි මේ මත ගැටුම සාකච්ඡා මාර්ගයෙන් සමතයකට පත් කරගන්න දෙපාර්ශවයව කැමති වෙලා තියෙනවා❤️මේ ගැන අදහස් දක්වමින් Disney සමාගමේ විෂය ප්‍රධානී(content chairman) Alan Bergman අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නෙ Black Widow සම්බන්ධයෙන් Scarlet Johnson සහ Disney studio අතර පැවති මත ගැටුම දෙපාර්ත්වයෙම අවබෝධයෙන් සමතයකට පත් කරගන්න ලැබීම පිලිබඳ තමන් සතුටු වෙන බවයි…ඒව⁣ගේම Scarlet Johnson ගෙන් marvel cinematic universe එකට ලැබුන දායකත්වය අගය කරන Alan Bergman, Tower of Terror වැනි Disney හරහා සිදු වෙන project ගණනාවකට ඇයව සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවත් පවසා තිබෙනවා.

මේ මතගැටුම සමතයකට පත්කර ගැනීමට හැකිවීම පිලිබඳ තමන්ද බෙහෙවින් සතටු වන බවත් Disney studio සමඟ තමන් සිදු කල films ගැන තමන් සතුටු වන බවත් ඔවුන් සමඟ ති⁣බෙන හිතවත්කම පිලිබඳ බෙහෙවින් සතුටු වෙනවා කියලත් ඉදිරියෙදි තව නිර්මාණ Disney studio සමඟ එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙන බවත් Scarlet Johnson තමන්ගෙ අදහස් දක්වමින් කියල තියෙනවා.. කොරොනා කාලය තුල අනිත් සිනමා නිෂ්පාදන සමාගම් Stream services හරහා film මුදාහැරිය නිසාත් සිනමා ශාලා වසා තිබුන නිසාත් Black Widow චිත්‍රපටය එකවර සිනමා ශාලාවල මෙන්ම Disney + හරහා release කිරීමට Disney සමාගම තීරණය කලා..පලමු සතියතුල ඩො.මි.218ක box office ආදායමක් ලබාගන්න සමත් උනත් ඊටපස්සෙ box office ආදායම ඉතා ඉක්මනින් පහල බැස්සා..

ඉතින් ඔය හේතුව නිසා තමයි Scarlet Johnson මේ පිලිබඳව නීතිමය පියවර ගන්න යොමු වෙන්නෙ..හැමෝම දන්න විදියට Scarlet Johnson කියන්නෙ Forbe සඟරාවට අනුව 2018-2019 අවුරුදු වල වැඩිම අයකිරීමක් සිදු කල රංගන ශිල්පිනියන් අතර උඩින්ම හිටපු කෙනෙක්.. කොහොම හරි ඉතින් ඒ ප්‍රශ්නෙත් දෙගොල්ලන්ම කතාකරල විසඳගත්ත එකනම් ලොකු දෙයක්❤️🔥

Leave a Reply