You are currently viewing Percy Jackson show එක 2023 ට ? ..❤🙏

Percy Jackson show එක 2023 ට ? ..❤🙏

සුප්‍රකට පොත් සීරිස් එකක් සහ ෆැන්ඩම් එකක් වෙන Percy Jackson සීරිස් එකේ author වන Rick Riordan කියන විදියට ඉදිරියෙදි PJ ලෝකයෙන් එන Disney + ශෝ එකේ මූලික කටයුතු සෑහෙන්න ධනාත්මක ස්වභාවයකින් කෙරීගෙන යනවලු මේ වෙනකොට..😎❤🙏

මේක ආරම්භයක් විදියට හැමෝටම සුභ ආරංචියක් ඇත්තටම.☝

ඒ වගේම Rick Riordan තමා මේ show එකේ Co Writer විදියට ඉන්නෙත්..🙂 මෙන්න මේ නිසාම අපිට රික් ගෙ ඔරිජිනල් විශන් එකට හානියක් නොවෙන්න සුපිරි කතාවක් පුංචි තිරයේ බලා ගන්න පුලුවන් වේවි කියලා හිතමු..💯

අගෝස්තු මාසයේ රික් සහ ඩිස්නි එකේ ප්‍රධාන නිලධාරින් කිහිපයක් සමඟම ගිය ඩිස්කශන් වලට අනුව රික් කියන විදියට ඩිස්නිලා 100% ක් ඔහුගේ vision එකට දායකත්වයක්..සපෝට් එකක් දෙන්න එකඟ වෙලා තියෙනවා..🙂 ඔවුන්(stakeholders ) රික් ගේ PJ පොත් වල පවා සෑහෙන්න රසිකයන් වන බවත්..ඔවුන්ගෙ දරුවන් පවා මේ පොත් සමඟ grow up වෙලා තියන නිසා මේ show එක එක්තරා ආකාරයකට සෙට් එකම මහත් ලෙස ඇලුම් කරන ප්‍රොජෙක්ට් එකක් කියලා තමා රික් කියන්නෙ..🙂

ඒ වගේම අනිත් පැත්තට ඩිස්නිලාගෙ පැත්තෙනුත් මේ සීරිස් එකේ එන්ඩ් රිසල්ට් එක සහ ඔවුන්ට අවශ්‍ය අරමුණු ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ මීටින් එකේදි..ඉතින් ඒ හැමදේම සැලකිල්ලට අරගෙන ඉදිරියට සුපිරියටම සීරිස් එක නිර්මාණය කරන්න මෙයාලා බලාපොරොත්තු වෙනවාලු..💯🙏

හරියටම සීරිස් එකේ First look එකක් මේ Disney stakeholders ලාට පෙන්නකන් තාම සීරිස් එක ටෙලිකාස්ට් කරන තැනටම Green Light එක ලබෙන එකක් නෑ..ඉතින් රික් ගෙ ටාගට් එක සුපිරියටම අන්න ඒ අභියෝගය ජය ගන්න එක තමයි..🙂🙏

මේ වෙනකොට ශෝ එකේ writersලා මුල් එපිසෝඩ් එකේ ඉඳලා ස්ක්‍රිප්ට්ස් ටික සම්පූර්ණ කරගෙන යන ගමන්ලු තියෙන්නෙ .💯

percy jakson books

ඒ වගේම ස්ටෝරි බෝඩ්ස් ටික…Show එකේ location hunting, පසුතල සහ චරිත නිර්මාණයන්…🙏 මේ හැමදේම මේ වෙනකොට මූලික අදියරයන් වල තමයි තියෙන්නෙ…casting එහෙමත් අප්‍රේල් මාසෙ තමා ආරම්භ කරේ…අන්න ඒ නිසා රික් කියන විදියට 2023 වගේ වේවි මේක සාර්ථකව එලියට දාන්න පුලුවන් වෙද්දි..💯

ඉතින් හැමෝම ආදරේ කරන මේ Demigodලා ඇතුලු වීරයන්ගේ adventure එක පොත් වලින් එහාට ගිහින් නැවතත් අලුත්ම මුහුණුවරකින් අපිට දකින්න ලැබේවි…🙂 එතකන් හයිප් එකේ ඉමු..😎

මේ ගැන සහා PJ ලෝකය ගැනම ඉදිරියෙදි ලිපි සෙට් එකක්ම දෙන්නම්..❤

Leave a Reply