
නූතන සිනෙමාවේ (Hollywood) දැවැන්තම අධ්‍යක්ෂකවරයෙකු, තිරරචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස ලෝක ප්‍රකට ක්‍රිස්ටෝෆර් නෝලන් (Christopher Nolan) සිනමාවට ප්‍රෙවේශ වෙන්නෙ 1998 වර්ෂයේ ෆොලොවින්ග් (Following) නැමැති චිත්‍රපටයෙන්, පසුව 2000 වර්ෂයේ මෙමෙන්ටෝ (Memento) නැමැති සිනමා කෘතියෙන් හොලිවුඩයේ නමක් දිනාගැනීමට සමත් වන මොහු වෝනර් බ්‍රදර්ස් studio (Warner Bros.) හා එක් වන්නේ 2002 ඉන්සොම්නියා (Insomnia) චිත්‍රපටයෙන් ඉන් පසු දැඩි ප්‍රේක්ෂාදරයට ලක් බැට්මෑන් බිගින්ස්(Batman begins), ඩාර්ක් නයිට්(The Dark knight), ඩාර්ක් නයිට් රයිසස් (The Dark knight rises) නිෂ්පාදනයට එක් වෙමින් වෝනර් බ්‍රදර්ස් සමග හොද මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නවා. එමෙන්ම දැවැන්ත box office හිට් වන ප්‍රෙස්ටීජ්(The prestige), ඉන්සෙප්ෂන් (Inception), ඉන්ටර්ස්ටෙලර්(Intersteller), ඩන්කර්ක්(Dunkirk) වැනි නිර්මාණ ලබා දීමට සමත් වෙනවා. ආර්ථිකමය වශයෙන් පමණක් නොව සිනමා විචාරකයන්ගෙන් ද විශිෂ්ට ප්‍රතිචාර දිනා ගැනීමට නෝලන් සමත් වූවා.

ඔහුගේ මෑතකදී තිරගත වූ ටෙනෙට්(Tenet) ද වසන්ගත සමයේ ප්‍රචාරය වූ හෙයින් විශාල box office වාර්ථාවක් තැබීමට නොහැකි වූවත් pandemic record එකක් තැබීමට සමත් විය. නෝලන් හා studio එක අතර මත ගැටුමට මුල් වූයේ ද මෙම චිත්‍රපටය, නවතම streaming platform එකක්වන HBO Max හා සිනමා ශාලාවල එකවරම ප්‍රචාරය කිරීමට ගත් තීරණයයි. සිනමා අත්දැකීම(Cinematic Experience) විදීමට සිනමා ශාලාවල චිත්‍රපට නැරඹිය යුතු බව තරයේ විශ්වාස කරන නෝලන් මින් දැඩි කෝපයට මෙන්ම කනස්සල්ලට ලක්වන්නේ මෙම තීරණය පිළිබද studio එක මගින් ඔහු දැනුවත් කර නොතිබීමයි. මෙම නිසා නෝලන් HBO max, “Worst Streaming service” ලෙස the hollywood reporter හට අදහස් දක්වා තිබුනා.
එනම්,
“Some of our industry’s biggest filmmakers and most important movie stars went to bed the night before thinking they were working for the greatest movie studio and woke up to find out they were working for the worst streaming service,”

“Warner Bros. had an incredible machine for getting a filmmaker’s work out everywhere, both in theaters and in the home, and they are dismantling it as we speak. They don’t even understand what they’re losing. Their decision makes no economic sense, and even the most casual Wall Street investor can see the difference between disruption and dysfunction.”
මෙලෙස ඔහුගේ අදහස් දැක්වීමට නොපැකිලි වූ නෝලන් මෑතකදී ඔහුගේ ඊළග සිනමා නිර්මාණය ජේ. රොබර්ට් ඕපන්හයිමර් නොහොත් පරමාණු බෝම්බයේ පියා පිළිබද බවත් ඒ සදහා Universal Studio ව තෝරාගත් බව පහු ගිය දා ප්‍රකාශ විය.
A post by Damidu Herath.
අහෝ WB. උන්ට සල්ලි හොයන්න ආසවක් නැති ප්‍රශ්නයක් තියෙන්නේ.. Harry potter එහෙම කරන කාලේ හොදට හිටියා. Anyway Article එක සුපිරි. Keep it up
ලිපිය සුපිරි සහෝ