Netflix ලගේ Contents බර ගාණක ට්‍රේලර්ස්, ස්නීක් පීක්ස්, ටීසර්ස් නිකුත් කරපු ලොකු ඉවෙන්ට් එකක්නේ TUDUM කියන්නේ. මේ ඉවෙන්ට් එකේදි දැනට Netflix ලා කරගෙන යන ප්‍රධාන ෆිල්ම් සහ සීරීස්වල වගේම එන්න තියෙන නිර්මාණවල මේ දේවල් නිකුත් වුණා.
ඉතිං වර්තමානයේ Netflix ලගේ දැවැන්තම වෙබ් සීරීස්වලින් එකක් තමා Stranger Things කියන්නේ. 2016 වසරේ මුලින්ම නිකුත් වුණු මේ කතා මාලාවෙ තාම විකාශය වෙලා තියෙන්නේ සීසන් 03 ක් විතරයි. හැබැයි ඒ වුනත් මේ සීරීස් එක ලොකු ප්‍රසිද්ධියක් වගේම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත් වුණේ වයස් බේදයක් නොමැතිවයි.
ඉතිං TUDUM වගේ special event එකකදී Netflix ලා Stranger Things අමතක කරනවා කියන්නෙ වෙන්න බැරි දෙයක්.
ඉතිං ගොඩක් කල් ඉඳන් කට්ටිය බලන් හිටිය Stranger Things ටීසර් එකක් ඔවුන් අද නිකුත් කළා. මේ ටීසර් එක ඔවුන් නම් කරලා තියෙන්නේ Creel House විදිහටයි. මේ ටීසර් එකෙන් ගොඩාක්ම තොරතුරු නොලැබුණත් අපි දන්න කියන චරිත කිහිපයක් දකින්න ලැබුණා.

හැබැයි ටීසර් එකේ භාගයකට වඩා වෙන් වෙලා තිබුණේ ආගන්තුක චරිත කිහිපයක් සහ ඔවුන්ගෙ නිවස වාටායි. පේන විදිහට මේ පවුල හෝ නිවස මේ සීසන් එකට ලොකු බලපෑමක් එල්ල කරාවි වගේ.
කොහොම හරි Stranger Things වල තියෙන Horror ගතිය ටීසර් එකේ හොඳටම තියෙනවා කියන්න පුලුවන්.
ඒ වගේම සීරීස් එකේ ප්‍රධානම concept එක වෙන Upside-Down එකත් ටීසර් එකේ පෙන්වන්න අමතක කරල තිබුණේ නෑ.
ඒ වගේම කතා මාලාව 2022 වසරේ නිල වශයෙන් නිකුත් කරන බව හෙලි කලා. ඇත්තටම කිවුවොත් මේ සීසන් එක හරි නම් එන්න තිබුණේ 2020 හෝ 2021 දි. නමුත් Covid-19 වසංගතය හමුවේ මේ කතා සමයේ රූගත කිරීම්වලට බාධා ඇති වෙලයි තිබුණේ. ඒත් කොහොම හරි වැඩ කටයුතු අවසන් කරලා අවසානයේදි 2022 අවුරුද්දෙදි හැමෝම කැමති මේ සීරිස් එක නැවත වතාවක් දැකගන්න පුලුවන්.
එහෙනම් කට්ටිය පහළින් තියෙන ටීසර් එක බලන්න. ඒ වගේම TUDUM ඉවෙන්ට් එකේ තවත් වැදගත් අලුත්ම News තොගයක් අරගෙන Hype Zone වෙබ් එකෙන් එන්න අපි බලාපොරොත්තු වෙනවා.
Admin: Sachintha Benat