You are currently viewing Netflix Gaming ආගමනය🔥

Netflix Gaming ආගමනය🔥

පසුගිය 28 වෙනිදා Netflix සමාගම ඔවුන්ගෙ පලවෙනි Video Game Studio එක වශයෙන් Night School Studio සමාගම මිලදී ගෙන ති⁣බෙනවා…Night School Studio කියන්නෙ ඔවුන්ගෙ පලවෙනි Game එක උන Oxenfree හරහා බෙහෙවින් ජනප්‍රිය වුන සමාගමක්.

Night School Studio එහෙම නැත්නම් Netflix සමාගම අදහස් දක්වමින් කියල තියෙන්නෙ Netflix පරිශීලකයන්ට ads සහ ගෙවීම් වලින් තොරව තමන්ගෙ Netflix Subscription එක මගින්ම එම සේවාව ලබා ගත හැකි බවයි❤️ ආරම්භය වශයෙන් Mobile game 5ක් Netflix පරීශීලකයන්ට මේ වන විට ලබා දෙන්න තීරණය කරල තියෙනවා..”Stranger Things: 1984″, “Stranger Things 3: The Game”, “Card Blast”, “Teeter Up” සහ “Shooting Hoops” යනු ඒ Game title වේ.

මෙම game දැනටමත් ස්පාඤ්ඤ සහ ඉතාලි පරිශීලකයන්ට ලබා දී ඇති අතර Stranger Things title එක/Game එක මේ වනවිට පෝලන්ත පරිශීලකයන්ට මේ වනවිට ලබාදී තිබෙනවා.. Netflix සමාගම වැඩිදුර අදහස් දක්වමින් කියල තියෙන්නෙ Gaming කියන්නෙ ඔවුන් දකින විදියට නැවුම් අත්දැකීමක් සහ Game පිලිබඳ Netflix පරිශීලකයන් දරණ අදහස් මොනවද දැනගන්න මේක හොඳම අවස්තාව කියල

This Post Has One Comment

  1. Deshan

    HALO full story eka gana article ekak ona

Leave a Reply