You are currently viewing Netflix ලට නඩු පිට නඩු🙂👍

Netflix ලට නඩු පිට නඩු🙂👍

🗞| Netflix is being sued by its own share holders over subscriber slump

ඔයාලා දන්නවා ඉතින් පහුගිය මාස කීපයෙදි Netflix ලගෙ Subscription ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් විශාල පහල බැසීමක් උනා කියලත ඒ නිසා Netflix ලට විශාල පාඩුවක් සිද්ධ උනා කියලත්💔

ඉතින් ඔන්න ඔය ගැටලු නිසා මේ වෙද්දි Netflix ලට තවත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා🙂
ඒ තමයි Netflix ආයතනයෙ හවුල්කාර පාර්ශව එහෙම නැත්නම් කොටස් හිමියන් විසින් Netflix ආයතනයට විරුද්ධව නඩු පවරලා තියෙනවා දත්ත නිරූපණයන් වැරදියට සකස් කලා කියල සහ ආදායම් පිලිබඳව බොරු වාර්තා ඉදිරිපත් කරා කියල වගේම අනිත් Streaming Patforms වල ආදායම් වාර්තා ගැන බොරු විස්තර ලබා දුන්නා සහ අනිත් Platform වලට සාපේක්ෂව Netflix වල කඩාවැටීම ගැන බොරු දත්ත වාර්තා ලබා දුන්නා කියල ….

මේ සිද්ධිය ගැන තවත් විස්තර කරොත් මේ කොටස් හිමියන් මේ නඩු පැමරීමට අදාලා මූලික කාරණා වෙන්නෙ පහුගිය මාස කීපයෙදි Netflix සමාගමට සිද්ධ වුන අලාභයන් සහ මාසික Subscription ප්‍රමාණයන් සහ ආදායම් වාර්තා වල අක්‍රමිකතා සහ අඩුපාඩු තියෙනවා කියලත් Netflix ආයතනය ඒ වාරතා වලින් කොටස් හිමියන්ව නෙිමග යවන්න හදනවා කියලත් තමයි..
ඒ වගේම මේ ප්‍රශ්න අතරෙ මේ ගැටලුවටම අදාල තවත් ගැටලුවකුත් ඇතිවෙලා තියෙනවා ..ඒ තමයි Netflix හි කොටස් වෙලඳපොල වටිනාකම සෑහෙන ගනණකින් පහත වැටීම..ඉතින් ඔය පිලිබඳව තියෙන දත්ත වාර්තාත් නිවැරදිව සපයලා නෑ කියල තමයි කොටස් හිමියන් Netflix සමාගමට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා කියල වාර්තා වෙන්නෙ..

කොටස් වෙලඳපොල අගයන් ගැන කතාකරපු නිසා Netflix වල share එකක එහෙම නැත්නම් කොටස් වෙලඳපොලේ තනි ඒකකයක වටිනාකම ගිය අවුරුද්⁣දෙ නොවැම්බර් 17 වෙනිදා ඩොලර් 661.69 කට අලෙවි වෙලා තිබුනත් මේ අවුරුද්දෙ අප්‍රේල් 20 වෙනිදා වෙද්දි කොටස් ඒකකයක වටිනාකම ⁣ඩොලර් 226.19 වගේ අගයකට පහත පැටිලා තියෙනවා💔
ප්‍රතිශතයක් විදියට කිව්වොත් 67% විතර කොටස් කඩා වැටීමක් එහෙම නැත්නම් පාඩුවක් තමයි ඒ විදියට දැක්වෙන්නෙ..

⁣ඉතින් මේ විදියට ඉස්සරහට ගියොත් Netflix අනාගතය ගැන සැකයක් ඇති වෙලා තියෙනවා මේ වෙද්දි..
බලන් ඉමු ඉස්සරහට Netflix මොන විදියකට මේ චෝදනා වලට මුහුණ දෙයිද කියල ..

SriCOM #Netflix

This Post Has 2 Comments

  1. Can I just say what a comfort to find somebody who truly understands what theyre talking about on the net. You certainly understand how to bring a problem to light and make it important. A lot more people really need to look at this and understand this side of the story. I cant believe youre not more popular because you definitely possess the gift.

  2. When I originally left a comment I appear to have clicked the -Notify me when new comments are added- checkbox and now each time a comment is added I recieve 4 emails with the exact same comment. There has to be a means you can remove me from that service? Thank you!

Leave a Reply