Spiderman සහ Avengers චරිත වන Iron Man, Dr. Strange, Ant-Man, Hawkeye, Black Widow, Falcon, Thor වැනි චරිතවල අයිතිය Marvel හට අහිමි වීමේ අවදානමක් බිහි වී ඇත. ඒ Marvel legends වන ස්ටෑන් ලී(Stan Lee), ස්ටීව් ඩිට්කෝ(Steve Ditko) සහ ජීන් කොලන්(Gene colan) යන්නන්ගේ දරුවන් Marvel සහ Disneyවලට එරෙහිව copyrights සම්බන්ඳයෙන් ගොනු කල නඩුවක ප්‍රතිඵලයක් ලෙසටයි. මෙයට විරුද්ධව Disney නඩු 5ක් ගොනු කර ඇත.

Copyrights නීතියට අනුව, නිර්මාණකරු හෝ ඔවුන්ගේ පවුලේ අයට යම් කිසි කාල පරාසයකට පසු එම නිර්මාණයේ අයිතිය නැවත ලබා ගැනීමට හැකිය. සාමාන්‍යයෙන්, නිර්මාණකරුවා තම නිර්මාණයේ අයිතිය තමා වැඩ කරන ආයතනයට භාර දෙන අතර, නමුත් යම්කිසි කාල පරාසයකට පසු නැවත එහි අයිතිය සඳහා පෙත්සමක් යොමු කර ආයතනයට නිර්මාණයට ඇති අයිතිය අහිමි (terminate) කිරීමට හැකියාව ඇත, එමගින් එහි සම්පූර්ණ අයිතිය නිර්මාණකරුට ලැබේ.

සමහර major Marvel චරිත කිහිපයක් සඳහා මෙම කාලපරිච්ඡේදය අවසන් වී ඇත. එහෙත් Marvel සහ Disney විසින් නඩු 5ක් ගොනු කරමින් පවසන්නේ එම චරිත නිර්මාණය කළේ work for hire ලෙස යැයි කියා ය. Work for hire අවස්ථාවේදී නිර්මාණකරුවන් තම රැකියාවේ කොටසක් වශයෙන් නිර්මාණය කල නිර්මාණයටයි. එවිට නිර්මාණයේ අයිතිය නිර්මාණකරුවාට තනියෙන් විඳිය නොහැක, මන්ද එය නිර්මාණයේ සහකරු නැතිනම් co-creator ලෙස ආයතනය නියෝජනය වන අතර සම්පූර්ණ copyrights ආයතනයට ලැබේ. මෙම නඩුව Marvel පරාජය වුවහොත් ඔවුන්ට තව වසර දෙකකින් චරිත කිහිපයක් අහිමි වීමට හැකියාව ඇත.
ඒ අනුව 2023 ජූනිවල Spiderman අයිතිය Marvel හට අහිමි (terminate) වන බව ස්ටීව් ඩිට්කෝගේ පවුලේ නීතිඥ Marc Toberoff පවසා ඇත. ඔහු මෙවැනිම DC හට විරුද්ධව Superman සම්බන්ධ නඩුවක නිර්මාණකරු වෙනුවෙන් පෙනී සිටි අතර, එයට විරුද්ධව පෙනී හිඳ සාර්ථක වූ Dan Petrocelli මෙහිදී Marvel සඳහා පෙනී සිටියි.
2013 දී Marc Toberoff මෙවැනිම නඩුවක Jack Kirbyගේ පවුල වෙනුවෙන් පෙනී සිටි අතර Marvel එයද ජයගත්තේ Kirbyගේ චරිත work for hire ලෙස ඔප්පු කිරීමෙනි. මීට පෙර මෙවැනි අවස්ථාවලදී ආයතනයන් විසින් මෙවැනි නඩු ජයග්‍රහනය කරත් මෙවර එසේම විය හැකි බව ස්ථිර නැත. විශාල Marvel චරිතවල අනාගතය මින් තීරණය වන නිසා මෙයට ලොවපුරා Comic සහ Film ප්‍රේක්ෂකයන් මේ පිළිබඳ අවදානයෙන් සිටියි.

ලිපිය: දමිදු හේරත්